Watch Trailer

Peacemaker [S02 : E03] Sinhala Subtitles | සමාව දිය නොහැකි පාපය [සිංහල උපසිරසි] [18+]

එහෙනම් 3 වෙනි Episode එකත් කරල ඉවරයි, කලින් කොටස් ටිකේ අපි දැක්කා පීස්මේකර් තමන්ගෙ අතීතයේ කරපු ලොකුම වැරැද්දක් එක්ක ආයෙමත් මූණට මූණ ගැටෙන හැටි. හැබැයි මේ සැරේ ඒ හමුවීම ඔයාලා කවුරුත් හීනෙකින්වත් හිතපු විදිහක එකක් නම් වෙන්නෙ නෑ. පීස්මේකර්ට එක පාරටම ලැබෙන්නෙ එයා මෙච්චර කල් හොයපු, එයාට ඕනම කරලා තිබුණු…

එහෙනම් 3 වෙනි Episode එකත් කරල ඉවරයි,

කලින් කොටස් ටිකේ අපි දැක්කා පීස්මේකර් තමන්ගෙ අතීතයේ කරපු ලොකුම වැරැද්දක් එක්ක ආයෙමත් මූණට මූණ ගැටෙන හැටි. හැබැයි මේ සැරේ ඒ හමුවීම ඔයාලා කවුරුත් හීනෙකින්වත් හිතපු විදිහක එකක් නම් වෙන්නෙ නෑ. පීස්මේකර්ට එක පාරටම ලැබෙන්නෙ එයා මෙච්චර කල් හොයපු, එයාට ඕනම කරලා තිබුණු ජීවිතේ. හැමදේම පරිපූර්ණ, හිතපු පැතපු හැමදේම ලැබෙන ලෝකයක්…

විශේෂයෙන්ම එයාගෙ සහෝදරයා කිත් තාමත් ජීවත් වෙන ලෝකයක්.

ඒත් මේ වගේ පරිපූර්ණ තැනක පවා අතීතයේ හොල්මන් එයාව හොයාගෙන එන එක නවත්තන්න පුළුවන්ද? තමන් කරපු වරදට සමාවක් නැති තැන, හදවතින්ම සැනසෙන්න පුලුවන්ද? නැත්නම් ඒක තවත් ලොකු කුණාටුවක ආරම්භයක් විතරද?

මේ විදිහට පීස්මේකර්ට ගන්න වෙන තීරණ, එයා දන්න කියන ගොඩක් අයගෙ ජීවිත වෙනස් වෙන්නත් පුළුවන්. සුපුරුදු පිස්සු ක්‍රියාදාම, හිතාගන්න බැරි විහිළු අස්සෙ හදවතටම වදින කතාවක් මේ සැරේ ඔයාලට බලාගන්න පුළුවන්.

එහෙනම්, පීස්මේකර්ගේ මේ අලුත් ගමන මොන වගේ වෙයිද කියලා බලන්න, තුන්වෙනි කොටසත් එක්ක එකතු වෙන්න කියලා හැමෝටම ආරාධනා කරනවා.

මේ කොටස බලලා subtitle එක ගැන comment එකක් දාල යන්නත් අමතක කරන්න එපා. තව, පොඩි Warning එකක් දෙන්නම්… මේ සම්පූර්ණ TV Series එක පවුලෙ අය ඔක්කොම එක්ක නම් බලන්න යන්න එපා. එහෙනම් ඊලග Episode එකෙන් හමුවෙමු…


 

     

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

1,491 downloadsDownload Peacemaker-S02E03-Sinhala-Subtitles.zip21 KB

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Sades (Walker)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2025-08-09

SUBMAKER RATING BY ADMINS

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1

All BT1

Subtitles by

Sades (Walker)

Subtitles

1,491 downloadsDownload Subtitles21 KB

3 comments

  1. SACHINTHA

    සිංහල උපසිරැසියට ස්තූතියි
    ඊලග කොටසෙන් නැවත හමු වෙමු
    ජය

  2. Sahan Gayantha

    thanks a lot Sades saho sub ekata

  3. Anonymous

    Thanks bro