Outlander කතා මාලාවේ පළමු කතා සමයේ පළමු අදියරේ අවසාන කොටසයි මේ අරගෙන එන්නේ. ඇත්තටම මේ කොටස අරගෙන එන්න ගොඩක් පරක්කු වුණා. ඒ ගැන නිදහසට කරුණු කියන්නේ නැහැ. ගියවර කොටස ගැන මතක් කළොත්, ගියවර කොටසෙන් තනිකරම කතා කළේ ක්ලෙයාර් සහ ජෙමීගේ විවාහය සිදු වූ ආකාරය ගැනයි. තමන් නොදන්න දේශයක නොදන්න පුද්ගලයෙක් සමඟ අත…
Outlander කතා මාලාවේ පළමු කතා සමයේ පළමු අදියරේ අවසාන කොටසයි මේ අරගෙන එන්නේ. ඇත්තටම මේ කොටස අරගෙන එන්න ගොඩක් පරක්කු වුණා. ඒ ගැන නිදහසට කරුණු කියන්නේ නැහැ. ගියවර කොටස ගැන මතක් කළොත්, ගියවර කොටසෙන් තනිකරම කතා කළේ ක්ලෙයාර් සහ ජෙමීගේ විවාහය සිදු වූ ආකාරය ගැනයි. තමන් නොදන්න දේශයක නොදන්න පුද්ගලයෙක් සමඟ අතිනත ගන්න ඇයට සිදු වුණේ බ්ලැක් ජැක් රැන්ඩල්ගෙන් බේරීමට වෙනත් කළ හැකි යමක් නොතිබුණු නිසාවෙන්. ඒත් ඇයට සැබෑවටම තමන්ගේ සැබෑ ලෝකයේ සැමියා අමතක කර ජෙමීව භාර ගත හැකිද? ඒකට උත්තර ගියවර කතාංගයෙන් ලැබෙන්න ඇති.
අද අවසාන කොටස නිසාවෙන්, අද කොටස ගැන යමක් සඳහන් කරන්නම්. ඉන්වර්නර්ස් වෙත ගොස් නැවත තමන්ගේ ලෝකයට යාමේ අරමුණින් චාරිකාවට එක් වුණු ක්ලෙයාර්ට දැන් එය අමතක වෙලා. ජෙමීත් එක්ක ස්කොට්ලන්ත කඳුකර වැසියෙක් විදියට පවුල් කන්නයි ඇගේ සූදානම. එහෙනම් ඇයි ඇගේ අතේ තමන් සමඟ විවාහ වුණු පුරුෂයන් දෙදෙනාම පැළඳ වූ මුදු දෙකම තවමත් රැඳී ඇත්තේ?
ජෙමීගේ මිත්‍රයෙකුගෙන් ඔත්තුවක් ලැබෙනවා, ඔහුට එල්ලවී ඇති මිනීමැරුම් චෝදනා වලින් මිදීමට හැකි මඟක් ගැන. ජෙමීගේ උත්සාහය එය ක්‍රියාත්මක කිරීමටයි. අවාසනාවන්ත විදියට ජෙමී ඉදිරියේම ක්ලෙයාර් දූෂණය වෙන්නට යනවා. ජෙමී මොකද කරන්නේ…? ඔහු සමඟ විවාහ වීමෙන් ඇය බලාපොරොත්තු වූ ආරක්ෂාව ඇයට ලැබිලා නැද්ද..?
තමන්ගේ සැලසුම වුණේ, ඉන්වර්නර්ස් වෙත යාමයි. ඇයට නැවතත් එය මතක් වෙනවා. තමන්ටම දෝෂාරෝපණය කරගන්නවා. එකණෙහිම… මෙන්න ක්‍රෙග් නා ඩූන්.. ඇය නැවතත් ඇගේ ලෝකය වෙත යන්නයි සූදානම. ඇයට යන්නට හැකි වේද..? එතකොට බ්ලැක් ජැක් රැන්ඩල් ඇයට යන්නට ඉඩ හරීවිද…?
1945 ජීවත් වන ෆ්‍රෑන්ක් රැන්ඩල්, ක්ලෙයාර්ව සොයන්නට නොකළ දෙයක් නැති තරම්. කඳුකර වැසියෙක් සමඟ ඇය පැන ගිය වග ඔහුට විශ්වාස කරන්නට පුළුවන්ද. ඇය තමයි ඔහුගේ ආදරය. වසර ගණනක් වෙන්ව සිට නැවත එක් වූ ආදරය වෙනත් අයෙක් සමඟ පැනගොස් ඇති බවක් ඔහු පිළිගන්නේ කොහොමද? සියල්ල අතහැර ඉන්වර්නර්ස් වලින් පිටත් වෙනවාද..? නැතිනම් අවසන් වරට ඇය සිටි ක්‍රෙග් නා ඩූන් ගල් කණු වළල්ල වෙත ගොස් දුක තුනී කරගන්නවාද..?
