“මිනිසුන් නිතරම අතුරුදන් වෙනවා. ගෙදරින් පැනලා යන තරුණ කෙල්ලන්, දෙමව්පියන්ගෙන් වෙන් වෙන පොඩි ළමයි. නැවත කිසිදාක හමු වෙන්නේ නැති, සිල්ලර මුදලුත් අර ගෙන දුම්රිය පොළ වෙත පලා යන ගෘහණියන්.. මින් බොහෝ දෙනෙක් කොහොමින් හරි අවසානයේ දී නැවත හමු වෙනවා. මෙකී අතුරුදහන් වීම්වලට මොකක් හරි පැහැදිලි කිරීමක් තියෙනවා.…

“මිනිසුන් නිතරම අතුරුදන් වෙනවා. ගෙදරින් පැනලා යන තරුණ කෙල්ලන්, දෙමව්පියන්ගෙන් වෙන් වෙන පොඩි ළමයි. නැවත කිසිදාක හමු වෙන්නේ නැති, සිල්ලර මුදලුත් අර ගෙන දුම්රිය පොළ වෙත පලා යන ගෘහණියන්.. මින් බොහෝ දෙනෙක් කොහොමින් හරි අවසානයේ දී නැවත හමු වෙනවා. මෙකී අතුරුදහන් වීම්වලට මොකක් හරි පැහැදිලි කිරීමක් තියෙනවා. සාමාන්‍යයෙන් නම්…”
Outlander කථා මාලාවේ පළමු කතා සමයේ පළමු කතාංගයේ දී, සුන්දර වූ ස්කොට්ලන්ත කඳුකරයෙන් ඇසුණු ක්ලෙයාර් රැන්ඩල්ගේ ඒ හඬ ඔයාලාට මතක ඇති. Starz නාලිකාවේ විකාශය වූ මහත් ජනාදරයට පත් Outlander කතා මාලාවේ පළමු කතා සමයේ පළමු අදියර සිංහල උප සිරැසි සමඟින් ඒ විදියට අපි අර ගෙන ආවා. මේ උත්සාහය එහි දෙවන අදියර ආරම්භයේ පටන් ම සිංහලෙන් ම ඔයාලා වෙනුවෙන් අරන් එන්නටයි. පළමු අදියරේ අවසානය ප්‍රේක්ෂකයින් බොහෝ පිරිසක ගේ ඇගයීමට ලක් වුනා. ඒ එක්ක ම 2015 අප්‍රේල් 04 වන දා නැවත මෙහි දෙවන අදියර විකාශය ආරම්භ වන බව පැසවුවත් බොහෝ දෙනෙකුට එම කාල සීමාව ඉවසා සිටිය නො හැකි එකක් වුනා. කෙසේ වුවත් අද සිට එහි දෙවන අදියර විකාශය ආරම්භ වුනා. පුරුදු විදියට ම අපේ බයිස්කෝප් රසිකයින් වෙනුවෙන් මේ විශිෂ්ට කතා මාලාව යළිත් දිගහරින්නයි මේ සූදානම. පළමු කතා සමයේ පළමු අදියර මතක් කර ගෙන ඉමු.
S01E01 – “Sassenach” (පළමු කතා සමය පළමු කතාංගය – “අතීතය සොයා”)
කතාවේ ප්‍රධාන චරිතය වුන ක්ලෙයාර් රැන්ඩල් කියන්නේ, දෙවන ලෝක යුද්ධයේ දී ක්‍රියාන්විතයේ හෙදියක් ලෙසින් තම රාජකාරිය කළ කාන්තාවක්. යුද්ධය නිමාවත් සමඟ ඇය තම සැමියා වූ ෆ්‍රෑන්ක් රැන්ඩල් සමඟින් ස්කොට්ලන්ත කඳුරකයේ ඉන්වර්නර්ස් නම් ග්‍රාමය වෙත පැමිණෙන්නේ, යුද්ධය නිසාවෙන් වසර පහක් වෙන් සිටි තම සැමියා සමඟ දෙවන වරට මධුසමය ගත කිරීම අරමුණු කරගෙනයි. ෆ්‍රෑන්ක් රැන්ඩල් විශේෂයෙන්ම ඉන්වර්නර්ස් ග්‍රාමය තෝරාගන්නේ, තමන්ගේ පවුලේ ඉතිහාසය අධ්‍යයනය කිරීමේ ආශාවත් පෙරදැරි කර ගෙනයි. විශේෂයෙන්ම ඔහුගේ මුතුන්-මිත්තෙකු වන ජොනතන් “බ්ලැක් ජැක්” රැන්ඩල්ගේ ඉතිහාසය ගැන සොයා බලන්නටයි. ඉන්වර්නර්ස් ග්‍රාමයේ ක්‍රෙග් නා ඩූන් නම් කඳු මුදුනේ, ගල් කුලුණු වළල්ලක් තුළ පැවැත්වෙන පූජකවරියන්ගේ චාරිත්‍රයක් නැරඹීමට ක්ලෙයාර් යන්නේ, ෆ්‍රෑන්ක්ගේ අනුදැනුමකින් තොර වයි. එකණෙහිම එක් ගල් කුලුනක් තුළින් නැගුණු අමුතු හඬක් ක්ලෙයාර්ට අසන්නට ලැබෙනවා. ඇය තම දෑත් ඒ ගල් කුලුන මත තබනවාත් සමඟම… ඇය නැවත අවදි වන්නේ එම ස්ථානයේ බිම වැතිර සිටිමින්. ක්‍රෙග් නා ඩූන් කඳු මුදුනේ සිට පහළට පිය නගන ඇය, එකණෙහිම එංගලන්ත රතු කබා කරුවන් හා ස්කොට්ලන්ත කඳුකර වාසී කැරලි කරුවන් අතර සටනකට මැදි වෙනවා. ඒ සටනින් මිදී පලා යන්නට උත්සාහ දරන ඇය හමුවට පැමිණෙන්නේ, “බ්ලැක් ජැක් රැන්ඩල්”. රැන්ඩල්ගේ අතවරයට ලක් වෙන්නට යන ක්ලෙයාර්ව, කැරලිකරුවෙකු විසින් මුදා ගෙන තම යහළුවන් වෙත රැගෙන යනවා. එතන දී ඇයට හමු වෙනවා, කතා මාලාවේ තවත් ප්‍රධාන චරිතයක් වන ජෙමී ෆ්‍රේසර්ව. වෘත්තියෙන් හෙදියක් වූ ඇය ජෙමීගේ උරහිසේ පැන තිබූ සන්ධිය නැවත ස්ථාන ගත කර ඔහුගේ වෙඩි වැදුණු තුවාල වලට ප්‍රතිකාර කරන්නේ, මේ නොදන්නා පිරිස සමඟ ආරක්ෂිත ව සිටීමට නම් ඔවුන්ගේ විශ්වාසය දිනා ගත යුතු බව අවබෝධ වුනු නිසා වෙන්. තමන් අතීතයට පැමිණ සිටින බව කෙමෙන් කෙමෙන් අවබෝධ කර ගන්නා ක්ලෙයාර්, මේ නොදන්නා දේශයේ තමන්ගේ පළමු සවාරිය නොදන්නා පිරිසක් සමඟ ගමන් ආරම්භ කරනවා. ඒ කැරලිකරුවන්ගේ වාස භූමිය වූ ලියෝ මාළිගය වෙතයි.
S01E02 – “Castle Leoch” (පළමු කතා සමය දෙවන කතාංගය – “ලියෝ මාළිගයේ ඔත්තුකාරිය”)
ලියෝ මාළිගයේ පාලකයා එහෙම නැත්නම් කඳුකර ස්කොට්ලන්ත වැසියන්ගේ ගම්භාර නිළධාරියා/පාලකයා වූයේ කොලම් මැකැන්සී. ක්ලෙයාර්ව ඔහු ඉදිරියට පමුණු වනවා. මිනිසුන් ගැන හසල වැටහීමක් ඇති ක්ලෙයාර් බොහොම ඉක්මණින් අවබෝධ කරගන්නවා, තමන් මේ ස්කොට් වැසියන් ඉදිරියේ ඉංග්‍රීසි ඔත්තුකාරියක ලෙස සැකයට භාජනය වී ඇති බව. කොලම් විසින් මාළිගයේ සුව කරන්නියගේ රාජකාරිය ඇය අතට පැවරෙන්නේ නැවත ඉන්වර්නර්ස් වෙත ගොස් තමන් සිටි කාලය වෙත නැවත් ගමන් කළ හැකි වේ යැයි සිතූ ඇගේ බලාපොරොත්තුව සුන් කර දමමින්. මාළිගයේ නතර වන්නට සිදු වන ක්ලෙයාර්ට හමු වෙනවා, අබිරහස් කාන්තාවක් වූ ගේලීස් ඩන්කන්ව. ඒ වගේම ක්ලෙයාර් මැකැන්සී වංශිකයන්ගේ ඇවතුම් පැවතුම් වලටත් කෙමෙන් කෙමෙන් හුරු වන්නේ, කෙසේ හෝ නැවත තමන්ගේ කාලයට යා යුතු යැයි කියන දැඩි අරමුණ ඇතිවයි.
