ඔන්න මං ආයෙමත් ඔයාලා ආසම කරන කොරියානු කතාවක් අරං ආවා. ගොඩක් අය ඉල්ලලත් තිබ්බ එකක් නේද. ප්‍රධාන නලුවව නම් අමුතුවෙන් හදුන්වලා දෙන්න ඕනේ නෑ. Lee Min-ho, නැත්නම් “ගූ ජුන් ප්යෝ”, නිලියත් කොරියානු චිත්‍රපට එහෙම රසවිදින අයට හුරුපුරුදු කෙනෙක්, එයා තමයි Son Ye-jin. Chilling Romace, Moment to Remember, The C…
ඔන්න මං ආයෙමත් ඔයාලා ආසම කරන කොරියානු කතාවක් අරං ආවා. ගොඩක් අය ඉල්ලලත් තිබ්බ එකක් නේද. ප්‍රධාන නලුවව නම් අමුතුවෙන් හදුන්වලා දෙන්න ඕනේ නෑ. Lee Min-ho, නැත්නම් “ගූ ජුන් ප්යෝ”, නිලියත් කොරියානු චිත්‍රපට එහෙම රසවිදින අයට හුරුපුරුදු කෙනෙක්, එයා තමයි Son Ye-jin. Chilling Romace, Moment to Remember, The Classic වගේ ෆිල්ම් බලපු අයට මෙයා හුරුපුරුදු ඇති. Personal Taste කියන්නේ කලිං ගෙනාපු Boys over Flower, Full House වගේම රොමැන්ටික් කොමඩියක්. ඒත් Teen love story එකක් නම් නෙවෙයි, එහෙනම් කතාව පොඩ්ඩක් අහගන්නකෝ.
අපේ කතා නායිකාව තමයි “පාර්ක් ගේ ඉන්”, පොඩි කාලෙම අම්මා නැති වෙලා. තාත්තා රටේ ප්‍රසිද්ධ මහාචාර්‍ය කෙනෙක්. එයත් ඉන්නේ රට. තාත්තා නිර්මාණය කරපු “සැංගොජේ” (“අනෝන්‍ය ආදර උදසා වෙන්වූ නිවහන”) කියන නිර්මානත්මක වටිනකමක් තියන ගෙදරයි මෙයා ඉන්නේ, මුලු ලෝකෙටම වඩා විශ්වාස කරන “කිම් ඉන් හී”, “යොන්ග් සෙඔන්” කියන යෙහෙලියෝ දෙන්නයි. තව එයාගේ වැඩ වලට උදව් දෙන පිරිමි යාලුවෙකුයි එයාට ඉන්නවා. අහ්…අමතක වුනානේ තව එයාට ඉන්නවා ලෝකේ පරිපූර්ණම පෙම්වතා (එයා හිතං ඉන්න විදියට), නම චැන්ග් රෙයුල්. අවුරුදු 10 තිස්සේ කාත් කවුරුවත්ම නැති “කිම් ඉන් හී’ ට සෙවණක් දුන්නෙත් “ගේ ඉන්” තමයි. කොහොම වුනත් අන්තිමට අපේ “පාර්ක් ගේ ඉන්ට”ජීවිතේ නපුරුම කලදසාව උදා වෙන්නේත් මෙයාලා නිසාම තමයි.
“ගේ ඉන්”……ගෘහ භාණ්ඩ නිර්මාන ශිල්පිණියක්. වයස 29ක්, ඒත් ජීවිතේ අඩියක්වත් ඉස්සරහට ගිය බවක් පේන්න නෑ. මෙයාගේ චරිතේ ගැන කියනවනම්, මෙයා අපිරිසිදුයි, අපිලිවෙලයි, සැලකිළිමත්, කලබලයි, පිටින් බැලුවම, තනිකරම මෝඩ නෝංජල්. කොටින්ම කොහෙත්ම ආකර්ශණීය නොවෙන ගෑණු ලමයෙක්. ඒත් ඇත්තම කතාව… “ගේ ඉන්” කියන්නේ අතිශය මානුශීය ගති ලක්ෂණ වලින් පිරිච්ච කෙනෙක්. ඒත් ඕනම කෙනෙක් ලේසියෙන් විශ්වාස කරනවා. ලේසියෙන් රැවටෙනවා, ආදරය කරද්දි තමන්ගේ අභිමානය ගැන තැකීමක් නෑ. මිනිස්සුන්ට ඕනවට වඩා අනුකම්පා කරන්න යනවා. ඒ හිංදා සමාජය එක්ක ගැටෙද්දි හැමදාම පරදිනවා.
