Watch Trailer

Prison Break: Resurrection [S05 : E02] with Sinhala Subtitles | එලියට නොගත් තුරුම්පුව.. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද හැම කෙනෙක්ටම. කට්ටියම බැන බැන ඇති නේද? අවුරුදු අස්සේ වැඩ එක්ක දවස් දෙක තුනක් පමා උනා සමාවෙන්න ඕන ඒකට, ගිය සුමානේ කිව්වා වගේ කිනාට මේක බාරදුන්නත් ආයේ උබම කරපන් මට වැඩ එක්ක දැන් ඕක කරන්න අමාරුයි බන් කියල මගේ කරේම එල්ලුව. ආයේ මොනාද අවුරුදු වැඩ අස්සේ පොඩ්ඩක් පමා වෙලා ඔන්න ගෙනාව දෙවැනි එපිසෝඩ් එක…

කොහොමද හැම කෙනෙක්ටම. කට්ටියම බැන බැන ඇති නේද? අවුරුදු අස්සේ වැඩ එක්ක දවස් දෙක තුනක් පමා උනා සමාවෙන්න ඕන ඒකට, ගිය සුමානේ කිව්වා වගේ කිනාට මේක බාරදුන්නත් ආයේ උබම කරපන් මට වැඩ එක්ක දැන් ඕක කරන්න අමාරුයි බන් කියල මගේ කරේම එල්ලුව. ආයේ මොනාද අවුරුදු වැඩ අස්සේ පොඩ්ඩක් පමා වෙලා ඔන්න ගෙනාව දෙවැනි එපිසෝඩ් එකත්. තව එපිසෝඩ් හතයි. ගියසුමානේ මම කිව්වනේ මේක ස්පින් ඕෆ් එකක් කියල. ඉතිං හැමෝටම ඕක ගැටළුවක් වෙලා තිබ්බ. IMDB වෙබ් අඩවියේ කියන විදියට මේක මිනි සිරිස් එකක්. ඒ කියන්නේ මේකේ ඉදිරි සීසන් එකක් එන්නේ නෑ. කතාව මෙතනින් ඉවරයි. ඔව් ඉතිං දුකයි තමා. හැබැයි හොඳ දේවල් මෙහෙම පොඩ්ඩක් ලැබෙනකොට අගේ වැඩි මම හිතන්නේ. ඒ වගේම කියන්න ඕන මේ වෙද්දී කතාවට imdb 9.4ක ඉහල අගයක් ලැබිල තියනව, ඒ වගේම හොඳම ටීවී සිරිස් අතර 25වෙනි තැන මේ වෙද්දී රැඳිල ඉන්නව. 😀 හැබැයි මේ කතාව සාර්ථක වෙලා වැඩේ පත්තු උනොත් මේ විදියට මිනි සිරිස් එකෙන් මයිකල්ව කතාවට ආයේ ගෙනල්ල, ආයේ මොකක් හරි වැඩකට කොටු කරවල සිසින් සික්ස් කියල තව එකක් ගහන්න බැරි කමක් නම් නෑ. අද එපිසෝඩ් එකටත් imdb 9.1ක් වගේ ඉහල අගයක් සමගින් US විවර්ස්ල මිලියන 3.18කුත් ඉන්න එකේ කතාව නැගලා යන පාටයි ඉස්සර වගේම 😀

ඉතිං ගිය සුමානේ කොටසින් දකින්න ඇතිනේ හොඳම හරිය. ටි බෑග්ට විශේෂ සැලකිල්ලක් යටතේ නිදහස හම්බවෙනවා, ඒ විතරක් නෙමේ මයිකල් ස්කොෆිල්ඩ් ජිවතුන් අතර ඉන්නවා කියල ඉඟියක් සහිත පොටෝ එකකුත් ලැබෙනවා, ඒ විතරක්නම් මදැයි මිනිහ දැන් අර්ධ රොබෝ කෙනෙක් වගේ දැන් මිනිහ එක්ක සෙල්ලම් කරන්න හම්බෙන්නේ නැතිවෙයි වෙනද වගේ. හැබැයි සුපුරුදු පරිදි මයිකල්ටනම් මේ පාරත් ඒ හැටි හොඳක් නෑ. සාරා නැවත විවාහ වෙලා ඒ මදිවට යෙමනේ සානා කියන හිර ගෙදරක ත්‍රස්තවාදියෙක් හැටියට සිරග්තවෙලා ඉන්නේ. ටි බෑග් හරහා මයිකල් ගැන දැනගන්න ලින්කන් මයිකල්ව හොයාගෙන යේමනයට යනව. සහයට සී නෝට් සහ සුක්‍රේ එකතු වෙන්න එනවා. මේ වෙනකොට ලින්කන් – මයිකල් ඇරෙන්න අනිත් ගැන්සියම හොඳට ඉන්න පාටයි. සුක්‍රේව ආපහු යවන ලින්කන් සි නොට් එක්ක යේමනයට යනවා. හැබැයි මයිකල් කියනවා ලින්කන්ව අඳුරන්නේ නෑ එයා මයිකල් නෙමේ අවුටිස් කියන ඉස්ලාමිය ත්‍රස්තවාදියා කියල. හැබැයි තවම සුපුරුදු සට කපට ගමන එහෙමමයි. මේ හැම දේම පිටිපස්සේ ලින්කන්, සාරා ඝාතණ තැතකුත් දියත් වෙනවා. මේ හැමදේම පිටිපස්සේ ඉන්නේ කවුද ? මයිකල්ට මේ වතාවේ මොනවද වෙලා තියෙන්නේ කියල අද කොටසින් සහ ඉදිරි කොටස් වලින් දැනගමු අපි. ලබන සුමානේ වෙලාවට අරගෙන එන පොරොන්දුව පිට සමුගන්නවා.

