Watch Trailer

Personal Taste [EP-05] | අපි අපි වගෙයි!!! (50) [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මං තවත් උපැසිරැසියක් අරං ආවා, මේක මට ඉතාම විශේෂ එකක් මොකද මගේ 50 වෙනි උපැසිරැසිය!!! මට ගොඩා……..ක් සතුටුයි, ඒ වගේම 50 සම්පූර්ණ කරන දෙවනි කාන්තා නියෝජනය වෙච්ච එකත් සතුටක්. ඉස්සර මාත් Baiscopelk එකට ආවේ ගියේ sub එකක් ඩවුන්ලෝට කරං යන්න. ඉංග්‍රීසි සබ් එක්ක බලනවට වඩා හොඳ සිංහල සබ් එකක් එක්ක විදෙස් න…

Personal Taste 50

ඔන්න මං තවත් උපැසිරැසියක් අරං ආවා, මේක මට ඉතාම විශේෂ එකක් මොකද මගේ 50 වෙනි උපැසිරැසිය!!! මට ගොඩා……..ක් සතුටුයි, ඒ වගේම 50 සම්පූර්ණ කරන දෙවනි කාන්තා නියෝජනය වෙච්ච එකත් සතුටක්. ඉස්සර මාත් Baiscopelk එකට ආවේ ගියේ sub එකක් ඩවුන්ලෝට කරං යන්න. ඉංග්‍රීසි සබ් එක්ක බලනවට වඩා හොඳ සිංහල සබ් එකක් එක්ක විදෙස් නිර්මාණයක් රසවිඳිද්දී හිතට දැනෙනවත් වැඩී නේ. මොකද ඕනෙම මනුස්සයෙක්ට අනිත් හැම භාෂාවටම වඩා තමන්ගේ මව් භාෂාවෙන් යමක් අහන දකින කොට අමුත් ලෙංගතු කමක් එනවනේ. කොහොම හරි මටත් Baiscopelk එකෙන් කරන මේ උතුම් වැඩේට එක සබ් එකකින් හරි දායක වෙන්න ආසා හිතුණා. ඒ නිසයි මං පළවෙනි සබ් එක දැම්මේ. මුලින් දැම්මේ කොරියන් ෆිල්ම්. පස්සේ දිගටම මේ වැඩේට ආස හිතුණා. පස්සේ ආසාව පුරුද්දකටම ගියා 😀 Boys Over Flowers ඩ්‍රාම එකට වගේම Full House එකටත් සබ් දාන්න මට පුළුවන් වුණා.

Baiscopelk එකට සහ එහි කාර්‍යමණ්ඩලයේ සහෝදර සහෝදරියන්ට මං ගොඩක් ස්තුතිවන්ත වෙනවා. මේ ගමන එන්න මට කරපු සියලුම උදව් උපකාර, දිරිමත් කිරීම් සහ දැනුවත් කිරීමේ වෙනුවෙන්. ඒ වගේම දෙන සැණින් හැකි ඉක්මනට සබ් පල කළාටත් ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. තව මට කමෙන්ට් කරපු, මගේ සබ් ඩවුන්ලෝඩ් කරං බලපු, එය රස විදපු හැමෝටම මං ස්තුති කරනවා. මං බලාපොරොත්තු වෙන එකම දේ තමයි මේ නිර්මාණ රසවිදින ඔයාලගේ හිතේ ඇතිවෙන සතුට. මොකද මං මේ ලෝකේ දකින්න ආසම සතුටින් හිනාවෙලා ඉන්න මිනිස්සුව. ලස්සන නිර්මාණයක් රස වින්දම අනෙත් අයත් එක්ක ඒක බෙදාගන්න මට උදව් කළේ Baiscopelk site එක තමයි. මේ යන ගමනට එහි කාර්‍යමණ්ඩලයේ සහෝදර සහෝදරියන්ට මං හදවතින්ම සුබ පතනවා. මොකද මේ යන ගමන ලේසි පහසු එකක් නෙවේනේ.

