Presumed Innocent S01 sinhala subtitle ඉතිං යාලුවනේ… Presumed Innocent කතා මාලාවේ පලමුවෙනි කතා සමයේ පස් වෙනි කතාංගයට උපසිරැසි ගන්වලා ඔයාලට ගෙනාවා. මෙතෙක් කතාව ඔයාලට මතක ඇතිනේ… රස්ටි, ටොමී සහ කැරොලින් එකම තැනක නීතිඥයන් විදිහට වැඩ කරන තුන් දෙනෙක්. ඒ අතරේ රස්ටි සහ කැරොලින් අතර යම් විදිහක සම්බන්ධයක් ඇත…

Presumed Innocent S01 sinhala subtitle

ඉතිං යාලුවනේ… Presumed Innocent කතා මාලාවේ පලමුවෙනි කතා සමයේ පස් වෙනි කතාංගයට උපසිරැසි ගන්වලා ඔයාලට ගෙනාවා. මෙතෙක් කතාව ඔයාලට මතක ඇතිනේ… රස්ටි, ටොමී සහ කැරොලින් එකම තැනක නීතිඥයන් විදිහට වැඩ කරන තුන් දෙනෙක්. ඒ අතරේ රස්ටි සහ කැරොලින් අතර යම් විදිහක සම්බන්ධයක් ඇති වෙනවා. ඒත් කවුරුවත් නොහිතපු විදිහට කැරොලින් අමානුෂික අන්දමින් ඝාතනයට ලක් වෙනවා. හැමෝම හිතන්නෙ මේක කරේ රස්ටි කියලා.

ඉතිං කැරොලින් පොල්හේමස් නැමති කාන්තාව ඝාතනය කිරීම සම්බන්ධයෙන් වන නඩුව අද තමයි පළවෙනි වතාවට උසාවියේදි විභාගයට ගැනෙන්නේ. අද කොටස තියෙන්නේ නඩුවේ පළවෙනි දිනයට මුහුණ දෙන්න රස්ටි සැබිච් සහ ඔහුගෙ නීතිඥයා වන රේමන්ඩ් විසින් සූදානම් වන ආකාරය සහ රජයේ පාර්ශවය වෙනුවෙන් පෙනී සිටින ටොමසිනෝ මෝල්ටෝ හෙවත් ටොමී විසින් මේ නඩුව ඉදිරියට ගෙනියන්න සූදානම් වන ආකාරය ගැන. මෙතනදි රේමන්ඩ් ඇත්තටම හිතනවා රස්ටි නිර්දෝෂීයි කියලා. ඒත් ‍ටොමී ඒක ඒ විදිහට දකින්නෙ නෑ. 

රස්ටි මේ වෙනකොට නිර්දෝෂීයි කියලා ඔප්පු කරන්න තරම් සාක්ෂි නෑ. හැබැයි රස්ටි මේ ඝාතනය කලා කියන්න යම් ප්‍රබල සාක්ෂි වගයක් තියෙනවා කියලා තමයි  ටොමී කියන්නෙ. ඉතිං යාළුවනේ, කැරොලින් පොල්හේමස් ඝාතන නඩුවේ පළමු දිනය මොන වගේ වේවිද කියලා කතාව බලලම දැනගන්න. හැමෝටම ජය වේවා.

Presumed Innocent S01 sinhala subtitle


 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

922 downloadsDownload Presumed-Innocent.S01E05.zip21 KB

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනිඳු සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2025-03-02
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1

All BT1

 

Presumed Innocent S01 sinhala subtitle

Subtitles by

දිනිඳු සම්පත්

Subtitles

922 downloadsDownload Subtitles21 KB

3 comments

  1. Buddhika laKMal

    බොහෝම ස්තූතියි දිනිදු සම්පත් සහෝ උපසිරැසියට

  2. Vivek

    Thank you so much

  3. Viraj

    Thanks