කතා මාලාවේ පළමු අදියරේ අවසානය මොන විදියට සිදු වේවිද කියලා නරඹන්න එහෙනම්. උපසිරැසි පරක්කු නිසා බොහෝ දෙනෙක් දැනටමත් නරඹන්න ඇති. ඒත් නැරඹුවේ නැති කීප දෙනා වෙනුවෙන් හරි මම මගේ වැඩේ අවසාන කළා. ප්‍රතිචාර දැක්වූ නොදැක්වූ කතා මාලාව උපසිරසි සමඟ නැරඹූ සියල්ලන්ටම ස්තූතියි.. ලබන වසරේ අප්‍රේල් මාසයේ මෙහි දෙවැනි අදියරත් සමඟ මුණ ගැහෙමු. ජයම වේවා..! එලස්ස්ස්…..
F7BADB1B6C216F7929FB70F6DE1928B5956B23F2 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
846 downloadsDownload Outlander.S01E08.baiscopelk.zip30 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/srimal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යශෝධ ශ්‍රීමාල් අතුරැලියගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
යශෝධ ශ්‍රීමාල්
Subtitles
25 comments
sajeevi
Sisira Hegoda
Thanks . Thanks.. Thanks...
Kavinda
Machan thnkx parakku wela hari dunnata but Aphu T v seriouse nam bara ganna epa film withrak karnna me vidihata balnna giyma balana aya godak asarna wenwa mokda balanna kamthi godak T V serouse films thiynwa ona thrama Sub nathi nisa Unaduwak na eka nisa sub denakota continusely denna balnna ahema nattam atha arla danna Kohoma hari dena eka Vadagath eth time ekath wadagath mamath asai sub karnna no time ekai mahema inne
හර්ෂණ
කවිදු ඔයා කරන චෝදනාව දරුණු වැඩියි. යශෝධට කැමති දෙයකට උපසිරසි දෙන්න එයාට අයිතියක් තියෙනවා. අනික මේ උපසිරසි දෙන්නේ එයාගේ කාලය ශ්‍රමය කැප කරලා. නිකන් ඉගෙන ආතල් එකේ අපි ඒ සබ් එක දාගෙන බලල එයාට බනින එක වැරදියි. අගේ කරන්න. උනන්දු කරන්න. එහෙම නැතුව මේ විදියට කඩා වට්ටන්න එපා.
යශෝධ
මට මේ වගේ කමෙන්ට් එකක් වැටුන පළවෙනි වතාව. ඒකත් හොඳයි.. වැරැද්ද සම්පූර්ණයෙන්ම මගේ අතේ. ඒ නිසයි නිදහසට කරුණු ලිපියෙන් නොකිව්වේ. මෙහෙම දේකුත් තියෙනවා සහෝ. වෙලාවට සබ් එක දෙන අවස්ථා වලත් මේ විදියට අපිව උනන්දු කරවනවා නම් තියෙන වැඩ පැත්තකට දාලා වුනත් උපසිරැස කරන්න වෙලාව හොයාගන්න හිතෙනව. අපි කවුරුත් මිනිස්සුනේ නේද.. ඒ වුනාට එහෙම කියලා උවමනාවෙන්ම නෙවෙයි සබ් එක පරක්කු කළේ. කොහොම වුනත් වැරැද්ද මගේ අතේ. මම ඒක පිළිගන්නවා. දන්න අය දන්නවා, මේක තමයි මගේ අතින් මේ තරම් පරක්කු වුනු එකම උපසිරස. කොහොම වුනත් මේ කමෙන්ටුව නිසාම ඉදිරියට ඒ තරම් පරක්කු නොකර උපසිරැසි ලබාදෙන්න උපරිම උත්සාහ කරනවා. බොහෝම ස්තූතියි ඔයාගේ අදහසට. ජයම වේවා..! ආ ඒ එක්කම මතක් කරන්නම්, උපසිරැසි පරක්කු වෙන කොට වගේම උපසිරැසි කලින් දෙනකොටත් අදහස් පළ කරන්න හොඳේ.. නැවත වරක් ජයම වේවා..! එලස්ස්ස්..... ;-)
Kavinda
sorry brother oyage hitha redenna nami ahema kiwwe T V serouse ekak kiynne mama dannwa filim ekak wage nami godak amrui kiyla ekai kiwwe Oyage time eka Film pattata danna TV serouse ekak kiynne anivaryenma week ekata ekak enawamai ethin onama kenak next episide ekata godak unanduwen inne ethin oyala karna me wadee nam Godakk vatinawa thami ethin kohoma hari Tv serouse ekak yanakota Epi 2k withra giyma eka unanduwen balana ayta kochchara upsetda mamath try kala trnslate kara kara maka karnna mata nam ba... aththtma eka godak time eka yna wadak kamak na oyata kamthi onama deyak karnna oyta nidahsa thiynwa bro eth oya ekka godaak set ekak oyawa balagena innwa kiyla amthka karnna epa jya wewa
යශෝධ
අදහසට ස්තූතියි සහෝ.. ඔන්න ඔය විදියට කමෙන්ට් එක වැටුනා නම් හිත් රිදවීමක් වෙන්නේ නෑ ඇත්තෙන්ම. මේ උපසිරසි කරන්නේ කොහොමත් ඔයාලා වෙනුවෙන්ම තමයි. ඒ පිරිස මම අමතක කරන්නේ නැහැ. දිගටම අපිත් එක්ක රැඳෙන්න. අදහස් පළ කරන්න. ජයෙන් ජය..!
