Watch Trailer

Reacher [S01 : E01] Sinhala Subtitles | මාග්‍රේව් වෙත දැවැන්තයෙකුගේ ආගමනය [සිංහල උපසිරසි]

Reacher season 01 Sinhala Subtitles ආයුබෝවන් 🙏 කොහොමද ඉතින් බයිස්කෝප් වාසී සිනමා ලෝලීන්ට? කට්ටියම හොඳින් ඇති කියලා හිතනවා. ඔන්න ඉතින් “බයිස්කෝප් සිංහලෙන්” අපි අද අඩිතාලම තියන්නෙ, සුපිරිම පන්නයේ ටීවී සීරිස් එහෙක උපසිරැසි වල මූලාරම්භයට. ඔව් ඒ ඔයාලා මේ වෙනකොට මොකක්ද කියලා දන්නවා. Reacher සීරිස් එකේ පල…

Reacher season 01 Sinhala Subtitles

ආයුබෝවන් 🙏 කොහොමද ඉතින් බයිස්කෝප් වාසී සිනමා ලෝලීන්ට? කට්ටියම හොඳින් ඇති කියලා හිතනවා. ඔන්න ඉතින් “බයිස්කෝප් සිංහලෙන්” අපි අද අඩිතාලම තියන්නෙ, සුපිරිම පන්නයේ ටීවී සීරිස් එහෙක උපසිරැසි වල මූලාරම්භයට. ඔව් ඒ ඔයාලා මේ වෙනකොට මොකක්ද කියලා දන්නවා. Reacher සීරිස් එකේ පලවෙනි සීසන් එකේ පලවෙනි එපිය එක්ක තමා අද ඔයාලා එකතු වෙන්නෙ. 2022 අවුරුද්දේ පෙබරවාරී මස 4 වනදා තමා මේ සීරිස් එකෙ මුලින්ම රිලීස් වෙන්නෙ. ඒ වගේම මේ වෙද්දි තුන්වෙනි සීසන් එකත් විකාශනය වෙලා අවසන් වෙලා තියෙනවා. ඉතින් මට මේ සීරිස් එකට උපසිරැසි ගන්වන්න වෙන් කරවා දුන්නු අපේ හිතාදර විමා සහෝව වගේම හිරාන් සහෝවත් මුලින්ම මතක් කරලා ඉමු. මේ රීචර් සීරිස් එක ගැන ඔයාලට පොඩි අදහසක් දීලා එන්නම්, ඒ නිසා මගේ කලින් පළ කරපු අනිත් ලිපිවලට සාපේක්ෂව මේ ලිපිය ටිකක් දීර්ඝවෙයි’ කියලා මං හිතනවා. 😬

 

මේ “රීචර්” කියන සීරිස් එකේ ප්‍රධාන චරිතය වන රීචර් කියන්නෙ කවුද ඇත්තටම? මොනවා කරන කෙනෙක්ද? මොකක් වටා ගෙතෙන සීරිස් එකක් මේ සීරිස් එක?… වගේ ප්‍රශ්න ටිකක් ඔයාලට ඇති සහ ඒවට පිලිතුරු මං ලිපිය පසුවට සඳහන් කරන්නම්. 

ඇත්තටම රීචර් කියන්නෙ නව කතාමාලාවක් පදනම් වෙලා නිර්මාණය වුණු ටීවී සීරිස් එකක්. 

 

┉┉┉┉┉ Lee Child ┉┉┉┉┉┉

 

Lee Child කියන්නෙ, අපි සීරිස් එකෙ විදිහට කිව්වොත් රීචර් එහෙමත් නැත්තම් “ජැක් රීචර්” නවකතාමාලාවේ කතුවරයායි. 1954දී උපත ලබා මේ වන විට 69 වන වියේ පසුවන බ්‍රිත්‍යා කතුවරයෙක් වන Lee Child ගේ මූලික නාමය වෙන්නෙ ජේම්ස් වෝ’ඩන් ග්‍රාන්ට් යනුවෙන්. ත්‍රාසජනක නවකතා ලියන කතුවරයා විදිහට නම් දරන ජේම්ස් හට කලක් යද්දී රචකයෙක් විදිහට නාමයක් පට බැඳෙනවා Lee Child කියලා. ඒ නිසා ඔහුව වඩාත් ප්‍රසිද්ධ Lee Child යන නමින්. ඒ වගේම Andrew Child වන Lee ගේ බාල සොහොයුරාද මේ වෙද්දී ජැක් රීචර් නවකතාව ඉදිරියට ලියන්නට ඔහු භාර ගනිමින් සිටිනවා. ඔවුන් දෙපලව ඔයාලට පහලින් බලාගන්න පුළුවන්.

