නෙට්ලිෆ්ලික්ස් අලුත්ම වැල කතා මාලාවේ 9 වැනි කොටස මේ විදියට අරගෙන ආවා. එහෙමත් නැත්නම් මේකේ නම “මම අවුරුදු 15ක් හිරේ ඉඳලා ආවේ” කියලා කියන්නත් පුළුවන්. ඒ තරමටම ඒ වචන පෙළ අපිට ගොඩක් සමීප වුණා. කලින් කිව්වා වගේම මේ කතා මාලාව අධ්‍යක්ෂණය කරන්නේ සුපර්න් වර්මා, කරන් අන්ෂුමන් යන අධ්‍යක්ෂකවරුන් දෙදෙනායි. ආයෙම…

නෙට්ලිෆ්ලික්ස් අලුත්ම වැල කතා මාලාවේ 9 වැනි කොටස මේ විදියට අරගෙන ආවා. එහෙමත් නැත්නම් මේකේ නම “මම අවුරුදු 15ක් හිරේ ඉඳලා ආවේ” කියලා කියන්නත් පුළුවන්. ඒ තරමටම ඒ වචන පෙළ අපිට ගොඩක් සමීප වුණා. කලින් කිව්වා වගේම මේ කතා මාලාව අධ්‍යක්ෂණය කරන්නේ සුපර්න් වර්මා, කරන් අන්ෂුමන් යන අධ්‍යක්ෂකවරුන් දෙදෙනායි. ආයෙමත් කියනවා මේ සීරීස් එක නියම නෙට්ලිෆ්ලික්ස් සීරීස් එකක්. අනවශ්‍ය විදියට ඇතුලත් කරපු ලිංගික දර්ශන, බාල වයස්කාරයින් මත් පැන් පානය කිරීම වගේ නුසුදුසු දර්ශන ආදිය ඇතුලත්. ඒ නිසා සයිට් එකේ අවවාද නොසළකන බාලවයස්කායින් මේවා නොබලා හිටියා නම් ඇඟට වගේම මනසටත් හොඳයි. කොයි කවුරු වුණත් මේක අනිවාර්යයෙන්ම තනිවම බලන්න. මොකද රානා එයාගේ පවුලෙ ප්‍රශ්න ටික විසඳගන්න කලින් ඔයාලගේ පවුලෙ ප්‍රශ්න විසඳගන්න වේවි. ඉතින් මේ දවසින් දවස වැටෙන කොටස් වෙනුවෙන් බලාගෙන හිටිය ඔයාලා හැමෝටම ස්තූතියි!
රානා නාගාව මරලා දාන්නම සූරියාව මුම්බායි එක්කගෙන එනවා. සූරියා නාගාව මරලා වළ දාන්න, වළක් හාරනවා. එසේ මෙසේ වළක් නෙවෙයි ප්‍රමාණයෙන් ලොකු වළක්. සූරියා කියන විදියට නාගා, එයාව මරන්න කිව්වෙ එයාගෙම පුතා කියලා දැනගත්තම පෙරළි පෙරළි අඬන්න වළ ටිකක් ලොකුවට තියන්න කියලයි කියන්නෙ. අනීගේ සම්මාන ප්‍රදානෝත්සවයට ප්‍රින්ස්ව එක්කගෙන එන්න කියලා අනී රානාගෙන් ඉල්ලනවා. රානා කොහොම හරි ප්‍රින්ස්ව එකඟ කරවා ගන්නම් කියලා පොරොන්දු වෙනවා. මේ අතරෙදි විජයවාඩා මහරාජ් මුම්බායි වලට පැමිණි බව ජෆ්ෆා රූපවාහිනියේ පුවත් වලින් දැනගන්නවා. මේක දැකපු ගමන් ජෆ්ෆාට කේන්තියට නොනවත්වා මත්පැන් පානය කරන්න ගන්නවා. කොහොම හරි අවසානයේ කල්පනා කර තීරණයක් ගෙන ගෙදරින් එලියට බහිනවා. රානා ප්‍රින්ස්ට අනීගේ සම්මාන ප්‍රදානෝත්සවයට එන්න කියලා ඉල්ලුවත් ප්‍රින්ස් ප්‍රතික්ෂේප කරනවා. මොකද චාන්දිනීගේ වීඩියෝව ප්‍රවෘත්තිවල එකේ පලවෙන්න හදන්නෙ. ඒ අනුව රනා මේ වීඩියෝ ගැටළුව විසඳන්න යනවා. මුදල් රැගෙන එන එකඟතාවයක් මත