Watch Trailer

Pluribus [S01 : E03] Sinhala Subtitles | දීපල්ලා මට අත් බෝම්බයක්! [සිංහල උපසිරසි]

Pluribus Sinhala Subtitles මේ පළවෙන්නේ Pluribus කතා මාලාවේ තුන්වැනි කතාංගයයි. පළමු කතා සමය කතාංග නවයකින් සමන්විත වෙන Pluribus කතා මාලාවේ කතාංග දෙකක් පසුගිය නොවැම්බර් 7 වැනිදා ඇපල් TV ඔස්සේ විකාශය වුණා වගේම මේ තුන්වැනි කතාංගය නොවැම්බර් 14 වැනිදා නිකුත් වුණා. ඒ වගේම ඉදිරියේදී හැම සතියෙම සිකුරාදාට එක්…

Pluribus Sinhala Subtitles

මේ පළවෙන්නේ Pluribus කතා මාලාවේ තුන්වැනි කතාංගයයි. පළමු කතා සමය කතාංග නවයකින් සමන්විත වෙන Pluribus කතා මාලාවේ කතාංග දෙකක් පසුගිය නොවැම්බර් 7 වැනිදා ඇපල් TV ඔස්සේ විකාශය වුණා වගේම මේ තුන්වැනි කතාංගය නොවැම්බර් 14 වැනිදා නිකුත් වුණා. ඒ වගේම ඉදිරියේදී හැම සතියෙම සිකුරාදාට එක් කතාංගය බැගින් විකාශය වෙන්නට නියමිතව තියෙන බවයි දැනගන්නට ලැබෙන්නේ. මේ වනවිට IMDb දර්ශකයේ 9/10ක අගයක් ලබාගෙන තිබෙන මේ ටෙලිනාට්‍යය, Rottentomatoes වෙබ් අඩවියේ 100%ක Tomatometer අගයක් වගේම 87%ක Popcornmeter අගයක් ලබාගන්නට සමත්ව තිබෙනවා. ඒ විතරක් නෙවෙයි TMDB අඩවියේ 89%ක Score අගයක් ලබාගන්නට සමත්ව තිබෙනවා. ඒ වගේම metacritic අඩවියේ ප්‍රතිචාර අනුව 86%ක ප්‍රසාදයක් ලබාගෙන තියෙනවා. එහෙනම් අද කතාව වෙත යොමුවෙමු.   අද පළ වන කතාංගය ගැන:
  • තුන්වැනි කොටස –  “Grenade” – “දීපල්ලා මට අත් බෝම්බයක්!” 
  • අධ්‍යක්ෂක – Gordon Smith
  • තිරරචනය –  Gordon Smith
  • මුල්වරට විකාශය කෙරුණු දිනය –  2025 නොවැම්බර් 14 
  • IMDb Ratings – 8.0/10
අද කොටසේ මොකද වෙන්නේ? මේ කොටස ආරම්භ වෙන්නේ අවුරුදු 7කට කළින් කැරොල් සහ හෙලන් හිමේ ගොඩනැංවපු අයිස් හෝටලයකට ගිය අවස්තාවක් ගැන ආවර්ජනයකින්. එතැනදී ඒ දෙන්නා අවුරෝරා බෝරෙලිස් නම් ධ්‍රැව ආලෝකය නරඹනවා. අනතුරුව වර්තමානයේ සිදුවීමට ඡේදනය වෙනවා. ඒ කැරොල් සහ සොසියා ආපසු ඇල්බකර්ක් වෙත ගුවන් යානයෙන් ගමන් කරන සිද්ධියකට. එතැනදී කැරොල් උත්සහ කරනවා පැරගුවේ වල සිටින මේ වෛරසයට ප්‍රතිශක්තියක් දක්වන පුද්ගලක් සම්බන්ධ කරගන්න.ඒත් ඔහු ඇයට ශාප කරනවා. ආපහු ගෙදර යන කැරොල්ට සොසියා ලබා දෙනවා හෙලන් විසින් ලබාදුන්න ත්‍යාගයක්. මේ වෙලාවේ කැරොල් මී වද මනසින් ඉල්ලන්නේ හෙලන් ගැන මතකයන් අමතක කරන ලෙසයි. ඒ අතරේ ඇය විහිලුවට කියනවා තමන්ට අත් බෝම්බයක් ගෙන එන ලෙස. ඒ වගේම මී වද මනස විසින් ලබා දුන්න උදේ ආහාරයක් ප්‍රතික්ෂේප කරලා සුපිරි වෙළඳ සැලට යනවා තමන්ට ඕනෙ විධියට කෑම හදාගන්න හිතාගෙන. ඒත් සුපිරි වෙළඳසැල මුළුමනින්ම හිස්! මී වද මානසිකත්වයෙන් යුත් ප්‍රජාව සුපිරි වෙළඳසැල වල සියලු භාණ්ඩ එකතු කරමින් වඩා ඵලදායිව භාවිතා කිරීමට ඒකාබද්ධ කරනවා. කැරොල් ඉල්ලන්නේ මේ වෙළඳ සැල නැවත පුරවන ලෙසයි. ඇයගේ ඉල්ලීම ඉටු වෙයිද? අනතුරුව සොසියා විසින් හදිසියේම කැරොල්ගේ නිවෙසට රැගෙන එන්නේ මොනවද? ඉන්පස්සේ මොකක් වෙයිද? මුල සිට අගටම කුතුහලය වැහෙන මේ කතාව නරඹලා මේ දේවල් දැනගන්න එහෙමනම් අද කොටසින්…. අපේ උපසිරැසි ගැන ඔබගේ වටිනා අදහස් උදහස් පහළ කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. එහෙම නම් තවත් සිංහල උපසිරැසියකින් ඔබ හමුවට එනතුරු ආයුබෝවන්! දිගටම බයිස්කෝප් අඩවියත් එක්කම රැඳි සිටින්න! ඔබට තෙරුවන් සරණයි!

The Monster of Florence Sinhala Subtitles

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEBRIP පිටපත සඳහා අදාළ වේ.

1,235 downloadsDownload Pluribus-S01E03.zip22 KB

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රබුද්ධ කේසර විතානගේ” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-02-26

SUBMAKER RATING BY ADMINS

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Pluribus Sinhala Subtitles

All BT1Next BT1

Subtitles by

ප්‍රබුද්ධ කේසර විතානගේ

Subtitles

1,235 downloadsDownload Subtitles22 KB

3 comments

  1. Buddhika laKMal

    ස්තූකියි පුබුද්ධ කේසර සහෝ සබ්එකට

  2. Anonymous

    Thanks Bro

  3. Sahan Gayantha

    thanks a lot Prabudda Kesara saho sub ekata