කොහොමද ඉතින්, “වන් පන්ච් මෑන්” 7 සහ 8 කොටස්වලටත් ඔන්න එහෙනම් සබ් ගෙනාවා. එහෙනම් පසුගිය මතකයන් ගැන බලලා අද කතාවට එමු. පසුගිය මතකයන් – සොනික් එක්ක උනු සටනෙදී, සයිතමා දැන ගන්නවා එයා ගැන කවුරුත්ම දන්නේ නෑ කියල. මේ නිසා සෑහෙන අවුල් වුනු පොර තීරණය කරනවා “හීරෝ” කෙනෙක් වෙන්න. ඉතින් ඒ අනුව සයිතමා ජෙනොස් සමඟ…

කොහොමද ඉතින්, “වන් පන්ච් මෑන්” 7 සහ 8 කොටස්වලටත් ඔන්න එහෙනම් සබ් ගෙනාවා. එහෙනම් පසුගිය මතකයන් ගැන බලලා අද කතාවට එමු.
පසුගිය මතකයන් –
සොනික් එක්ක උනු සටනෙදී, සයිතමා දැන ගන්නවා එයා ගැන කවුරුත්ම දන්නේ නෑ කියල. මේ නිසා සෑහෙන අවුල් වුනු පොර තීරණය කරනවා “හීරෝ” කෙනෙක් වෙන්න. ඉතින් ඒ අනුව සයිතමා ජෙනොස් සමඟ “හීරෝ ඇසෝසියේෂන්” වෙත යනවා. මතකයි නේද ඒ පරීක්ෂණ වලට අපේ එකා මුහුණ දීපූ විදිහ. නිකන් වෙඩි වගේ තමා. ඉතින් ඒ විදිහට සියලුම පරීක්ෂණ අවසන් උනාම, ජෙනොස් S class එකේ හීරෝ කෙනෙක් විදිහටත්, සයිතමා C class එකේ හීරෝ කෙනෙක් බවටත් පත්වුණා. මේ විදිහට මේ හීරෝ ඇසෝසියේෂන් එකේ ලියාපදිංචි වෙන්න උදව් කළොත්, තමාව ගෝලයෙක් කරගන්නවා කියල සයිතමා ජෙනොස්ට පොරොන්දු උනා. දැන් ජෙනොස් ස්ථිරවම සයිතමාගේ ගෝලයෙක් වෙලා තියෙන්නේ. ඒ වගේම අර සොනික්කාරයා ආයෙත් සයිතමා එක්ක ගේම ඉල්ලගෙන ආවනේ. මිනිහත් සුපිරියටම ඉල්ලන් කෑවා. ඔන්න ඔය වගේ සිදුවීම් ටිකක් තමයි කළින් කොටස්වල උනේ.
දැන් එහෙනම් මේ කතාව බලාගෙන යද්දී අපි අනිවාර්යයෙන්ම දැනගෙන ඉන්න ඕනේ කරුණු කාරණා ටිකක් ගැන බලමු. මේ දේවල් පිළිබඳ දැනුවත්භාවය අපිට ගොඩක් වැදගත් වෙනවා වන් පන්ච් මෑන් ඉදිරියට බලාගෙන යාමෙදී.
හීරෝ ඇසෝසියේෂන් –
මේ කතාව තුළ අපිට නිතරම අහන්න දකින්න ලැබෙන සංවිධානයක් තමයි “හීරෝ ඇසෝසියේෂන්” කියන්නේ. සරලවම කිව්වොත් මිනිසුන්ට සිදුවිය හැකි විවිධ ව්‍යසන වලින් මිනිසුන්ව ආරක්ෂා කර ගැනීමට පිහිටවපු සංවිධානයක්. සියලුම “හීරෝ”ලව පාලනය කරන්නේ හා මෙහෙයවන්නේ මේ සංවිධානය විසින්. ප්‍රධාන මූලස්ථානය A නගරයේ තමා තියෙන්නේ. අනිත් නගර සම්බන්ධීකරණය කරන්න ඒ ඒ නගරවල මෙහි ශාඛා පිහිටුවා තියෙනවා. මෙහි ආරම්භය ගැන බැලුවොත්, ධන කුවේරයෙක් වෙන “අගෝනි” තමා මේක නිර්මාණය කරලා තියෙන්නේ. ඔහුගේ මුණුපුරාට රාක්ෂයෙක් පහර දෙන්න ගිය මොහොතෙදී, ඒ ළඟින් ගිය පුද්ගලයෙක් තමා ඒ කොල්ලව බේරගෙන තියෙන්නේ. ඉතින් මේ කොල්ලා වෙන කවුරුත් නෙමේ, පළවෙනි එපියේ අපි දැක්ක අර ලොකු නිකටක් තිබ්බ පොඩි එකාම තමා. එතකොට මේ කොල්ලව බේරගත්ත මිනිහා ඇවිල්ලා අපේ සයිතමාම තමා.