හර්ෂණ
ටොරන්ට් එක වැඩ නැතෝ... හෑෂ් එකෙනුත් හොයන්න අමාරුයිනේ
යශෝධ
දැන් ලින්ක් එක වැඩ සහෝ… දැන් ටොරන්ට් එක ඩවුන් කරගන්න පුළුවන්….. ජය..!
Kulanjana Maduranga
Thanks YASHODA Saho..sub ekata..digatama sub demu.jaya wewa……
Jamson
Thanks malli
Jamson
download link eka wada na neda ... me magnet link eka wada
magnet:?xt=urn:btih:f7badb1b6c216f7929fb70f6de1928b5956b23f2&dn=Outlander S01E08 HDTV x264-KILLERS[ettv]&tr=udp://tracker.openbittorrent.com:80&tr=udp://tracker.publicbt.com:80&tr=udp://tracker.istole.it:6969&tr=udp://open.demonii.com:1337
යශෝධ
දැන් ලින්ක් එක වැඩ සහෝ... දැන් ටොරන්ට් එක ඩවුන් කරගන්න පුළුවන්..... ජය..!
chinthaka
thanks mac sub denawata GAL saha MAL kiyanne ekama iraka thiyena 2k dekama 1 wage.etha kriyaway wadagath sub dena eka gana kiyanta wachana ne mokada film 1k wunath hodatama rasa widinna puluawan oyalage mahansiya nisa.sub 1ka podi wunata eka hadanta yana mahansiya gana kiyanta deyak ne.me wage elama ela patta katha thiyanawa kiyala mama nam danneth sub dena nisa.aththatama oyagolla karana de nam godak watinawa thanks mac sub dena 1ta
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)Samith
paraku wela hari sub denkan balan hitye.asawenma balana tv series eka.thanks!
වරුණ රංගජිත් (වරූ)
නියමි යශෝධ කොල්ලා නියමයි...
තාම මේක මම බාලා නම් නෑ...
හොඳ ඇති කියලා හිතේ..
ඉඩක් ලැබුණ විගස බානවා..
අපි සියළු දෙනා වෙනුවෙන් මේ අරන් ආස සබට තුති...
ජයම වේවා...!!!aba
උපසිරැසියට තුති යශෝධ
ජය වේවා…!!!හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
චන්දිම අමරසිංහ
දිගටම කරගෙන යමු…
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!%$රොයිලි
බොහොම ස්තූතියි යශෝධ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
“චූටී මල්ලි”
එල දිගටම දෙමු
සබට තුති
ඔබට ජය.............Achintha Sameera
උබට පුළුවං වෙලාවක සබ එක දීපන් මචෝ. මත් අසාවෙන් බැලුවේ එත් සබ පරක්කු නිසා එපා උන මචෝ,
ඔක්කොම ටිකට එක පාර සබ එක දීපන් ලොක්ක,දෙගොල්ලොටම ලේසි එක,සුපුන් බුද්ධික
මචන් Outlander එක ඉවර නෑ.පළවෙනි සීසන් එක එපි 16 වෙනකම් ආයේ එනවා...
ඊයේ අවිත් තිබුනා 9 වෙන් එපිය..
පුලුවන්නම් ටිකක් බලලා සබ් දෙන්න...ජය වේවා !!!
rukmalchathu
thxxx machoo
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Outlander [S01 : E08] | ඇගේ අරමුණ කුමක් වේවිද..?[සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/Outlander-4.jpg)


thanks