Watch Trailer

Peaky Blinders [S02 : E01] Sinhala Subtitles | බළලුන් ලවා කොස් ඇට බෑවීම [සිංහල උපසිරසි සමඟ] [18+]

විමාගෙන් ආව ඉල්ලීම අහක දාන්න බැරි නිසා වගේම මගේ කැමතිම සීරීස් එකක් නිසා මාත් පීකි බ්ලයින්ඩර්ස් වැඩේට සම්බන්ධ වුණා. එහෙනම් අද ඉඳන් දෙවනි සීසන් එක බලන්න පටන් ගමු. කියන්න තව දෙයක් තියෙනවා. දැන් මුළු සීසන් එකක්ම ඉවර කරලා තියෙන නිසා IRA ගැන අදහසක් ඇතිනෙ. ඒ නිසා පුළුවන් නම් මේ සීසන් එක බලන්න කළින් Michae…

විමාගෙන් ආව ඉල්ලීම අහක දාන්න බැරි නිසා වගේම මගේ කැමතිම සීරීස් එකක් නිසා මාත් පීකි බ්ලයින්ඩර්ස් වැඩේට සම්බන්ධ වුණා. එහෙනම් අද ඉඳන් දෙවනි සීසන් එක බලන්න පටන් ගමු. කියන්න තව දෙයක් තියෙනවා. දැන් මුළු සීසන් එකක්ම ඉවර කරලා තියෙන නිසා IRA ගැන අදහසක් ඇතිනෙ. ඒ නිසා පුළුවන් නම් මේ සීසන් එක බලන්න කළින් Michael Collin කියලා සිනමාපටයක් තියෙනවා. අන්න ඒක බලලා ඉන්න කියලා කියනවා. පොඩි අමතර කරුණු ටිකක් දැනගන්න පුළුවන් වෙයි.

අද ගෙනාවෙ දෙවනි සීසන් එකේ මුල්ම එපිසෝඩ් එක. අද එපිසෝඩ් එකේ IMDb අගය අද වෙද්දි 8.6ක්. කළින් සීසන් එකේ අන්තිමට වුණ දේ මතක ඇතිනෙ. ග්‍රේස් අන්තිමට නිව් යෝර්ක් වලට යන්න යනවා. එහෙම යන්න බර්මින්හැම් වලින් පිටත් වෙද්දි මතක ඇතිනෙ කැම්බෙල් ගිහිං ග්‍රේස්ට වෙඩි තියන්න හදනවා. ඉතින් එතෙන්දි මොකද වෙන්නෙ කියලා අද එපියෙන් බලාගන්න පුළුවන්.

ඊට පස්සෙ ඔන්න කතාව පටන් ගන්නෙ අවුරුදු දෙකක් ගත වුණාට පස්සෙ. පටන් ගන්නෙ ගැරිසන් එක පුපුරවලා. පුපුරවන්නෙ ශෙල්බිලා අවමගුල් උත්සවයකට ගිහිං ඉන්න වෙලාවක. කවුද මේක පුපුරවන්නෙ, කාගෙ අවමංගල්‍ය උත්සවේද කියන බලාගන්න ඔයාලටම ඉඩ දෙන්නම්.

මේ අතරෙ ටොම්ට තව කරදරේකට මූණ දෙන්න වෙනවා. කරදරයක් කියන්නෙ බළලුන් ලවා කොස් ඇට බෑවීමක්. ඒකයි මං අද ලිපියෙ මාතෘකාවටත් ඒ නම දැම්මෙ. මෙතන බළලා ඉතින් කවුද කියන එක අමුතුවෙන් කියන්න ඕන නෑනෙ. ටොම්ගෙ පරණ යාළුවෙක් ආයෙම බර්මින්හැම් වලට එනවා. ටොමී අර කරදරේට මොකක් කරයිද? කවුද මේ ටොමීව බළලා කරලා කොස් ඇට බාවන්න හදන්නෙ? කවුද එන යාළුවා? ඔයාලට බලාගන්න ඉඩ තියන්නම්.

පොලී කියන්නෙත් අම්මා කෙනෙක්නෙ. ඒ නිසා පොලී අද යනවා මළවුන් එක්ක කතා කරන්න පුළුවන් තැනකට, තමන්ගෙ ළමයි ගැන දැනගන්න. එතෙන්දි වෙන දේත් ඔයාලටම බලන්න ඉඩ තියන්නම්.

ඔය කියපු ටික ඇතුළුව තව හුඟක් දේවල් අද එපිසෝඩ් එක ඇතුලෙ වෙනවා. එහෙනම් ඊළඟ කතාවෙන් හම්බෙමු.

විකාශය වූ දිනය : 2014 / 10/ 02

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසිය Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

43,478 downloadsDownload Peaky.Blinders.S02E01.Baiscopelk.com_.zip25 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ ජෙරෝම් වැලස්කා ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-09-15
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Subtitles by

ජෙරෝම් වැලස්කා

Subtitles

43,478 downloadsDownload Subtitles25 KB

16 comments

  1. Achi

    බොහොම ස්තුතියි සහෝ සබ් එකට...ආදරෙයි ගැම්මට දෙමු

  2. SandaruChamika

    උපසිරැසියට ස්තූතියි සහෝ ❤️

  3. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  4. Supun Kaushalya

    තෑන්ක්ස් සහෝ

  5. Ishan Madusha

    බොහොම ස්තූතියි සබ් එකට

  6. Blinder

    Thank you baiscopelk & JEROM

  7. Anonymous

    thnku

  8. Anonymous

    thanx sub ekta

  9. සංජන චමෝද්

    උපසිරැසියට ස්තූතියි අයියේ....

  10. Nilush Angana

    Sub ekata thanx

  11. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. iuyu9ww

    Thanks lot slut

  13. Ediya

    Thanks මචං ❤️

  14. Anonymous

    මහන්සි වෙලා අපිට මෙම උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි සහෝදරයා.... ඉදිරි වැඩකටයුතු සාර්ථක වී ජයෙන් ජයම වේවා...❤️

  15. බිම්බිෂ

    සිංහල උපසිරැසිය ලබාදුන්නාට බෙහෙවින් ම ස්තූතියි! ජයෙන් ජය!!!

  16. chinthaka.max4

    thankx machan