අදාල බ්ලැක්මේල් කරුවා ගෙන්වා ගන්නවා. රානා ඔහුගේ ආරක්ෂකයා කාර් එකට කට කරනවා. බ්ලැක්මේල් කරු තර්ජනය කර බිය වද්දා වීඩියෝ පිටපත් සියල්ලක්ම විනාශ කර දමනවා. ප්‍රින්ස්ගේ ගැටලුව විසඳීම නිසා ප්‍රින්ස් රානාගේ ඉල්ලීම ඉටු කරන්න එකඟ වෙනවා. තාරා නාගා එක්ක යහනේ සුව විඳිමින් සිටියදී සූරියා කාමරයට කඩා වදිනවා. නාගාවත්, තාරාවත් දෙදෙනාම වාහනයට නග්ගවාගෙන එක්කගෙන යනවා. නාගා සූරියාගේ අවදානය වෙනස් කරලා ගැලවෙන්න උත්සාහයක් ගත්තත් සූරියා විමසිලිමත් වෙනවා. ඒ වගේම රානා, නාගාව මරන්නම ඔහුව මුම්බායි ගෙන්වා ගත් බව නාගාට කියනවා. නාගාව හෑරු වළවල් ලඟට ගෙනත් මරලා දාන්න ලැහැස්ති වෙද්දි, නාගා දියාව මැරුවෙ නැහැ කියලා දිවුරනවා. සූරියා නාගාව මරා දමා මිනියේ පොටෝ එකක් රානාට එවනවා. වැඩේ ඉවර නිසා කතා කරගත් මුදල සූරියාගේ ගෝලයාගේ අතේ සූරියාට යවනවා. අනීට ප්‍රින්ස්ගේ කාර් එකේ ගමනක් යන්න ලැබෙනවා. අනී ප්‍රින්ස් එක්ක ගත කරපු කාලය පුදුම සතුටකින් වින්දා. ජෆ්ෆා මහරාජ්ගේ කාර් එක පස්සෙන් පන්නා ගොසින් වෙඩි තබා අනතුරකට පත් කරනවා. රානා හා නෛනා සාදය හමාර වී නිවෙසට ඇවිත් බලද්දි සූරියා මරා දැමුවා යැයි කී නාගා නිවෙස තුල ජිවමානව හිටියා. නාගා දියාව මැරුවෙ ප්‍රින්ස් කියලා නාගා සූරියාට හෙලි කරලා තියෙනවා. සූරියාගේ පළිය ගන්න ප්‍රින්ස්ගේ අත දරුවා ජූනියර් ප්‍රින්ස්ව මරා දාන්න හදනවා. ප්‍රින්ස් ඒ වෙනුවට එයාව මරලා දාන්න කියලා අයදිනවා. සූරියා ප්‍රින්ස්ව තොණ්ඩුවක එල්ලෙන්නට බල කරනවා. ඒ නිසාවෙන් ප්‍රින්ස් සියදිවි නසාගත් බවත්, මිනීමැරුමක් බවට සාක්ෂි ඉතුරු නොවෙන නිසායි. ප්‍රින්ස්ගේ මළ සිරුර දකින ප්‍රින්ස්ගේ නිවෙස තුල සිටි අනී බොහෝ සෙයින් කැළඹීමකට පත් වෙනවා. මාධ්‍යවේදීන් හා ප්‍රවෘත්ති නාලිකා වලින් ප්‍රින්ස්ගේ නිවස වටකර ගන්නවා. ප්‍රින්ස්ගේ මරණය ගැන කිසිම සාක්ෂියක් තිබුණේ නැහැ. නිවෙස තුල සිටි අනී ඇරෙන්න. ආරංචිය ලැබුණ රානා එසැනින්ම ප්‍රින්ස්ගේ නිවෙසට යනවා. පොලිසියට ගතමනාවක් දී අනීව කරදරයකින් තොරව නිවෙසට රැගෙන එනවා. දියාගේ මිනීමැරුම වසන් කරමින් ප්‍රින්ස්ට අවුරුදු 15ක් තිස්සේම උදවු කරපු නිසා සූරියා රානාගෙන් පළිගන්න බවට තර්ජනය කරනවා. නාගා ජෆ්ෆාගේ ගෙදරට පැමිණියත් ජෆ්ෆා ගෙදර හිටියේ නැහැ. ඒ වෙනුවට ඇඟ පුරාම ලේ ගෑවුණු ජෆ්ෆා තේජ්ගේ කාමරයට(පුහුණු මධ්‍යස්ථානයේ) කඩා වදිනවා.
