නෙට්ලිෆ්ලික්ස් අලුත්ම වැල කතා මාලාවේ හත්වැනි කොටසේ උපසිරැසිය තමයි මේ විදියට අරගෙන ආවේ. අනිවාර්යයෙන්ම මේ කතාව පටන් ගනිද්දිම දුන්න උපදෙස් පිළිපදින්න ඇති කියලා හිතනවා. ආයෙත් කියන්න තියෙන්නේ, පවුලේ සාමාජිකයින් එක්ක මේ සීරීස් එක බලන්න එපා. ඒ වගේම ශබ්දය ගැනත් ප්‍රවේශම් වෙන්න. රානා අවුරුදු 15කට පස්සෙ හයිද…

නෙට්ලිෆ්ලික්ස් අලුත්ම වැල කතා මාලාවේ හත්වැනි කොටසේ උපසිරැසිය තමයි මේ විදියට අරගෙන ආවේ. අනිවාර්යයෙන්ම මේ කතාව පටන් ගනිද්දිම දුන්න උපදෙස් පිළිපදින්න ඇති කියලා හිතනවා. ආයෙත් කියන්න තියෙන්නේ, පවුලේ සාමාජිකයින් එක්ක මේ සීරීස් එක බලන්න එපා. ඒ වගේම ශබ්දය ගැනත් ප්‍රවේශම් වෙන්න.
රානා අවුරුදු 15කට පස්සෙ හයිද්‍රාබාද් වලට යන්න ලැහැස්ති වෙනවා. හයිද්‍රාබාද් වල නිලියක් වුණ නෛනා එයාගේ වෘත්තීය ජීවිතය කැප කරලා මුම්බායි වලට ආවේ. රානා එයාගේ පවුලෙ කාටවත්ම හයිද්‍රාබාද්වලට යන්න දුන්නෙ නැහැ. හදිසියෙම එජාස් නාගාව හමුවෙන්න එනවා. ප්‍රින්ස් එක්ක හමුවක් ලැහැස්ති කරන්න කියලා ඉල්ලනවා. හයිද්‍රාබාද්වලට පය ගහන රානා සූරියාගේ මිනිස්සුන්ගෙන් සූරියා ඉන්න තැනක් ගැන විමසනවා. ඔය අතරෙදි නාගා ප්‍රින්ස්ව හමුවෙන්න යනවා. ඒ එජාස්ට ප්‍රින්ස් ගැන තොරතුරු ලබාදෙන පොරොන්දුව පිට. නිකන්ම නෙවෙයි එජාස් රහසිගත මයික් එකක් නාගාට දෙනවා. හයිද්‍රාබාද් ඉන්න රානාටත් නාගා ප්‍රින්ස්ව හමුවෙන්න ගිය ආරංචිය ලැබෙනවා. ප්‍රින්ස් නාගා එක්ක හෙමින් හෙමින් කතා බහකට වැටෙනවා. කොහොමින් හරි නාගා කාරණාවට බහිනවා. ඒ රානා, නාගාව අහුකරලා හිරේට යවපු, ප්‍රින්ස් කරපු මිනීමැරුම ගැන. ප්‍රින්ස් නාගාව මඟහරින්න හදනවා කියලා තේරුණ නිසා නාගා, ප්‍රින්ස්ව අරක්කු ටිකක් බොන්න එකඟ කරගන්නවා. ප්‍රින්ස් මත් වෙද්දි නාගා, එදා වුණ සිද්දිය ගැන අහනවා.
අවුරුදු 15කට කලින්… ප්‍රින්ස් OBගේ අරයුමකට මුම්බායි වලට යන්න ලැහැස්ති වෙනවා. ඒ වෙනුවෙන් ජයටම සාදයක් ලැහැස්ති කරලා තිබුණා. ප්‍රින්ස්ගේ ආරක්ෂකයා විදියට මුම්බායි යන්න රානාට කතා කරනවා. රානාගේ ලොක්කා වුණේ සූරියා, රානාගේ ලොකු තාත්තා. රානා සූරියාගෙන් මුම්බායි යන්න අවසරය ඉල්ලනවා. ඒත් සූරියා රානාට මුම්බායි යන්න දෙන්නෙ නැහැ. මේ අස්සෙදි නාගා සූරියාගෙන් රු. කෝටි. 1ක් හොරකම් කරලා තියෙනවා. රානාට නාගා ගැන ලොකු බියක් තිබුණා. නාගාගෙන් ගැලවිලා එයාගේ සහෝදරයෝ එක්ක මුම්බායි යන්න සැලසුම් කරලා තිබුණා. ප්‍රින්ස්ගෙන් කිහිප වාරයක්ම රානාව මුම්බායි එක්කගෙන යන්න කියලා ඉල්ලනවා. සාදය අතරෙදි නාගා ප්‍රින්ස්ට තුවක්කුවක් දෙනවා. මත්ද්‍රව්‍ය පාවිච්චි කරලා හිටිය ප්‍රින්ස් තුවක්කුව ලෝඩ් කරලා තියෙනවා කියලා නොදැන හිතෙන හිතෙන අතට වෙඩි තියන්න ගත්තා. හරියටම එතැනට එන දියාට එයින් උණ්ඩයක් වදිනවා. ප්‍රින්ස් මේ මිනීමැරුම කලා කියලා පාපොච්චාරණය කරනවා.
