Watch Trailer

The Mentalist [S02 : E18] | ජල දූශණය… [සිංහල උපසිරසි සමඟ]

අද The Mentlist කතා මාලාවේ දෙවැනි සමයේ 18 වෙනි කතාංගය පටන් ගන්නයි මේ හදන්නේ. මත්ද්‍රව්‍ය හදන තැනක තොරතුරු රැස් කරන්න, චෝ සහ වෑන් පෙල්ට්ව මහ රෑ ජාමේ එලියට යවනවා අළුත් ලොක්කා වන හයිටවර් විසින්. ඒ අතරේ වැඩේ අහවර වෙලා යන්න හදද්දීම, ලේ පෙරාගත්තු ගැහැණු කෙනෙක් එයාලගේ වාහනය ඉදිරියෙන් පෙනී සිටිනවා. හිසට සි…

Mentalist 2
අද The Mentlist කතා මාලාවේ දෙවැනි සමයේ 18 වෙනි කතාංගය පටන් ගන්නයි මේ හදන්නේ. මත්ද්‍රව්‍ය හදන තැනක තොරතුරු රැස් කරන්න, චෝ සහ වෑන් පෙල්ට්ව මහ රෑ ජාමේ එලියට යවනවා අළුත් ලොක්කා වන හයිටවර් විසින්. ඒ අතරේ වැඩේ අහවර වෙලා යන්න හදද්දීම, ලේ පෙරාගත්තු ගැහැණු කෙනෙක් එයාලගේ වාහනය ඉදිරියෙන් පෙනී සිටිනවා. හිසට සිදුවුණු හානියක් නිසා ඇයගේ මතක නැතිවෙලා ගිහිල්ලා. ඒ තැනැත්තියට ඇය කවුද කියලාවත් මතක නෑ. නමුත් CBI කණ්ඩායමත් සමග ජේන් එතැනට ඇවිල්ලා ඇයගෙන් ඉඟි කිහිපයක් ලබාගෙන, ඇය සිටියා කියන තැනට යනවා. එතැනදී ඔවුන්ට දකින්නට ලැබෙන්නේ හිතුවේවත් නැති දෙයක්. ඒ තමයි එතැන මල සිරුරු 3ක් ගොඩගහලා තියෙන බව. මිනීමරුවා ඇයවත් ඒ ගොඩින්ම දමලා ගිහිල්ලා තියෙන්නේ, ඇය මැරිලා කියලා හිතාගෙන වුනත්. ඇය සිහිනැතිව තමයි ඉඳලා තියෙන්නේ. සියළුම දෙනාට වෙඩි තියලා තියෙන්නේ එකම අධිබල රයිෆලයකින්. මතකය නැති තැනැත්තියගේ හැඳුනුම්පතක් වත් හොයාගන්න නැති නිසා, ඇයගේ අනන්‍යතාවය සියල්ලන්ටම රහසක්.