අවුරුදු 10 එකට හිටපු යාලුවා අන්තිමට එයාගේ පෙම්වතාවත් උදුර ගන්නවා. මගුල් ගෙදරට යනකංම මෙයා ඒක දන්නේ නෑ. ඒ අස්සේ මෙයාගේ පිරිමි යාලුවා මෙයාට හොරෙන් ගෙයි ඔප්පු ගෙනිහිං උකස් කරලා ණය වෙලා. නැතිභංගස්තාන වෙලා, අන්තිමට පැනලා යනවා, ඔන්න මෙයාගේ තරම! දැං අපේ පාර්ක් ගේ ඉන් වැටිලා ඉන්නේ අන්ත අසරණ අඩියකට. ඒත් මෙයාට තියෙන්නවා පුදුම ගති ගුණයක්. ඒ තමයි කොච්චර දුක් කරදර ආවත්… බිමටම වැටුණත් අඩ අඩා පැත්තකට වෙලා ඉන්නේ නෑ. ආපහු නැගිටිනවා. ඒත් පාඩමක් ඉගන ගත්තු බවකුත් පේන්නේ නෑ.
වංචාකර සේවකයෙක් නිසා සියලු දේවල් නැති වෙච්ච පවුලක එකම පුතා තමයි “ජින් හෝ”, පිටින් රලු තද චරිතයක්. ඉන්නෙත් අම්මා විතරයි. එකම අරමුණ එයාට නැතිවෙච්ච හැමදේම ආපහු ලබාගන්න එක. මෙයා තමන්ගෙම ගෘහ නිර්මාන ආයතනයක් කරං යනවා, එයා කැමති සටන් කරලා හැමදේම දිනාගන්න, බොරුවෙන් වංචාවෙන් නෙවේ, දක්ශතාවෙන්. ඒත් දැං එයා ඉන්නේ රැකියාව ගැන තීරණාත්මක තැනක. පොඩි කාලේ වෙච්චි දේවල් නිසාද කොහෙද මෙයා සාමාජේ ගැන හොදට දන්නවා. රැවටෙන්නේ නෑ. පිරිසිදු පිලිවෙල, ආකර්ශණීය පිරිමියෙක්.
සල්ලි ප්‍රශ්න නිසා අවුරුදු 30 ක් පුරා පිටස්තරයන්ට නෑරිච්ච තමංගේ ගෙදර කාමරයක් කුලියට දෙන්න “ගේ ඉන්” තීරණය කරනවා. මේ අලුත් බෝඩිංකාරයා වෙන්නේ “ජින් හෝ”. ගේ ඉන් හිතන්නේ මෙයා සමලිංගිකයෙක් කියලා. ඒ වාසිය නිසයි “ගේ ඉන්’ ගේ දොර ජින් හෝට ඇරෙන්නේ, නොගැලපෙන මේ දෙන්නා යාලුවෝ වෙයිද? “ගේ ඉන්” වෙනස් වෙයිද? ජින් හෝ මේ ගෙදරට ආපු සැබෑ හේතුව මොකක්ද? ජින් හෝ සමලිංගිකයෙක් වගේ රගපාන්න ගිහින් මොන අමාරුවක වැටෙයිද? වංචාකාර යාලුවන්ට වගේම පෙම්වතාට මොන වගේ ඉරණමක් අත්වෙයිද? හොදට හිනාවෙන්න පුලුවන් වගේම සංවේදි තැනුත් ගොඩක් තියනවා. රොමෑන්ටික් කොමඩියක් වුණාට යමක් ඉගන ගන්න පුලුවන් කතාවක්.
