අද එපිසෝඩ් එක ගේන්න නම් ටිකක් පරක්කු වුණා. ඒත් කොහොමහරි එපිසෝඩ් එක ආව දවසෙම දෙන්න හැකි වුණා. මේ අරගෙන ආවේ Percy Jackson and the Olympians කතා මාලාවේ හත්වෙනි එපිසෝඩ් එකේ සිංහල උපසිරසි. අද එපිසෝඩ් එක නම් කරල තියෙන්නේ “We Found the Truth, Sort of” කියලයි. සුපුරුදු පරිදි මේකත් පොතෙන්ම ගත්ත පරිච්ඡේදයක න…

අද එපිසෝඩ් එක ගේන්න නම් ටිකක් පරක්කු වුණා. ඒත් කොහොමහරි එපිසෝඩ් එක ආව දවසෙම දෙන්න හැකි වුණා. මේ අරගෙන ආවේ Percy Jackson and the Olympians කතා මාලාවේ හත්වෙනි එපිසෝඩ් එකේ සිංහල උපසිරසි. අද එපිසෝඩ් එක නම් කරල තියෙන්නේ “We Found the Truth, Sort of” කියලයි. සුපුරුදු පරිදි මේකත් පොතෙන්ම ගත්ත පරිච්ඡේදයක නමක් තමයි. එහෙනම් අපි ඉක්මනට කලින් එපිසෝඩ් එකේ වෙච්ච දේවල් ටික මතක් කරගෙන ඉඳිමු.
පසුගිය කොටසින්…
කලින් එපියේ අපට දකින්න ලැබුණා ගොඩක් කට්ටිය නොඉවසිල්ලෙන් බලාගෙන හිටිය ලෝටස් කැසිනෝ සීන් එක. පෞද්ගලිකව, මට නම් ඒ සීන් එක එච්චර සෙට් වුණේ නෑ. හොඳ සීන් කීපයක් තිබුණා තමයි; ඒත් එකේ අවුල් කීපයක් තිබුණා. පළවෙනි එක තමයි හෝටලේට යන්නත් කලින්ම ඒක මතකය අමතක කරවන තැනක් බව ග්‍රෝවර්, ඇනබෙත් සහ පර්සි තේරුම් ගැනීම. පෞද්ගලිකව මම හිතන්නේ ඒක පොතේ සහ ෆිල්ම් එකේ වගේ අන්තිමේදී එයාලට තේරුනා නම් හොඳයි කියලයි. ඒක හොඳ plot twist එකක් වෙන්න ඉඩ තිබුණා.
හැබැයි මට තියෙන ලොකුම අවුල තමයි ඔගස්ටස් කියන හාදයා. ඇනබෙත් සහ පර්සි එක පැත්තකට ගිහින් හර්මිස්ව හොයන අතරේ ග්‍රෝවර් අනික් පැත්තට ගිහින් හර්මිස්ව හොයනවා. ඒ අතරෙදී එයාට හම්බවෙනවා ඔගස්ටස් කියලා සේටර් කෙනෙක්. මේ ඔගස්ටස් කියන එක්කෙනා පොත්වල හිටිය කෙනෙක් නෙමෙයි; ෂෝ එක වෙනුවෙන් ම නිර්මාණය කරපු චරිතයක්. එයත් එක්ක තිබුණ සීන් ටිකේ interesting ගතියක් තිබුණෙත් නැහැ. කතාවට හොඳක් වුණෙත් නෑ. ෂෝ එක මෙච්චර කල් තිබුණ එපිසෝඩ් වල එහෙන් මෙහෙන් පොඩි පොඩි වෙනස්කම් කළාට ඒ වෙනස්කම්වලින් කතාවට හොඳක් සිද්ධවුණා. ඒත් මේ වෙනස්කම නම් ෆිල්ම් එක කරපු වෙනස්කම් වගේ කතාවට හානි කරන එකක්. ෆිල්ම් එකට කොච්චර අකමැති වුණත් ලෝටස් කැසිනෝ සීන් එක නම් ෆිල්ම් එකේ මීට වැඩිය සෑහෙන්න enjoyable බව පිළිගන්න ඕනේ.
