One Punch Man [ S03: E05] Sinhala Subtitles 2025 වසරේ fall season එකේ වඩාත් බලාපොරොත්තු සහගත ඇනිමෙ කතා මාලාවක් වුනු, අවුරුදු 6 ක දිගු නිහැඬියාවකට පසු දිග හැරෙන One Punch Man Season 3 හි 5 වන කොටස සමගිනුයි ඔබ මේ එකතු වෙන්නෙ. රාක්ෂ සංගමයේ උපාය මාර්ගිකයෙක් වෙන ගියොරො ගියොරොගේ අණ අනුව ගරෝව හඹා ගිය කින්…

2025 වසරේ fall season එකේ වඩාත් බලාපොරොත්තු සහගත ඇනිමෙ කතා මාලාවක් වුනු, අවුරුදු 6 ක දිගු නිහැඬියාවකට පසු දිග හැරෙන One Punch Man Season 3 හි 5 වන කොටස සමගිනුයි ඔබ මේ එකතු වෙන්නෙ.
රාක්ෂ සංගමයේ උපාය මාර්ගිකයෙක් වෙන ගියොරො ගියොරොගේ අණ අනුව ගරෝව හඹා ගිය කින්ග් ද රිපර් සහ ඉන්සෙක්ට් ගොඩ් සටනකින් ගරෝව පරාද කරනවා. මේකෙන් ගරෝ මැරුනා කියල හිතුවත් ගරෝ ඇත්තටම මැරිල තිබුනෙ නෑ. සටනෙදි පැහැරගෙන ගියපු ගරෝගේ හිතවත් මිනිස් ළමයව කින්ග් ද රිපර් රාක්ෂ තිප්පොලට අරගෙන ගිහින් හිර කරනවා.
ඒ අතරෙදි තාමත් රාක්ෂ තිප්පොල හොයන වීරයන්ගේ සංගමයට මේ තිප්පොල ගැන හෝඩුවාවක් ලැබිලා ඒ වෙනුවෙන් S ශ්‍රේණියේ වීරයන් එකතු වෙලා සැලසුමක් සකස් කරනවා. මොකද වීරයන්ගෙ සංගමයට සම්බන්ධකමක් තියෙන, රාක්ෂයන්ගෙ සිරභාරයේ ඉන්න ළමයෙක්ව බේරගන්න එක තමයි වීරයන්ගෙ පළමු අරමුණ වෙන්නෙ. ඒ අතරෙදි නොමළ ගරෝ ආයෙත් රාක්ෂ සංගමය හොයාගෙන ඒක ඇතුළට යනවා. ගරෝගේ හිතවත් පිරිමි ළමයට කින්ග් ද රිපර් වද දෙන්න පටන් ගන්න ඔන්න මෙන්න තියෙද්දිම ගරෝ එතනට ඇවිත් වේගවත් පහරක් කින්ග් ද රිපර්ට එල්ල කරන තැනින් තමයි ඒ කොටස නිමාවට පත් උනේ.
මේ කොටස ඇරඹෙන්නෙ අන්න එතන ඉඳලයි. ගරෝට පිරිමි ළමයව බේරගෙන නිරුපද්‍රිතව රාක්ෂ තිප්පොලෙන් එළියට යන්න පුලුවන් වේවිද? ගරෝට මේක ඇතුලෙදි හිතුවෙවත් නැති අයව මුණ ගැහෙනවා වගේම හිතුවෙවත් නැති දේවල් වලට මුහුණ දෙන්න වෙනවා. මේක මෙතෙක් ආපු කොටස වලින් වැඩිම සටන් ජවනිකා ඇතුලත් කොටස කියල කිව්වොත් වැරදි නෑ. කතාව ටිකෙන් ටික දරුණු වෙන පැත්තට හැරෙමින් තියෙන බවක් තමයි පේන්නෙ. මේ කොටස බලන්නකො මොකද වෙන්නෙ කියලා. සුපුරුදු විදිහටම මේක අතට අත මුහුණට මුහුණ ගැටෙන, ලේ නෑවෙන සටන් සමගින් ත්‍රාසය, විනෝදය එකට අරන් එන කතාවක් වේවි. උපසිරැසි ගැන ඔයාලගෙ අදහස් කියගෙන යන්නත් අමතක කරන්න එපා. ඉදිරි කොටස් වලින් හමුවෙමු.
ලංකන් weebs වෙනුවෙන් – හසරංග නදීෂ
Episode Name : Monster King
Released Date : 2025.11.09
IMDB Rating : 6.3

One Punch Man,One Punch Man [ S 03: E 05] Sinhala Subtitles
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි WEBRip පිටපත් සඳහා අදාළ වේ.
1,384 downloadsDownload One-Punch-Man-S03-E05-sinhala-subtitles.zip15 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ලංකන් Weebs
Subtitles
0 comments
No comments yet.
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


