Watch Trailer

Percy Jackson and the Olympians [S01 : E06] Sinhala Subtitles | “සීබ්‍රාවෙක් රැගෙන වේගාස් බලා” [සිංහල උපසිරසි]

කොහොමද හැමෝටම? හොඳින් ඉන්නවා කියල හිතනවා. අද අරගෙන ආවේ හැම බදාදාම Disney Plus හරහා විකාශය වෙන Percy Jackson and the Olympians කතා මාලාවේ 6 වෙනි එපිසෝඩ් එකේ සිංහල උපසිරසි. අද එපිසෝඩ් එක නම් කරලා තියෙන්නේ “We Take a Zebra to Vegas” කියලයි. සුපුරුදු පරිදි ඒකත් පොතෙන්ම ගත්ත මාතෘකාවක්. කතාමාලාවේ අවසානයට…

Percy Jackson

කොහොමද හැමෝටම? හොඳින් ඉන්නවා කියල හිතනවා. අද අරගෙන ආවේ හැම බදාදාම Disney Plus හරහා විකාශය වෙන Percy Jackson and the Olympians කතා මාලාවේ 6 වෙනි එපිසෝඩ් එකේ සිංහල උපසිරසි. අද එපිසෝඩ් එක නම් කරලා තියෙන්නේ “We Take a Zebra to Vegas” කියලයි. සුපුරුදු පරිදි ඒකත් පොතෙන්ම ගත්ත මාතෘකාවක්. කතාමාලාවේ අවසානයට තව ඉතුරු වෙලා තියෙන්නේ එපි 2ක් විතරයි.

පසුගිය කොටසින්…

කලින් එපිසෝඩ් එකේ අපට දකින්න ලැබුණා සීරිස් එක එනවා කියලා නිල වශයෙන්ම දැනුම් දුන්න දවසේ ඉඳන් පර්සි ජැක්සන් රසිකයින් ඇඟිලි ගනිමින් හිටපු දෙයක්. ඒ තමයි පර්සි සහ ඒරිස් අතර හමුව. මට නම් දැනට ආව එපිසෝඩ්වලින් හොඳම එපිය තමයි මේක.

කයිමේරා එක්ක සටනින් පසු ගඟට වැටුණු පර්සි ගොඩට ඇවිත් ඇනබෙත්ට සහ ග්‍රෝවර්ට කියනවා පොසෙයිඩන් එයාලා එනකන් සැන්ටා මොනිකාවල ඉඳන් බලාගෙන ඉන්න බවත්, එයා ගවේෂණය සාර්ථක කරගන්න එයාලට උදව් කරන්න හදන බවත්. හැබැයි එක ප්‍රශ්නයක් තියෙනවා. FBI එක හතරවටෙන්ම මෙයාලව හොයනවා. ඒ නිසා එයාලට පොදු ප්‍රවාහන සේවා පාවිච්චි කරන්න බෑ.

මේ අතරෙදී ඇනබෙත් දකිනවා වයසක ආච්චිලා තුන්දෙනෙක් ගොතමින් ඉන්නවා. එයින් එක්කෙනෙක් ඇනබෙත් බලාගෙන ඉද්දීම නූලක් කපනවා. පස්සේ ඇනබෙත් විස්තර කරනවා ඒ වයසක ආච්චිලා තුන් දෙනා “දෛවයන් තුන් කට්ටුව” බවත්, නූලක් කපනවා කියන එකෙන් අදහස් වෙන්නේ එයාලට සමීප කෙනෙක් ළඟදීම මැරෙනවා කියන එක බවත්. මේ සීන් එක පොතේ නම් සිද්ධ වෙන්නේ මීට බොහොම කලින් “නාකි ආච්චිලා තුන් දෙනා ගොතපු මරණයේ මේස්” කියන පරිච්ඡේදයේ දී. ඒ සීන් එක ස්කිප් නොකර adapt කරගත්ත එක සෑහෙන්න වටිනවා. මොකද ඒක මුලු කතාමාලාවටම බලපාන සීන් එකක්. ඒ කොහොමද කියලා ඉදිරියේදී බලාගන්න පුළුවන් වෙයි.