                         

                           Lee Child                                                                                             Andrew Child

 

Lee Child’ ගේ සුප්‍රසිද්ධ ත්‍රාසජනක නවකතා තුලින් ඉහලම ස්ථානයක් ලබාගන්න මේ ජැක් රීචර් කියන නවකතා පොත්වලට හැකිවෙලා තියෙනවා. Lee Child සහ Andrew Child සුසංයෝගයෙන් මේ වෙද්දී ජැක් රීචර් නවකතා මාලාවේ පොත් සෑහෙන ප්‍රමාණයක් ප්‍රකාශිත කරලා තියෙනවා වගේම ඉදිරියට පැමිණීමටත් නියමිතව එලි නොදක්වපු නවකතා පොත්ද තියෙනවා. ඒ නවකතා පොත් මොනවාදැයි සඳහන් කළොත්,

 

  1. Killing Floor (1997)
  2. Die Trying (1998) 
  3. Tripwire (1999)
  4. The Visitor (2000) 
  5. Echo Burning (2001)
  6. Without Fail (2002)
  7. Persuader (2003)
  8. The Enemy (2004)
  9. One Shot (2005) 
  10. The Hard Way (2006)
  11. Bad Luck with the Trouble (2007)
  12. Nothing to Lose (2008)
  13. Gone Tomorrow (2009) 
  14. 61 Hours (2010)
  15. Worth Dying For (2010) 
  16. The Affair (2011)
  17. A Wanted Man (2012)
  18. Never Go Back (2013)
  19. Personal (2014)
  20. Make Me (2015)
  21. Night School (2016)
  22. The Midnight Light (2017) 
  23. Past Tense (2018)
  24. Blue Moon (2019)
  25. The Sentinel (2020) 
  26. Better Of Dead (2021)
  27. No Plan B (2022)
  28. The Secret (2023) 
  29. In Too Deep (2024) 

 

විදිහට ඔයාලට බලාගන්න පුළුවන්. පොත් කීපයක පින්තූරත් මීට පහලින් ඔයාලට බලාගන්න පුළුවන්. එකම වගේ පින්තූර තිබුනොත් නොසලකා හරින්න කියලා ඉල්ලනවා. 

       

ඉතින් ඔයාලට මං ඔයාලට ජැක් රීචර් කියන චරිතය ගැන විස්තරයක් නොකර ඉන්නම්. මොකද ඒක කතාවේ රසාස්වාදනයට අනිවාරෙන්ම බාධාවක් වෙන නිසා. 

 

ඉතින් මේ සීරිස් එකෙ ජැක් රීචර්ගේ චරිතයට පණ පොවන්නෙ 41 වන වියේ පසුවන Alan Ritchson විසින්. විවිධ නිර්මාණ රැසක දායකත්වය ලබාදුන්නු මොහු, නමක් වගේම මේ සීරිස් එකෙන් තමා ලොකු ප්‍රසිද්ධත්වයක් උසුලන්නෙ. TMNT, Titans, Fast x, Smallville, Hunger Games වැනි නිර්මාණයන්ට සුළු සුළු චරිතයන්ට රංගනයෙන් දායක වුණු ඇලන්ට මුලදී ‘රීචර්’ සීරිස් එකේ ප්‍රධාන චරිතයට ප්‍රතික්ෂේප වෙලා තියෙනවා. ජැක් රීචර් යන චරිතය අඩි 6යි පහක වගේ උසක් ලබාගනිද්දි ඇලන් අඩි 6යි 3ක් උස වගේ සුළු කාරණා හේතුවෙන්. කොහොමහරි අඳුරන අඳුරන අයගේ මාර්ගයෙන් ඇලන් මේ සීරිස් එකේ ප්‍රධාන චරිතය ලබාගන්නවා. ඒ වගේම ඒක හිට් වෙනවා. 

 

මොකද මේ වෙද්දී “රීචර්” Prime video වල හොඳම සීරිස් එක වෙලා හමාරයි. IMDb දර්ශකයේ 8.1/10 ලබාගන්නත් සමත්වෙලා තියෙනවා. ඉතින් මේ වෙද්දි ටොම් කෲස් දායක වන, ඒ දිනවල ලී චිල්ඩ්ගේ වැඩිම අලෙවියක් ලැබූ පොත් යුගලය පාදක කරමින් ජැක් රීචර් චිත්‍රපට දෙකකුත් නිකුත්වෙලා තියෙනවා. 

 

  1. Jack Reacher (2012) – (One Shot නවකතාව පාදක කරමින්)

 

  1. Jack Reacher: Never Come Back (2015) – (Never Come Back නවකතාව පාදක කරමින්)

 

ඉතින් ඔයාලා ඒ චිත්‍රපට දෙකත් බලලා නැත්තම් බලන්න. මේ සීරිස් එක බලන්න කලින් ඒවා බලලා ඉන්න කියලා එකක් නෑ. ඉතින් අද ලිපිය එහෙනම් මෙච්චරයි. තව වැඩි කතා නැතුව සීරිස් එක බලන්න පටන් ගමු. එහෙනම් අදට මං ගිහිල්ලා එන්නම්.

 

හැමෝටම සුභ දවසක්! ජයවේවා! 

 

S01.E02 – Welcome to Margrave

Rating – 8.3/10 ★★★★☆

Release Date – Friday, Feb 4, 2022

Next Episode – First Dance

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

1,253 downloadsDownload Reacher-S01E01.zip64 KB

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රුක්ෂාන් ඛාන් (රුකා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2021-09-27

SUB-MAKER RATING BY ADMINS

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

 

All BT1Previous BT1

 

Reacher s01 Sinhala Subtitles

Subtitles by

රුක්ෂාන් ඛාන්

Subtitles

1,253 downloadsDownload Subtitles64 KB

2 comments

  1. Sandaru Nimsara

    Thanks

  2. Sahan Gayantha

    thanks a lot Rukshan saho sub ekata