මේ වෙනකල් පහළට කියවගෙන ආවාට ගොඩාක් ස්තූතියි! මයුර සුරාජ්, රවිඳු හෙෂාන්, රවිදු නවීන් , ආසිරි ප්‍රියන්ත යන සහෝදරවරුන් සහ මම එකතු වෙලා මේ කතා මාලාවට උපසිරැසි ලබා දුන්නා. කලින් සීරීස් වගේම මේ සීරීස් එකත් මයුර සහෝදරයාගේ ප්‍රධානත්වය හා අධීක්ෂණයෙන් සිද්ද වුණා. සීරීස් නම් ෆීනික්ස්, ෆීනික්ස් නම් සීරීස්. බයිස්කෝප් කණ්ඩායම හොඳම පන්නයේ කතා මාලා කිහිපයක් හොයලා බලලා ඔයාලා වෙනුවෙන් ලබා දීලා තියෙනවා වගේම ඉස්සරහටත් එහෙම තමයි. විවිධ වැඩ රාජකාරි අතරේ වුණත් කිසිම වාසියක් නොතකා වෙහෙස වුණ මේ හැමෝටම ස්තූතිය පුද කරනවා. මේකේ ගොඩක් වෙලාවට දෙවෙනි කතා සමයකුත් ඒවි කියලා කියන්න පුළුවන්. ඔයාලගෙ ප්‍රතිචාරය අනුව ඒ සීසන් වලටත් අපේ ෆීනික්ස් ඇතුළු කණ්ඩායම උපසිරැසි ලබාදේවි කියලා හිතනවා. ඉතින් බයිස්කෝප් එක්ක හැමදාමත් එකතුවෙලා ඔයාලා ඉන්න හැමෝටම ස්තූතියි! මීලඟ උපසිරැසියෙන් හැකි ඉක්මනින්ම හමු වෙමු.
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
2,402 downloadsDownload Rana.naidu_.S01E09.zip19 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිසිත සමරතුංග (සිසියා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-05-05
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සිසිත සමරතුංග
Subtitles
- #Editor's Pick
- #Gaurav Chopra
- #MaxxA
- #Offbeat
- #Rajni Basumatary
- #Rana Daggubati
- #Rana Naidu sinhala sub
- #Rana Naidu Sinhala Subtitles
- #Remove term: Rana Naidu S01E01 sinhala sub Rana Naidu S01E02 sinhala sub
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #Subs
- #subtitle
- #Subtitles
- #Suchitra Pillai
- #Surveen Chawla
- #TV
- #Venkatesh Daggubati
- #සිසිත සමරතුංග
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
7 comments
Hemal
Buddhika Lakmal (laKMal)
තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥Kantha_DLA
ගොඩක්ම ස්තූතියි සිසිත සොයුර ..........
ඔබට සහ ඔබ පවුලේ සැමටත්
මෙම වෙබ් අඩවියේ සියලුම සොයුරු සොයුරියන්ටත්
බුදු සරණයි – දෙවි පිහිටයි ……..!PCVENOM
great work baiscope and pheonix
sahangayantha
Thanks a lot saho sub ekata
Achi
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
Typing හැකියාව හා English දැනුම තව තවත්
වැඩිවේවා…✌රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Rana Naidu (2023) [S01: E09] Sinhala Subtitles | අමිහිරි මතකයන් සදහටම මිහිදන් කල යුතුයි. [සිංහල උපසිරැසි] [18+]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2023/03/Rana-Naidu-2023-3.jpg)

Thank you so much, Brother and the rest of the team.
Waiting for Finale