Watch Trailer

Peacemaker [S02 : E06] Sinhala Subtitles | ක්‍රිස් තමයි මෝඩයා [සිංහල උපසිරසි] [18+]

ඔන්න යාලුවනේ, “Peacemaker” කතාමාලාවේ දෙවන සමයේ (Season 2) හයවන කොටස (“Ignorance Is Chris”) තමයි අද අරන් ආවේ.ඉතින් කලින් කොටස අවසානයේදී, ක්‍රිස් ස්මිත් නැත්නම් පීස්මේකර්, තමන්ගේ ලෝකය අතහැරලා වෙනත් මානයකට (Dimensional Portal) යනවා ඔ‍යාලට මතක ඇති.ඒ ලෝකෙ මතුපිටින් පෙනෙන්නෙ ක්‍රිස්ට හැමදේම ලැබුණු තැනක්…

ඔන්න යාලුවනේ, “Peacemaker” කතාමාලාවේ දෙවන සමයේ (Season 2) හයවන කොටස (“Ignorance Is Chris”) තමයි අද අරන් ආවේ.ඉතින් කලින් කොටස අවසානයේදී, ක්‍රිස් ස්මිත් නැත්නම් පීස්මේකර්, තමන්ගේ ලෝකය අතහැරලා වෙනත් මානයකට (Dimensional Portal) යනවා ඔ‍යාලට මතක ඇති.ඒ ලෝකෙ මතුපිටින් පෙනෙන්නෙ ක්‍රිස්ට හැමදේම ලැබුණු තැනක් විදිහටයි; එයාගෙ මියගිය තාත්තා සහ සහෝදරයා එහි පණපිටින් ඉන්නවා විතරක් නෙවෙයි, ඒ හැමෝම වීරයන් විදිහට ගෞරවයට පාත්‍ර වෙනවා.

හැබැයි ක්‍රිස්ගේ යාළුවන් වන ඇඩෙබයෝ (ඇඩ්ස්), හාකෝට්, ඉකොනොමස් සහ ඒඩ්‍රියන් (විජිලන්ටේ), ක්‍රිස්ව ආපහු මේ ලෝකයට ගෙන්න ගන්න තීරණය කරනවා.

කොහොම වුනත් ඒ ලෝකය නම් ඒ තරම් සුන්දර වෙන්නෙ නෑ. මේ නිසා ක්‍රිස්ගේ යාළුවෝ ටික දරුණු කරදරයක වැටෙන්නේ කවුරුත් නොහිතපු විදිහටයි. තමන් ආපු ලෝකයේ ඇත්ත ස්වභාවයත්, සිද්දවෙන දේවලුත් එක්ක, තමන් කරගත්තේ මොනතරම් මෝඩකමක්ද කියලා ක්‍රිස්ට තේරෙන්න පටන් ගන්නවා.

ඉතින්, තවත් විස්තර කියන්නේ නැහැ. Episode එක සිංහල Subtitle එක්ක ඔයාම බලන්න. එහෙනම්, අපි ඊළග කොටසින් හමුවෙමු.


 

     

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

2,061 downloadsDownload Peacemaker-S02E06.zip24 KB

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Sades (Walker)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2025-08-09

SUBMAKER RATING BY ADMINS

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1

All BT1

Subtitles by

Sades (Walker)

Subtitles

2,061 downloadsDownload Subtitles24 KB

3 comments

  1. Arawinda

    චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ………බුදු සරණයි – දෙවි පිහිටයි…….. A S H

  2. Hasindu

    බොහොම ස්තූතියි සහෝදරයා උපසිරැසියටත් ලිපියටත්... මේ වගේ තවත් වැඩ කටයුතු කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා...

  3. Anonymous

    Thanks bro