ඔන්න එහෙනම් උණු උණුවේ Percy Jackson and the Olympians කතා මාලාවේ තුන්වෙනි එපිසෝඩ් එකත් අරගෙන ආවා. අද එපිය ග්‍රිනිච් මධ්‍යාහ්න වෙලාවෙන් උදේ 2ට, ඒ කියන්නේ ලංකාවෙ වෙලාවෙන් උදේ 7.30ට නිකුත් වුණත් අන්තර්ජාලයට කොපියක් නිකුත් වෙනකොට උදේ 9 වගේ වුණා. කොහොමහරි, අද එපිසෝඩ් එක නම් කරලා තියෙන්නේ “We Visit the G…

ඔන්න එහෙනම් උණු උණුවේ Percy Jackson and the Olympians කතා මාලාවේ තුන්වෙනි එපිසෝඩ් එකත් අරගෙන ආවා. අද එපිය ග්‍රිනිච් මධ්‍යාහ්න වෙලාවෙන් උදේ 2ට, ඒ කියන්නේ ලංකාවෙ වෙලාවෙන් උදේ 7.30ට නිකුත් වුණත් අන්තර්ජාලයට කොපියක් නිකුත් වෙනකොට උදේ 9 වගේ වුණා. කොහොමහරි, අද එපිසෝඩ් එක නම් කරලා තියෙන්නේ “We Visit the Garden Gnome Emporium” කියලයි. සුපුරුදු පරිදි එපිසෝඩ් ටයිටල් එක කෙලින්ම පොතේ පරිච්ඡේද මාතෘකාවකින් අරන් තියෙනවා.
පසුගිය කොටසින්…
දෙවෙනි එපිසෝඩ් එක නම් නියම එපියක්. තමන්ගේ අම්මගේ ‘මරණයෙන්’ පස්සේ කෑම්ප් එකේ අවදිවන පර්සිට දෙවියන්ගේ ලෝකය ගැන හුඟක් දේවල් ඉගෙනගන්න ලැබෙනවා. එයාට අඳුනගන්න ලැබෙනවා ගොඩක් පර්සි ජැක්සන් රසිකයින්ගේ කැමතිම චරිතයක් වන කඳවුරු අධ්‍යක්ෂක හෙවත් මිස්ටර් ඩී ව. ඒවගේම මිස්ටර් බෲනර් කියන්නේ ඇත්තටම කයිරොන් කියන නරාශ්වයා බව එළිවෙනවා. එයාලා පර්සිට කියල දෙනවා කඳවුරේ තියෙන කැබින් 12 ගැන වගේම හිමිකම් කියන ලද සහ නොකියන ලද උපදෙවිවරුන් ගැන.
පර්සි තාම හිමිකම් කිව්වෙ නැති උපදෙවියෙක් නිසා එයාට හර්මීස් කැබිනයට යන්න වෙනවා. එතනදී තමයි මුළු කතා මාලාවටම වැදගත් වන චරිතයක් අපට හඳුන්වා දෙන්නේ. එයාගේ නම තමයි ලූක් කාසලන්. එයා ගැන වැඩි විස්තරයක් නොකියා ඉන්නම්. එයා කතාමාලාවට වැදගත් වෙන විදිය තව ඉස්සරහදී බලාගන්න පුළුවන් වෙයි.
ඒවගේම පහුගිය එපිසෝඩ් එකෙන් අපට හඳුන්වා දුන්නා ක්ලැරිස්ව සහ ඇනබෙත් චේස්ව. ක්ලැරිස් කියන්නේ පර්සිගේ හතුරා වගේ ඉන්න චරිතයක්. එයා යුද්ධයට අධිපති දෙවියන් වන ඒරිස්ගේ දුවෙක්. ඒවගේම ඇනබෙත් කියන්නේ ප්‍රඥාවට අධිපති දෙවියන් වන ඇතීනාගේ දුවෙක්. එයාගේ වැඩ කොඩිය අල්ලන තරඟෙදී බලාගන්න පුළුවන් වුණානේ. හිමිකම් කියන්නත් කලින්ම පර්සිගේ තාත්තා පොසෙයිඩන් හෙවත් මුහුදට අධිපති දෙවියන් බව අනුමාන කරන්න එයාට පුළුවන් වුණා.
