Watch Trailer

The Glory (2022-) [S01: E02] Sinhala Subtitles | සහයකයෙක්. [සිංහල උපසිරැසි]

කට්ටිය පලවෙනි කොටස බලන්න ඇති නේ? තාම පටන් ගත්තා විතරයි තව හොඳ හොඳ දේවල් ඉස්සරහට බලාගන්න පුළුවන් වෙනවා. එහෙනම් අපි මේ කොටසෙ විස්තරේ පැත්තට හැරෙමු, මේ කොටස නිකුත් වෙන්නේ 2022 දෙසැම්බර් 30 වෙනිදා නෙට්ෆ්ලික්ස් හරහා. මේ වෙනකොට IMDb දර්ශකේ 7.2 අගයක් ගන්නත් මේ කොටසට හැකිවෙලා තියෙනවා. පෙර කොටසින්, දොන්ග්-ය…

කට්ටිය පලවෙනි කොටස බලන්න ඇති නේ? තාම පටන් ගත්තා විතරයි තව හොඳ හොඳ දේවල් ඉස්සරහට බලාගන්න පුළුවන් වෙනවා. එහෙනම් අපි මේ කොටසෙ විස්තරේ පැත්තට හැරෙමු, මේ කොටස නිකුත් වෙන්නේ 2022 දෙසැම්බර් 30 වෙනිදා නෙට්ෆ්ලික්ස් හරහා. මේ වෙනකොට IMDb දර්ශකේ 7.2 අගයක් ගන්නත් මේ කොටසට හැකිවෙලා තියෙනවා.

පෙර කොටසින්,
දොන්ග්-යුන් කියන්නේ පාසල් හින්සනයට ගොඳුරු වුණ දරුවෙක්. ඒකට ප්‍රධාන වශයෙන් සම්බන්ද වෙන්නේ ඇගේම පන්තියේ සිටින ළමයි පස් දෙනෙක් සහ ඇගේ පන්ති භාර සර්. ඇය ඔවුන්ගේ දරුණු කරදර හිරිහැර දරාගන්න බැරිම තැන පාසලෙන් අස්වෙනවා. ඉන් පසු ඇය එක එක තැන් වල වැඩට යනවා. ඒත් ඇගේ එකම අභිප්‍රාය වෙන්නේ ඔවුන්ගෙන් පලිගැනීමයි.

මෙම කොටසින්,
පෙර කොටසින් අපට වැඩි වශයෙන් බලාගන්න හැකිවුණේ දොන්ග්-යුන්ගේ අතීත කතාව මේකෙත් අපිට වර්තමාන තත්වය බලාගන්න හැකිවෙනවා. ඒ අනුව කට්ටියගෙ ජීවිත කොහොම වෙනස් වෙලා තියෙයිද කියලා අපිට මේකෙදි බලාගන්න හැකිවෙනවා. ඒ අනුව දොන්ග්-යුන් මේ වන විට ගුරුවරියක් වෙලා තියෙනවා. යොන්-ජින් කාලගුණ නිවේදකවරියක් වෙලා සල්ලිකාර ව්‍යාපාරිකයෙක්වත් කසාඳ බැඳගෙන හොඳ පවුල් ජීවිතයක් ගත කරනවා. තවද ඇයට හා යේ-සොල් නමින් දියණියෙකුත් සිටිනවා. සාරා මේ වෙනකොට තදටම මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වුණ චිත්‍ර ශිල්පිනියක් වෙලා තියෙනවා. ජේ-ජුන්ට ඔහුගෙ දෙමාපියන්ගෙන් ගොල්ෆ් ක්ලබ් එක අයිති වෙලා ධනවත් ජීවිතයක් ඔහු ගත කරනවා සහ මියොන්-ඕ ඔහු යටතේ වැඩ කරනවා. ඒ වගේම හයි-ජොන් ගුවන් සේවිකාවක් වශයෙන් සේවයේ නිරත වෙනවා. මේ ආකාරයෙන් තමයි කට්ටියගෙ ජීවිත වෙනස් වෙලා තියෙන්නේ.

එහෙනම් මීට වඩා කියන්න යන්නෙ නෑ, ආයෙත් මම ඔයාලව මුණ ගැහෙන්න එන්නේ මේකෙ අන්තිම කොටස වෙන 16 වෙනි කොටසෙන්. මීලඟ කොටස ඔයාලට මයුර සුරාජ් අයියා අරගෙන එයි. එහෙනම් කට්ටියටම ජයවේවා!


 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

3,242 downloadsDownload The.Glory_.S01E02.zip24 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Bimsara Yashan (ඔලිව)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-01-04
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Next BT1

All BT1

Next BT1

 

 

Subtitles by

Bimsara Yashan (ඔලිව)

Subtitles

3,242 downloadsDownload Subtitles24 KB

12 comments

  1. Anonymous

    Patta

  2. යුරාන් ධනුක (දනුවා)

    උපසිරසියට බොහෝම ස්තූතියි සහෝ... ජය වේවා !!

  3. Pavith Wijesooriya

    ස්තූතියි අයියේ සබ් එකට....

  4. සමිත රමේස්

    ජයවේවා සහෝ කොලිටි සබ් නම් බයිස්කෝප් තමයි

    1. sachintha

      සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  5. aruna

    thanks bro

  6. Buddhika Lakmal (laKMal)

    තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥ැ

  7. Ravindra

    Thanks

  8. මයුර

    සබට තුති මචෝ..

  9. Anonymous

    The glory episode 3 subtitle download karaganna ba

  10. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..

  11. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P