ප.ලි : FBI නියෝජිත ඇලෙක්සැන්ඩර් මහෝන් නැති අඩුව මට විතරද දැනෙන්නේ ? :/

උදාවන්නා වූ  සිංහල හින්දු නව වසර සියලුම දෙනාට ටීවී සිරිස් සහ උපසිරසි වලින් ඉතිරේවා 😀

 

Shut In (2016) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසිය HDTV පිටපත් සඳහා අදාළ වේ.

7,904 downloadsDownload Prison-Break-5x02.zip28 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/03/vima-1478.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [විමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1

All BT1

Next BT1

Subtitles by

ශාන් විමුක්ති [විමා]

Subtitles

7,904 downloadsDownload Subtitles28 KB

127 comments

  1. thisura godage

    hmmo thank you maye deyyo.

  2. Sanindu Lakkitha

    බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට...
    ජය වේවා..බුදුසරණයි..

  3. shanka

    ආසයි අහ් විමා සුබ අලුත් අවුරුද්දක් වේවා ඈ

  4. yasitha

    Digatama sub denna machow. suba alut auruddak wewa...!!!!!

  5. w a thilak

    අලුත් අවුරුද්දට වැඩ ඇල්ලුවේ මේක බාගෙන

  6. Sachira Welikala

    දෙනකම් ඉවසිල්ලක් නැතුව හිටියෙ සුබ අලුත් අවුරුද්දක් වේවා.

  7. Chinthaka Bandara

    අම්මා... එල එල... මං මේ ඉවසිල්ලක් නැතුව පේජ් එක රිෆ්‍රෙෂ් කර කර හිටියා. ඇති යාන්තම්. ජය වේවා සහෝ... සබට ස්තූතියි. වැඩි වැඩියෙන් සබ් දෙන්න ලැබේවා!!! ඒ වගේම අලුත් අවුරුද්ද ජයෙන් ජයම වේවා!!!

  8. Ashan Iranga

    thx for the sub bro ;)

  9. නිරෝෂ්

    //FBI නියෝජිත ඇලෙක්සැන්ඩර් මහෝන් නැති අඩුව මට විතරද දැනෙන්නේ ? :/// ඇයි මට. සබට තෑන්ක්ස් විමා.ජයවේවා !

    1. SAJITH UDITHA

      ඇයි මට!

  10. AWNCK

    Thanks bro.... Happy new year bro...

  11. Alt

    Elaama brow! Supiri aluth awuruddk krgamu! Thanks

  12. Ishan

    Dan thamai sihiya awe
    ස්තූතියි! ජයින් ජය

  13. Kapila

    Obala Siyalu Denatama Samaya Sathuta Sawbagya Sapiri Subama Suba Aluth awruddak Wewa....

  14. Sachira Welikala

    unable to parse the subtitle file syntax error at line 2537:''

    මෙහෙම එරර් එකක් කාටවත් ආවෙ නැද්ද

    1. උදය කුමාර

      KM Player එකෙන් බලන්න. වැඩේ හරියයි කියල හිතනව.

  15. Kasun Chathuranga

    Happy new year Bro & thanks for the sub!!! :D :D

  16. උදය කුමාර

    යහපත් බලාපොරොත්තු ඉටුවන සුභ අලුත් අවුරුද්දක් වේවා! සබ් එකට බොහෝම ස්තුතියි. ජයවේවා ..!

  17. chameera

    suba nava vasarak wewa.......jaya wewa..