මේ සිදුවීම අතරේ මියගිය පුද්ගලයින් තිදෙනාගේ අනන්‍යතාවයන් හොයාගන්නවා. දෙදෙනෙක් වනාන්තරයේ කඳු නගින්නට ගිය යුවලක්. අනෙකා කාලයක් සිර දඬුවම් විඳලා හොඳ ජීවිතයක් ගත කරන රෙනාල්ඩ් රැල්ටන් නම් පුද්ගලයෙක්. මියගිය යුවල සංචාරයකට පැමිණි අය නිසා සහ තවත් හේතු නිසා වැරදීමකින් වෙඩි තැබීමකට ලක් වුනු අය කියලා සලකනවා. එහෙත් රෙනාල්ඩ් රැල්ටන් කියන මියගිය පුද්ගලයා, ප්‍රාදේශියව ජීවත්වන කෙනෙක්. ඒක නිසා ඔවුන් මෙයාගැන තරමක් හොයලා බලනවා. කරුණු කාරණා අතරින් ඔහු දන්න කියන අයවලුන් සමගින් කතා කරලා බැළුවත් ගංජා වගාවක් හැරෙන්න වෙනත් කිසිවක් හොයාගන්න වෙන්නේ නෑ. මේ සිදුවීමේදී චෝ සහ රිස්ග්බි දෙදෙනා කැලයේදී වෙඩි තැබීමකට ලක් වෙනවා. ඒ වගේම පස්සෙන් පහු හයිටවර් නෝනා විසින් වෑන් පෙල්ට් සහ රිස්ග්බිව කැඳවලා දෙදෙනාගේ සම්බන්ධය ගැන තීරණයක් ගන්න කියනවා. රිස්ග්බිට වගේ වෑන් පෙල්ට්ට රැවුල වගේම කැඳත් ඕනේ නිසා, මොනවා කරාවිද කියලා කතාව බලලාම දැනගන්න. කොහොමින් කොහොමහරි පුරුදු පරිදිම උගුලක් අටවලා, ජේන් විසින් මිනීමරුවාව අල්ලනවා. ඒත් මතකය නැතිවුනු තැනැත්තිය කවුද කියලා, හිතේ කුතුහලයක් ඇතිවෙන්න පුළුවන්. ඒ කුතුහලය මම නැතිකරන්න යන්නේ නෑ. කතාවේ අන්තිමට නම් දුකයි තමයි. ඒත් කරන්න දෙයක් නෑ. ඒ වුනාට හයිටවර් මහත්මිය ගැන කිව්වෝතින් නම්, හිතුව තරම් යකා කළු නෑ කියලා තමයි කියන්න තියෙන්නේ. ඒ වගේම තමයි, මම Aingavite Baa කියන එකේ හරිහමන් තේරුමක් නම් දන්නේ නෑ.

තිබොල් රළු පරළු සුමදු කරමින්, දුන් උපසිරැසියේ තතු විචාරන්නට. හසරක් ඉඩ ඇති මගේ Comment පෙට්ටගමේ, මාගලක් වුවද දිගහැරිය හැකිය. එවන ගල් මුල් පවා, සුවඳ දෙන මල් පවා, මගේ ස්තූතියෙන් දැවටී. මාගේ තුරුලේම රැදේවි.

එසේනම් හැමෝටම ආයු – බෝ – වේවා !!! ___/|\___

The Mentalist (2008) on IMDb

 

 

130 MB (2.8GB) කොපිය මෙතනින් බාගන්න

b4c840572e4e75496267929260f3d894690c81d7

350 MB (8.0GB) කොපිය මෙතනින් බාගන්න

df37d5e19f02233007ebe80c722835dfb6df4e86 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,144 downloadsDownload The.Mentalist.S02E18.zip150 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                        All Episodes                      Next Episode >>

Subtitles

2,144 downloadsDownload Subtitles150 KB

20 comments

  1. ravi

    thankzz sahooo...... :D

  2. Sajith

    niyamai.................
    tnx ! :D :D :D

  3. Sajith

    tnx macho :D :D

  4. චන්දිම අමරසිංහ

    thaz niyamai subapatum''',,,./

  5. dilan

    thanks

  6. Amila

    Thankzzzz.................

  7. Sach

    Thanks !

  8. Kulanjana Maduranga

    niayamai…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa......

  9. rejith

    thanks.....................

  10. Sajith

    tnx.....
    :D :D :D

  11. #ChalinduDeshan (කිනා)

    thanks

  12. Danushka

    meke deela thiyana 2.8gb ekata sub gelapenne nee ne. ai e?

  13. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  14. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  15. sajeevi

    thanks

  16. රොයිලි

    බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  17. ඉසු ඩිපි (Isu DP)

    නියමයි ප්‍රණිත් සහෝ..
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා..
    බුදු සරණයි.. !!!

  18. “චූටී මල්ලි”

    එල මචෝ
    සබර තුති
    ඔබට ජය.........

  19. LakshanD

    ස්තූතියි සහෝ ❤️

  20. Mano

    Godak sthuthi..Jaya wewa!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.