S01E03 – “The Way Out” (පළමු කතා සමය තෙවන කතාංගය – “පැන යාමට මාර්ගයක්”)
ක්ලෙයාර් හිතනවා වෛද්‍ය කටයුතු සම්බන්ධ තමන්ගේ හැකියාවන් නිසාවෙන් මැකැන්සීවරුන්ගේ විශ්වාසය දිනා ගත හැකි වේයැයි කියලා. ඒ වගේම ඒ නිසාවෙන් අවසානයේදී ඔවුන්ගෙන් නිදහස් වී නැවතත් තමන්ගේ කාලය වෙත යාමට හැකි වනු ඇතැයි ඇය බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඇය තමන් ඔවුනට ගොඩක් වටින කෙනෙක් බව පෙන්වන්නේ, පූජකවරයෙකු විසින් යක්ෂයා අරක්ගෙන ඇතැයි කියමින් මැරෙන්නට හැර සිටි ෆිට්ස්ගිබන්ස් මහත්මියගේ බෑණනුවන්ගේ ජීවිතය බේරාගැනීමෙන්. ඒ එක්කම ඒ පූජකයා ඇයගේ සතුරෙක් බවට පත් වෙනවා. ඒ වගේම කතාංගය අවසානයේ ක්ලෙයාර්ට ජන ගීයක් අහන්නට ලැබෙනවා, ගල් කුලුණු වළල්ලක් තුළින් අතුරුදන් වූ යුවතියක් ගැන. ඒ අනුව ඇයගේ සිතේ නැවතත් බලාපොරොත්තුවක් දළු ලනවා.
S01E04 – “The Gathering” (පළමු කතා සමය සිව්වන කතාංගය – “සමෝධානය”)
මැකැන්සී වංශයේ සමෝධානය අතරතුරේ ක්ලෙයාර් පැන යන්නට උත්සාහ කරනවා. ඒත් ජෙමී ඇයට ඒත්තු ගන්වනවා, ඇයගේ සැලැස්ම අසාර්ථක වෙන බව. ඇයව නැවතත් මාළිගාව වෙත රැගෙන යනවා. ඒ එක්ක ම ජෙමී එදින මඟ හරිමින් සිටි භයානක දේශපාලනික තනතුර සම්බන්ධ ගැටලුවට මුහුණ පාන්නට සිදු වෙනවා. ඒ ගැටලුවට ඔහු සාර්ථකව මුහුණ දෙන්නට සමත් වෙනවා. දඩයමේ ගොස් ඌරෙකුගේ ප්‍රහාරයට ලක් වුනු ඩූගල්ගේ මිනිසෙක්ට ක්ලෙයාර් විසින් ප්‍රතිකාර කරනවා. ඒ නිසාවෙන් ඇය ඩූගල්ගේ ගෞරවයට ලක් වෙනවා. ඔහු තීරණය කරනවා ඇයව තමන් ඇතුළු පිරිස සමඟ බදු එකතු කිරීමේ සවාරියට එකතු කර ගෙන යාමට.
S01E05 – “Rent” (පළමු කතා සමය පස්වන කතාංගය – “චාරිකාවේ”)
චාරිකාවේ යෙදෙන ඩූගල් ඇතුළු පිරිස සමඟ ක්ලෙයාර් ආරවුලක් ඇති කරගන්නේ, ආසාධාරණ ලෙස බදු එකතු කරන බවට ඩූගල්ට චෝදනා කරමින්. ඒ වගේම ජෙමීගේ පිටේ ඇති කැළැල් ප්‍රදර්ශනය කරමින් ගැමියන්ගෙන් මුදල් එකතු කිරීමත් ඇය හෙළා දකිනවා. නමුත් පසුව ඇය දැනගන්නවා මේ ආකාරයට මුදල් එකතු කරන්නේ, ජැකෝබයිට්වරුන්ගේ කැරැල්ල වෙනුවෙන් බව. ඉතිහාසය දන්නා ක්ලෙයාර් තේරුම් ගන්නවා, ඔවුන්ගේ මේ වෑයම අසාර්ථක වෙන බවත් කඳුකර වැසියන් බොහෝ දෙනෙක්ට මිය යන්නට සිදු වෙන බවත්. ඒ නිසාවෙන් ඇය ඔවුනට අනතුරු අඟවන්න උත්සාහ කළත් එය සාර්ථක වන්නේ නැහැ.
