Watch Trailer

Pharma [S01 : E01] Sinhala Subtitles | අළුත් අළෙවි නියෝජිතයෙක් [සිංහල උපසිරසි]

Love Under Construction S01 Sinhala Subtitles ආයුබෝවන්,. ඉතිං මේ 2025 වසරත් දැන් ගෙවිල යන්න ඔන්න මෙන්න. මේ කාලෙ නිකුත් උන බර ගාණක කතා මාලා අතරේ නිකුත් උන නවතම මලයාලම් කතා මාලාව අද ගෙන එනවා. මේක වෙනස්ම මාතාවක්. අපිට උනත් බොහොම ගැලපෙන කාලීන ඒ වගේම හිතුවම ලොනු ඩැහැගැන්වෙන මාතෘකාවක් තමයි අර ගෙන එන්නෙ.…

Love Under Construction S01 Sinhala Subtitles

ආයුබෝවන්,. ඉතිං මේ 2025 වසරත් දැන් ගෙවිල යන්න ඔන්න මෙන්න. මේ කාලෙ නිකුත් උන බර ගාණක කතා මාලා අතරේ නිකුත් උන නවතම මලයාලම් කතා මාලාව අද ගෙන එනවා. මේක වෙනස්ම මාතාවක්. අපිට උනත් බොහොම ගැලපෙන කාලීන ඒ වගේම හිතුවම ලොනු ඩැහැගැන්වෙන මාතෘකාවක් තමයි අර ගෙන එන්නෙ. පෙත්තක් බොන්න කලින් දෙපාරක් හිතන්න. ඒක තමයි කියන්න වෙන්නෙ. තුන් වෙනි ලෝකෙ රටවල ක්‍රියාත්මක වෙන ඖෂධ මාෆියාව ගැන අපි සේරටම අත් දැකීම් තිබෙනවා. රටේ බහුජාතික ඖෂධ සමාගම් වලට එරෙහිව ජාතික ඖෂධ ප්‍රතිපත්තියක් හදන්න ගිය මහාචාර්‍ය සේනක බිබිලේට අත් උන ඉරණමේ ඉඳල මෑතක ඇල්වතුරෙන් රෝගීන් මරන්න දායක උනා යයි කියන ඉහළම පෙලේ රජයේ නිලධාරීන් හා දේශපාලකයින් ගැනත් කතා යනවා. එතකොට ඖෂධ නිශ්පාදන සමාගම් දහස් ගණනක් තිබෙන ඉන්දියාව වගේ රටක තත්වෙ කොහොමද? එකම සං‍යුතියේ විවිධ මිල ගණන්, ප්‍රමිතියෙන් තොර ඖෂධ,වැරදි නිර්දේශයන්, අතුරු ආබාධ නොසැලකීම හා සැඟවීම වැන් ඉ විවිධ සිද්ධීන් එහෙ වාර්තා වෙනවා. නිශ්පාදකයි වගේම ඔවුන්ගේ ප්‍රතිලාභ පිටුපස යන වෛද්‍යවරුන්ගේ සුසං‍යෝගය මෙයට වගකිව යුතු වුවත් ඉතා නිර්භීත වෛද්‍ය වරුන් සහ වෙනත් මිනිසුන් මේ මාෆියාවට එරෙහිව කරන ලද සංග්‍රාම ඇසුරින් මේ කතාව නිපදවා තියෙනවා. ඉතිං මේක අනිවාර්‍යයෙන්ම බලන්න. ඉතා කෙටි කොටස් අටක කතා මාලාවක් වන මේක හිංදි, දෙමළ, කන්නඩ, තෙළිඟු වලිනුත් හඬ කවා තිබෙනවා. ඔබට මම යෝජනා කරන්නේ මලයාලි හඬ පටය සමග නිරන්තරයෙන් ඇසෙන නැරේශන් එක බාධාවක් නම් වෙනත් භාෂාවක හඬ පටයෙන් මෙය නරඹන්න කියලා.

ඉතිං කතාව ගැන කියන්නම්. දෑවැන්ත ඖෂධ නිශ්පාදන හා බෙදා හැරීමේ සමාගමක අළෙවි නියෝජිතයෙක් නැත්තම් මෙඩිකල් සේල්ස් රෙප් කෙනෙක් ලෙස රැකියාවකට යන තරුණයෙක් ගැන තමයි දිග හැරෙන්නෙ. තම්න්ට සමාගමෙන් ලැබෙන අලෙවි ඉලක්ක සාර්ථක කර ගනිමින් සිය රැකියාවේ දියුණුව කරා යාමට උත්සාහ කරන ඔහු වසර දශකයක පමණ කාල පරාසයක් තුල මුහුණ දෙන අත් දැකීම් තමයි කතාවට පාදජ වෙන්නෙ.

නිවින් පෝලි, ශෘති රාමචන්ද්‍රන්, බිනු පාපු, ශෘති ජයන්, වීණා නන්ද කුමාර් සහ රන්ජිත් කපූර් මෙහි රඟපානවා. පී ආර් අරුන්ගෙ අධ්‍යක්ශණයක්.

ඉතිං කතාව බලල ඉන්න. එසේ නම් නැවත හමු වෙමු. ඔබ සැමට සුභ නව වසරක් ප්‍රාර්ථනා කරනවා ආයුබෝවන්

Love Under Construction S01 Sinhala Subtitles

 

       

 

Due to copyright issues, we do not provide any torrent link

මෙම උපසිරැසි සියලුම WEB පිටපත් සඳහා වලංගු වේ.

784 downloadsDownload Pharma-S01E01.zip20 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

           

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2023-09-10
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Love Under Construction S01 Sinhala Subtitles

 

All BT1

Next BT1

 

Subtitles by

BANDULA K

Subtitles

784 downloadsDownload Subtitles20 KB

2 comments

  1. Buddhika laKMal

    උපසිරැසියට ස්තූථියි සහෝ

  2. Anuradha

    ඩවුන්ලෝඩ් ලින්ක්ස් තාම දීලා නෑ නේද?