Watch Trailer

Peacemaker [S02 : E08] Sinhala Subtitles | පීස්මේකර්ගේ අවසානය? [සිංහල උපසිරසි] [18+]

ඔන්න එහෙනම් කෙමෙන් කෙමෙන් පීස්මේකර් දෙවෙනි කතා සමයේ අවසානයටම ලගාවුණා. එතකොට මේකද පීස්මේකර්ගේ අවසානය? ජේම්ස් ගන් මේ ගැන යම් කරුණු ටිකක් හෙලි කරලා තියෙනවා, එනම් පීස්මේකර් නව ඩීසීයූ විශ්වයේ ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරන බවත් ඉස්සරහදී අපිට ඔහුව නැවත දැකගන්න හැකිබවත්. ඉතිං මේ කොටස බලලා අන්තිමේදි කට්ටිය බය…

ඔන්න එහෙනම් කෙමෙන් කෙමෙන් පීස්මේකර් දෙවෙනි කතා සමයේ අවසානයටම ලගාවුණා. එතකොට මේකද පීස්මේකර්ගේ අවසානය? ජේම්ස් ගන් මේ ගැන යම් කරුණු ටිකක් හෙලි කරලා තියෙනවා, එනම් පීස්මේකර් නව ඩීසීයූ විශ්වයේ ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරන බවත් ඉස්සරහදී අපිට ඔහුව නැවත දැකගන්න හැකිබවත්. ඉතිං මේ කොටස බලලා අන්තිමේදි කට්ටිය බයවෙන්න එහෙම ඕන්නෑ. බොහෝ දුරට මේකෙ අවසානය ඉස්සරහට එන්න තියෙන ඩීසී ෆිල්ම් එකකින් සම්බන්ධ කරයි, ඒක මෑන් ඔෆ් ටුමෝරොව් ඊලඟ සුපර්මෑන් චිත්‍රපටය වීමට වැඩි ඉඩකඩක් තියෙනවා. ඒ චිත්‍රපටය නම් නිකුත් වෙන්නේ 2027 දීයි. හැබැයි පීස්මේකර් සීරිස් එකේ රසිකයන්ට නම් මේක සුභ ආරංචිය වෙනේකක් නෑ, මොකද ජේම්ස් ගන් කියලා තියෙනවා පීස්මේකර් සීසන් 3 හදන්න අදහසක් දැන්ම නොමැති බව. ඊට වඩා ඩීසීයූ එකේ ලොකු නිර්මාණ වලට අවධානය දෙන්න ඕනෙ කියලා. ඉතිං ඒ කියන්නේ පීස්මේකර් සීරිස් එක සදහටම අවසන් කියනේක නෙවෙයි, දැන්ම හැදෙන්න ඉඩ කඩක් නොමැති බවයි.

කොහොම හරි කොවිඩ් කාලෙදී ජේම්ස් ගන් නිකන් ඉන්න ගමන් ලියපු පීස්මේකර් සීරිස් එක හිතුවටත් වඩා මේ වෙද්දි ජනප්‍රිය වෙලා තියෙනවා. එනම් HBO නාලිකාවේ සහ Max වල සියලුම සීරිස් අභිබවා ගිහින් HBO Max තුල මේ වෙද්දි අංක 1 වෙන්න සමත් වෙලා. එහෙනම් වටේ විස්තර මදැයි, අපි අද කොටස පැත්තට හැරෙමු.

මේ අන්තිම කොටස අපිට නිකුත් වුණේ ඔක්තෝබර් 10 වෙනිදා. මේ කතා මාලාවේ තිබුණ අනිත් කොටස් වලට වඩා මේකේ රන්ටයිම් එක ටිකක් වැඩී, එනම් විනාඩි 57ක්. ඒ වගේම කියන්න ඕනේ මේ එපිසෝඩ් එක බලද්දි ලොකු දේවල් නම් බලාපොරොත්තු වෙන්න එපා, තේරුමක් නෑ. මේ කොටසෙන් වෙන්නේ ගොඩක් දුරට ඉස්සරහට එන්න තියෙන ඩීසී නිර්මාණ වලට පාර කැපීමක් විතරයි.

ඔයාලට මතක ඇතිනේ ගිය සතියේ වුණ දේවල්. ක්‍රිස්ට මේ ලෝකේ එපා වෙලා හැමදෙයක්ම හොඳින් සිද්ධ වුණ වෙනත් මානෙකට ඔහු යනවා. ඒ ලෝකෙදි ඔහු බලාපොරොත්තු වුණ හැමදේම ඔහුට තිබුණා, ඒ නිසා කිසිම අඩුපාඩුවක් ඔහුට පෙනුන්නෑ. ඒත් ඔක්කොම අනිත් පැත්ත හැරෙන්න ගන්නේ, ක්‍රිස්ගේ යළුවෝ එයාව හොයන් ඒ මානෙට ආවහමයි. ඒකෙන් ගොඩක් දේවල් සිද්ධ වුණා බලපු අය නම් දන්නවා. ඒ විතරක් නෙමේ අපිට ජෝන් සීනගේ විශිෂ්ට රංගනේකුත් බලාගන්න හැකිවුණා කලින් කොටසෙදී. කොහොම හරි ඔක්කොම සිද්ධ වෙලා ආයෙත් මේ ලෝකෙට ආවහම ක්‍රිස්ව අත්තඩංගුවට ගන්නවා. එතනින් පස්සේ වෙන දේවල් තමයි මේ කොටසෙන් බලාගන්න පුළුවන් වෙන්නේ.

මං කලිනුත් කිව්වා වගේ වැඩි බලාපොරොත්තු තියන් බලන්න එපා, තේරුමක් වෙන්නෑ. අපේ ලෙවන්ත් ස්ට්‍රීට් කිඩ්ස්ලට එක්තරා විදිහක හොඳ අවසානයක් නම් දීලා තියෙයි. එහෙනම් එච්චරයි කියන්න තියෙන්නේ. ආයේ උපසිරසියකින් හමුවෙනකල් මං සමුගන්නවා. ජයවේවා! 


 

     

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

2,114 downloadsDownload Peacemaker-S02E08.zip23 KB

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Bimsara Yashan (ඔලිව)” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2020-01-04

SUBMAKER RATING BY ADMINS

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1

All BT1

Subtitles by

Bimsara Yashan (ඔලිව)

Subtitles

2,114 downloadsDownload Subtitles23 KB

9 comments

  1. Malka Jayathilina

    thnk you sub ekata

  2. Tharindu

    Thank you so much!

  3. Hasindu

    බොහොම ස්තූතියි සහෝදරයා උපසිරැසියටත් ලිපියටත්... මේ වගේ තවත් වැඩ කටයුතු කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා...

  4. Kasun Devinda

    Thnx ❤️

  5. Arawinda

    චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ………බුදු සරණයි – දෙවි පිහිටයි…….. A S H

  6. Ishan madushanka

    Sub ek dunnt thx set ektm

  7. Kavee

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ❤️

  8. Sandaru Nimsara

    Thanks❤️

  9. Anonymous

    Thanks bro