Watch Trailer

Personal Taste [EP-01] | අපි අපි වගෙයි!!! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මං ආයෙමත් ඔයාලා ආසම කරන කොරියානු කතාවක් අරං ආවා. ගොඩක් අය ඉල්ලලත් තිබ්බ එකක් නේද. ප්‍රධාන නලුවව නම් අමුතුවෙන් හදුන්වලා දෙන්න ඕනේ නෑ. Lee Min-ho, නැත්නම් “ගූ ජුන් ප්යෝ”, නිලියත් කොරියානු චිත්‍රපට එහෙම රසවිදින අයට හුරුපුරුදු කෙනෙක්, එයා තමයි Son Ye-jin. Chilling Romace, Moment to Remember, The C…

Personal-Taste-TV-01

ඔන්න මං ආයෙමත් ඔයාලා ආසම කරන කොරියානු කතාවක් අරං ආවා. ගොඩක් අය ඉල්ලලත් තිබ්බ එකක් නේද. ප්‍රධාන නලුවව නම් අමුතුවෙන් හදුන්වලා දෙන්න ඕනේ නෑ. Lee Min-ho, නැත්නම් “ගූ ජුන් ප්යෝ”, නිලියත් කොරියානු චිත්‍රපට එහෙම රසවිදින අයට හුරුපුරුදු කෙනෙක්, එයා තමයි Son Ye-jin. Chilling Romace, Moment to Remember, The Classic වගේ ෆිල්ම් බලපු අයට මෙයා හුරුපුරුදු ඇති. Personal Taste කියන්නේ කලිං ගෙනාපු Boys over Flower, Full House වගේම රොමැන්ටික් කොමඩියක්. ඒත් Teen love story එකක් නම් නෙවෙයි, එහෙනම් කතාව පොඩ්ඩක් අහගන්නකෝ.

අපේ කතා නායිකාව තමයි “පාර්ක් ගේ ඉන්”, පොඩි කාලෙම අම්මා නැති වෙලා. තාත්තා රටේ ප්‍රසිද්ධ මහාචාර්‍ය කෙනෙක්. එයත් ඉන්නේ රට. තාත්තා නිර්මාණය කරපු “සැංගොජේ” (“අනෝන්‍ය ආදර උදසා වෙන්වූ නිවහන”) කියන නිර්මානත්මක වටිනකමක් තියන ගෙදරයි මෙයා ඉන්නේ, මුලු ලෝකෙටම වඩා විශ්වාස කරන “කිම් ඉන් හී”, “යොන්ග් සෙඔන්” කියන යෙහෙලියෝ දෙන්නයි. තව එයාගේ වැඩ වලට උදව් දෙන පිරිමි යාලුවෙකුයි එයාට ඉන්නවා. අහ්…අමතක වුනානේ තව එයාට ඉන්නවා ලෝකේ පරිපූර්ණම පෙම්වතා (එයා හිතං ඉන්න විදියට), නම චැන්ග් රෙයුල්. අවුරුදු 10 තිස්සේ කාත් කවුරුවත්ම නැති “කිම් ඉන් හී’ ට සෙවණක් දුන්නෙත් “ගේ ඉන්” තමයි. කොහොම වුනත් අන්තිමට අපේ “පාර්ක් ගේ ඉන්ට”ජීවිතේ නපුරුම කලදසාව උදා වෙන්නේත් මෙයාලා නිසාම තමයි.