අහ් …අද මේ දෙන්නේ ඩ්‍රාමා එකේ පස්වෙනි කොටස. මේ කොටසේ වෙන දේවල් ගැනත් පොඩ්ඩක් කියලම යන්නම්කෝ. 😀 4 වෙනි කොටස අන්තිමට චැන්ග් රෙයුල් කියන දේවල් නිසා හිත් වේදනාවෙන් ඉන්න ගේ ඉන්, ජින් හෝට අමුතු යෝජනාවක් ගේනවනේ ”තමං ගෑනු කෙනෙක් කරන්න” කියලා. ජින් හෝ මේක අහලා උඩ ගිහිං බිම වැටෙනවා. එත් ගේ ඉන් ඒක කියන්නේ වෙන අදහසකින්. මොකද ගේ ඉන් හිතං ඉන්නේ ජින් හෝ සමලිංගිකයෙක් කියලනේ. පස්සේ ජින් හෝ, ගේ ඉන්ට නියම ගෑනු කෙනෙක් වෙන්නේ කොහොමද කියලා උගන්වනවා. ඉතිං හිනාවෙවී බලන්නකෝ ගේ ඉන් ඒවා ඉගන ගන්න අපූරුව. තමන්ට උදව්කරන ජින් හෝ දැක්කම, ගේ ඉන් හිතන්නේ ජින් හෝ එයාට මැරිච්ච අම්මා එවපු යාළුවෙක් කියලා. ජින් හෝ ත් ඔය අතරේ ටිකින් ටික ගේ ඉන්ට කැමති වෙන්න ගන්නවා. වැඩිය කියන්නේ මොකටද. ඔයාලම බලන්නකෝ.

ඉතිං ” thank You very much!!” නොකියා…….. මට හැම විදියකින්ම මේ වැඩේට උදව් කල හැමෝටම ආයෙමත් හදවතින්ම ” ගොඩා………….ක් ස්තුතියි” කියනවා. එහෙනම් මේ ආපු ගමනේ අඩුපාඩු වගේම, ඔයාලගේ අදහස් උදහසුත් මට කියලා යන්න අමතක කරන්න එපා හොදේ!!!

එහෙනම් ඉක්මනටම ඊළග කොටස අරං එන්නම්. යාළුවෝ හැමෝටම aja aja fighting!!!!

Swarnaa 50

Personal Taste (2010) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

205 MB කොපිය (3.3GB) මෙතනින් බාගන්න

cce2a596fe48e1f35fbc7ed15c63cc7480e7d2f0

700 MB කොපිය (11.2GB) මෙතනින් බාගන්න

c74e579bc85e694f5344ab43ed8446e64dba76b9 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

3,084 downloadsDownload Personal.Taste_..E05.zip38 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/11/ස්වර්ණරේඛා.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ස්වර්ණරේඛා සෙව්වන්දි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                        All Episodes                      Next Episode >>

Subtitles by

ස්වර්ණරේඛා සෙව්වන්දි

Subtitles

3,084 downloadsDownload Subtitles38 KB

106 comments

  1. නලින් පෙරේරා

    හදවතින් සුභ පතනවා මේ ආපු ගමන වෙනුවෙන් 50 නොනැවති 100ටත් එතනින් එහාටත් යන්න ස්වර්ණරේඛාට ධෛර්ය්‍ය ශක්තිය ලැබෙන්න කියලා ප්‍රර්ථනා කරනවා!

    ජය වේවා!

    1. ස්වර්ණරේඛා සෙව්වන්දි

      ගොඩාක් ස්තුතියි , :D

  2. kavinda

    බොහොම ස්තුතියි 50 සිංහල උපසිරැසි වලට.තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා...

    1. ස්වර්ණරේඛා සෙව්වන්දි

      ගොඩාක් ස්තුතියි, :D

  3. Madu

    ගොඩාක් ස්තූතියි අක්කේ.......... ඊලඟ කොටසත් ඉක්මනට දෙන්න................ :)

  4. Naveen Randika

    50 වෙනි සිංහල උපසි‍රැසියට සුභ පැතුම් !
    ජයවේවා !