පර්සි, ඇනබෙත් සහ ග්‍රෝවර් ඇවිදිමින් ඉද්දී එයාලට යුද්ධයට අධිපති දෙවියන් වන ඒරීස්ව හම්බවෙනවා. එයා මෙයාලට කෑමකට කතා කරනවා. එතනදී එයා කියනවා එයාට වේගාස්වලට යන්න ක්‍රමයක් දෙන්න පුළුවන් බව, පර්සි සහ ඇනබෙත් ගිහින් එයාට එයාගේ පළිහ ගෙනැත් දෙන්න පුළුවන් නම්. ඉතින්, එයාගේ පළිහ ආපහු ගන්න හෙෆාස්ටස්ගේ විනෝද උද්‍යානයට දෙන්නා ගිය ගමනෙදී අපට හොඳ පර්සබෙත් scenes ටිකක් දකින්න ලැබුනා. හෙෆාස්ටස්ව පෙන්නාවි කියන එක නම් කවුරුවත් බලාපොරොත්තු වුණේ නෑ මං හිතන්නේ. Pleasant surprise එකක් ඒක නම්. අන්තිමේදී දෙන්නා ඒරිස්ගේ පළිහ අරගෙන ආපහු එනවා.

ඒරිස් එයාලට ලෝටස් කැසිනෝ කියලා තැනකට යන්න ට්‍රක් එකක් ලෑස්ති කරලා දෙනවා. ඒ යන අතරේ ග්‍රෝවර් එළි කරනවා පර්සි සහ ඇනබෙත් විනෝද උද්‍යානයේ ඒරිස්ගෙ පළිහ හොයන අතරෙදී එයා, ඒරීස් එක්ක කරපු කතාවලින් එයා අකුණු හොරා ඇත්තටම කවුද කියලා ඓළි කරගත්ත බව. එයා පොතේදී මෙහෙම දෙයක් කිව්වේ නෑ. ඉතින්, මේක පොත්වල රසිකයින්ට වගේම පොත් කියවලා නැති අයටත් හොඳ cliffhanger එකක්. එතනින්, එපිසෝඩ් එක අවසන් වෙනවා.

එහෙනම් ඒ කුතුහලය සංසිඳවගන්න මේ එපිසෝඩ් එකෙන් හැකි වෙයි. ආයෙ අපි හමුවෙන්නේ ලබන සතියේ එපිසෝඩ් එකෙන්. එතකන්, පීස් ✌.

 

Percy Jackson, Percy Jackson and the Olympians, Percy Jackson and the Lightning Thief

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

10,922 downloadsDownload Percy-Jackson-and-the-Olympians-S01-E06-Sinhala-Subtitles.zip21 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සනුප රන්මෙත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2021-08-01
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

 

Next BT1All BT1Next BT1

Subtitles

10,922 downloadsDownload Subtitles21 KB

15 comments

  1. kavinda gamage

    බොහොම ස්තුතියි නියම වැඩක්

  2. Sashindra Thennakoon

    Supiri saho

  3. kavindu

    is there are percy jackson and the sea of monsters season 2

    1. Sanupa Ranmeth

      දැනට නෑ සහෝ. දෙවෙනි සීසන් එකක් ග්‍රීන්ලිට් වුණොත් Sea of Monsters adapt කරගනීවි. ඒක ඉතින් මේ සීසන් එකේ සාර්ථකත්වය අනුව තමයි තීරණය වෙන්නෙ.

  4. Sandeep Madushan

    Thanx saho apu gaman sub eka denavata

  5. Piumi

    Thanks ❤️

  6. Buddhika Lakmal

    Thanks Brother.. Good job.... ♥♥

  7. Viraj

    Thanks

  8. seneth

    twilight saga the new moon eke sub eke mokak hari aulak thiyanawa gemak gahala diyanko please

  9. SUMITH JAYASEKARA

    thanks

  10. sachintha

    සිංහල උපසිරසියට ස්තුතියි සහෝ

  11. chinthaka chathuranga

    thanks malli

  12. Dewadithya

    Thanks for Sub!

  13. බිම්බිෂ

    සිංහල උපසිරැසිය ලබාදුන්නාට බෙහෙවින් ම ස්තූතියි! ජයෙන් ජය!!!

  14. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.