“ගේ ඉන්”……ගෘහ භාණ්ඩ නිර්මාන ශිල්පිණියක්. වයස 29ක්, ඒත් ජීවිතේ අඩියක්වත් ඉස්සරහට ගිය බවක් පේන්න නෑ. මෙයාගේ චරිතේ ගැන කියනවනම්, මෙයා අපිරිසිදුයි, අපිලිවෙලයි, සැලකිළිමත්, කලබලයි, පිටින් බැලුවම, තනිකරම මෝඩ නෝංජල්. කොටින්ම කොහෙත්ම ආකර්ශණීය නොවෙන ගෑණු ලමයෙක්. ඒත් ඇත්තම කතාව… “ගේ ඉන්” කියන්නේ අතිශය මානුශීය ගති ලක්ෂණ වලින් පිරිච්ච කෙනෙක්. ඒත් ඕනම කෙනෙක් ලේසියෙන් විශ්වාස කරනවා. ලේසියෙන් රැවටෙනවා, ආදරය කරද්දි තමන්ගේ අභිමානය ගැන තැකීමක් නෑ. මිනිස්සුන්ට ඕනවට වඩා අනුකම්පා කරන්න යනවා. ඒ හිංදා සමාජය එක්ක ගැටෙද්දි හැමදාම පරදිනවා.

අවුරුදු 10 එකට හිටපු යාලුවා අන්තිමට එයාගේ පෙම්වතාවත් උදුර ගන්නවා. මගුල් ගෙදරට යනකංම මෙයා ඒක දන්නේ නෑ. ඒ අස්සේ මෙයාගේ පිරිමි යාලුවා මෙයාට හොරෙන් ගෙයි ඔප්පු ගෙනිහිං උකස් කරලා ණය වෙලා. නැතිභංගස්තාන වෙලා, අන්තිමට පැනලා යනවා, ඔන්න මෙයාගේ තරම! දැං අපේ පාර්ක් ගේ ඉන් වැටිලා ඉන්නේ අන්ත අසරණ අඩියකට. ඒත් මෙයාට තියෙන්නවා පුදුම ගති ගුණයක්. ඒ තමයි කොච්චර දුක් කරදර ආවත්… බිමටම වැටුණත් අඩ අඩා පැත්තකට වෙලා ඉන්නේ නෑ. ආපහු නැගිටිනවා. ඒත් පාඩමක් ඉගන ගත්තු බවකුත් පේන්නේ නෑ.

වංචාකර සේවකයෙක් නිසා සියලු දේවල් නැති වෙච්ච පවුලක එකම පුතා තමයි “ජින් හෝ”, පිටින් රලු තද චරිතයක්. ඉන්නෙත් අම්මා විතරයි. එකම අරමුණ එයාට නැතිවෙච්ච හැමදේම ආපහු ලබාගන්න එක. මෙයා තමන්ගෙම ගෘහ නිර්මාන ආයතනයක් කරං යනවා, එයා කැමති සටන් කරලා හැමදේම දිනාගන්න, බොරුවෙන් වංචාවෙන් නෙවේ, දක්ශතාවෙන්. ඒත් දැං එයා ඉන්නේ රැකියාව ගැන තීරණාත්මක තැනක. පොඩි කාලේ වෙච්චි දේවල් නිසාද කොහෙද මෙයා සාමාජේ ගැන හොදට දන්නවා. රැවටෙන්නේ නෑ. පිරිසිදු පිලිවෙල, ආකර්ශණීය පිරිමියෙක්.

සල්ලි ප්‍රශ්න නිසා අවුරුදු 30 ක් පුරා පිටස්තරයන්ට නෑරිච්ච තමංගේ ගෙදර කාමරයක් කුලියට දෙන්න “ගේ ඉන්” තීරණය කරනවා. මේ අලුත් බෝඩිංකාරයා වෙන්නේ “ජින් හෝ”. ගේ ඉන් හිතන්නේ මෙයා සමලිංගිකයෙක් කියලා. ඒ වාසිය නිසයි “ගේ ඉන්’ ගේ දොර ජින් හෝට ඇරෙන්නේ, නොගැලපෙන මේ දෙන්නා යාලුවෝ වෙයිද? “ගේ ඉන්” වෙනස් වෙයිද? ජින් හෝ මේ ගෙදරට ආපු සැබෑ හේතුව මොකක්ද? ජින් හෝ සමලිංගිකයෙක් වගේ රගපාන්න ගිහින් මොන අමාරුවක වැටෙයිද? වංචාකාර යාලුවන්ට වගේම පෙම්වතාට මොන වගේ ඉරණමක් අත්වෙයිද? හොදට හිනාවෙන්න පුලුවන් වගේම සංවේදි තැනුත් ගොඩක් තියනවා. රොමෑන්ටික් කොමඩියක් වුණාට යමක් ඉගන ගන්න පුලුවන් කතාවක්.