    1. ස්වර්ණරේඛා සෙව්වන්දි

      ගොඩාක් ස්තුතියි, :D

  5. Kulanjana Maduranga

    50 Wsub nirmanayata hadawathinma suba pathanawa SEWWANDI Akke...........

    oya thami akke api wenuwen ape rasavindanayata korean drama wadi pramanayak genawe..... ape rasavindanaya wenuwen oya kla e kapa kirimata thank u soooo much.oyage watina kalaya kisima laba prayojanayak nathiwa ape sathuta wenuwen sub nirmaya klata godak pin....idiriyatath me wge sub denna shakthiya, dairya labewa............! SEWWANDI akkage personal life 1ke wgema professional life 1ke siyalu wada katauth siyalla sarthaka wewa.............jayen jayama wewa.............

    1. ස්වර්ණරේඛා සෙව්වන්දි

      ගොඩාක් ස්තුතියි, :D , oya man dipu okkama drama beluwa neda ,hi hee , dhigatama ekathu wunaata
      bohoma sthuthiy,

  6. le

    niyamai :) digatama karagena yamu :D

  7. Menu

    Magen unusum suba pathum akke...!!!! Issarahatath oyata me wage honda nirmana karanna shakthiya labewa..!!!

    :) :) :)

    1. ස්වර්ණරේඛා සෙව්වන්දි

      bohoma sthuthiy nangi,oyath man dunna okkoma katha beluwa ,cmnt kala ,godak sthuthiy onna oyatath, digatama
      ekathu wenna oonee

  8. sanjeewa

    unusum suba pathum jayawewaaaa

  9. චතුර මදුශංක වීරසිරි

    50 වන උපසිරස ගැන්වීමට උනුසුම් සුභ පැතුම්.

  10. Lahiru

    suba pathum...!!! digatama kara gena yanna. oya hodata me wade karanawa.

  11. nuwan

    අපෙන් සුබ පතුම්.....!
    ඉස්සරහට තව ඔනි...............!

  12. සමීර චතුරංග

    සුබ පැතුම්..
    දැන් ඉතිං 100 ය තමයි තියෙන්නේ.
    කරන කියන හැම දෙයක්ම සාර්ථක වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා.
    ජය!!!!

    1. ස්වර්ණරේඛා සෙව්වන්දි

      ගොඩාක් ස්තුතියි, :D

    2. ස්වර්ණරේඛා සෙව්වන්දි

      ගොඩාක් ස්තුතියි, :D :D

  13. Asel

    Niyami Akke
    Oya dipu full house 1 BOF 1 2 baluwa sab 1 niyametama tiba
    mekanm thama balana une na
    aniwa mekath balanawa
    kohoma hari 100 karamu
    Jaya Wewa !!!!

    1. ස්වර්ණරේඛා සෙව්වන්දි

      bohoma sthuthiy ,malli ee haema ekakma beluwadha? niyamay, digatama ekathu wenna hode ,

  14. හර්ෂ ලහිරු

    :D :D 50ට උණුසුම් සුභපැතුම් සෙව්වන්දි ජයවේවා :D :D

    1. ස්වර්ණරේඛා සෙව්වන්දි

      :D :D godak sthuthiy malli :D :D

  15. hiru

    එල ද බරා ගල් දෙබරා ඔහේ පලයන් 50 නේ සෙව්වන්දි ගොඩාක් ස්තුතියි ම වැඩේට ඔයා sub කරන විදිය හොදයි සරලයි ඔන්න කිව්ව වගේම 5ස්වෙනි කොටස ආව නිසා අබා download වෙන්න දානවා එකපාර complete සීරියල් එකම

    1. ස්වර්ණරේඛා සෙව්වන්දි

      :D ගොඩාක් ස්තුතියි, :D , dhigatama balanna ehenm hode

  16. maduka

    50 වෙනි උපසිරැසියට සුබ පැතුම්
    තවත් ඉදිරියට යමු

  17. sajeevi

    50 වෙනි උපසිරැසියට උණුසුම් සුබ පැතුම්!!!!!

