හැමෝටම සුබ දවසක්! මේ අරගෙන ආවේ මැන්ඩලෝරියන් කතා මාලාවේ තුන්වැනි සීසන් එකේ තෙවැනි එපිසෝඩ් එක. අද එපිසෝඩ් එකේ ධාවන කාලයක් වෙනදට වඩා ගොඩක් වැඩියි වගේම විශේෂයි. සතියක්ම ප්‍රමාද වීම ගැන ඇත්තටම බොහොම කනගාටුයි. පහුගිය සුමානෙම හරි හැටි විවේකයක් ලැබුනේ නැහැ උපසිරැසිය ඉවර කරගන්න තරම්. කොටින්ම දෙවැනි එපිසෝඩ්…

හැමෝටම සුබ දවසක්!
මේ අරගෙන ආවේ මැන්ඩලෝරියන් කතා මාලාවේ තුන්වැනි සීසන් එකේ තෙවැනි එපිසෝඩ් එක. අද එපිසෝඩ් එකේ ධාවන කාලයක් වෙනදට වඩා ගොඩක් වැඩියි වගේම විශේෂයි. සතියක්ම ප්‍රමාද වීම ගැන ඇත්තටම බොහොම කනගාටුයි. පහුගිය සුමානෙම හරි හැටි විවේකයක් ලැබුනේ නැහැ උපසිරැසිය ඉවර කරගන්න තරම්. කොටින්ම දෙවැනි එපිසෝඩ් එකේ කමෙන්ට් බැලුවෙත් නැහැ. මොකද ඔය සතියේ පමාවට පලු යන්න බැනල තිබ්බොත් මේකට වෙනෙත් වොකින් ඩෙඩ් එකට වෙච්ච දේම නිසා. එපා වුනොත් එපාම වෙනවනේ ඉතින් ඕන කෙනෙකුට. කවුද කැමති මහන්සි වෙලා සබ් කරලා අන්තිමේ කාර්යබහුලත්වය නිසා පොඩ්ඩක් එහෙ මෙහෙ වුණ ගමන් බැනුම් අහන්න. 🙁 එහෙනම් පොඩි විස්තරයක් තියෙනව ඒ දිහාවට හැරෙමු
කතාවේ පැරණි මතකයන්
මේ වෙනකොට මැන්ඩො නොහොත් ඩින්ට ඕනා එයා අදහන ඇදහිල්ල අනුව තමන් විසින් හිස් ආවරණය ගැලවීම මගින් සිදුකරගන්නාලද පව් කමා කරගන්න. මැන්ඩලෝරියාවේ තියෙන පතල්වලට පහලින් තියෙන ලිවින් වෝටර් නමින් හඳුන්වන ජලයෙන් ස්නානය කරන්න ඕනා. හැබැයි එකම ගැටලුව අපි කවුරුත් දන්න විධියට මේ වෙනකොට මැන්ඩලෝරියාවක් නැහැ. ග්‍රහලෝකයම විනාශ කරලා ඉවරයි. ඒ නිසා ඒ පතල් ඉතුරුවෙලා නැහැ. හැබැයි මැන්ඩොට මේ ගැන සැකයක් ඇතිවෙන විධියේ සාධකයක් හමුවෙනවා. ඒ නිසා ඒ සාධකය ඔස්සේ ඉදිරියට යන්න මැන්ඩො තීරණය කරනව. අන්තිමේ මැන්ඩො වැදගත් අනාවරණයක් කරගන්නවා.
පර්ජ් එක වෙන කාලේ මැන්ඩලෝරියාවේ පාලකයා විධියට හිටිය බෝ-කටාන් විසින් මැන්ඩොට මේ ගැන කලින් කිව්වට විස්වාස කලේ නැහැනේ. ඒ නිසා වෙච්ච දේවල් මතකයිනේ ඔයාලට. බෝ-කටාන් ලඟට මැන්ඩො ගිහින් ආයේ මැන්ඩලෝරියාවට යන්න කරපු ආරාධනාව බෝ-කටාන් විසින් ප්‍රතික්ෂේප කරනව. ඇයි කියල මතකයිනේ? අන්තිමේ මැන්ඩොගේ උදව්වට බෝ-කටාන්ව ගෙන්නගන්න සිද්දවෙනවා. ඔහොමයි අලුත් ස්ටොරිය සිද්දවුනේ. ඒ වගේම මැන්ඩලෝරියානුවන්ගේ සංඛේතය වෙන මිතොසෝරස් ගැනත් දෙවැනි එපිසෝඩ් එකේදී කියවුනා මතක ඇති නේද? මේ පහල තියෙන්නේ ඒ සංඛේතය බෝබා ෆෙට් විසින් තමන්ගේ සන්නාහ අතේ උඩට වෙන්න දරාගෙන ඉන්න විධිය.