ඉතින් ඊට පස්සේ මේ වගේ ව්‍යසන වලින් මිනිස්සුන්ව බේරගන්න යාන්ත්‍රණයක් ඕනේ නිසා, අගෝනි තම සියලුම ධනය වැය කරල මේ හීරෝ ඇසෝසියේෂන් එක හදනවා. ඉතින් බලන්න නොදැනුවත්වම සයිතමාම තමා මේකටත් මුල් වෙලා තියෙන්නේ.
සාමාන්‍යයෙන් මේ සංවිධානයේ ලියාපදිංචි උනු අයට තමා “හීරෝ” කියන නාමය භාවිත කරන්න පුලුවන්. ඒ විදිහේ අයට සමාජයෙන් ලොකු පිළිගැනීමක් පවා තියෙනවා. මේ සංවිධානයේ ලියාපදිංචි වෙන්නේ නැතුව මොන විදිහේ වීර වැඩක් කළත් කිසිම කෙනෙක් එයාව සතේකට මායිම් කරන්නේ නෑ. ඒ වගේ අයව හඳුන්වන්නේ “කිසිම වගකීමක් ගන්න බැරි වල*තයින් පිරිසක්” විදිහට. ඉතින් සයිතමා මේ කියන ඇසෝසියේෂන් එකේ ලියාපදිංචි වෙන්නෙ නැතුව මොනවිදිහේ නපුරක් පැරැද්දුවත්, ඔය විදිහට තමා අනිත් මිනිස්සු සයිතමා ගැනත් හිතන්නේ.
මේකේ ලියාපදිංචි වෙන්න නම් කායික හා ලිඛිත පරීක්ෂණයකට මුහුණ දෙන්න වෙනවා. මේ පරීක්ෂණ දෙකටම එකකට ලකුණු 50 බැගින් ලකුණු 100ක් හිමිවෙනවා. සමත් වෙන්න නම් ලකුණු 70ක් ඕනේ. පරීක්ෂණ දෙකෙන්ම ලබා ගන්න මුළු ලකුණු අනුව ඒ අදාල පුද්ගලයා ශ්‍රේණිවලට නැත්නම් Class වලට බෙදලා හීරෝ කෙනෙක් ලෙස නම් කරනවා.
Class නැතහොත් ශ්‍රේණි – හීරෝ ඇසෝසියේෂන් තුළ Class 4ක් දකින්න ලැබෙනවා. ඒ Class C,B,A සහ S විදිහට. Class C එකේ තමා අඩුම ලකුණු ගත්තු හැකියාවෙන් එහෙම අඩු සෙට් එක ඉන්නේ. ඊට වඩා තරමක් හොඳ අය Class B වලත්, ඊටත් වඩා හොඳ සෙට් එක Class A වලටත් ඇතුලත් වෙනවා.
Class S – Special Class යන අර්ථයෙන් තමා මේක Class S ලෙස නම් වෙලා තියෙන්නේ. සුපිරිම හැකියාවන් තියෙන සුපිරිම සෙට් එක තමා මේ Class S වල ඉන්නේ. අපේ ජෙනොස් කොලුවත් දැන් Class S හීරෝ කෙනෙක්.
පරීක්ෂණය මුහුණ දීලා ලබා ගන්න ලකුණු අනුව Class වලට වැටුණට පස්සේ, විවිධ වීරක්‍රියා කරලා තමන්ගේ ලකුණු වැඩි කරගෙන ඒ අදාල Class එකේ තමන්ගේ රෑන්ක් එක වැඩි කරගන්න මේ අයට පුලුවන්. ඒ විදිහට Class C වල ඉන්න කෙනෙක් තමන්ගේ ලකුණු වැඩි කරගෙන එහි රෑන්ක් 1 උනොත්, ඔහුට හෝ ඇයට පුලුවන් Class B වලට ඇතුලත් වෙන්න. ඒ විදිහට Class B තුලත් තමන්ගේ රෑන්ක් එක 1 කරගත්තොත් Class A වලටත්, ඉන්පසුව ඒ ආකාරයෙන්ම රෑන්ක් වැඩි කරගෙන Class S වලටත් ඇතුලත් වීමේ හැකියාව තියෙනවා. මේ විදිහට රෑන්ක් වැඩි කර ගැනීමකින් තොරව, ජෙනොස් එකවරම Class S වලට ඇතුලත් වෙනවා. මීට කලින් මේ විදිහට Class S වලට එකවරම ඇතුලත් වෙලා තියෙන්නේ “කින්ග්” කියන හීරෝ විතරයි. අපි ඒ කොහොමද කියල ඉදිරියට බලමු.