මේ කතාවෙදි ඔයාලට නොයෙක් චරිත හම්බ වේවි. ලෝකය ගෝලාකාරයි. මිනිස්සු විවිධාකාරයි කියනවනේ. හැම කෙනෙක්ම විශේෂයි, මම මම වගේයි, ඔයා ඔයා වගෙයි, ඉතිං…අපි අපි වගෙයි…. හැමෝටම තියනවා කැමති… වගේම අකමැති දේවල්… තමන්ගෙම කියලා රසයක්. ම්…personal test එකක්. ඒත් සමහර වෙලාවට මේ දේවල් අමාරුවෙන් හරි වෙනස් කරගන්න වෙනවා. ඒත් ඒකේ තේරුම තමන්ගේ හොද ගති නැතිකරගන්න එක නෙවෙයි. සමාජේ තේරුම් අරං, වෙන දේවලින් පාඩම් ඉගනගෙන සමාජෙන් එන ගැහැට වලින් තමාව ආරක්ශා කර ගෙන, ජීවිතේ ඉස්සරහට යන එකනේ මේ ඔක්කොගෙම හරය, සරල දෙයයි “තමං තමන්ටම ආදරය ගෞරවය කරන්න ඕනේ. අන්න එතකොටයි තමන්ට කරදරයක් වෙන්න නොදී බලාගන්න හිතෙනේ. පාර්ක් ගේ ඉන්ට මේ සරල දේ ඉගන ගන්න කොච්චර කල් යයිද??? ඔයාලම ඒක බලන්නකෝ!!!

Personal Taste (2010) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

205 MB කොපිය (3.3GB) මෙතනින් බාගන්න

cce2a596fe48e1f35fbc7ed15c63cc7480e7d2f0

700 MB කොපිය (11.2GB) මෙතනින් බාගන්න

c74e579bc85e694f5344ab43ed8446e64dba76b9 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

4,734 downloadsDownload Personal.Taste_.E01.zip36 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/11/ස්වර්ණරේඛා.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ස්වර්ණරේඛා සෙව්වන්දි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

                                                           All Episodes                    Next Episode >>

Subtitles by

ස්වර්ණරේඛා සෙව්වන්දි

Subtitles

4,734 downloadsDownload Subtitles36 KB

52 comments

  1. sudarsha

    patta

  2. danushka

    thanks sahodare,,,,,,
    aja aja fighting........

  3. Harsha

    mama nam hithuwe ne meka mechchara ikmanatama dei kiyala. thank you very much sahodare meka dunnata...

  4. widuranga

    pattai sister
    thanx for sub

  5. kavinda

    මෙන්න මේවට තමයි නියම තෑගි කියන්නෙ. මේ කතාව ගොඩක් ලස්සනයි බොහොම ස්තුතියි
    මම autumn in my heart ටීවී සීරීස් එකත් බැලුවා. එකත් නියම කතාව.

  6. tecla

    thanks.akki.thank you so much.

  7. #ChalinduDeshan (kinaa)

    Niyamaaaaai niyamaaaai... onna katha.
    demu ehenam ekath digata harahata.
    jayama wewa!!

  8. Sisira Hegoda

    Swarna Rekha Denawanam Hondama ekak Tamai. Gannama Wenawa .Thanks .

