Watch Trailer

Outlander [S01 : E07] | විවාහය…[සිංහල උපසිරැසි සමඟ]

බොහෝම පරක්කු වුනා හත්වන කොටස අරගෙන එන්න. හේතු දක්වන්නේ නැහැ, සමාවෙන්න ඕනේ වෙච්ච පරක්කුවට. මේ අරගෙන එන්නේ Outlander කතා මාලාවේ හත්වෙනි කොටස. ඒ වගේම පළමු කතා සමයේ පළමු අදියර මේ වන විට විකාශනය වෙලා අවසන් කියලා ඔයාලා දැනටමත් දන්නවා ඇති. ඒ කියන්නේ පළමු කතා සමයේ පළමු අදියර අටවන කොටසින් අවසාන වුනා. දෙවන අ…

Outlander-1

බොහෝම පරක්කු වුනා හත්වන කොටස අරගෙන එන්න. හේතු දක්වන්නේ නැහැ, සමාවෙන්න ඕනේ වෙච්ච පරක්කුවට. මේ අරගෙන එන්නේ Outlander කතා මාලාවේ හත්වෙනි කොටස. ඒ වගේම පළමු කතා සමයේ පළමු අදියර මේ වන විට විකාශනය වෙලා අවසන් කියලා ඔයාලා දැනටමත් දන්නවා ඇති. ඒ කියන්නේ පළමු කතා සමයේ පළමු අදියර අටවන කොටසින් අවසාන වුනා. දෙවන අදියර එනකන් මාස හයක් වගේ කාලයක් අපිට බලන් ඉන්න වෙනවා. දෙවන අදියර විකාශය ආරම්භ වන්නේ, ලබන වසරේ අප්‍රේල් 04 වනදා. ඊට කලින් මේ සතිය ඇතුලතම අටවෙනි කොටස සඳහාත් අනිවාර්යෙන්ම උපසිරැසි අරගෙන එනවා. මතක් කරගෙන ඉමු ගියවර කොටස.

ගියවර කොටස ආරම්භ වන්නේ, ඉංග්‍රීසි සෙබළුන්ගේ ග්‍රහණයට හසුවන ඩූගල් සහ ක්ලෙයාර් ඔවුන්ගෙන් ගැලවීමට දරන ප්‍රයත්නයෙන්. නමුත් ඇය ඉංග්‍රීසි කාන්තාවක් වන නිසා, එම ඉංග්‍රීසි සෙබළුන්ගේ ප්‍රධානියා හමුවට ඔවුන්ව කැඳවාගෙන යනවා. මේ ගමනට ඩූගල් එක් වන්නේ, ක්ලෙයාර්, මැකැන්සී වංශයේ අමුත්තියක් බව සෙබළ පිරිසට අවධාරණය කරමින්. ක්ලෙයාර් එක අතකින් සන්තෝෂ වෙනවා තමන්ගේම අය (ඉංග්‍රීසින්) සමඟ නැවත එක් වීමට අවස්ථාව සැලසුනු නිසාවෙන්.

ඉංග්‍රීසි ප්‍රධානියා විසින් ක්ලෙයාර්ව සාදර ගෞරවයෙන් පිළිගත්තත්, ඩූගල්ට එවැනි පිළිගැනීමක් ලැබෙන්නේ නැහැ. ඉංග්‍රීසි ප්‍රධානියාගේ භාෂාව හැසිරවීමත් ඩූගල්ගේ කතා විලාසයත් හේතුවෙන් ඔවුන් දෙදෙනා අතර වචන හුවමාරුවක් ඇති වෙනවා. එය යම් තාක් දුරකට සමථයකට පත් කරන්නේ, ක්ලෙයාර්. ක්ලෙයාර්ට ආහාර ගැනීමට ආරාධනාවක් ලැබුනත් ඩූගල්ට එසේ ආරාධනාවක් ලැබෙන්නේ නැහැ. ඒ නිසාවෙන් ක්ලෙයාර් තමන්ගේ සාකච්ඡාව අවසන් කොට පැමිණෙන තෙක් ඩූගල් ඔවුන් සිටි ගොඩනැඟිල්ලේ පහළ තට්ටුවේ රැඳී සිටින බව පවසා එතනින් නික්ම යනවා. අනතුරුව ඇය තමන්ට මුහුණ දෙන්න වුනු අකරතැබ්බයන් හා ලැබූ අත්දැකීම් ඉංග්‍රීසි ප්‍රධානියා සහ එතන සිටි පිරිස සමඟ බෙදාගන්නවා. ඒ අනුව ඇයව නැවත ඉන්වර්නර්ස් වලට රැගෙන යන්නට ඔහු විසින් අවසර ලබා දෙනවා.