කොඩිය අල්ලන තරඟේ අවසානයේදී පොසෙයිඩන්, පර්සිට හිමිකම් කියනවා. ඒ කියන්නේ එයා ‘තහනම් දරුවෙක්’ කියන එකයි. හුඟ කාලෙකට කලින් පොසෙයිඩන්, සියුස් සහ හේඩීස්, ඒ කියන්නේ ‘Big Three’ හෙවත් ‘ලොකු තුන්දෙනා’ තීරණය කරනවා තවදුරටත් ළමයි නොහදා ඉන්න. මොකද එයාලගේ ළමයි අනිත් උපදෙවිවරුන්ට වඩා බලවත් නිසා සහ එයාලට අනතුරු වැඩි නිසා. ඒ පොරොන්දුව සියුස් සහ පොසෙයිඩන් කඩනවා. සියුස් පොරොන්දුව කැඩීමේ ප්‍රතිඵලයක් විදියට තාලියාත්, පොසෙයිඩන් පොරොන්දුව කැඩීමේ ප්‍රතිඵලයක් විදියට පර්සිත් උපදිනවා. තාලියාට සිද්ධ වුණ දේ අද එපියෙන් එළිවේවි.
ඉතින් පර්සි, පොසෙයිඩන්ගේ දරුවෙක් බව හෙළිවුණාට පස්සේ එයාට ගවේෂණයක් පැවරෙනවා. ඒ තමයි කවුරුහරි කෙනෙක් සියුස්ගෙන් හොරාගෙන තියෙන “ප්‍රධාන අකුණ” ආපහු සියුස්ට ගෙනිහින් දීම. සියුස් හිතාගෙන ඉන්නේ ඒක පොසෙයිඩන් පර්සි ලවා කරවපු දෙයක් කියලයි. ඉතින් උත්තරායනය වෙද්දී ප්‍රධාන අකුණ ආපහු එයාට ලැබුණේ නැත්නම්, යුද්ධ කරන්නයි සියුස්ගේ සූදානම.
නමුත් කයිරොන් ඇතුළු අය සැක කරන්නේ මේක හේඩීස්ගේ වැඩක් බව. මොකද සියුස් සහ පොසෙයිඩන් අතර සටනකින් ප්‍රතිලාභයක් ලැබෙන්නේ හේඩිස්ට මිසක් වෙන කාටවත් නෙමෙයි. ඉතින් පර්සිගේ ගවේෂණය තමයි හේඩිස්ගේ, ඒ කියන්නේ මරණයට අධිපති දෙවියන්ගේ, වාසභවන වන පාතාල ලෝකයට ගිහින්, සියුස්ගේ ප්‍රධාන අකුණ හොයාගෙන ඒක ආපහු ගෙනැත් දෙන එක. ඔව්, කජු කනවා වගේ වැඩක්.
අද එපියෙන් බලාගන්න පුළුවන් පර්සිගේ ගවේෂණයේ මුල් පියවරවල් ටික. එහෙනම් යන්න අවසරයි. ලබන සතියේ හතරවෙනි එපිසෝඩ් එකෙන් හමුවෙන බලාපොරොත්තුවෙන් අදට සමුගන්නම්. පීස් ✌️.
Percy Jackson, Percy Jackson and the Olympians, Percy Jackson and the Lightning Thief
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
13,315 downloadsDownload Percy-Jackson-and-the-Olympians-S01-E03-Sinhala-Subtitles.zip24 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සනුප රන්මෙත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2021-08-01
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සනුප රන්මෙත්
Subtitles
- #2023
- #Disney Plus
- #Editor's Pick
- #MaxxA
- #Offbeat
- #Percy Jackson
- #Percy Jackson and the Olympians
- #Percy Jackson and the Olympians [S01 : E03] Sinhala Subtitles
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Steven Yeun
- #Sub
- #Subs
- #subtitle
- #Subtitles
- #TV
- #Walker Scobell
- #උපසිරැසි
- #සනුප රන්මෙත්
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
14 comments
shan
chathupa
Thanks brother
viraj
thanks............
Ravidu Yasas
tnx bn. ithuru tikath awa gaman one
Arawinda Sunimal
ස්තුතියි උපසිරසියට ජයවේවා - බුදු සරණයි .......
kavinda gamage
බොහොම ස්තුතියි නියම වැඩක් .
Piumi
Thanks ❤️
Buddhika Lakmal
Thanks Brother.. Good job.... ♥♥
kavinda gamage
බොහොම ස්තුතියි නියම වැඩක්
sachintha
සිංහල උපසිරසියට ස්තුතියි සහෝ
chinthaka chathuranga
thanks malli
Dewadithya
Thanks for Sub!
බිම්බිෂ
සිංහල උපසිරැසිය ලබාදුන්නාට බෙහෙවින් ම ස්තූතියි! ජයෙන් ජය!!!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Advertisement




umba nm sub denawa bn ikmnata balapnko monarch legacy ep7 thaama daala na ne bn dan release wela godak dawas