Watch Trailer

One Punch Man AKA Wanpanman [S03 : E10] Sinhala Subtitles | සුදුසුම ප්‍රතිවාදීන් [සිංහල උපසිරසි]

One Punch Man [ S03: E10] Sinhala Subtitles 2025 වසරේ fall season එකේ වඩාත් බලාපොරොත්තු සහගත ඇනිමෙ කතා මාලාවක් වුනු, අවුරුදු 6 ක දිගු නිහැඬියාවකට පසු දිග හැරෙන One Punch Man Season 3 හි 10 වන කොටස සමගිනුයි ඔබ මේ එකතු වෙන්නෙ. වගන්මාව රාක්ෂ ග්‍රහණයෙන් බේරගෙන ආපහු පොළොව මතුපිටට යන ගමනෙදි චයිල්ඩ් එම්පර…

One Punch Man [ S03: E10] Sinhala Subtitles

 

2025 වසරේ fall season එකේ වඩාත් බලාපොරොත්තු සහගත ඇනිමෙ කතා මාලාවක් වුනු, අවුරුදු 6 ක දිගු නිහැඬියාවකට පසු දිග හැරෙන One Punch Man Season 3 හි 10 වන කොටස සමගිනුයි ඔබ මේ එකතු වෙන්නෙ.

වගන්මාව රාක්ෂ ග්‍රහණයෙන් බේරගෙන ආපහු පොළොව මතුපිටට යන ගමනෙදි චයිල්ඩ් එම්පරර්ට හමුවෙන්නෙ තමන් කලින් පරාද කරපු සතුරෙක්. සැරයක් පරාද කරපු මේ සතුරා පුනරුත්පත්තිය ලැබීමේ හැකියාව තියෙන අපූරු සතුරෙක්. චයිල්ඩ් එම්පරර්ගේ තාක්ෂණික උපක්‍රම හුඟක් ඉදිරියේදී මේ සතුරා පරාජය උනේ නම් නෑ. අන්තිම තුරුම්පු විදිහට දැවැන්ත රොබෝ කෙනෙක්ගේ උදව් අරගන්න චයිල්ඩ් එම්පරර් අසීරු සටනකින් පස්සෙ මේ සතුරාව පරද්දන ක්‍රමය හොයාගන්නවා. එක පුංචි උපායකින් මේ සතුරා ආයෙත් පුනරුත්පත්තිය නොලබන විදිහට පරද්දන්න චයිල්ඩ් එම්පරර්ට පුලුවම් වෙනවා.

ඒ සතුරාව පරද්දල ආයෙත් වගන්මාව පොළොව උඩට අරගෙන යන ගමන චයිල්ඩ් එම්පරර් පටන් ගනිද්දි, S ශ්‍රේණියේ සොම්බිමෑන් ඇතුළු තවත් වීරයො කිහිපදෙනෙක්ට සුදුසුම කියල කියන්න පුලුවන් විදිහෙ ප්‍රතිවාදීන් මුණ ගැහෙනවා. ඒ ප්‍රතිවාදීන් කවුද? වීරයන් සහ සතුරන් අතර සටන් සිද්ධ වෙන්නෙ කොහොමද? මේ කොටස බලන්නකො මොකද වෙන්නෙ කියලා. උපසිරැසි ගැන ඔයාලගෙ අදහස් කියගෙන යන්නත් අමතක කරන්න එපා. ඉදිරි කොටස් වලින් හමුවෙමු.

ලංකන් weebs වෙනුවෙන් – හසරංග නදීෂ

Episode Name : Immortal Bloodbath
Released Date : 2025.12.14
IMDB Rating : 2.2

 

 

 

One Punch Man,One Punch Man [ S 03: E 10] Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි WEBRip පිටපත් සඳහා අදාළ වේ.

1,017 downloadsDownload One-Punch-Man-S03-E10-sinhala-subtitles.zip17 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1

All BT1

Next BT1

Subtitles by

ලංකන් Weebs

Subtitles

1,017 downloadsDownload Subtitles17 KB

0 comments

No comments yet.