හැම දෙයක්ම හොඳින් සිදුවන බව සිතමින් ඉන්න අතරේ ක්ලෙයාර් හමුවට පැමිණෙන්නේ, බ්ලැක් ජැක් රැන්ඩල්. දුටු සැනින් දෙදෙනා විසින් එකිනෙකාව අඳුනගත්තත් ඒ බවක් අනෙක් අයට දැනෙන්නට ඉඩ හරින්නේ නැහැ. දෙදෙනා සතුවම ඇති කථිකත්වය හා කපටි නුවණ පාවිච්චි කරමින් ඔවුන් යම් කිසි වාදයකට එළඹෙනවා, ස්කොට් ජාතිකයින් හා ඔවුන්ගේ භූමිය සම්බන්ධව. රැන්ඩල්ගේ අපහාසාත්මක වාග් ප්‍රහාරය හමුවේ, තමන් සිටින්නේ කොතනද යන්න අමතක කරගන්නා ක්ලෙයාර්, පවසා සිටිනවා, ඔවුන් මේ සිටින භූමිය අයිති ස්කොට් ජාතිකයින්ට බව. ඒ ප්‍රකාශයත් එක්කම ඉංග්‍රීසි ප්‍රධානිය ඇතුලු අනෙක් පිරිස ඉදිරියේ ඇය, යම් තාක් දුරකට හෝ තම ජාතියට ද්‍රෝහී වූ තැනැත්තියක් බවට පත් වෙනවා. ඒනිසාවෙන් ඇයව හැකි ඉක්මනින් ඉන්වර්නර්ස් වෙත යවන ලෙසට ඉංග්‍රීසි ප්‍රධානියාගෙන් අණ ලැබෙනවා.

ඉංග්‍රීසින් සිටි කඳවුරට ප්‍රහාරයක් එල්ලවූ බව පැවසෙන නිසාවෙන් ප්‍රධානියා ඇතුලු අනෙක් පිරිස එය සොයා බැලීමට පිටත්ව යනවා. නමුත් බ්ලැක් ජැක් රැන්ඩල් තවදුරටත් එම ස්ථානයේම රැඳී සිටිමින් ක්ලෙයාර්ව කොටු කරගන්නවා, ප්‍රශ්න කරන්නට. ඒ කතා බහ අතරතුරේදී ඔහු නඟන ප්‍රශ්න සියල්ලටම ක්ලෙයාර් විසින් විවිධාකාර පිළිතුරු ලබා දුන්නත් ඔහු ඒවායින් සෑහීමකට පත් වෙන්නේ නැහැ. ඒ වගේම ක්ලෙයාර් විසින් ජෙමී සම්බන්ධයෙන් යම් කිසි සඳහනක් කරන නිසාවෙන්, රැන්ඩල් ඊට ප්‍රතිචාර දක්වන්නේ, තමන් ජෙමීට කස පහර ලබා දුන් ආකාරය ගැන සියලු දේ ඇයට පවසමින්. ඒ අනුව ඇය වටහාගන්නවා මොහු මොන තරම් භයානක පුද්ගලයෙක්ද යන්න.