අවදානම් මට්ටම් – අතිශයින්ම වැදගත් මාතෘකාවක් තමා මේ අවදානම් මට්ටම් නැත්නම් Disaster Levels කියන්නේ. මේ ගැනත් දැනුවත් භාවය ගොඩක් වැදගත්.
සරලවම අවදානම් මට්ටම් කියල කියන්නේ, මිනිසුන්ට මුහුණ දෙන්න වෙන විවිධ ව්‍යසනවල විනාශකාරී බව සහ බිහිසුණු බව අනුව ඒවා බෙදා වෙන් කරන විදිහක්. හීරෝ ඇසෝසියේෂන් එක විසින් මේ විදිහේ අවදානම් මට්ටම් 5ක් හඳුන්වලා දීලා තියෙනවා. ඉතින් හීරෝලා ගේමට බහින්න කලින් මේ අවදානම් මට්ටම ගැන බලලා, තමාට පාලනය කරන්න පුලුවන් එකක්ද කියල දැනුවත් වෙලා තමා ගේමට බහින්නේ. වන් පන්ච් මෑන් මන්ගා එකේ මේ අවදානම් මට්ටම් විස්තර වෙන්නෙ පහත ආකාරයට…
• වුල්ෆ් (වෘකයා) – මේ තමා අවදානම් මට්ටම් වල අවම මට්ටම. සාමාන්‍යයෙන් ජන ජීවිතය අඩාල කරන්න පුලුවන්, දේපොළ හානි කරන්න පුලුවන් විදිහේ, පාලනය කළ හැකි සුළු ප්‍රතිරෝධයක් තියෙන අවදානමක්, වුල්ෆ් කියන මට්ටමට වැටෙනවා. හැමර්හෙඩ් ඇතුළු පිරිස කරපු කලබැගෑනිය මේ මට්ටමේ එකක් කියල කියන්න පුලුවන්.
• ටයිගර් (කොටියා) – මිනිස් ජීවිත විශාල ප්‍රමාණයක් නැතිවෙන්න පුලුවන් විදිහෙ අවදානම් තමා මේ මට්ටමට වැටෙන්නේ. පළවෙනි එපියේ අපි දැක්ක වැක්සීන් මෑන් මේ මට්ටමේ තර්ජනයක් කියල අපිට උපකල්පනය කරන්න පුලුවන්.
• ඩීමන් (යක්ෂයා) – සමස්ථ නගරයක් හෝ ඉන් භාගයක් විනාශ කරලා දාන්න පුලුවන් විදිහේ තර්ජනයක් තමා මේ මට්ටමට වැටෙන්නෙ.
• ඩ්‍රැගන් (මකරා) – නගර කීපයක්ම සහමුලින්ම විනාශ කරලා දාන්න පුලුවන් තර්ජනයක් තමා මේ මට්ටමට වැටෙන්නේ.
• ගොඩ් (දෙවියා) – මේ තමා තියෙන ඉහළම අවදානම් මට්ටම. සමස්ථ මානව සංහතියම එකවර විනාශ කරන්න පුලුවන් විදිහේ ඉතාමත් බිහිසුණු තර්ජනයක් තමා මේ මට්ටමට වැටෙන්නේ. මෙතෙක් නරඹපු කොටස්වල මේ මට්ටමේ අවදානමක් අපිට දකින්න ලැබුනේ නෑ.
හොඳයි එහෙනම්. මේ කිව්ව කරුණු ටිකත් ඔලුවෙ තියාගෙන දැන් මේ සුපිරි ඇනිමේ එක බලාගෙන යන්න. ඊළඟ කොටස් දෙකෙන් හමුවෙමු එහෙනම්.
අද කතාංගයන් –
• 07 – The Ultimate Disciple
• 08 – The Deep Sea King
විකාශය වූ දිනයන් –
• 07 – 2015 නොවැම්බර් 15
• 08 – 2015 නොවැම්බර් 22
” I became a hero for fun.”
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.
5,383 downloadsDownload One.punch_.man_.S01-E07-E08.zip32 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පවිත් විජේසූරිය ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2022-03-16
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
පවිත් විජේසූරිය
Subtitles
- #Editor's Pick
- #MaxxA
- #Must Watch
- #Offbeat
- #one punch man s01 sinhala sub
- #one punch man season 1
- #one punch man sinhala sub
- #sinhala
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #subtitle
- #Subtitles
- #You Decide
- #උපසිරැසි
- #පවිත් විජේසූරිය
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
5 comments
Sineth
Pavith Wijesooriya
දීලා තියෙන්නේ සහෝ...
Ravindu_Heshan
ewa deela tynne saho
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Akila Dilhara
Thanks for Sub...
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



5,6 kotas nane