කොහොමහරි, ඇනබෙත්ට සහ පර්සිට හර්මිස්ව හොයාගන්න හැකි වෙනවා. එයා එක්ක කරන කතාවෙදී අපට ලූක්ගේ අතීතය ගැන දැනගන්න ලැබෙනවා. ලූක්ගේ අම්මා, ‘මීදුම’ හරහා දැකීමේ දුර්ලභ හැකියාව තියෙන මනුස්සයෙක්. ඒත් ඒ දැකපු දේවල්වලින් අන්තිමේදී එයාට පිස්සු හැදිලා. ලූක් හිතන්නේ මේකට වගකියන්න ඕනේ හර්මිස් කියලයි. අන්තිමේදී ඔහොම ඔහොම ගිහින් හර්මිස් මෙයාලට උදව් කරන්න බෑ කියනවා. ඒත් එයා වක්‍රාකාරයෙන් මෙයාලට උදව් කරනවා. එයාගේ ටැක්සිය පාවිච්චි කරලා පර්සි, ඇනබෙත් සහ ග්‍රෝවර් සැන්ටා මොනිකාවලට යනවා පොසෙයිඩන්ව හම්බවෙන්න.
එතනදී එළිවෙනවා උත්තරායනය පාස් වුණු බව. ඒ කියන්නේ සියුස්, පොසෙයිඩන්ට දුන්න කාලය ඉවරයි. පර්සි, ග්‍රෝවර් සහ ඇනබෙත් ගවේෂණය අසමත් වුණා. ඒත් පර්සි ඒක භාරගන්න සූදානම් නෑ. එයා අනිවාරෙන්ම පාතාල ලෝකයට යනවා. ඒ නිසා අර ජල දේවතාවිය පර්සිට මුතු ඇට 4ක් දෙනවා. (පොතේ නම් දෙන්නේ මුතු ඇට 3යි). ඒ මුතු ඇටයකින් එක්කෙනෙකුට පාතාල ලෝකයෙන් ආරක්ෂිතව පිටවෙන්න පුළුවන්. ඒ ටිකත් එක්ක, පර්සි පාතාල ලෝකය වෙත යන්න ලෑස්තියි.
ඉතින් පාතාල ලෝකයේදී වෙන දේවල් මේ එපිසෝඩ් එකෙන් බලාගන්න පුළුවන්. මේ සීසන් එක ඉවර වෙන්න තව ඉතිරි වෙලා තියෙන්නේ එක එපිසෝඩ් එකක් විතරයි. එහෙනම්, ලබන සතියේ ෆිනාලේ එකෙන් හමුවෙන බලාපොරොත්තුවෙන් අදට සමුගන්නම්. පීස් ✌️.
Percy Jackson, Percy Jackson and the Olympians, Percy Jackson and the Lightning Thief
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
10,404 downloadsDownload Percy-Jackson-and-the-Olympians-S01-E07-Sinhala-Subtitles.zip19 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සනුප රන්මෙත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2021-08-01
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සනුප රන්මෙත්
Subtitles
- #2023
- #Disney Plus
- #Editor's Pick
- #MaxxA
- #Offbeat
- #Percy Jackson
- #Percy Jackson and the Olympians
- #Percy Jackson and the Olympians [S01 : E07] Sinhala Subtitles
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Steven Yeun
- #Sub
- #Subs
- #subtitle
- #Subtitles
- #TV
- #Walker Scobell
- #උපසිරැසි
- #සනුප රන්මෙත්
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
13 comments
Piumi
Anonymous
Niyamayi kollo digatama ohoma dagena yamu
Anonymous
Man hitanne kollo ogastus ව මුන් ඊලග සීසන් වලට ගේන චරිතයක් වේවි
kavindu
how to download
Sanupa Ranmeth
අපේ ඩවුන්ලෝඩ්ස් අඩවියෙන් හෝ ටෙලිග්‍රෑම් චැනල් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් සහෝ.
viraj
thanks................
Buddhika Lakmal
Thanks Brother.. Good job.... ♥♥
sachintha
සිංහල උපසිරසියට ස්තුතියි සහෝ
vihanga kavishka
series ekata wadnm movie 2 godk hodi.woke jarwak meka.madi antimeta hri pothta accurate live action ekk blnna hithn hitiya.
chinthaka chathuranga
thanks malli
Dewadithya
Thanks for Sub!
බිම්බිෂ
සිංහල උපසිරැසිය ලබාදුන්නාට බෙහෙවින් ම ස්තූතියි! ජයෙන් ජය!!!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




Thanks ❤️