  18. Pasindu

    සබ් එකට බොහොම ස්තූතියි. මේ සීරීස් එක ගැන කියන්න ඕන නෑ නේ ඒක හින්ද අපි එපියක් රිලීස් උන ගමන් ඩවුන්ලෝඩ් කරගෙන බලනව. ඒක හින්ද පුලුවන් තරම් ඉක්මනට සබ් එක දෙන්න කියල ඉල්ලනවා.
    සුභ නව වසරක් වේවා බයිස්කෝප් සෙට් එකටම. <3

  19. Buddika

    Happy new year gyz..aluth awrudde mekata sub eka dunnata thnx machn

  20. kushan

    suba aluth auruddak wewa...
    digatama karan yanna...
    puluwan tharam ikmanata sub denna balanna...
    thanx wewa......

  21. Kemal Harshan

    කට්ටියටම සුභ අලුත් අවුරුද්දක් වේවා..!!!
    තෑන්ක්ස් සබ් එකට...

  22. Tharindu

    ඇති යන්තං... තෑන්ක්ස් සබ් එකට.. හැමෝටම සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා..!!!

  23. Pubudu

    තද තද bro..
    සුපිරි වැඩක්..thankz.!
    හැමෝටම ජය වේවා...!

  24. Kantha_DLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    -----ස්තූතියි-----

    නව වසර සුබම සුබ නව වසරක් වේවා!

  25. එල්.සී. දමැල්

    THannnkks Vimaa

  26. PASINDU DIXON

    උපසිරැසි ලබාදෙන ඔබටත්,බලන අයටත් සුභම සුභ අලුත් අවුරැද්දක් වේවා..........

  27. ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි සහෝ
    සුබ අලුත් අවුරුද්දක් වේවා!

  28. ඉසුරු උපේන්ද්‍ර

    ස්තූතියි!
    සුපිරියි සහෝ

  29. damien

    Niyamai mcn

  30. Ravindu Rukshan

    thx

  31. Lakmal

    Thnx for the sub. .please release sub fast.

  32. ruchira sineth

    tanx

  33. harsha

    බොහොමත්ම ස්තූතියි සබට. ඒක ගත්තා ජයවේවා

  34. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
    VIMA saho obatath,….Labuwau nawa wasara
    kiriyen peniyen piri,
    samaya sathuta raja karana,
    leda dukin thora,
    wedi wediyen lebena,
    Suba Aluth awruddak wewa……

  35. podda

    tnx bn weda asse mewa karanawata. Obat subama suba nawa wasarak wewa!!!!

  36. Ravin

    Thanks for the Sub

  37. mindika

    Thanks !!!!!!!!!!!!

  38. Bhanuka

    sabata bohoma sthuthi...,

  39. Chalana

    thnx bro...

  40. asiri

    unable to parse the subtitle file syntax error at line 2537:”
    mehama ekka enwa nnwoo

  41. Kasun Widusha

    Tnx mcn

  42. Udara Damith B/K

    උදාවන්නා වූ සිංහල හින්දු නව වසර සියලුම දෙනාට ටීවී සිරිස් සහ උපසිරසි වලින් ඉතිරේවා
    උපසිරසට ස්තුතියි
    මන් හිතුවේ එයා පස්සේ කොටසකට එයි කියලා ....
    ...............................
    තව සීසන් එකක් ඉක්මනට හදන්ඩ කියලා අලුත් අවුරුද්දේ පතමු අපි එහෙනම්

  43. pramuk

    thanxxx bro

  44. Sudheera Kasun

    Thanks And Happy new year bro

  45. Ravi

    tHANK YOU WEWA!!!!!!!!!!!

  46. Pubudu Ariyarathna

    Sub ekata thanx sahoo.. next sub ekath ikmanatama hambei neee?

  47. ranil danushka

    Deiyo Meka net ekata dapu gamanma wage sub eka dipan API balan Innawa yakooooo

  48. මේනක...

    thanx 4 sub suba aaluth auruddak veva........................

  49. SAJITH UDITHA

    Alex Mahone නැතුවනං කතාව පාළුයි කියලා මටත් තදටම දැනුනා.. ඊලග එපියකින්වත් දකින්න ලැබෙයි කියලා හිතුවා ඒකත් හරියන එකක් නෑ වගේ.... anyway.. සබ් එකට බොහෝම ස්තුතියි. ආයෙනං මේවගේ වටින කතාවක සබ් එක පරක්කු කරන්ඩ එපා... මං Prison Break පිසසෙක්!!!!

  50. Ruwan Rasanga

    Esema veva.! Thanks Bro

Load more comments