  18. chathu

    50 වෙනි උපසිරැසියට සුබ පැතුම්.......................... :)

  19. ishi

    50 වෙනි උපසිරැසියට උණුසුම් සුබ පැතුම් අක්කේ..ස්තුතියි උපසිරැසියට..

    1. ස්වර්ණරේඛා සෙව්වන්දි

      ගොඩාක් ස්තුතියි, :D

  20. Saketha Pulasthi

    ඔන්න ඉතින් අක්කට පිං සිද්ද වෙන්න මේ දවස් වල Boys over flowers බලනවා. ඒක නිසා 50 වෙනි උපසිරසියට සුබ පතන්නේ නැතුව බෑනේ.. 50 වෙනි උපසිරසියට උණුසුම් සුබ පැතුම් :) :)

    1. ස්වර්ණරේඛා සෙව්වන්දි

      ane niyamay, godak sthuthiy suba paethuwata

  21. ඉසු ඩිපි (Isu DP)

    නියමයි සෙව්වන්දි සහෝදරී..
    50වෙනි උපසිරසියට සුබ පැතුම්.
    ඉක්මනින් 100ටත් ලගා වෙමු.
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා..
    බුදු සරණයි.. !!!

    1. ස්වර්ණරේඛා සෙව්වන්දි

      bohoma sthuthiy malli ,:D

  22. prabadi

    thanks akkkooooooooo :*

    1. ස්වර්ණරේඛා සෙව්වන්දි

      thank u nagiiiiiii

  23. චන්දිම අමරසිංහ

    නියමයි සහොදරි උනුසුම් සුභපැතුම්...
    ඉක්යනින්ම 100 ය ට ලගාවෙන්නන ඕන...ස්තුතියි.. අපි වෙනුවෙන් කාලය ශ්‍රමය කැපකර මේ කරනා සත් කාර්්‍යයට...
    ජවේවා ඉදිරියටම යමු...$$$%

    1. ස්වර්ණරේඛා සෙව්වන්දි

      ගොඩාක් ස්තුතියි, :D

    2. ස්වර්ණරේඛා සෙව්වන්දි

      bohoma sthuthiy suba paethuwata

  24. sagarika

    thanks a lot thawa digatama karanna
    Ane mata Roof Top of Princes denawada meken passe

  25. chinthaka

    50 weni upasirasi nirmanayata suba pathum

  26. widuranga

    50ta suba patum
    thanx for sub

    1. ස්වර්ණරේඛා සෙව්වන්දි

      ගොඩාක් ස්තුතියි, :D

  27. ishan

    kawadda personal tast 6 enne

  28. ishan

    kawadda 6 enne personal tast

  29. ishan

    thanks personal tast wala sub walata

  30. කේ.යූ.ජී. උදාර

    සුබ පැතුම් සෙව්වන්දි...............
    ඉක්මනට ම 100 ත් ගහමු.
    සිංහල සබට බොහොම ස්තූතියි.

    1. ස්වර්ණරේඛා සෙව්වන්දි

      ගොඩාක් ස්තුතියි, :D

  31. “චූටී මල්ලි”

    එලස් අක්කි
    නොනැවති 100ක්ම දෙමු
    අනිවා ඔයාට පුලුවන්
    සබට තුති
    ඔබට ජය.............

    1. ස්වර්ණරේඛා සෙව්වන්දි

      හරි එහෙනම් ගොඩාක් ස්තුතියි මල්ලි , :D

  32. රොයිලි

    උණුසුම් සුබ පැතුම් ස්වර්ණරේඛා අක්කේ. අක්කා කියලා කිව්වෙ හරියටම වයස දන්නෙ නැති හින්දයි. ඔතනින් නොනැවතී 100 දක්වාත් යන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. වෙනදා වගේම බොහොම ස්තූතියි ස්වර්ණරේඛා සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

    1. ස්වර්ණරේඛා සෙව්වන්දි

      ඒකට කමක් නෑ, හි හී 23, අක්කා වෙන්නැති, බොහොම ස්තුතියිසුභ පැතුවට ,

    2. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

      හරි හරි රොයිලි අයියේ,
      නිකං වටේ යන්නේ නැතිව කෙලින්ම වයස කීයද ඇහුවනම් ඉවරනේ...

