Watch Trailer

Pennyworth (2019-) [S01 : E10] Sinhala Subtitles | රාජ්‍ය පක්ශපාතීත්වය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ “Pennyworth” කතාමලාවේ අවසාන කොටසයි. හැබැයි තවමත් නිල වශයෙන් දෙවැනි කතා සමයක් ගැන සඳහන් කරල නැහැ. කොහොමහරි දෙකක් එයි කියල තමයි මට හිතන්නෙ. එහෙනම් ඒකත් ලබාදෙනවයි කියන පොරොන්දු ඇතිව අද කතාව පැත්තට හැරෙමුකො. කලින් කොටසෙදී දකින්න ඇතිනෙ ලෝර්ඩ් හාවුඩ් හිතාගෙන හිටිය වගේම ඔක්කොම ස…

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ “Pennyworth” කතාමලාවේ අවසාන කොටසයි. හැබැයි තවමත් නිල වශයෙන් දෙවැනි කතා සමයක් ගැන සඳහන් කරල නැහැ. කොහොමහරි දෙකක් එයි කියල තමයි මට හිතන්නෙ. එහෙනම් ඒකත් ලබාදෙනවයි කියන පොරොන්දු ඇතිව අද කතාව පැත්තට හැරෙමුකො.

කලින් කොටසෙදී දකින්න ඇතිනෙ ලෝර්ඩ් හාවුඩ් හිතාගෙන හිටිය වගේම ඔක්කොම සිද්ධ වෙනවා. ඔහුටත් ජන්දයට පෙනී සිටීමට අවස්ථාවක් හම්බවෙනවා. ඒවගෙම තමා ඇල්ෆ්‍රඩ් තමන්ගෙ පෙම්වතියව ඝාතනය කරපු කට්ටියගෙ පසුපස හබා යනවා. කොහොමහරි ඔහු ඒ පිළිබදව හොයාගෙන මරණවා. හැබැයි ඉතිං අවාසනාවන්ත ලෙස ඔහුව හිර බාරයට අරගන්නවා මිනීමැරුමක් කිරීම සම්බන්ධයෙන්. ඒවගේම තමයි ඔහුට මේ මිනීමරුම කිරීමට උදව් කරපු කෙනා පවා අසනවා නමුත් ඔහු ඒ පිළිබඳව කිසිදු දෙයක් පවසන්නෙ නැහැ. කොහොමහරි අන්තිමට වෙන්නෙ ඇල්ෆීට හිරේට යන්න වෙන එක. ඩේව්බෝයි උත්සහ කරන්නෙ ඇල්ෆීව හිරෙන් පන්වන්න. කොහොමහරි ඔහු සැලැස්ම ක්‍රියාත්මක කරනවා. ඒවගේම තමයි ඇෆීත් හිරෙන් පැනගන්නවා.

ලිපිය – රවිදු රුක්ෂාන්

මෙ අරගෙන එන්නේ අපි හැමෝම දන්න බෘස් වෙයින්ගේ පියා වන තෝමස් වෙයින්ගේ අත් උදවු කරුවා බවට පත් වූ ඇල්ෆ්රඩ් පෙනිවර්ත්ගේ ජීවිත කතාවේ අවසන් කොටසයි, එහෙමත් නැත්නම් හිටපු විශේෂ කාර්‍ය බලකා සොල්දාවුවෙක් උන ඇල්ෆ්රඩ් තෝමස් වෙයින් ගෙ උපකාරකරුවා වන තෙක් ආ ගමන් මග විදහා දක්වන ටෙලි කතාමාලාවේ අවසන් කොටසටයි. නොසිතු ලෙස තමයි මේ කොටසට උපසිරැසි ගන්වන්නට හසන්න අයියා බාරදුන්නේ. ඉතින් බෑ කියන්නත් බැරි කමට බාරගත්තා.

අද කොටස ගැන..

