රානා බිරිඳ, දරුවන්ව එක්කගෙන හෝටලයක නතර කරන්න යනවා. හේතුව විදියට කිව්වේ ප්‍රින්ස්ගේ මළ සිරුර මුලින්ම දැක්කේ අනි බව මාධ්‍යවලින් දන්න නිසා එයාගේ පවුලට කරදර කරයි කියලයි. හෝටලයට ලඟා වුණා විතරයි, තේජ්ගෙන් හදිස්සියක් බවත් රානා අනිවාර්යයෙන්ම එහෙට එන්න ඕනේ කියලත් කෝල් එකෙන් කියනවා. රානා එතැනට ගිහින් බැලින්න…

රානා බිරිඳ, දරුවන්ව එක්කගෙන හෝටලයක නතර කරන්න යනවා. හේතුව විදියට කිව්වේ ප්‍රින්ස්ගේ මළ සිරුර මුලින්ම දැක්කේ අනි බව මාධ්‍යවලින් දන්න නිසා එයාගේ පවුලට කරදර කරයි කියලයි. හෝටලයට ලඟා වුණා විතරයි, තේජ්ගෙන් හදිස්සියක් බවත් රානා අනිවාර්යයෙන්ම එහෙට එන්න ඕනේ කියලත් කෝල් එකෙන් කියනවා. රානා එතැනට ගිහින් බැලින්නම් විජයවාඩා මහරාජ් ලේ පෙරාගෙන බිම වැටිලා ඉන්නවා. මහරාජ්ගේ බඩට උණ්ඩයක් වැදිලා බඩෙන් ලේ ගලා යමින් තිබුණා. ජෆ්ෆාගේ ඇගේත් ලේ ගෑවිලා. ඇනා ඒ වෙනකොටත් තුවාලයට සාත්තු කරමින් හිටියා. මහරාජ්ව ඉක්මනින්ම රෝහලකට ගෙනියන්න ඕනේ නිසා දැන්මම ඇම්බියුලන්ස් එකකට කතා කරන්න කියලා ඇනා උපදෙස් දෙනවා. ඒත් සහෝදරයෝ තුන්දෙනා මේ සිද්දියෙදි වැදගත් ජෆ්ෆාගේ ජීවිතය නිසා එයා ගැන හිතලා කල්පනා කරලා කරදරයකින් තොරව මහරාජ්ව රෝහලට ගෙනියන්න පුළුවන් ක්‍රමයක් කල්පනා කරනවා. අඩුම තරමේ මේ සහෝදරයින්ව මහරාජ්ට හඳුන්නා ගන්න බැරි මහරාජ්, එයාව රෝහලට අරගෙන යන්න කියලා සහෝදරයින්ගෙන් බැගෑපත් වෙලා ඉල්ලනවා. ඒත් රානා මහරාජ්ට උදවු කිරීම ප්‍රතික්ෂේප කරනවා. ජෆ්ෆා අනතුර සිද්ද වුණ තැන ජෆ්ෆාගේ බයික් එක දාලා ඇවිත් තිබුණා. රානා එතැනට ලාරාව යවනවා. බලද්දි එතැන ජෆ්ෆාගේ බයික් එක තිබුණෙ නැහැ. නෛනා හා දරුවන් දෙදෙනාගේ ආරක්ෂාවට රානා ස්‍රීනිව හෝටල් කාමරයට පිටත්කර හරිනවා. තේජ්ට මහරාජ්ව මැරෙන්න දිලා බලාගෙන ඉන්න බැරි වුණා. රානාට මහරාජ්ව කොහොම හරි බේරගන්න කියලා ඉල්ලනවා. ඔය අස්සෙදි මෙතනට අර්ජුන් එනවා. කොහොම වුණත් අර්ජුන් නායිඩු කෙනෙක් විදියට රානා සහ සහෝදරයින්ට සහය දෙනවා. මේ වෙද්දි මහරාජ්ට මරණාසන්න තත්වයක හිටියා. සිද්දිය වුණ තැන ජෆ්ෆාගේ බයික් එක හොයාගන්න බැරි වෙනවා. බයික් එක පොලිසිය බාරයට අරගෙන වත් නැහැ, අනිවාර්යයෙන්ම වෙන කවුරුහරි බයික් එක පැහැරගෙන තියෙනවා කියලයි ලාරා කියන්නෙ. ඒ වුණත් මහරාජ්ව මැරුණොත් ජෆ්ෆාට විරුද්ධව කිසිම සාක්ෂියක් නැහැ කියලා ලාරා තහවුරු කරනවා. නෛනා හෝටල් කාමරයෙන් එලියට යන්න හදනවා. ස්‍රීනි නෛනාට යන්න නොදී වළක්වන නිසා නෛනා රානාට කෝල් එකක් අරගෙන සිද්ද වෙන්නෙ මොනවද කියලා අහනවා. රානා කෝල් එකේ ඉන්න අතරෙදි ජෆ්ෆා “එයාගෙන් ආයෙත් ලේ එනවා” කියන් කෑ ගහගෙන රානා ලඟට එනවා. රානා එන්න එපා කිව්වත් නෛනා එතැනට යන්න පිටත් වෙනවා. කොහොම වුණත් ස්‍රීනි නෛනාට යන්න යන්න දෙනවා. මහරාජ් තේජ්ගේ මනස මෝහනයට පත් කරලා ඇම්බියුලන්ස් එකකට කතා කරන්න සලස්වනවා. ඒ අතරෙදි එතැනට නෛනාත් එනවා. නෛනා සිද්ද වෙන දේ ගැන සැකයෙන් එතනට ආවත් මහරාජ්ව දැක්කට පස්සෙදි රානා ගැන විශ්වාසයක් ඇති වෙනවා. ඒ අස්සෙදි ඇම්බියුලන්ස් එකත් එනවා. මහරාජ්ට මැරෙන්න දෙන්නෙ නැහැ කියන පොරොන්දුව පිට ඇම්බියුලන්ස් එක ආපහු හරවලා යවන්න තේජ්ව එකඟ කර ගන්නවා. ඔය අතරෙදි මහරාජ් රානා ගැන රහසක් හෙලි කරනවා. මේක ගැන රානා කාටවත්ම කියලා තිබුණේ නැහැ. තවත් කට දොඩවන්න කලින් රානා විජයවාඩා මහරාජ්ගෙ නළලටම වෙඩිල්ලක් පත්තු කරනවා.
එහෙනම් අපි නෙට්ලිෆ්ලික්ස් අලුත්ම වැල කතා මාලාවේ අවසානයට ආවා. රානා ප්‍රශ්න විසඳන්නෙක්. හැමෝගෙම ප්‍රශ්න නෙවෙයි පවුලෙන් පිට අයගේ ප්‍රශ්න. අවුරුදු 15කට කලින් වර්ථමානයේ වගේ රානාගේ පවුල එයාගේ තාත්තා නාගා සුනු විසුනු කරලා දාවි කියලා ලොකු බයකින් හිටිය නිසා නාගාව මිනීමැරුමකට හසු කරලා අවුරුදු 20කට හිරේ යවනවා. රානා එයාගේ සහෝදරයෝ, බිරිඳ එක්ක හයිද්‍රාබාද්වලට සමුදීලා මුම්බායි පදිංචි වෙනවා. ඒ ආයේ හයිද්‍රාබාද් වලට පය නොතියනවා කියලා හැමෝගෙන්ම දිවුරුම් අරගෙන. නාගා අවුරුදු 5ක් කලින්ම නිදහස් වුණා කියලා දැනගත්තම කලබල වෙන රානා එයාගේ පවුල නාගාගෙන් ඈත් කරන්න බොහෝ වෙහෙසෙනවා. රානාගේ පවුල ඇතුලෙ ප්‍රශ්න නිසා පවුල කැඩිලා බිඳිලා යන්න ආසන්නව තිබුණේ. ඉතින් මේ කතාව ගලා යන්නේ තමන්ගේ පවුලේ ප්‍රශ්න විසඳාගන්න ආකාරයයි. තාත්තා නිසා වෙන්නම ඕනේ නැහැ, රානාගේ පවුල ඒ වෙනකොටත් පළුදු වෙලා තිබුණා. රානාගේ දරුවන් පවා රානා ගැන බයක් ඇතිවෙලා තිබුණා. නෛනාට රානාව තවත් එපා කියන තැනට පත් වෙලා තිබුණා. ඒ නිසා රානාට බොහෝ දේවල් ගෙදරට වසන් කරන්න වුණා. හයිද්‍රාබාද් වලට යන්නෙ නැහැ කිව්ව පොරොන්දුවත් කඩ කරනවා. රානා තවදුරටත් විවාහ ජීවිතය සාර්ථකව ගෙන යන්නට, දරුවන්ට හොඳ පියෙක් වන්නට හැකි වේවිද?