S01E06 – “The Garrison Commander” (පළමු කතා සමය හයවන කතාංගය – “බ්ලැක් ජැක් රැන්ඩල්”)
රතු කබා කරුවන් අතරට පැමිණෙන ක්ලෙයාර් විශ්වාස කරනවා, ඉන්වර්නර්ස් වලට යාමේ තමන්ගේ අරමුණ සාර්ථක වනු ඇතැයි කියා. ඒ හැබැයි ඇයට නැවත වතාවක් බ්ලැක් ජැන් රැන්ඩල්ව හමුවෙන තෙක් පමණයි. ඔහු කෙසේ හෝ උත්සාහ කරන්නේ ඇයගේ රහස කුමක්දැයි අවබෝධ කරගන්නටයි. ඒ වගේම ක්ලෙයාර් ඩූගල්ගේ පිහිටෙන් ඔහුගෙන් මිදී නැවත පැමිණෙනවා. බ්ලැක් ජැක් රැන්ඩල් අතර කෙරෙන කතා බහේදී, ජෙමීගේ පිටේ කැළැල් ඇති වුනේ මොන විදියටද යන්න ඇය දැන ගන්නවා.
S01E07 – “The Wedding” (පළමු කතා සමය හත්වන කතාංගය – “විවාහය”)
රැන්ඩල්ගෙන් ක්ලෙයාර්ව ආරක්ෂා කරගත හැකි එකම විදිය ලෙස ඩූගල් දකින්නේ, ඇයව තමන්ගේ වංශයේ කෙනෙක් සමඟ හැකි ඉක්මනින් විවාහ කර දීමයි. ඒ නිසාවෙන් ඇය ජෙමී සමඟ විවාහ වෙනවා. ඒ වගේම ඔවුන් දෙදෙනා විවාහයෙන් පසු ආවර්ජනාත්මක ආකාරයෙන් එකිනෙකාව හඳුනාගත් හැටි මතක ඇති. ක්ලෙයාර් ජෙමී සමඟ අලුත් ජීවිතයක් ආරම්භ කරන්නට සැරසුනත් අනාගතයේ දමා ආ තමන්ගේ සැමියා වන ෆ්‍රෑන්ක්ව ඇයට සිතින් අත් හැරීමට හැකි වන්නේ නැහැ.
S01E08 – “Both Sides Now” (පළමු කතා සමය අටවන කතාංගය – “ඇගේ අරමුණ කුමක් වේවිද..?”)
1945 වසරේ ජීවත් වන ෆ්‍රෑන්ක් රැන්ඩල් තව දුරටත් තමන්ට ක්ලෙයාර්ව සොයා ගැනීමට හැකියාවක් නැති බව අවබෝධ කරගන්නවා. ඒත් ඔහු අවසන් වරට ඉන්වර්න්ර්ස් වලින් යාමට ප්‍රථමව ක්‍රෙග් නා ඩූන් වල ගල් කුලුනු වළල්ල වෙත පිය නගන්නේ ක්ලෙයාර්ව දකින්නට ලැබේවියි යන සියුම් බලාපොරොත්තුව හිතේ තබා ගනිමින්. සංචාරයේ යෙදී සිටින ක්ලෙයාර් දැන ගන්නවා, තමන් ක්‍රෙග් නා ඩූන් වල ගල් කුලුනු වළල්ල වෙත පැමිණ ඇති බව. ලද අවසයෙන් එය වෙත ඇය දිව යන්නේ, නැවත තමන්ගේ කාලයට යා හැකි යැයි කියන බලාපොරොත්තුව දැඩි ලෙස හිතේ දරා ගනිමින්. ෆ්‍රෑන්ක් ඇයට කතා කරන හඬ ඇයට ඇසෙනවා. ඒ වගේම එක මොහොතකට ඔහුටත් ඇගේ හඬ අහන්නට ලැබෙනවා. ඒත් එකණෙහිම ක්ලෙයාර් බ්ලැක් ජැක් රැන්ඩල්ගේ ග්‍රහණයට ලක් වෙන්නේ ගල් කණු ස්පර්ශ කරන්නට ප්‍රථමයෙන්. බලාපොරොත්තු සුන් වුනු ෆ්‍රෑන්ක් යන්නට යනවා. ක්ලෙයාර්ව විලියම් බලකොටුව වෙත රැගෙන යනවා. බ්ලැක් ජැක් රැන්ඩල්ගේ ප්‍රශ්න කිරීමෙන් බේරෙන්නට ක්ලෙයාර් උත්සාහ දැරුවත් ඇයට ඉන් ගැළවෙන්නට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඔහු ඇයව දූෂණය කරන්නට ඔන්න මෙන්න කියා තිබියදී ජෙමී ජනේලයකින් එම ස්ථානයට ඇතුලු වෙන අයුරු කතා සමයේ පළමු අදියරේ අවසාන කොටසින් අපිට දකින්නට ලැබුණා.