  33. ෂෙරින් සමාධි ගිනිගේ

    එළ එළ
    බොහොම ස්තූතියි....
    :)

    ඒ වගේම උණුසුම් සුභපැතුම් !!!

    1. ස්වර්ණරේඛා සෙව්වන්දි

      ගොඩාක් ස්තුතියි, :D

  34. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි. හදවතින්ම 50 වෙනි සබට සුබ පැතුම්
    :P
    ස්තූතියි මේ වගේ දෙකට සම්බන්ධ වෙලා කාලය කැප කරමින් දායක වෙනවට…… :)
    ඉක්මනින්ම 100 උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

    1. ස්වර්ණරේඛා සෙව්වන්දි

      ගොඩාක් ස්තුතියි, :D

  35. sanjeewani

    thank a loooot , Please give me a Roof Top of Princes pleaseeeees

  36. Amaya Rashmindi

    Niyamai akka..
    Hadawathimma oyata suba pathanawa

    Me wage lassana dramas walata sub dunnata akkata godak pin. Issarahatama yamu akka.
    Thank u vry much :-) @-}-- @-}-- @-}--

    1. ස්වර්ණරේඛා සෙව්වන්දි

      බොහොම ස්තුතියි,දිගටම මේක බලන්න එහෙනම්

  37. prabadi

    akke 6th ikmnta denkooooooo

  38. Chami.S

    Thanks...
    50 weni upasiriyata unusum suba pathum...!

    1. ස්වර්ණරේඛා සෙව්වන්දි

      බොහොම ස්තුතියි

  39. දීප්ත තුෂාර

    මම ඔයාට හදවතින්ම සුභ පතනවා. උපසිරැසි නිර්මාණය කොතරම් අසීරු, අභියෝගාත්මකද කියලා මම අත්දැකීමෙන්ම දන්නවා. කොහොම උණත් ඔයාට 100,150,200... ආදී ඉදිරියටම යන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. බුදු සරණයි.

    1. ස්වර්ණරේඛා සෙව්වන්දි

      බොහොම ස්තුතියි,දිගටම එකතු වෙන්න එහෙනම් හොදේ ,

  40. ශාන් විමුක්ති [විමා]

    පන්වෙනි කඩයිමට සුභපැතුම් ස්වර්නරේඛා අක්කේ.
    මන්හිතන්නේ අපේ සයිට් එකේ e කඩයිම පහුකරන දෙවැනි කාන්තා නියෝජනය වගේම අන්තර්ජාලයේම තුන්වෙනියා!
    (දන්න තරමින්)
    ඉතින් ලෙහෙසි නැහැ ඉතින්.
    එහෙම බලපුවාම ලංකාවෙන්ම තුන්වෙනියා වගේ නොවැ
    ඔහොමම සියය වෙනකම් යමු
    ජයෙන් ජය!

    1. ස්වර්ණරේඛා සෙව්වන්දි

      අහ් එහෙමද ? මට හරි සතුටුයි, :D සුභ පැතුවට ගොඩා....ක් ස්තුතියි !!

  41. සමීර කරුණාරත්න

    සමාවෙන්න ප්‍රමාද වුනාට... 50 කියන්නේ ලේසි ගමනක් නෙමෙයි නෙව ඉතින් ප්‍රේක්ෂක අපි වෙනුවෙන් ආව මේ ගමනට, ඒ වෙනුවෙන් ඔබ කැපකළ කාලයට මගේ ප්‍රණාමය... පුද්ගලික ජිවිතයේ සියලු ප්‍රාර්ථනා ඉටු වෙන්න කියලා එක සිතින් පතන ගමන්, ජය පතනවා තවත් මේ වගේ උපසිරස අපි වෙත ගෙන එන්නට...