හාර්වුඩ්ව අලුත් නායකයා වශයෙන් නම්කරනු ලැබුනා. ඒ අතරේ දඩයම් කරමින් සිටිය රැජිනව පැහැරගත්තු නිසා දැන් රාජ්‍ය නායකයකුගේ අඩුවක් තියෙනවා. ඉතින් ඒ පැහැරගත්තු අය රැජින ලව බලෙන් යම් විස්තර පත්‍රිකාවක් කියවනවා. ඒකෙ තියෙන්නේ හාර්වුඩ්ව නව රාජ්‍ය නායකයා වශයෙන් පත්කරනවා කියලයි. අපි බලමු ඒකත් කොහොම වෙයිද කියලා ඉතින් ඒ අතරේ ඇල්ෆි රටෙන් පැනයාමට උත්සහ කරනවා . ඒ අර මිනීමැරුම් වලට වසර හතක සිරඳවුවමක් නියම උන නිසා. ඒවගේම තෝමස් සහ මාර්තා කේන් රටෙන් පලායන්නත් උත්සහ කරනවා, මොකද එයාලට මරණ තර්ජන එල්ලවෙලා තියෙන නිසා.

ඉතින් මං මීට වැඩිය කතාකරන්න යන්නේ නෑ.. වැඩිය Spoil කරන්නත් හොඳ නෑනෙ. කොහොම උනත් කතාමාලාව ඉතා හොඳට අවසන් කරලා තියෙනවා කියලා කියන්න පුලුවන්. මොකද හැම කෙනෙක්ගෙන්ම වගේ හොඳ ප්‍රතිචාරයක් තමයි තියෙන්නේ. දෙවෙනි කතාසමයක් එනවයි කියලා ආරංචියක් තියෙනවා. ඒකත් බලාපොරොත්තු වෙමු නේද ? එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙනතුරු මං සමුගන්නම්.

බයිස්කෝප් අඩවියට ජය!

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ. 

1,825 downloadsDownload Pennyworth-2019-S01-E10.zip29 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රඛිත රණතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2013-05-21
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Subtitles by

රඛිත රණතුංග

Subtitles

1,825 downloadsDownload Subtitles29 KB

18 comments

  1. Kanchana

    Thanx saho

    1. Kalawila1

      Sub eka ganna bane...bro

  2. Hashan M. Priyadarshana

    Thank you saho sub ekata.. :)
    Meke season 02 ekak awoth ekatath sub denna :)
    Jaya wewa.!

  3. ප්‍රශාත් මදුෂංක

    thanks brother!

  4. parindyabopage

    thanks aiye.,,,,,,,puluwan nm batwoman ekatat sub 1 denakoooo

  5. Rasindu Perera

    නියමයි….සබ් එකට තැන්ක්ස්…
    සුපිරි වැඩක්...
    මේ වගේ Jessica Jones Season 3 එකටත් සබ් දීලා ඉවර කරමුකෝ...

  6. suranuwan

    thanks bro...

  7. thanula D

    සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා......!

  8. Naveen Rangana

    Thanks for Subtitle.............
    Jayawewa...........!!!!!!!!!!!!!

  9. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  10. තරිඳු පෙරේරා

    thanx saho bohoma sthuthi sub ekata dila thiyena copy ekath ekka time line ahualk thiyanawa poddak eka hadanna sub eka niyamai

  11. Nuwandika Dil

    Thanks bn sab walatah

  12. s.s.m

    tz sub ekata....

  13. sacheee35

    උපසිරැසි වලට ස්තූතියි

  14. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  15. Amila Konara

    සහෝ සීසන් 2 එකත් ඇවිල්ලා තියෙන්නෙ පුලුවන් තරම් ඉක්මනට සබ් ඔනේ

  16. kavin

    s02 sub denko brooooo......

  17. Sumith Kumara

    සීසන් 2 ඇවිල්ලා තියෙන්නේ සබ් දෙන්නේ නැද්ද 3වෙනි සීසන් එකත් එනවාලු