මේ කතාවෙදි ඔයාලට නොයෙක් චරිත හම්බ වේවි. ලෝකය ගෝලාකාරයි. මිනිස්සු විවිධාකාරයි කියනවනේ. හැම කෙනෙක්ම විශේෂයි, මම මම වගේයි, ඔයා ඔයා වගෙයි, ඉතිං…අපි අපි වගෙයි…. හැමෝටම තියනවා කැමති… වගේම අකමැති දේවල්… තමන්ගෙම කියලා රසයක්. ම්…personal test එකක්. ඒත් සමහර වෙලාවට මේ දේවල් අමාරුවෙන් හරි වෙනස් කරගන්න වෙනවා. ඒත් ඒකේ තේරුම තමන්ගේ හොද ගති නැතිකරගන්න එක නෙවෙයි. සමාජේ තේරුම් අරං, වෙන දේවලින් පාඩම් ඉගනගෙන සමාජෙන් එන ගැහැට වලින් තමාව ආරක්ශා කර ගෙන, ජීවිතේ ඉස්සරහට යන එකනේ මේ ඔක්කොගෙම හරය, සරල දෙයයි “තමං තමන්ටම ආදරය ගෞරවය කරන්න ඕනේ. අන්න එතකොටයි තමන්ට කරදරයක් වෙන්න නොදී බලාගන්න හිතෙනේ. පාර්ක් ගේ ඉන්ට මේ සරල දේ ඉගන ගන්න කොච්චර කල් යයිද??? ඔයාලම ඒක බලන්නකෝ!!!
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
205 MB කොපිය (3.3GB) මෙතනින් බාගන්න
cce2a596fe48e1f35fbc7ed15c63cc7480e7d2f0700 MB කොපිය (11.2GB) මෙතනින් බාගන්න
c74e579bc85e694f5344ab43ed8446e64dba76b9 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,899 downloadsDownload Personal.Taste_.E12.zip38 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/11/ස්වර්ණරේඛා.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ස්වර්ණරේඛා සෙව්වන්දි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ස්වර්ණරේඛා සෙව්වන්දි
Subtitles
21 comments
Madu
laksitha kumara
එල එල අනිත් අනිත් එකත ඉක්මනට දාමු හොදේ.පට්ට කතාව .නියමයි
sajeevi
thanks
prabadi
thankooooooooo akki ithuru tikath ikmnata denna hode :D
Menu
bohoma sthuthi akke.... mage sinhala thama wada karanne nane...
jare
kmp player එකට හරි jetAudio හරි ධාවනය කරලා බලන්න නැත්තම් සිංහල පොන්ට් ඔයාගේ මැෂින් එකට ඉන්ස්ටොල් කරගන්න.
Givantha Arshakularathne
අප වෙනුවෙන් මෙ යොදන්න උ ඔබගෙ වටින කලය වෙනුවෙන් ගොඩක් ස්තුති.
Thank you. Well doneKulanjana Maduranga
thanks SEWWANDI akke....ithiri tikath me wgema demu.jaya wewa..........,.
w@ruUu
සුප්පාආආආආආආආආආආආආආආආආ............ගොදාක්ක්ක් ඉස්තූඌඌඌඌතීඊඊඊඊඊඊඊ
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)“චූටී මල්ලි”
එල එල
සබට තුති
ඔබට ජය…………ishi
thnxs akki..gd luck
tecla
thanks akke,"my girl"korean drama ekatath subtitle dennako.plz.
රොයිලි
බොහොම ස්තූතියි ස්වර්ණරේඛා සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
වරුණ රංගජිත් (වරූ)
නියමායි...
තැන්කු තැන්කු.
ජයම වේවා...!!!prabadi
akki 13th ikmnta dennakooooooooooooooooooooo
Viranga
tnx akke subta!!! CITY HUNTER kyl tawat supirima koreon tv sreiz 1k tynw!!!! 1tat sub denna puluwannam supirima!!!! (y) :)
Manoj
ela kathawa akke ilaga ekath enakam balagena innawa
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සෙව්වන්දි :P ජය
චන්දිම අමරසිංහ
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
දිගටම කරගෙන යමු…
සුපිරියි සුභපැතුම්..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!%$Chami.S
Thanks...
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Personal Taste [EP-12] | අපි අපි වගෙයි!!! [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/10/Personal-Taste-TV-01.jpg)

Thanks Akko Sub ekata..... Anith Tikath Ekmanata Denna..... :)