ඔන්න එහෙමනම් පෙනීවර්ත් කතාමාලාවේ තුන්වැනි කොටස කට්ටිය හමුවට රැගෙන ආවා. මුලින්ම මේ කතාමාලාව සමගාමී විකාශය එක්ක දෙන්න හිතා හිටියත් විවිධ හේතු කාරණා නිසා ඒක කරන්න බැරි වුනා. ඒ අනුව තමයි මේ විදිහට විකාශනය අවසන් වීමෙන් පසුව එකපෙළට කතාව දෙන්න තීරණය කළේ. ඉතින් මේ කොටසත් සමගින් මෙහි මගේ කාර්‍යබාරය අවසන් වෙ…

ඔන්න එහෙමනම් පෙනීවර්ත් කතාමාලාවේ තුන්වැනි කොටස කට්ටිය හමුවට රැගෙන ආවා. මුලින්ම මේ කතාමාලාව සමගාමී විකාශය එක්ක දෙන්න හිතා හිටියත් විවිධ හේතු කාරණා නිසා ඒක කරන්න බැරි වුනා. ඒ අනුව තමයි මේ විදිහට විකාශනය අවසන් වීමෙන් පසුව එකපෙළට කතාව දෙන්න තීරණය කළේ. ඉතින් මේ කොටසත් සමගින් මෙහි මගේ කාර්‍යබාරය අවසන් වෙනවා. එහෙමනම් අපි බලමු කතාවේ මොකද වෙන්නේ කියලා.
කලින් කතාව ගැන මතක් කරගත්තොත් තෝමස් වේන් නිසා ඇල්ෆ්‍රඩ්ට සෑහෙන්න ලොකු කරදරයක වැටෙන්න උනානෙ. කාක සංසදයෙන් තෝමස් වේන්ව අල්ලගන්න බැරිවෙච්ච නිසා ඇල්ෆ්‍රඩ්ගේ පෙම්වතිය වෙච්ච එස්මේව පැහැරගෙන ගියේ ඇල්ෆ්‍රඩ් ලව්වා තෝමස් වේන්ව අල්වාගැනීමේ අපේක්‍ෂාවෙන්. නමුත් හමුදාවේ විශේෂ හමුදා ඛණ්ඩයක භටයෙක් විදිහට ඇල්ෆ්‍රඩ් හොදින්ම තේරුම් ගත්තා තෝමස් වේන්ව කාක සංසදය වෙත ලබා දීමෙන් පසුව තමන්ටද සිද්ධ වෙන්නෙ මරණය වැළදගන්න කියන එක. ඉතින් ඒ අනුව තමයි ඔහු සැලසුම් කළේ තෝමස් වේන්ව කාක සංසදයට බාර නොදීම එස්මේව බේරගන්න. ඉතින් මහා කලබැගෑනියකින් පසුව ඇල්ෆ්‍රඩ්ට හැකියාව ලැබුනා නිරුපද්‍රිතව එස්මේව මුදාගන්න. එමෙන්ම මතකයිනෙ ඇල්ෆ්‍රඩ්ට රැජිණ විසින් ඇයගේ අතින්ම සම්මානයක් එහෙමත් ලබලා දුන්නා.
ඉතින් ඇල්ෆ්‍රඩ් නිසා හිරබාරයට පත්වෙච්ච කාක සංසදයෙ දැනට දකින්න ලැබුණු ඉහළම බලධාරියාගෙන් කාක සංසදය පිලිබදව තොරතුරු ලබාගැනීමේ නිරර්ථක උත්සාහයක අගමැතිතුමා නිරත වෙනවා දකින්න ඇතිනෙ. කොච්චර වදහිංසා දුන්නත් හාර්වුඩ් වංශාධිපති කිසිම දෙයක් කියන්නෙ නෑ. ඔය අතරේ හාර්වුඩ්ට උදව් කළ එස්මේව පැහැරගෙන ගිය බවලතාව මරණ මංචකයට නියම වෙලා තිබ්බේ. නමුත් ඉතින් ඇය එයිනුත් බේරිලා පැනගත්තේ සමස්ත ලෝකයටම ඇය මියගියායැයි සිතන්නට සලස්වමින්.
ඉතින් පෙර කොටස් ඔය ආකාරයට ගෙවිලා යද්දී එස්මේ ඇල්ෆ්‍රඩ් දෙන්නා සතුටින් ජීවත් වෙනවා. ඉතින් ඇල්ෆ්‍රඩ්ගේ උවමනාව පරිදි අද මේ කොටසින් ඇල්ෆ්‍රඩ් යනවා එස්මේගේ පියාව මුණගැහෙන්න. නමුත් ඒක සිතූ ආකාරයට අවසන් වෙන්නෙ නෑ. ඉතින් ඇල්ෆ්‍රඩ්ට ඔහොම ඉන්න කොට තමයි එක පාරටම ඔහුගෙන් සේවය ලබාගන්න ඇමෙරිකානු කතක් එහි පැමිණෙන්නේ. ඇය නමින් මාර්තා, මාර්තා කේන්. ඉතින් මාර්තා කේන් ඇල්ෆ්‍රඩ්ගේ සේවය ලබාගන්නෙ ඉතාමත් ඉහළ මුදලකට. ඒ වගේම තමයි මාර්තා කියන විදිහටනම් ඇය සේවය කරන්නෙ කාක සංසදයෙ විරුද්ධවාදීන් වන නිර්නාමික මණ්ඩලයට.
ඉතින් අද ඇල්ෆ්‍රඩ්ට සිද්ධ වෙනවා අවිආයුධ මොකුත්ම නැති පිරිස් බලය නොමැති අවස්ථාවක කාක සංසදයෙ කල්ලියකගෙන් මාර්තා එක්ක ගිහිල්ලා එක්තරා පුද්ගලයෙක්ව බේරගන එන්න. එහෙමනම් අපි බලමු මොකද වෙන්නෙ කියලා.
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
2,409 downloadsDownload Pennyworth-2019-S01-E03.zip32 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
මධුකප්‍රිය පෙරේරා
Subtitles
13 comments
Hashan M. Priyadarshana
cardroks
Thanks Broo
Ishan Madusha
ස්තූතියි සබ් එකට
සසිඳු කවීශ ගමපතිරණ
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ!
ප්‍රශාත් මදුෂංක
Tnx
Rasindu Perera
නියමයි….සබ් එකට තැන්ක්ස්…
ඉතුරු ටිකත් ඉක්මනටම දෙමු.....sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
sacheee35
උපසිරැසි වලට ස්තූතියි
Stranger
thanks
thanula D
සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා......!
suranuwan
thanks bro...
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
podda
thanks
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Pennyworth (2019-) [S01 : E03] Sinhala Subtitles | මාර්තා කේන් සහ ජරමර! [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/07/Pennyworth-Season-1.1.jpg)



බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. ඉතුරු episode ටිකටත් ඉක්මනට සබ් එක දෙමු.. :)
ජය වේවා.!