Watch Trailer

One Punch Man AKA Wanpanman [S03 : E09] Sinhala Subtitles | පුනරුත්පත්තිය ලබන අභියෝගය [සිංහල උපසිරසි]

One Punch Man [ S03: E09] Sinhala Subtitles 2025 වසරේ fall season එකේ වඩාත් බලාපොරොත්තු සහගත ඇනිමෙ කතා මාලාවක් වුනු, අවුරුදු 6 ක දිගු නිහැඬියාවකට පසු දිග හැරෙන One Punch Man Season 3 හි 9 වන කොටස සමගිනුයි ඔබ මේ එකතු වෙන්නෙ. වගන්මා කියන ළමයාව රාක්ෂ ග්‍රහණයෙන් බේරා ගැනීමේ අරමුණින් එක් එක් තැනින් පොළො…

One Punch Man [ S03: E09] Sinhala Subtitles

2025 වසරේ fall season එකේ වඩාත් බලාපොරොත්තු සහගත ඇනිමෙ කතා මාලාවක් වුනු, අවුරුදු 6 ක දිගු නිහැඬියාවකට පසු දිග හැරෙන One Punch Man Season 3 හි 9 වන කොටස සමගිනුයි ඔබ මේ එකතු වෙන්නෙ.

වගන්මා කියන ළමයාව රාක්ෂ ග්‍රහණයෙන් බේරා ගැනීමේ අරමුණින් එක් එක් තැනින් පොළොව යටට ඇතුල් වෙන S ශ්‍රේණි වීරයොන්ට නොයෙක් ආකාරයේ අභියෝග වලට මුහුණ දෙන්න වෙනවා. ඒ අතරින් ෆ්ලෑෂි ෆ්ලෑෂ් කියන S ශ්‍රේණි වීරයාට මුණ ගැහෙන්නෙ තමන් වගේම වේගවත් සතුරො දෙන්නෙක්. හැබැයි ඒ දෙන්නාට ෆ්ලෑෂ්ගෙ වේගය අභිභවා යන්න නම් බැරි වෙනවා. ඉතා වේගවත් සටනක් හමුවේ රාක්ෂයන් දෙන්නා ෆ්ලෑෂ්ට පරාද වෙද්දි, S ශ්‍රේණියේ මොළ කරු වෙන චයිල්ඩ් එම්පරර් වගන්මාගේ හෝඩුවාවල් පස්සෙ යනවා.

ළමයෙක් වෙන චයිල්ඩ් එම්පරර්ටත් හරි අපූරු සතුරෙක් මුණ ගැහෙනවා. ඒ සතුරා කවුද? වගන්මාව බේරගන්න මෙයාට පුලුවන් වේවිද? මේ දෙන්නාගේ සටන සිද්ධ වෙන්නෙ කොහොමද? මේ කොටස බලන්නකො මොකද වෙන්නෙ කියලා. උපසිරැසි ගැන ඔයාලගෙ අදහස් කියගෙන යන්නත් අමතක කරන්න එපා. ඉදිරි කොටස් වලින් හමුවෙමු.

ලංකන් weebs වෙනුවෙන් – හසරංග නදීෂ

Episode Name : Brave Child
Released Date : 2025.12.07
IMDB Rating : 5.9

 

 

One Punch Man,One Punch Man [ S 03: E 09] Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි WEBRip පිටපත් සඳහා අදාළ වේ.

844 downloadsDownload One-Punch-Man-S03-E09-sinhala-subtitles.zip16 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1

All BT1

Next BT1

Subtitles by

ලංකන් Weebs

Subtitles

844 downloadsDownload Subtitles16 KB

1 comment

  1. Akash_Navanjana

    Thanksss..... ❤❤