Watch Trailer

Peacemaker [S02 : E07] Sinhala Subtitles | නොසිතූ සිදුවීම [සිංහල උපසිරසි] [18+]

ඔන්න එහෙනම්, පීස්මේකර් Season 2 එකේ 7 වෙනි කොටස ගැන කතා කරන්නයි සූදානම. පරක්කු වුනාට සමාවෙන්න. මොකද මට අමතක වුනා. ඔයාලට මතක ඇතිනේ පසුගිය කොටස අවසානයේදී පීස්මේකර් තමන් හොයාගත්තා කියලා හිතපු සාමකාමී ලෝකය, ඇත්තටම කොයි වගේද කියලා. ඒක නාසි ජර්මනිය දෙවන ලෝක යුද්ධය ජයගත්තු, අඳුරු පාලනයක් පවතින සමාන්තර විශ…

ඔන්න එහෙනම්, පීස්මේකර් Season 2 එකේ 7 වෙනි කොටස ගැන කතා කරන්නයි සූදානම. පරක්කු වුනාට සමාවෙන්න. මොකද මට අමතක වුනා. ඔයාලට මතක ඇතිනේ පසුගිය කොටස අවසානයේදී පීස්මේකර් තමන් හොයාගත්තා කියලා හිතපු සාමකාමී ලෝකය, ඇත්තටම කොයි වගේද කියලා. ඒක නාසි ජර්මනිය දෙවන ලෝක යුද්ධය ජයගත්තු, අඳුරු පාලනයක් පවතින සමාන්තර විශ්වයක්. දෛවයේ සරදමකට වගේ, අපේ ලෝකයේ ඉඳන් ආපු එයාගෙ කණ්ඩායමත් දැන් ඒ ලෝකයේ හිරවෙලා. ඉතින් මේ හත්වෙනි කොටස දිගහැරෙන්නේ, පීස්මේකර් සහ කණ්ඩායම මේ බිහිසුණු යථාර්ථයෙන් ගැලවෙන්න දරන උත්සාහයත් එක්කයි. ඒත් ඒක හිතන තරම් ලේසි වෙන්නේ නැහැ. මොකද, කලින් කතාව අන්තිමේදි ඉකොනොමස් වැරදිලා කියවපුවා නිසා සමාන්තර ලෝකෙ ඉන්න ක්‍රිස්ගෙ තාත්තා ඇත්තටම වෙන දේ දැනගන්නවා.. මේ සියල්ල අතරේ, පීස්මේකර්ට හිතාගන්නවත් බැරි තරම්  ලොකු වේදනාත්මක සිදුවීම් ගොඩාක් වෙනවා. මේ කොටස අවසාන වෙන්නේ කතාවේ හැමදේම උඩුයටිකුරු කරන සිදුවීමකින්. . . ඉතින්, තවත් මොකටද? කතාව ඔයාලම බලන්නකෝ.


 

     

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

2,064 downloadsDownload Peacemaker-S02E07.zip21 KB

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Sades (Walker)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2025-08-09

SUBMAKER RATING BY ADMINS

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1

All BT1

Subtitles by

Sades (Walker)

Subtitles

2,064 downloadsDownload Subtitles21 KB

6 comments

  1. Lahiru Bandara Wijerathne

    Thanks mchn

  2. Dhanuka Chameera

    සිනේ සබ් , සිංහල සබ් ම්ම්ම්ම් බයිස්කෝප් එකෙන් සබ් එක දාලා

  3. Hasindu

    බොහොම ස්තූතියි සහෝදරයා උපසිරැසියටත් ලිපියටත්... මේ වගේ තවත් වැඩ කටයුතු කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා...

  4. Kasun

    Anthima epi ekath dennako bosa.epiya apu gmn download kara.sub eka enkn inne

  5. Ishan madushanka

    Sub ek dunnt thx mchn

  6. Anonymous

    Thanks bro