Watch Trailer

Daredevil: Born Again [S01 : E01] Sinhala Subtitles | යක්ෂයාගේ පුනරුප්පත්තිය [සිංහල උපසිරසි]

Daredevil: Born Again [S01 : E01] Sinhala Subtitles සුපුරුදු පරිදි Marvel රසිකයන්ව අදත් පිළිගන්නවා අලුත්ම මාවල් සීරිස් එකකට. මේ අරගෙන එන්නේ Daredevil: Born Again කතා මාලාවේ පළවෙනි කතාංගයේ සිංහල උපසිරසි. ඉතින් විභාග වැඩ එක්ක ටිකක් කාර්යබහුල වුණු නිසා මේක ගේන්න ටිකක් පරක්කු වුණා. ඒත් මේක උපසිරසි තිය…

 

Daredevil: Born Again Sinhala Subtitles

සුපුරුදු පරිදි Marvel රසිකයන්ව අදත් පිළිගන්නවා අලුත්ම මාවල් සීරිස් එකකට. මේ අරගෙන එන්නේ Daredevil: Born Again කතා මාලාවේ පළවෙනි කතාංගයේ සිංහල උපසිරසි. ඉතින් විභාග වැඩ එක්ක ටිකක් කාර්යබහුල වුණු නිසා මේක ගේන්න ටිකක් පරක්කු වුණා. ඒත් මේක උපසිරසි තියෙන්නම ඕන සීරිස් එකක් නිසා කොහොම කොහොම හරි ටික ටික ඉවර කරලා ඔන්න අරගෙන ඇවිත් තියෙනවා.

2015 දී Netflix හරහා නිකුත් වුණු Daredevil කතා මාලාව ගැන හුඟක් අය දන්නවා ඇති නේ. ඒක සලකන්නේ එදා මෙදා තුර නිකුත් වුණු හොඳම සුපිරිවීර කතා මාලාවලින් එකක් විදියටයි. සීසන් තුනකින් සමන්විත මේ කතාමාලාව බලලා තියෙනවා නම් ඒ ඇයි කියලා අමුතුවෙන් පැහැදිලි කරන්න දෙයක් නෑ. මම අද වෙනකන් ඒ තරම් ගැඹුරින් චරිතයක් explore කරපු සුපිරිවීර සීරිස් එකක් තාම බලල නෑ. කොහොම හරි, මේ කතාමාලාව 2018 වසරෙදී තුන්වෙනි සීසන් එකත් සමඟින් අවසන් වුණා. සීසන් තුනකින් කැන්සල් කරනකොට හතරෙවෙනි සහ පස්වෙනි සීසන් එකකුත් සැලසුම් කරල තිබිල තියෙනවා. ඉතින් මේ නිසා ලෝකෙ වටේ ඉන්න සුපිරිවීර රසිකයින් බොහොම කණගාටුවට පත් වුණු බව අමුතුවෙන් කියන්න ඕන නෑනේ.

මේ අතරේ 2021 වසරේදී කෙවින් ෆයිගි ප්‍රකාශ කරනවා Daredevil ව ඉදිරි Marvel ප්‍රොජෙක්ට්ස්වලින් අපට දකින්න පුළුවන් වේවි කියලා. කිව්වත් වගේ අපට Matt Murdock ව Spider-Man: No Way Home හරහාත්, Kingpin හෙවත් Wilson Fisk ව Hawkeye ටීවි සීරිස් එක හරහාත් දැකගන්න පුළුවන් වුණා. මීට අමතරව Echo ෂෝ එකේත් අපි එයාලව දැක්කා. මේ අතරේ මාවල් නිවේදනය කරා Charlie Cox සහ Vincent D’Onofrio එක්ක Daredevil: Born Again නමින් අලුත් සීරිස් එකක් නිෂ්පාදනය වෙමින් පවතින බව.

ඒත් ෆෑන්ස්ලා මේ ගැන වැඩි ප්‍රසාදයක් පෙන්නුවේ නෑ. ඒකට හේතුව තමයි ඒ වෙනකොට මාවල් සීරිස්වල කොලිටිය අඩුවෙමින් පැවතීමත්, පරණ කාස්ට් එක ආපහු එන්නේ නෑ සහ ඔරිජිනල් ඩෙයාඩෙවිල් රචක කණ්ඩායම අලුත් සීරිස් එක රචනා කරන්න කැමැත්ත පළ කළත් එයාලව ප්‍රතික්ෂේප කිරීම වගේ දේවල් කීපයක් නිසා. අන්තිමට Marvel ලට තමන්ගේ වැරැද්ද තේරිලා, TV show වල කොලිටිය වැඩි කරන්න Marvel Television සහ Marvel Animation sub-brands දෙක නිර්මාණය කරන්න Daredevil: Born Again කතා මාලාව හේතුවක් වුණා. ඒවගේම ඒ වෙනකන් කරල තිබුණු වැඩ ඔක්කොම අයින් කරලා, Frank Miller විසින් රචිත “Born Again” comic එක පාදක කරගෙන, පරණ කාස්ට් එකත් එක්කම ආපහු මුල ඉඳන්, අලුත් කණ්ඩායමක් එක්ක සීරිස් එක හදන්න ගත්තා.