මේක පුරාවෘතවල කියවෙන එකක්. මුල්ම මැන්ඩලෝරියානුවන් මිතොසොරසයින් මත නැගී ගමන් කළා කියල කියවෙන්නේ. බෝ කටාන් අද ඒ සම්බන්ධව විශේෂයෙන්ම මැන්ඩොගෙන් අහනවා දකින්න ලැබෙනවා. ඒ ඇයි කියල තේරෙනවනේ ඉතින්. බෝ කටාන්ගේ රාජ්‍යය උරුමය ටිකෙන් ටික මැන්ඩො විසින් ලබාගන්න පාටක් පෙන්නේ එයාට. ගොඩක් වෙලාවට විසිරිලා ඉන්න මැන්ඩලෝරියානුවන්ව එකතු කරන සාධකය මේක වේවි. ගොඩක් වෙලාවට ඒ ගැන ෆිල්ම් එකක්ම ඉදිරියේදී එන්න ඉඩ තියෙනව මේ යන විධියට. මේ පහල තියෙන්නේ අන්තර්ජාලයේ තිබුණු ඒ සම්බන්ධ එඩිට් එකක්.
අද කතාංගයෙන්
ඉතිං අද කතාංගයෙන් ලොකු ඉදිරි පිම්මක් අපිට බලාගන්න පුළුවන්. බෝ-කටාන් සහ මැන්ඩො දෙන්නා එකතු වෙලා කරන ගුවන් සටනක් එහෙම මුල් හරියේදීම බලාගන්න ලැබෙනවා. විශේෂයෙන්ම අද කොටස වෙනුවෙන් පැයක කාලයක් වෙන් කරලා තියෙන නිසා මම කතාව ගැන ඔයාලටම බලාගන්න ඉඩ හරින්නම්.
සිව්වැනි කතාන්ගයේ උපසිරැසිය එක්ක ඉක්මනටම මුණගැහෙමු, ජය!
Director: Rick Famuyiwa
Writers: Jon Favreau, George Lucas
IMDB Ratings : 7.2
Air Date: 15 March 2023
බයිස්කෝප් සිංහලෙන් නිල ෆේස්බුක් පේජය සමග එක්වීමට මෙතනින් පිවිසෙන්න.
බයිස්කෝප් සිංහලෙන් නිල ෆේස්බුක් ගෘප් එක සමග එක්වීමට මෙතනින් පිවිසෙන්න.
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
3,702 downloadsDownload The.Mandalorian.S03E03.zip23 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [විමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ශාන් විමුක්ති [විමා]
Subtitles
9 comments
Naveen Mbr
Thusitha nishan
Thanks for the sub
gihan
බොහෝම ස්තුති උපසිරැසියට
Prasanga
thanks
thilina
thx sagorr.pulvnm twd ekta th sub denako epsode tika download krla tyne oyala dei kiyla hitan blnne nativa sira kiyne
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Thilinda Randeera
ස්තූතියි සහෝදරයා ❤ දිගටම දෙන්න
Dewadithya
Thanks for Sub!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Mandalorian [S03 : E03] Sinhala Subtitles | ඇදහිල්ල වෙනස් කිරීම. [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2023/02/The-Mandalorian-S03-a.jpg)



බොහෝම ස්තූතියි අයියේ! ඒ මැද්දට මමත් ගොඩක් කරදර කලා. සමාවෙන්න හොඳේ!