ඉතාමත් කලබලෙන් ඉන්න ප්‍රින්ස්ට මේ මිනීමැරුමෙන් බේරෙන්න රානාට උදවු කරන්න පුළුවන් කියනවා. ඒ වෙනුවෙන් රානාව මුම්බායි එක්කගෙන යන්න කියලා ඉල්ලනවා. ඒ අනුව රානා, නාගාව මිනීමැරුමට හසු කරනවා. මේ හැමදෙයක්ම ප්‍රින්ස්ගේ ගෙදරට පිටති ඉන්න එජාස් අහගෙන හිටියා. රානාට රහස් හෙලිවීම වලක්වන්න කිසි දෙයක් කරගන්න බැරි වෙනවා. සූරියාගේ ගෝලයින්ගෙන් සූරියා ගැන තොරතුරක් දැනගන්න බැරිවෙනවා. ඒත් අහම්බෙන් වගේ ලැබුණ අවස්ථාවක් රානාව සූරියා ලඟට එක්කගෙන යනවා. ආයේ හයිද්‍රාබාද්වල ඉන්නවා දැක්කොතින් මරලා දානවා කියලත් ආයේ හයිද්‍රාබාද් වලට ආවේ ඇයි කියලා සූරියා රානාගෙන් අහනවා. රානා සූරියාට මුම්බායි යන්න කතා කරනවා. වෙන මොකකටවත් නෙවෙයි, එයාගේ තාත්තා නාගාව මරන්න. කොහොම වුණත් සූරියා ඉතා අවශ්‍ය අපරාධකාරයෙක් නිසා හැංගිලා ජීවත් වෙන්නේ. ඒ වෙනුවෙන් සූරියාට විශාල දීමනාවක් ඉදිරිපත් කරනවා.
ඔය අතරෙදි බාල වයස්කාරි රෙහාන්ගේ ගෙදරට රිංගනවා. ඉස්සරහට පියවරක් යන්න හැදුවත් රෙහාන්ගේ අනවශ්‍ය බලකිරීම නිසා නිත්‍යා බය වෙනවා. නිත්‍යා ආපස්සට ගෙදරට දුවගෙන ඇවිත් අඬන්න ගන්නවා. හොඳටම කේන්ති ගත්ත රානා රෙහාන්ව කාර් එකට දමාගන්නවා. ප්‍රින්ස් හමුවෙන් පස්සෙ එජාස් හා නාගා අතරෙ කතාබහක් ඇති වෙනවා. එජාස් එතැනදි එයාගේ රහස් මෙහෙයුම අනුව OB, ප්‍රින්ස්, රානා යන තුන්දෙනාම හිරේ ඇතුලට දානවා කියලා හෙලි කරනවා. පිය සෙනෙහස නිසාදෝ දන්නෙ නැහැ, නාගා එජාස්ගේ ඔළුවටම වෙඩි තියලා මරලා දානවා. එතැනින් රානාට තිබුණ ලොකු හිසරදයක් ඉවරයි. ඊලඟට පාත් වෙන හෙණය මොකක් වේවිද?
මේ කතා මාලාවට මයුර සුරාජ්, රවිඳු හෙෂාන්, සිසිත සමරතුංග, ආසිරි ප්‍රියන්ත යන සහෝදරවරුන් මගෙත් එක්ක එකතු වෙනවා. මයුර සහෝදරයාගේ තදබල බලකිරීම නිසා මමත් මේකට සම්බන්ධ වෙන්නේ. හයවැනි කොටසට අපේ පුරාවෘත්තය : ෆීනික්ස් සහෝදරයා උපසිරැසිය ලබා දුන්නා. මම මේ සීරීස් එකට දායක වෙන අවසාන කොටස මේක. ඉතින් අටවැනි කොටසින් අපේ හේෂාන් සහෝදරයා හමුවේවි. තවත් උපසිරැසියකින් හැකි ඉක්මනින්ම හමුවෙන්නම්. අඩුපාඩු එහෙම තියෙනවා නම් කමෙන්ට් එකක් දාලා කියන්න අමතක කරන්න එපා. හැමදාම වගේ අදහස් දක්වන හැමෝටම ස්තූතියි!
බුදු සරණයි! සියලු දෙවි දේවතාවුන්ගේ රැකවරණයි!
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
2,827 downloadsDownload Rana-Naidu-2023-S01EP07.zip20 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු නවින්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-06-14
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles
- #Baiscopelk
- #Editor's Pick
- #Gaurav Chopra
- #MaxxA
- #Offbeat
- #Rajni Basumatary
- #Rana Daggubati
- #Rana Naidu S01E07 sinhala sub
- #Rana Naidu sinhala sub
- #Rana Naidu Sinhala Subtitles
- #Remove term: Rana Naidu S01E01 sinhala sub Rana Naidu S01E02 sinhala sub
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #Subs
- #subtitle
- #Subtitles
- #Suchitra Pillai
- #Surveen Chawla
- #TV
- #Venkatesh Daggubati
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
5 comments
Achi
මයුර
තෑන්ක්ස්ස් මලේ
Buddhika Lakmal (laKMal)
තෑන්ක්ස් මචෝ....
sahangayantha
Thanks a lot saho sub ekata
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Rana Naidu (2023) [S01: E07] Sinhala Subtitles | සූරියාගේ මුම්බායි සංචාරය. [සිංහල උපසිරැසි] [18+]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2023/03/Rana-Naidu-2023-3.jpg)

අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
Typing හැකියාව හා English දැනුම තව තවත්
වැඩිවේවා…✌