Watch Trailer

One Punch Man AKA Wanpanman [S03 : E12] Sinhala Subtitles | උත්තරීතර ජීවියාගේ හමුව [සිංහල උපසිරසි]

One Punch Man [ S03: E12] Sinhala Subtitles 2025 වසරේ fall season එකේ වඩාත් බලාපොරොත්තු සහගත ඇනිමෙ කතා මාලාවක් වුනු, අවුරුදු 6 ක දිගු නිහැඬියාවකට පසු දිග හැරෙන One Punch Man Season 3 හි 12 වන කොටස හෙවත් අවසාන කොටස සමගිනුයි ඔබ මේ එකතු වෙන්නෙ. රාක්ෂ තිප්පොළ ඇතුලේ තනි තනිව ගමන් කරන S ශ්‍රේණියේ වීරයොන්…

One Punch Man [ S03: E12] Sinhala Subtitles

 

2025 වසරේ fall season එකේ වඩාත් බලාපොරොත්තු සහගත ඇනිමෙ කතා මාලාවක් වුනු, අවුරුදු 6 ක දිගු නිහැඬියාවකට පසු දිග හැරෙන One Punch Man Season 3 හි 12 වන කොටස හෙවත් අවසාන කොටස සමගිනුයි ඔබ මේ එකතු වෙන්නෙ. 

රාක්ෂ තිප්පොළ ඇතුලේ තනි තනිව ගමන් කරන S ශ්‍රේණියේ වීරයොන්ට ඩ්‍රැගන් තර්ජන මට්ටමේ සතුරන් මුණ ගැහුනා. එයාලා ඇත්තටම දැනට ඉන්න බලවත් රාක්ෂයන් කිහිපදෙනා කියල කිව්වට වැරැද්දකුත් නෑ. ඔවුන් එකිනෙකා අතර සටන් තව තවත් තීව්‍ර වෙමින් ගලාගෙන ගියා. ඒ අතරේ කතාවේ මුල ඉඳන්ම හරියට දකින්නත් ලැබුනෙ නැති සයිතමාත් දැන් රාක්ෂ තිප්පොළ ඇතුලේ ඇවිදින ගමන් තමයි ඉන්නෙ. මේ ඇහෙන ශබ්ද මොනවද කියල හොයන එක තමයි සයිතමාගේ අරමුණ උනේ. ඒ වගේම රාක්ෂ නිවහනේ ඉහළම ඉන්න ගියොරො-ගියොරො සහ රාක්ෂ රජු ඔරොචිටත් සටන් වලට මුහුණ දෙන්න වෙනවා.

රාක්ෂ නිවහනේ සිද්ධ වෙන අවසාන සටන් කෙලවර වෙන්නෙ කොහොමද? තනියම ඔහේ ඇවිදන් යන සයිතමාට මේ ශබ්ද වල මූලාශ්‍ර හොයාගන්න පුලුවන් වේවිද? එහෙනම් මේ Season 3 හි අවසානය වෙන්නෙ කොහොමද කියල නරඹලම හොයාගන්න පුලුවන්.

ඒත් එක්කම Season 3 අවසාන වීමත් එක්ක මීළඟ කතා සමය විදිහට Season 3 Part 2 නමින් 2027 අවුරුද්දෙදි one punch man නිකුත් කරන බවට නිළ වශයෙන් දැනුම් දුන්නා. නිකුත් වුනු Season 3 ගැන රසික බලාපොරොත්තු කඩවෙලා තියෙන වෙලාවක, මේ Part 2 එක රසිකයන්ට තවත් බලාපොරොත්තුවක් අරන් එන්නක් වේවි. ඒ වගේම නිෂ්පාදකයින්ට තමන්ගෙ වැරදි හදාගන්න ලැබෙන හොඳ අවස්ථාවකුත් වේවි. අපි බලාපොරොත්තුවෙන් ඉමු මීළඟ කතා සමය එනකල්. එහෙනම් ඒ තුළින් හමුවෙන කල් One Punch Man රසික හැමෝටම Happy Anime!

ලංකන් weebs වෙනුවෙන් – හසරංග නදීෂ

Episode Name : Ultimate Lifeform
Released Date : 2025.12.28
IMDB Rating : 5.4 (at 2025.12.30)

 

 

 

One Punch Man,One Punch Man [ S 03: E 12] Sinhala Subtitles

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි WEBRip පිටපත් සඳහා අදාළ වේ.

891 downloadsDownload One-Punch-Man-S03-E12-sinhala-subtitles.zip16 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1

All BT1

Next BT1

Subtitles by

ලංකන් Weebs

Subtitles

891 downloadsDownload Subtitles16 KB

0 comments

No comments yet.