  9. janitha

    thankyou soooo...... much

  10. me

    Thanks

  11. shan

    super thanks

  12. darshana

    niyamai mama kamathima koriyan drama balanta thanz oyata

  13. Kulanjana Maduranga

    meena SEWWANDI akka apahu pattama korean drama 1k genath......katha 2k na aniwa banawa..korean nm ayeth ahala.thankssssssss SEWWANDI akki.meka digatama demu.jayen jaya.........

  14. Menu

    Ammoo Sewwandi akkawa dakka kal.... :) Thank you very much akke ape asama korean katha walata sub denwata...

    Akke mata podi help 1k oni... Mage browser eke giya sathiye indan sinhala akuru pennanne kotu kotu widiyata… baiscopelk, fb okkoma ehemai…
    baiscopelk eken dana films wala wistara, oyala sinhalen dana comments mata pennanne kotu kotu widiyata…

    computer eke nam sinhala akuru pennawa….

    Google chrome browser eke awlakda? kalin ehema wela nam ne…

    man mokada karanna oni kiyala kiyanna puluwanda? (sinhalen reply karanna epa… singlish walin reply karanna…)

    1. chandana

      oya uce karanne android phone ekak nam .sinhala plugin. app eka instaal karaganna
      wenath phone ekak nam opera sinhala. yanuwen type kara google sewmak karannam

    2. ඇඩ්මින්

      browser eke cache clear karala balanna. ehema hari giye neththam un install karala newatha install karanna chrome eka.

    3. swarnarekha sewwandi

      oyage wade den hari neda:D ,onna ehenam dhigatama balanna,sub ikmanatama dennam

    4. Menu

      Man computer eken log wenne.... :(

      Thank you!

    5. Menu

      oya 2kama kara eth hari giye nane.... (clear browser cache & re-install chrome)

      computer eke nam sinhala akuru pennawa…. browser eke thamai aula... :(

      Thank you very much for reply!

    6. Menu

      Thank you so much akke subtitles walata... :)

      oya uda liyala thiyena "Personal Taste" wistaraya nam mata pennanne kotu kotu widiyata...

      computer eke sinhala aulak ne... browser eke thamai aula... :(

    7. Menu

      mata uda link eke tiyena page content eka pennanet kotu kotu widiyata...

      Os eka Windows 7.. Sinhala Tamil kit ekat re install kala... computer eke newei aula... browser eke..

    8. Menu

      Notepad wala sinhala type & read karanna puluwan....

      Browser eke thamai sinhala type or read karanna beri :(

    9. Rookantha

      Oyage problem ekata solution labunada? matat oya prashnema tiyenawa. Chrome eke witarak Sinhala pennanne na (Kalin wada kala, eka paratama nati una).

    10. Menu

      Thama solution ekak labune ne.... :( aiyooo mata nam me kotu kotu dakala epa wela...

      8th October witara indan thamai mehema une... eka paratama thamai une... mokadda une kiyala hitha ganna be..

    11. swarnarekha sewwandi

      oya kalin dawasakata pc eka '' system restore'' karala balanna? :(

  15. Chami.S

    Niyamai,
    Thanks. Thanks.. Thanks...

  16. ෂෙරින් සමාධි ගිනිගේ

    බොහොම ස්තූතියි සහෝදරී....
    මං මේක ඉංග්‍රිසි උපසිරැසි එක්ක බැලුවා...

    දැන් ඉතින් සිංහලෙන්ම තියෙනවනේ...
    ආයෙත් බලන්න ඕනේ...

    හොඳට හිනාවෙවී වගේම අඬ අඬ බැලුවෙ...
    ස්තූතියි...

    ඉතුරු ඒවත් ඉක්මනට දෙන්න උත්සාහ කරන්න....:)

  17. chathura madushanaka weerasiri

    mama me tv seris eka english sub walin baluwa...
    lassana kathaawak...apahu sinhala sub walin balanawa..sub ekata thank you akke....

