Watch Trailer

Reacher [S02 : E01] Sinhala Subtitles | ෆ්‍රාන්ස්ගෙ ඝාතනය [සිංහල උපසිරසි]

Reacher season 02 Sinhala Subtitles පලවෙනි සීසන් එක බලලා ඉවර නං ඔන්න ඊළඟට ඔයාලට මේ අරගෙන ඇවිත් තියෙන්නෙ රීචර් දෙවනි සීසන් එක. පුල-පුලා බලාන හිටපු රීචර් දෙවනි සීසන් එකේ පලවෙනි කතාංගය මේ විදිහට ගේනකොට මේ වෙද්දි මෙහි සීසන් හතර වැන්නද නිකුත් වීමට නියමිතව තිබෙනවා මේ වසර අග භාගයේදි. ඉතිං එහෙනම් වැඩි කතාව…

Reacher season 02 Sinhala Subtitles

පලවෙනි සීසන් එක බලලා ඉවර නං ඔන්න ඊළඟට ඔයාලට මේ අරගෙන ඇවිත් තියෙන්නෙ රීචර් දෙවනි සීසන් එක. පුල-පුලා බලාන හිටපු රීචර් දෙවනි සීසන් එකේ පලවෙනි කතාංගය මේ විදිහට ගේනකොට මේ වෙද්දි මෙහි සීසන් හතර වැන්නද නිකුත් වීමට නියමිතව තිබෙනවා මේ වසර අග භාගයේදි. ඉතිං එහෙනම් වැඩි කතාවක් නැතුව කතාව පැත්තට හෙමීට හැරෙමු.  Reacher season 02 Sinhala Subtitles රීචර් පලවෙනි සීසන් එකෙන් බලාගන්න ලැබුණු සිදුවීම සිදුව වසර කීපයකට පසු කතාව තමයි මේකෙදි අපිට බලාගන්න ලැබෙන්නෙ. ඒ අතරවාරයේ රීචර්ගෙ කණ්ඩායමේ කතාවද අතුරු කතාවක් විදිහට මේ සීසන් එකේදිම අපට බලාගන්න ලැබෙනවා. ඉතිං පලවෙනි සීසන් එක බැලුවා නං ඔයාලට මතක ඇති රීචර් තැන් කීපයක සඳහන් කරනවා ඔහුගෙ කණ්ඩායම පිළිබඳව. ඔහු තනියෙන් එක්කාසු කරගත් විශේෂ විමර්ශකයන්ගෙන් යුත් කණ්ඩායමක්. පලවෙනි සීසන් එකේදි තම කණ්ඩායම ගැන ඉඟි කළාට මේකෙදි ඔයාලට කණ්ඩායම එකතු කරගන්න තැන ඉඳලම බලාගන්න ලැබෙනවා. කණ්ඩායමේ සාමාජිකයන් විදිහට, Frances Neagley ලෙසින් Maria Sten Karla Dixon ලෙසින් Serinda Swan David O’Donnell ලෙසින් Shaun Sipos Calvin Franz ලෙසින් Luke Bilyk Tony Swan ලෙසින් Shannon Kook Jorge Sanchez ලෙසින් Andres Collantes Manuel Orozco ලෙසින් Edsson Morales Stan Lowrey ලෙසින් Dean McKenzie ..යන අයව බලාගන්න පුළුවන්. Reacher season 02 Sinhala Subtitles මේක, රීචර් ම තනියෙන් ගොඩ නඟන කණ්ඩායමක් නිසා එකිනෙකා සෑහෙන සහයෝගයෙන් යුතුව ලොකු බැඳීමකින් කල් ගෙවනවා. ඉතිං කතාව පටන් ගන්නෙම රීචර් ට පණිවිඩයක් එනවා ඔවුන්ගෙ කණ්ඩායමේ කෙනෙක් වන කැල්වින් ෆ්‍රාන්ස් ව ඝාතනය කරලා බවට. ඒත් එක්කම වහාම ඒ පිළිබඳව සොයා බැලීමට රීචර් පිටත් වෙනවා. නීලි ත් සමඟ එකතු වී ඔවුන්ගෙ කණ්ඩායම් මිතුරාව නොහොත් සගයාව ඝාතනය කළේ කවුරුන්ද සොයා ගැනීමට යන චාරිකාවෙ ආරම්භක අඩිතාලම අද කතාවෙන් ඔයාලට බලාගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ අතර ඔවුන්ට මුහුණ දෙන්න වෙන ගැටළු වගේ නොයෙකුත් සිදුවීම දාමයක් ඔයාලට බලාගන්න පුළුවන් දෙවනි සීසන් එකෙන්. අද කතාවෙදි වුනත් සිදුවන හැමදෙයක්ම මං විස්තර කරන්න යන්නෙ නෑ. ඒක බලන ඔයාලට කරන අසාධාරණයක් නිසා. Reacher season 02 Sinhala Subtitles Reacher season 02 Sinhala Subtitles ඉතිං මීට වඩා අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නෙ නෑ. අදට ගිහිල්ලා එන්නම්, එහෙනම් දෙවනි කොටසින් මුහුණ ගැහෙමු හැමෝටම සුභ දවසක්!! ජයවේවා!! Reacher season 02 Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

890 downloadsDownload Reacher-S02E01.zip32 KB

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රුක්ෂාන් ඛාන් (රුකා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2021-09-27

SUB-MAKER RATING BY ADMINS

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

 

Next BT1All BT1Previous BT1

 

Reacher s01 Sinhala Subtitles

Subtitles by

රුක්ෂාන් ඛාන්

Subtitles

890 downloadsDownload Subtitles32 KB

3 comments

  1. Sahan Gayantha

    thanks a lot saho sub ekata

  2. Sandaru Nimsara

    Thanks ruka

  3. කේ එච් එල් ඩයරි

    තෑන්ක් බ්‍රෝ