Watch Trailer

Percy Jackson and the Olympians [S01 : E02] Sinhala Subtitles | “මම නානකාමරේ මහෝත්තමයා බවට පත් වුණා.” [සිංහල උපසිරසි]

කිව්ව විදියටම ඔන්න Percy Jackson and the Olympians කතා මාලාවේ දෙවෙනි එපියේ උපසිරසිත් අරගෙන ආවා. මේ එපිය නම් කරලා තියෙන්නේ “I Became Supreme Lord of the Bathroom” කියලයි. මේ එපියේ වගේම කලින් එපියේ මාතෘකාවත් පොතේ පරිච්ඡේදවල නම්වලින් අරගත්ත එකක්. පසුගිය කතාංගයෙන්… කලින් එපිසෝඩ් එකේදී අපට Percy Jackson…

Percy Jackson

කිව්ව විදියටම ඔන්න Percy Jackson and the Olympians කතා මාලාවේ දෙවෙනි එපියේ උපසිරසිත් අරගෙන ආවා. මේ එපිය නම් කරලා තියෙන්නේ “I Became Supreme Lord of the Bathroom” කියලයි. මේ එපියේ වගේම කලින් එපියේ මාතෘකාවත් පොතේ පරිච්ඡේදවල නම්වලින් අරගත්ත එකක්.

පසුගිය කතාංගයෙන්…

කලින් එපිසෝඩ් එකේදී අපට Percy Jackson ව සහ එයාගේ ලෝකය අඳුන්වලා දුන්නා. වචන අන්ධතාවය සහ ADHD තියෙන කොල්ලෙක් නිසා හැමතිස්සෙම සාමාන්‍ය ළමයින්ගෙන් වෙන් වුණු මෙයාට පොඩි කාලේ ඉඳලා අනිත් අයට නොපෙනෙන අමුතු අමුතු දේවල් පේනවා. මේකට හේතුව තමයි මෙයා අර්ධ-ලෝහිතයෙක් හෙවත් උපදෙවියෙක් වීම. ඒ කියන්නේ බාගයක් දෙවි, බාගයක් මිනිස්. ඒක නිසා මෙයාට ලෝකයේ ඇත්ත ස්වභාවය සමහර වෙලාවට පේනවා.

දෙවියන් සහ රාක්ෂයින්ව සාමාන්‍ය මිනිස් ඇසින් වසන් කරලා තියාගෙන ඉන්නේ “මීදුම” විසින්. මේ මීදුමට පුළුවන් ඕනම දෙයක් වසන් කරන්න. උපදෙවියන්ට සහ සැටර්ලා ආදී අයට මේ මීදුම හරහා දකින්න පුළුවන්. හැබැයි සාමාන්‍යයෙන් මිනිස්සුන්ට බෑ. උපදෙවිවරුන්ව පවා නොමඟ යවන්න සමහර වෙලාවට මේ මීදුමට හැකියාව තියෙනවා.

මීදුම, ග්‍රීක දෙවිවරු, ග්‍රීක රාක්ෂයෝ, උපදෙවිවරු කියන මේ ඔක්කොම ඇත්ත බව පර්සි දැනගන්නවා. එයා උපදෙවියක් බව සහ එයාගේ හොඳම යාළුවා වෙච්ච ග්‍රෝවර් සැටර් කෙනෙක් බවත්, එයා පර්සිගේ රැකවලා බවත් එයා දැනගන්නවා. ඒවගේම මිනටෝර් කෙනෙක් එයාලගේ පස්සෙන් පැන්නුවා මතක ඇතිනේ. අන්තිමට පර්සිට ආරක්ෂිතව ‘කඳවුර’ට යන්න අවස්ථාවක් හදලා දෙන්න එයාගේ අම්මා හෙවත් සැලී එයාගේ ජීවිතය පූජා කරනවා.

‘කඳවුර’ කියලා කිව්වට ඇත්තටම මේ කඳවුර මොකක්ද කියලා තාම එපිසෝඩ්වල පැහැදිලි කළේ නෑ. මෙයාලා ‘කඳවුර’ කියලා හඳුන්වන්නේ ‘අර්ධ-ලෝහිත කඳවුර’යි. උපදෙවියන්ට පමණක් වෙන් වූ ආරක්ෂිත තැනක්. කිසිම මනුස්සයෙක්ට ඒක දකින්නවත්, ඒකට ඇතුළ්වෙන්නවත් බෑ. කඳවුරේ කෙනෙක් ගෙනාවොත් මිසක් රාක්ෂයින්ට ඒකට ඇතුළ් වෙන්නත් බෑ. ඉතින් හුඟක් උපදෙවිවරු ආරක්ෂිතව පුහුණු වීම් කටයුතු කරන්න මේ කඳවුරට එනවා. අර්ධ-ලෝහිත කඳවුර ගැන වැඩි විස්තර අද එපියෙන් බලාගන්න පුළුවන් වෙයි.

එහෙම නම් මට යන්න අවසරයි. ඊළඟ සතියෙ එපිසෝඩ් එකේ උපසිරසියෙන් හමුවෙන බලාපොරොත්තුවෙන් අදට සමුගන්නම්. පීස් ✌️.

Percy Jackson, Percy Jackson and the Olympians, Percy Jackson and the Lightning Thief

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

13,835 downloadsDownload Percy-Jackson-and-the-Olympians-S01-E02-Sinhala-Subtitles.zip22 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සනුප රන්මෙත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2021-08-01
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

 

Next BT1All BT1Next BT1

Subtitles by

සනුප රන්මෙත්

Subtitles

13,835 downloadsDownload Subtitles22 KB

12 comments

  1. Kantha_DLA

    ගොඩක්ම ස්තූතියි සනුප සොයුර ..........
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  2. Arawinda Sunimal

    ස්තුතියි උපසිරසියට ජයවේවා - බුදු සරණයි .......

  3. Sanuk

    Thanks for the Sub.
    Keep it Bro...

  4. Danushka

    Thank U brother, Well Done

  5. Buddhika Lakmal

    thank you broooo

  6. viraj

    thanks..........

  7. Piyumi

    Thanks ❤️

  8. sachintha

    සිංහල උපසිරසියට ස්තුතියි සහෝ

  9. chinthaka chathuranga

    thanks malli

  10. Dewadithya

    Thanks for Sub!

  11. බිම්බිෂ

    සිංහල උපසිරැසිය ලබාදුන්නාට බෙහෙවින් ම ස්තූතියි! ජයෙන් ජය!!!

  12. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P