ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ Quantico දෙවන කතා මාලාවේ 22 වැනි කොටස. එහෙමත් නැත්නම් අවසන් කොටස. මේ කතාමාලාවේ නතර වෙලා තිබුණ කොටස් කිහිපය අපි කිහිපදෙනෙක් එකතුවෙලා කරපු නිසා තවත් ප්‍රමාද නොකර ඉක්මණින් දෙන්න හැකිවුණා. ඉතිං පසුගිය කොටස ගැන කියනවනම් ජනපති Roarke ඇතුළු පිරිසගේ අන්තිම සැලැස්ම දැනගැනීම සදහා ඇ…

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ Quantico දෙවන කතා මාලාවේ 22 වැනි කොටස. එහෙමත් නැත්නම් අවසන් කොටස. මේ කතාමාලාවේ නතර වෙලා තිබුණ කොටස් කිහිපය අපි කිහිපදෙනෙක් එකතුවෙලා කරපු නිසා තවත් ප්‍රමාද නොකර ඉක්මණින් දෙන්න හැකිවුණා.
ඉතිං පසුගිය කොටස ගැන කියනවනම් ජනපති Roarke ඇතුළු පිරිසගේ අන්තිම සැලැස්ම දැනගැනීම සදහා ඇලෙක්ස් ඔවුන් සමග එක්වී වැඩ කරන බවට අගවනවා. ඒ වගේම FBI එකෙන් සැගවිලා රයිනා, ෂෙල්බි සහ රයන් තවමත් බංකරය තුළ සිටිනවා. ජනපති Roarke ඇතුළු පිරිස ඇමරිකාවේ සිටින මුස්ලිම් මිනිසුන් ත්‍රස්තවාදීන් බවට පත්කිරීමට උඩුගුවනේදී ගුවන් යානා පැහැරගෙන ඒවා විනාශකිරීමට සලස්වා එයට මුස්ලිම් මිනිසුන් සම්බන්ධ කරමින් තවත් 9/11 ප්‍රහාරය වැනි ප්‍රහාරයක් දියත් කිරීමට සැලසුමක් ක්‍රියාත්මක කරන බවට ඔවුන් සොයාගන්නවා. ඒ වගේම ඉතිං මෙම ගුවන් යානා පහළට ගෙන ඒම සදහා හදිසි ඇමතුම් සහ ප්‍රතිචාර දැක්වීමේ කේතයන් ඔවුන්ට අවශ්‍ය වෙනවා. ඒ වගේම ඒවා “ක්ලේ” ගේ මාර්ගයෙන් ඔවුන්ට ලබාගත හැකි වුවත් FBI එකෙන් සොයන නිසා ෂෙල්බිට පිටතට යා නොහැකි වෙනවා. නමුත් රයිනා තමන්ගේ සහෝදරිය සිටින තැන ගැන දැනගැනීමට සහ ෂෙල්බි හට එම අවස්ථාව රැගෙන දීමට හිතා මතාම FBI එක වෙත භාර වෙනවා. ඉතිං කොහොමෙන් කොහොම හරි කස්ටිය ගුවන් යානා විනාශ කිරීමේ ඔවුන්ගේ සැලැස්ම ව්‍යර්තකර දමමින් එම ගුවන් යානා සියල්ල නිරුපද්‍රිතව නැවත ගොඩබිම වෙත ගෙන ඒමට සමත්වෙනවා. ඒ වගේමමෙම සිදුවීම නිසා ඇලෙක්ස් ඔහුට විරුද්ධව ක්‍රියාකරන බව ජනපති Roarke දැනගන්නවා. නමුත් ඔවුන් නොසිතන පරිදි ඔවුන් සියළුදෙනාවම ජනපති මැදුර වෙත ගෙන්වා එම ත්‍රස්තවාදී ක්‍රියාව නතර කිරීම වෙනුවෙන් මාධ්‍ය වේදීන් ඉදිරිපිටදී ඔවුන් හට ජනපති Roarke ප්‍රසංසා කරනු ලබනවා. ඒ වගේම ඇමරිකාව ආරක්ෂා කිරීමට CIA සහ FBI ය ඒකාබද්ධ කරමින් නව කාර්යාංශයක් ආරම්භ කරන බව පවසනවා. ඒ වගේම එයට අදාල ව්‍යවස්ථාදායක පනත දින 100 යකින් සම්මත කරගන්නා බව ටද පවසනවා.
මේ කොටසේදී ඇමරිකානු ජනතාවට හානිදායක වූ එම ව්‍යවස්ථාදායකය කෙසේ හෝ පරාජය කරදැමීමට ඇලෙක්ස් ඇතුළු පිරිස සැලසුම් සකස් කරනවා. ඉතිං ඔවුන්ට එම ව්‍යවස්ථාදායකය පරාජය කළ හැකිවේවිද? එහෙමත් නැත්නම් ජනපති Roarke එම ව්‍යවස්ථාදායකය ජයග්‍රහණය කරාවිද? එහෙනම් අවසන් කොටසත් නරඹන්න කියල ආරාධනා කරනවා. ඒත් ගොඩක් අය මේක දැනටමත් නරඹලා ඇති කියල හිතනව. එහෙනම් තවත් උපසිරැසියකින් නැවත හමුවෙන තුරු හැමදෙනාටම.
සුබ දවසක්……..!!!!!!!
Due to copyright issues, we do not provide any torrent links.
Quantico.S02E22.720p.HDTV.x265.ShAaNiG
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.
1,733 downloadsDownload Quantico-S02E22.zip41 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/10/1257823.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රසිත ප්‍රදීප්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<<Previous Episode All Episodes Next Season >>
Subtitles by
රසිත ප්‍රදීප්
Subtitles
15 comments
losaka
Eranga Sandaruwan
බෝම ස්තූතී බ්‍රෝ..
ඕන් ඒනම් දැන් බලන්න ගන්න ඕන.Rasindu V. Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්....
කොහොම කාරී මග නවත්තන්නේ නැතිව ඉවර වෙනකන් දුන්න එක ලොකු දෙයක්..සනිඳු ලක්ඛිත
මග නතර වෙලා තිබ්බ මේ සීසන් එක සම්පූර්ණ කරලා දුන්නට සහෝල ඔක්කොටම බොහොම පිං..තවත් උපසිරැසියකින් හමුවෙමු..බුදුසරණයි..ජය වේවා..!
Kulanjana Maduranga
thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
RukmalM
Thanks saho..jaya!
Kasun Andy Doo
Seasons 1, 2 sub maru. Seasons 3 karamuda yalu
udesha
saho dila thiyan sub tiknm supiri puluwnnm season 3 ekth dennko
udesha
sahoo puluwannm ilaga season ekath ikmntm sub dennko
Naara
Season 3 ekath dennko.deepu sub walata ස්තුති ❤
isuruchamath56
ස්තුතියි සබ් එකට, සීසන් 3 එකටත් සබ් දෙන්න බලන්න පුළුවන් නම් episodes 13ම ඇවිත් තියෙන්නේ..
pradeepjayalath
අනේ සහෝ season 03 episode 13 ම අවිත්... අපිව අතරමං කරන්න එපා........ බ්‍රෝ......
Dilscoop
ane bro season 3 ekata sub dennako plz
Harindu Dinujaya
Anee Please Season 3 sub dipllaakoo
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

Thank you