ඔන්න ඔය විදියට තමයි මේ කතා මාලාවේ පළමු කතා සමයේ පළමු අදියර දිග හැරුණේ. අද මේ ගෙන එන්නේ මෙහි දෙවන අදියරේ පළමු කතාංගයයි. ඒ කියන්නේ මේ කතා සමයේ නව වන කතාංගයයි. “The Reckoning” ලෙස නම් කර ඇති අද කතාවේ ප්‍රධාන වෙනස්කමක් ලෙස මා දුටු දෙයක් මතක් කරන්නම්. ඒ තමයි මෙතෙක් දවස් කතාව අපට ගෙන හැර දැක්වූයේ ක්ලෙයාර් වුනත් අද කොටස අපට ගෙන හැර දක්වන්නේ, ජෙමී විසින්. ඉතින් කොටස් 16 ක් දක්වා දිග හැරෙන මේ පළමු කතා සමයේ ඉදිරි කොටස් කීපයත් ඒ ආකාරයෙන් දිග හැරේවි කියලා හිතනවා. බලන්න එහෙනම් ජෙමීට ක්ලෙයාර්ව බ්ලැක් ජැක් රැන්ඩල්ගේ ග්‍රහණයෙන් මුදා ගන්නට හැකි වේද කියලා. මං ගියා. ජයම වේවා..! එලස්ස්ස්….
2B3F45EC695275E7CC4755BED6B01DF05DEE9403
230 MB (720p x265) කොපිය මෙතනින් බාගන්න
6A20356826FA8F5CFF484F99E1EA073B4D82C879 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,201 downloadsDownload Outlander.2014.S01E09.baiscopelk.zip62 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/srimal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යශෝධ ශ්‍රීමාල් අතුරැලියගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
යශෝධ ශ්‍රීමාල්
Subtitles
15 comments
නලින් පෙරේරා
isuru
thanks bro!elassss
රොයිලි
බොහොම ස්තූතියි යශෝධ සහෝ සිංහල උපසිරැසියට. ආයෙ පටන් අරගෙන නේද එහෙනම්. ජය෴෴ :P :P
ela buwa
niyamai machan.me series 1a nan supiriyatama asa hithena kathawak thynne.....thanx.....
නයන
එනකම් බලන් හිටියෙ. බොහොම ස්තූතියි සහෝ.. දිගටම දෙන්න. අපි බලන් ඉන්නවා..
Sisira Hegoda
නියමයි. බොහොම ස්තූතියි.
Achintha Sameera
යශෝධ ශ්‍රීමාල් අතුරැලියගේ තැන්ක්ස් මචෝ සබ් එකට
උබ මේකත් කරනවද බන් එල,
පුළුවන් ඉක්මනට දෙන්න බලපන් හොදේ...Yenu
Thank you....digatama sub denna...........
සුපුන් බුද්ධික
එහෙනම් එකත් දුන්නා ඈ..
බොහෝම ස්තුතියි සහෝ සබ් එකට....
ඒ වගෙම 10 April රීලිස් වෙන Marvel's ගෙන Daredevil එකටත් ඔයාගෙන්ම සබ් ඕනා..ජය වේවා !!!
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
Kulanajana Maduranga
niayamai…thanks YASHODA saho..sub ekata..digatama sub demu.jaya wewa......
හර්ෂණ
සහෝ මාර්කෝ පොලොත් මතකයි නේද :v
අබා
ගොඩාක්ම ස්තුතියි සහෝ.බොහොම අමාරුවෙන් මග බලාගෙන හිටියේ.....උණු උණුවෙම අපට මේ අවස්තාව ලබා දුන්නට නැවතත ස්තුතියි ...මා බලපු ඉතා විශිෂ්ටතම කතා මාලාව මෙයයි....ජයවේවා....
ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
මේන්න කිව්ව දවසටත් කලින්ම දිලා. :-D
නියමයි, නියමයි. දිගටම දෙමු.
සබට තැන්ක්ස්.
ජය වේවා. !sajeevi
thanks
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

ස්තුතියි යසෝ...මලේ..
එලස්ස්!! වේවා!
ජය වේවා!