  18. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  19. හර්ෂ ලහිරු

    ආයෙත් අහලා සෙව් වැඩ අල්ලලා තියෙන්නෙ :P
    ජයවේවා සෙව්වන්දි :P :P

  20. swarnarekha sewwandi

    cmnt karapu sub gaththa hamotama sthuthi!!!
    digatama balanna onna.... :D

  21. චන්දිම අමරසිංහ

    නියමයි සහෝ දිගටම කරගෙන යමු..
    සුභපැතුම්.. ජයවේවා...!$

  22. Siraj ‍ Priyantha(සි‍රාජ්‍ ප්‍රි‍යන්‍‍ත )

    ‍නි‍ය‍ම‍යි ‍නි‍ය‍ම‍යි.
    ‍ත‍වත්‍ ‍කො‍රි‍යන්‍ ‍ක‍තා‍වක්‍.
    ‍එ‍ල, ‍නි‍ය‍ම‍යි.
    ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි.
    ‍දි‍ග‍ට‍ම ‍සබ්‍ ‍දෙන්‍‍න ‍ලැ‍බේ‍වා!!!!!!!
    ‍ජ‍යෙන්‍ ‍ජ‍ය‍ම ‍වේ‍වා!!!!!!!!!!!

  23. sajeevi

    thanks

  24. රොයිලි

    බොහොම ස්තූතියි ස්වර්ණරේඛා සිංහල උපසිරැසියට. අලුත් කතාවක් පටන් අරන් වගේ. ජය෴෴ :P :P

  25. උදය කුමාර

    සබ්වලට ස්තුතියි!

  26. yomal

    ගොඩාආආආආආආආආආආඅක් ස්තුතියි සබ් දුන්නට අක්කේ කොරියන් කතා බලල පිස්සු හැදිලා තියෙන්නේ එතරම් පට්ට

  27. ඉසු ඩිපි (Isu DP)

    නියමයි සෙව්වන්දි සහෝදරී..
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා..
    බුදු සරණයි.. !!!

  28. “චූටී මල්ලි”

    එල අක්කේ
    දැන් බෝයිස් ඕව ෆ්ලවර්ස් එක මාර හිනෙ ලන්කාවෙ
    මේකත් හිට් වෙයි ඉස්සරහට
    දිගටම දෙමු ( කොහොමත් දෙනවා කියලා දන්නවා ඉතින් ) :D
    සබට තුති
    ඔබට ජය.........

  29. nuwan

    thank you akke..............!

  30. chinthaka

    supirima kathawak korean ewa thwa denna

  31. සුධීර විජේනායක

    පට්ට පට්ට
    උපසිරසියට ස්තුතියි.

    ---- ජය වේවා ----

  32. ssssssameera

    Subtitle tika nam deyyo dunna wage sahodare.. mekathawa kochchara baluwath epawenna.
    =(' : ')

  33. sachni

    මරේ මරු අක්කි... ඔයාගේ සබ් නම් සුපිරියි.
    ඔයා භාවිතා කරන භාෂා ෙෙශලිය, තේරුම් හැමදේම නියමයි.

  34. sachi

    sub ekann niymi. puluwnnm secret campus korean drama eke sub eka dennko

  35. asanka

    thxz lot

  36. Nimasha

    Nicely done!
    Thanks for the sub!
    Keep up the good work!
    All the best!

  37. Nishan

    නියමයි!!! බොහොම ස්තූතියි

  38. Aysha koralagee

    Good luck and thanks.doctor stranger (2014) korian drama eke sub denna puluwanda

  39. sachi_nirmana

    link weda nene

  40. Manosha

    Godak hodata sub. Karaka thiyanawa. Mariana lassana wadak API asawen balanawa....

  41. Manosha

    Man kamathima koriyan film walata. Oylata godak thank karanawa API wage asawen film balanna ayata me karana udauwa Hana. Bohoma sthuthii....