Watch Trailer

Peaky Blinders [S02 : E02] Sinhala Subtitles | මයිකල් සහ ඇනා [සිංහල උපසිරසි] [18+]

අද ගෙනාවෙ දෙවනි සීසන් එකේ දෙවනි එපිය. අද එපියෙ IMDb අගය 8.5ක්. මුල් කොටස බලපු නිසා මතක ඇතිනෙ අන්තිමට වෙච්ච දේ. ටොමී, අර අපේ භාෂාවෙන් කියනවා නම්, “ඇට්ටි හැලෙන්න” සබීනිගෙන් කෑවා. ටොමී විතරක් නෙවෙයි, ඒඩාටත් ටොමී කරපු වැඩේ නිසා විපාක විඳින්න වුණා. ටොමී සබීනි අතින් පරලොව යන්න ඔන්න මෙන්න කියලා තියෙද්දි ක…

අද ගෙනාවෙ දෙවනි සීසන් එකේ දෙවනි එපිය. අද එපියෙ IMDb අගය 8.5ක්. මුල් කොටස බලපු නිසා මතක ඇතිනෙ අන්තිමට වෙච්ච දේ. ටොමී, අර අපේ භාෂාවෙන් කියනවා නම්, “ඇට්ටි හැලෙන්න” සබීනිගෙන් කෑවා. ටොමී විතරක් නෙවෙයි, ඒඩාටත් ටොමී කරපු වැඩේ නිසා විපාක විඳින්න වුණා. ටොමී සබීනි අතින් පරලොව යන්න ඔන්න මෙන්න කියලා තියෙද්දි කැම්ප්බෙල් ඇවිල්ලා සබීනිගෙන් ටොමීව බේරගන්නවා. අද පටන් ගන්නෙ එතන ඉඳන්.

ටොමී ඉන්නෙ ඉස්පිරිතාලෙ. කැම්බෙල් ඉතින් එනවා ටොමී එක්ක පොඩි කතා බහක් කරන්න. එතෙන්දි අහනවා දවස් තුනකට කළින් ටොමී මරපු මරණෙ ගැන. ඩගන්ව මරපු හේතුව වත්, ඩගන් කියන්නෙ කවුද කියන එකවත් තාම අපි හරියට දන්නෙ නෑ. හැබැයි වැඩේ බාරදුන්නෙ අයිරීන් ඔ’ඩොනල් කියන එක නම් හොඳටම පැහැදිළියි. මෙතෙන්දි ඉතින් ග්‍රේස් ගැන කියලා ටොමී කැම්බෙල්ව දෙකයි පනහට දානවා. හැබැයි ටොමී වගේ නෙවෙයි, කැම්බෙල්ට මේ කියන දේවල් හොඳට වදිනවා. ටොමීට ඉවසන්න, දරාගන්න පුළුවන් හැකියාවට කැම්බෙල්ට ගෑවෙන්නවත් බෑ කියන එක හොඳටම පැහැදිළියි.

කොහොම හරි තුවාල හොඳ වෙන්නත් කළින්ම ටොමී ඉස්පිරිතාලෙන් ඇවිල්ලා ලන්ඩන් වලට යනවා එයාගෙ ප්ලෑන් එක පටන් ගන්න. ඒ කියන්නෙ ඇල්ෆි සොලමන්ස්ව හම්බවෙන්න. කට්ටිය සමහර විට දැනටමත් දන්නවා ඇතිනෙ කවුද ඇල්ෆිට රඟපාන්නෙ කියලා. ඉතින් හාඩි ෆෑන්ස්ලට නම් මේ එපිය කොච්චර වටිනවද කියලා මං අමුතුවෙන් කියන්න ඕන වෙන එකක් නැති වෙයි. (ඒ ඇක්සන්ට් එක. හම්මේ…). ඉතින් මේක ආරංචි වෙනවා සබීනිට. හිතාගන්න පුළුවන්නෙ මිනිහට කොච්චර යකා නගියිද මේ ආරංචිය ඇහුවම කියලා.

අද එපියෙ තව වැදගත්ම කාරණයක් ගෙතෙන්නෙ පොලී වටා. මතක ඇතිනෙ කළින් එපියෙ පොලී යනවා මළගිය අයට කතා කරන තැනකට. ඒ යන්නෙ එයාගෙන් අරන් ගිය දරුවො ජීවතුන් අතර ඉන්නවද නැද්ද කියලා හොයාගන්න. මෙයා ඒ ගැන පවුලෙ කාටවත් නොකියා හිටියට එස්මේ දැනගෙන එස්මේ හරහා ටොමී දැනගන්නවා. ඒ නිසා ටොමී ඉදිරිපත් වෙනවා පොලීට එයාගෙ නැති වුණ ළමයි දෙන්නව හොයලා දෙන්න. ඉතින් දැන් මොනා වෙයිද? බලන්න.

 

විකාශය වූ දිනය : 2014 / 10/ 09

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසිය Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

39,465 downloadsDownload Peaky.Blinders.S02E02.Baiscopelk.com_.zip27 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ ජෙරෝම් වැලස්කා ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-09-15
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Subtitles

39,465 downloadsDownload Subtitles27 KB

18 comments

  1. Funky

    Vikings s06e11 dennako

  2. SandaruChamika

    sub ekata thanks mchn

  3. Ishan Madusha

    බොහොම ස්තූතියි සබ් එකට

  4. Supun Kaushalya

    තෑන්ක්ස් සහෝ

  5. Anonymous

    Supirima kathawak
    Wena site ekakin mekata kalekata klin sub deela thbuna
    Ethkota bluwe
    Kaztya blnna

  6. Achi

    බොහොම ස්තුතියි සහෝ සබ් එකට...ගැම්මට දෙමු

  7. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  8. Blinder

    Thanks JEROM
    Good luck baiscopelk♥️

  9. Blinder

    Thanks

  10. Anonymous

    thnku

  11. Anonymous

    thanx

  12. Nilush Angana

    Sub ekata thanx

  13. සංජන චමෝද්

    උපසිරැසියට ස්තූතියි අයියේ...

  14. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  15. Gathika

    Thanks bro.

  16. Anonymous

    මහන්සි වෙලා අපිට මෙම උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි සහෝදරයා.... ඉදිරි වැඩකටයුතු සාර්ථක වී ජයෙන් ජයම වේවා...❤️

  17. බිම්බිෂ

    සිංහල උපසිරැසිය ලබාදුන්නාට බෙහෙවින් ම ස්තූතියි! ජයෙන් ජය!!!

  18. chinthaka.max4

    thankx machan