ඉතින් අවුරුදු 2කට ආසන්න කාලයක් එනකන් ඇඟිලි ගැන ගැන හිටපු සීරිස් එක්ක ඔන්න නිකුත් වෙලා තියෙනවා. පළවෙනි සහ දෙවෙනි එපිසෝඩ් දෙක එකට නිකුත් වුණා. ඉතුරු එපිසෝඩ් ටික සතිපතා නිකුත් වීමට නියමිතයි (5 සහ 6 වෙනි එපිසෝඩ් දෙකත් එන්නේ එකට). Netflix සීරිස් එකේ කොලිටිය ගන්න මේ සීරිස් එකට පුළුවන්කමක් තියේවිද? නැත්නම් මේකත් තවත් එක නරක මාවල් සීරිස් එකක් වේවිද? සීරිස් එක බලලා ඒක තීරණය කරන එක ඔයාලට බාරයි.

එහෙම නම්, අපි ආයේ හතරවෙනි එපිසෝඩ් එකෙන් හමුවෙමු. මේ ටිකේ විභාග වැඩ එක්ක හිර වෙලා ඉන්න නිසා දෙවෙනි සහ තුන්වෙනි එපිසෝඩ්වල සිංහල උපසිරසි අපේ නිර්මාල් අයියා ඔයාලට අරගෙන ඒවි. ඒවගේම කියන්න ඕනේ Invincible සහ YFNSM කතා මාලාවලට උපසිරසි දෙන එක නතර කරලා නෑ. හැකි ඉක්මනින් ඒවටත් ගේනවා. එහෙනම්, අපි ආයේ හමුවෙන තුරු, පීස් ✌️.

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

3,947 downloadsDownload Daredevil-Born-Again-S01-E01-Sinhala-Subtitles.zip29 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සනුප රන්මෙත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2021-08-01
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

 

All BT1Nxt Season BT12

Subtitles

3,947 downloadsDownload Subtitles29 KB

21 comments

  1. Kavinda Robertson

    shaaaaaaaaaaaa niceee thnk you ,, Reacher ekatath sub denna bro

  2. sathesha

    meka danakan balan hitiya thank you ....puluwannam dune prophecy , day of the jackal ekatai sinhala sub gennna

  3. goddd

    bosa wayasa kiyada bn?? taraha natiwa kiyanawako <3

  4. Buddhika laKMal

    තෑන්ක්ස් මල්ලි මේකට සබ් දෙනවට

  5. KM

    invincible eke itiri episodes tikata sub denne nadda

    1. Nirmal Vimukthi

      ඉක්මනින්ම දෙනවා සහෝ...

  6. Kesara Withanage

    සිංහල උපසිරසියට ස්තුතියි මල්ලි.
    ජයවේවා!

  7. RANAA

    Spider man eke ithuru tika dila innako

  8. Viraj

    Thanks

  9. Namal

    මගින් අතුරුදන් වෙන සීරීස්

    1. Nirmal Vimukthi

      නැහැ නැහැ ඉක්මනටම දෙනවා..

  10. Kavinda Robertson

    ep3 avillaaaaaaaaaaaaaaaaa aiyooooooo

    1. Nirmal Vimukthi

      ඉක්මනට දෙනවෝ...

  11. Sahan Sahan

    anith epi tikatath ikmanata denna.EP 3th awith dawas 4k withara wenawa

  12. Dilshan

    Bro invincible series එකේ ඉතුරු episode ටිකටත් sub ගෙන්නකො බං ... හොදම තැනින්නේ සබ් ගේන එක නතර කරලා තියෙන්නේ

  13. Akila madhushan

    InvInvincible ithuru tikata sub gennadda aiyooooo.....

  14. Sachith

    Reacher.S03
    Dune Prophecy. S01

    Mewata Sub Denna Puluwan da

  15. Nimesh Darshana

    Thanks saho

  16. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    ඉදිරියටත් ගුණාත්මක සිංහල උපසිරැසි නිර්මාණය කිරීමට ශක්තිය, ධෛර්යය ලැබේවා…!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..❤

  17. Ishan Madusha

    බොහොම ස්තූතියි උපසිරැසියට.

  18. Sahan Gayantha

    thanks a lot brother sub ekata

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.