මේ වෙනකල් පහළට කියවගෙන ආවාට ගොඩාක් ස්තූතියි! මයුර සුරාජ්, රවිඳු හෙෂාන්, සිසිත සමරතුංග, ආසිරි ප්‍රියන්ත යන සහෝදරවරුන් සහ මම එකතු වෙලා මේ කතා මාලාවට උපසිරැසි ලබා දුන්නා. කලින් සීරීස් වගේම මේ සීරීස් එකත් මයුර සහෝදරයාගේ ප්‍රධානත්වය හා අධීක්ෂණයෙන් සිද්ද වුණා. සීරීස් නම් ෆීනික්ස්, ෆීනික්ස් නම් සීරීස්. ගිය අවුරුද්දේ අපි ලබා දුන්න සීරීස් කීපයක්ම සම්මාන සඳහා නිර්දේශ වෙලා තිබුණා. අපි හොඳම පන්නයේ කතා මාලා කිහිපයක් හොයලා බලලා ඔයාලා වෙනුවෙන් ලබා දීලා තියෙනවා වගේම ඉස්සරහටත් එහෙම තමයි. විවිධ වැඩ රාජකාරි අතරේ වුණත් කිසිම වාසියක් නොතකා වෙහෙස වුණ මේ හැමෝටම ස්තූතිය පුද කරනවා. මේ සීරීස් එකේ අන්තිම කොටස නිසා ඔයාලගේ අදහස පහළින් කොටාගෙන යන්නකෝ. මේකේ ගොඩක් වෙලාවට දෙවෙනි කතා සමයකුත් ඒවි කියලා කියන්න පුළුවන්. මොකද රානා හා නාගාගේ ගැටුම තවම පටන් ගත්තෙ නැති සේයාවක් තමයි පේන්නේ. ඒ විදියටයි කතාව ඉවර වෙද්දි ඉඟි කරන්නේ. Ray Donovan සීරීස් එකෙත් සීසන් කිහිපයක්ම ඇවිත් තියෙනවනේ. ඔයාලගෙ ප්‍රතිචාරය අනුව ඒ සීසන් වලටත් උපසිරැසි ලබාදෙන්න පුළුවන්. ඉතින් බයිස්කෝප් එක්ක හැමදාමත් එකතුවෙලා ඔයාලා ඉන්න හැමෝටම ස්තූතියි! තවත් උපසිරැසියකින් හැකි ඉක්මනින්ම හමු වෙමු.
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
2,749 downloadsDownload Rana.Naidu_.S01E10..zip18 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ හේවා ලුණුවිලගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2012-07-25
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
හේවා ලුණුවිලගේ
Subtitles
- #Editor's Pick
- #Gaurav Chopra
- #MaxxA
- #Offbeat
- #Rajni Basumatary
- #Rana Daggubati
- #Rana Naidu S01E10 sinhala sub
- #Rana Naidu sinhala sub
- #Rana Naidu Sinhala Subtitles
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #Subs
- #subtitle
- #Subtitles
- #Suchitra Pillai
- #Surveen Chawla
- #TV
- #Venkatesh Daggubati
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
- #හේවා ලුණුවිලගේ
13 comments
Laka
රජ්
සුපිරි
Buddhika Lakmal (laKMal)
තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥Asian eranda
Ray denomon ekatath sub denna please
Kantha_DLA
ගොඩක්ම ස්තූතියි හේවා ලුණුවිලගේ සොයුර ..........
ඔබට සහ ඔබ පවුලේ සැමටත්
මෙම වෙබ් අඩවියේ සියලුම සොයුරු සොයුරියන්ටත්
බුදු සරණයි – දෙවි පිහිටයි ……..!PCVENOM
thanks bro
sahangayantha
Thanks a lot saho sub ekata.. sub num baiscopelk thamai..❤❤❤
Anonymous
තැන්ක්ස් ඔක්කොටම
sahangayantha
Ray Season 1 Netflix India ekatath sub denna puluvan nam godak vatinavah sahoo..
රසික
සබ් ටිකට තැන්ක්ස්
Achi
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
Typing හැකියාව හා English දැනුම තව තවත්
වැඩිවේවා…✌විමා
අලුත් කෙනෙක් නේද,
සාදරයෙන් පිලිගන්නවා සහෝ
සබට බොහොම තුති.රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Rana Naidu (2023) [S01: E10] Sinhala Subtitles | සුබ ගමන් තාත්තේ! [සිංහල උපසිරැසි] [18+]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2023/03/Rana-Naidu-2023-3.jpg)

සබ් දීපු සහෝලා ඔක්කොටම ස්තුතියි
ආපහු ඉන්දියන් සීරීස් එකක් දෙමු
ජය වේවා