  42. LAKSHAN

    සුබ පැතුම් 50
    දැන් ඉතිං 100 ය තමයි තියෙන්නේ.......................

  43. Ruwan

    well done.. great job...

  44. ගයාන් රූකාන්ත (ජෝනා)

    පමාවට කමා කරන සේක්වා අද තමා දැක්කේ ඔන්න.
    මුලින්ම හදවතින්ම සුභ පතනවා අක්කේ..මම නම් ඉතින් ඔයා කරපු සබ්
    වලින් ෆුල් හවුස් ඇරෙන්න අනිත් හැම එකක්ම බලලා තියෙනවා
    දැන් ඉතින් 100 තමා ඉතාමත් ඉක්මනින් එම කඩයිමත් පසුකරන්න
    ශක්තිය ධෛර්‍ය පතනවා ජයම වේවා!! :) :)

  45. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    50 වෙනි උපසිරසියට සුභ පැතුම්,
    දිගටම මේ වැඩේ කරගෙන යමු..
    ඒවගේම ජීවිතයේ සියලු දේවල් සාර්ථක වේවා කියලා පතනවා..
    ජය වේවා!!!

  46. ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽

    ඔයා 50 ගහන දවසේම, මමත් ඔන්න 50 ගැහුවා.
    ඔයාගේ කතා නම් බලලා නෑ.
    ඒත් අනිවාර්යෙන්ම මේ වගේ එකකට සුබ පතන්න එපැයි. (කරපු අය දන්නවානේ අමාරුව) :-)

    හැබැයි 50න් නම් නවතින්න එපා.
    100ත් ගහලා දාමු. (100ට පස්සේ තවත් අංක තියෙනවා අල්ලන්න.)

    ආයු -බෝ -වේවා !!!

  47. Don Herman

    තාම මේ කතා පෙළ බලන්න පටන් නොගත්තත් අපි වෙනුවෙන් උපසිරසි 50ක් නිමකලාට මගේ උත්තමාචාරය පිළිගන්න. ඔබගේ වටිනා කාලය සහ ශ්‍රමය අපි වෙනුවෙන් වැයකලාට , බොහොම තුති.

  48. P.K

    You all do a great work...All the best...

  49. #ChalinduDeshan (කිනා)

    දැංනේ දැක්කේ අපේ කොරියානු කාන්තාව අර්ධ ශතකයක් වාර්ථා කරල කියලා. නියමයි නියමයි. ශතකයත් වාර්ථා කරමු ඔහොම්ම. ගොඩක් වෙලාවට ගෙදරින් උනත් අහන්න ලැබෙන දෙයක් තමයි නිකං බොරුවට ඉන්ටනෙට් බිල් ගෙව ගෙව ඉන්නවා ඕකෙන් වැඩක් වෙනවද කියලා. අපිට වැඩක් නොවුනට අනිත් අයගේ සතුට වෙනුවෙන් මේ කරපු වැඩේට පිං.
    ජයම වේවා!

  50. යශෝධ

    රොයිලි අයියත් අක්කා කියපු එකේ අපි නොකියා කොහොමද..? බොහෝම ස්තූතියි අක්කේ උපසිරැසි 50 ක් සම්පූර්ණ කරලා අපි වෙනුවෙන් අරන් ආවට. ඇත්තම කිව්වොත් ඔයාගේ උපසිරැසි එකක්වත් මට බලන්න ලැබිලා නැහැ. ඒ ඉතින් කොරියන් කතා වලට වැඩි කැමැත්තක් දක්වන්නේ නැති නිසා. ඒත් ඉස්සරහට ඔයාගේ උපසිරැසිත් එක්ක චිත්‍රපට නරඹන්න ලැබෙයි කියලා හිතනවා. ජයම වේවා..! ඉස්සරහටම යමු.. එලස්ස්ස්.. :-D

Load more comments