ප්‍රශ්න කිරීම් අවසානයේ, තමන් සෑහීමට පත් වූ බවක් පෙන්වන රැන්ඩල්, එකණෙහිම ක්ලෙයාර් නොසිතූ මොහොතක අමානුෂික ලෙස ඇයට පහර දෙනවා. ඔහුගේ කෘර බව මැනවින් විදහා දක්වන්නේ ඊට නොදෙවෙනි නුවණකුත් ඔහුට ඇති බව අඟවමින්. කොහොමින් හෝ පහළ රැඳී සිටි ඩූගල් ඇය කරා පැමිණ ඇගේ ආරක්ෂාව වෙනුවෙන් ඉදිරිපත් වෙනවා. නීතිය මතක් කරමින් ඇයව තමන්ගේ භාරයට ගන්නට සමත් වන ඩූගල් ඇය රැගෙන හැකි ඉක්මනින් එම ස්ථානයෙන් පලා යනවා. නමුත් ඊට පසු දින සන්ධ්‍යාව වන විට විලියම් බලකොටුව වෙත ඇයව රැගෙන යන ලෙසයි රැන්ඩල්ගෙන් ඔහුට අණ ලැබුනේ. රැන්ඩල්ට යටත් වීමට අකමැතිවා සේම ක්ලෙයාර්වත් ඔහුගේ ග්‍රහණයෙන් බේරා ගැනීම හේතු කොටගෙන, එම කාර්යන් දෙකම නීතියට අනුව සිදු කළ හැකි එකම විදිය ක්‍රියාවට නැංවීමටයි ඔහු අදහස් කරන්නේ. ඒ ක්ලෙයාර්ව ජෙමීට විවාහ කරදෙමින්. අද කොටස දිග හැරෙන්නේ එතැන් සිට.

අද ලිපිය සෑහෙන දීර්ඝ එකක් වුනා, ඒ ඉතින් අවශ්‍යම කරන සිදුවීම් කීපය මතක් කළ යුතුව තිබුණු නිසාවෙන්. එහෙනම් හත්වන කොටස රස විඳින්න. අටවන කොටස මේ සතියේම රැගෙන එනවා. ඒ වගේම මේ කොටස වඩාත් සුදුසු වන්නේ වැඩිහිටියන්ට පමණක් බව සැලකිල්ලට ගන්න. සියලු දෙනාටම ජයම වේවා…! එලස්ස්ස්………

Outlander (2014– ) on IMDb

 

 

330 MB කොපිය මෙතනින් බාගන්න

3b006cc99cf8a1c6ba2d9cb5e032be9afc975f82

1.10 GB කොපිය මෙතනින් බාගන්න

5e657502d6a0c0f1c2fa10c91eca19a3ee188fe7 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

827 downloadsDownload Outlander-S01E07.zip54 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/srimal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යශෝධ ශ්‍රීමාල් අතුරැලියගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                          All Episodes                        Next Episode >>

Subtitles by

යශෝධ ශ්‍රීමාල්

Subtitles

827 downloadsDownload Subtitles54 KB

19 comments

  1. ruchira

    ela...

  2. Kulanjana Maduranga

    niayamai…thanks YASHODA saho..sub ekata..digatama sub demu.jaya wewa.....

  3. Sisira Hegoda

    Enakan Balagena hitiye . Thanks.

  4. harsha

    ස්තූතියි සහෝ මෙන්න ගත්තා

  5. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  6. රොයිලි

    බොහොම ස්තූතියි යශෝධ සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ :P :P

  7. ඉසු ඩිපි (Isu DP)

    නියමයි යශෝධ අයියේ..
    මේක ඉවරද ඊළග කොටසෙන්.
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා..
    බුදු සරණයි.. !!!

  8. sajeevi

    thanks

  9. “චූටී මල්ලි”

    දිගටම දෙමු එල
    සබට තුති
    ඔබට ජය.............

  10. නලින්

    ස්තුතියි යෂෝධ... බලුවේ නැතත් ලිපිය කියෙව්වම ඇති වගේ..

    නියමයි.. දිගටම දෙන්න

    ජය වේවා!

  11. චන්දිම අමරසිංහ

    නියමයි සහෝ එල සුපිරි වැඩක් ...
    සුභපැතුම්..
    දිගටමකරගෙනයමු.
    ජයවේවා...!

  12. Achintha Sameera

    thanksmacho sab eka ikmanata dennako lokka

  13. අබා

    නියමයි....මේ කොටස හොදියි වගේ.....ස්තුතියි සහෝ උපසිරසියට...ජයවේවා...!!!!

  14. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  15. chinthaka

    8 episode ekath ikmanatama denna

  16. Achintha Sameera

    ko macho anith tika

  17. Kavinda

    Machan ko anthima eka pls aphu nam TV seriouse karnna apooooooooooooo

    1. යශෝධ

      උඹ ඔච්චරම කියන නිසා ආයේ නොකර ඉන්නම් බන්... එලස්ස්ස්......

  18. Viraj

    Thanks