Watch Trailer

House of the Dragon [S03 : E01] Sinhala Subtitles | ගින්න සහ රුධිරය [සිංහල උපසිරසි] 18+

හවුස් ඔෆ් ද ඩ්‍රැගන්, හවුස් ඔෆ් ද ඩ්‍රැගන් S02, හවුස් ඔෆ් ද ඩ්‍රැගන් [S03 : E01] Sinhala Subtitles හේ කට්ටිය කොහොමද! මේ ඇවිල්ලා House of the Dragon තුන්වන කතාසමයේ පළවෙනි කතාංගයයි. Spider-Noir ට පස්සේ ආයත් සුපිරිම සීරිස් එකක තුන්වෙනි සීසන් එකට සබ් කරන්න සෙට් උනා ඉතින් මේක ඇවිල්ලා කේස් එකක් නෑ මොකද ම…

හවුස් ඔෆ් ද ඩ්‍රැගන්, හවුස් ඔෆ් ද ඩ්‍රැගන් S02, හවුස් ඔෆ් ද ඩ්‍රැගන් Sinhala Subtitles

හේ කට්ටිය කොහොමද! මේ ඇවිල්ලා House of the Dragon තුන්වන කතාසමයේ පළවෙනි කතාංගයයි. Spider-Noir ට පස්සේ ආයත් සුපිරිම සීරිස් එකක තුන්වෙනි සීසන් එකට සබ් කරන්න සෙට් උනා ඉතින් මේක ඇවිල්ලා කේස් එකක් නෑ මොකද මේක Ongoing යන්නේ.

හැමෝටම කතාව මතක ඇති කියලා හිතෙනවා, එහෙම නැත්තම් මම ලාවට වගේ දෙවෙනි සීසන් එකේ එපියෙන් එපිය උනේ මොනවද කියලා පහළින් දාන්නම් පොඩියට සිද්දිය මතක් කර ගන්න…

House of the Dragon Season 2 කියන්නේ පළමු සීසන් එකේ තිබුණු දේශපාලන කුමන්ත්‍රණ, සම්පූර්ණ සිවිල් යුද්ධයක් (Dance of the Dragons) බවට පත්වෙන අවධියයි.

1. ආරම්භය: “පුතෙක් වෙනුවෙන් පුතෙක්” (A Son for a Son)

පළමු සීසන් එක ඉවර වෙන්නේ Aemond අතින් Rhaenyra ගේ පුතා වුණු Lucerys මියයාමත් එක්ක. දෙවෙනි සීසන් එක පටන් ගන්නේ ඒ වෙනුවෙන් පළිගැනීමෙන්. Daemon කුලී මිනීමරුවන් දෙදෙනෙක්ව (Blood and Cheese) Red Keep මාළිගාවට යවනවා Aemond ව මරන්න. නමුත් අත්වැරදීමකින් එයාලා මරන්නේ Aegon රජුගේ කුඩා පුත්‍රයා වන Jaehaerys ව. මේක Team Green (Aegon ගේ පාර්ශවය) වලට ලොකු මානසික පහරක් වෙනවා වගේම යුද්ධය තවත් දරුණු වෙනවා.

2. ද්විත්ව සටන් සහ දේශපාලන වෙනස්කම්

මේ අතරතුර Criston Cole (Team Green වල සෙන්පති) විසින් Aegon ගේ නියෝග මත Team Black වලට සහය දෙන ප්‍රදේශ ආක්‍රමණය කිරීම පටන් ගන්නවා. ඒ වගේම Arryk සහ Erryk කියන නිවුන් සහෝදරයන් දෙන්නා (එක්කෙනෙක් Team Green, අනිත් කෙනා Team Black) Dragonstone වලදී එකිනෙකා මරාගන්නවා. මේවායින් පේන්නේ මේ යුද්ධය පවුල් පසුබිම එහෙම මොන වගේ අවුල් සහගත විදිහට දෙකඩ කරලා තියෙනවාද කියන එකයි.

3. Rook’s Rest හි මහා මකර සටන (දෙවෙනි Season එකේ හැරවුම් ලක්ෂ්‍යය)

Criston Cole ගේ හමුදාව Rook’s Rest බලකොටුවට පහර දෙද්දී, Rhaenyra ගේ පාර්ශවයෙන් Rhaenys ඇගේ මකරා (Meleys) සමඟ සටනට එනවා. නමුත් මේක උගුලක්. Aemond (ඔහුගේ යෝධ මකරා Vhagar එක්ක) හැංගිලා ඉඳලා පහර දෙනවා. මේ සටනට අනපේක්ෂිත විදියට Aegon රජුත් (Sunfyre මකරා එක්ක) එනවා. සටන අතරතුර Aemond හිතාමතාම Aegon රජුටත් පහර දෙනවා (බලය ලබාගැනීමේ අරමුණින්). ප්‍රතිඵලය වෙන්නේ Rhaenys සහ ඇගේ මකරා වීරෝදාර ලෙස මිය යනවා. Aegon රජු දරුණු විදිහට මකර ගින්නෙන් පිච්චිලා, ආබාධිත වෙලා ඇඳට වැටෙනවා.

4. Aemond බලය අල්ලා ගැනීම

Aegon රජුට සිහිය නැති නිසා, Aemond “Prince Regent” (වැඩබලන රජු) ලෙස බලය තමන්ගේ අතට ගන්නවා. පොර බලයට ආපු ගමන් තමන්ගේ අම්මා වුණු Alicent ව පාලන කවුන්සිලයෙන් ඉවත් කරනවා. පොර හෙන කුරිරු විදියට යුද්ධය මෙහෙයවන්න පටන් ගන්නවා.

5. Daemon ගේ Harrenhal ගමන සහ මානසික අරගලය

මුළු සීසන් එක පුරාම Daemon ඉන්නේ Riverlands වල තියෙන ගුප්ත බලකොටුවක් වුණු Harrenhal වල. එයාගේ අරමුණ Rhaenyra ට හමුදාවක් හදන එක වුණත්, එහේදී එයාට තමන්ගේ අතීත වැරදි ගැන අමුතු මායාකාරී හීන (Visions) පේන්න ගන්නවා. තමන්ට රජ වෙන්න තියෙන ආශාව සහ Rhaenyra ට තියෙන පක්ෂපාතීත්වය අතර ඔහු සිරවෙනවා. නමුත් අවසානයේදී ඔහුට අනාගතය ගැන දැක්මක් (Game of Thrones වල White Walkers ලා සහ Daenerys ගැන) පෙනෙන නිසා, ඔහු නැවතත් Rhaenyra ට සම්පූර්ණයෙන්ම යටත් වෙලා එයාගේ විශ්වාසය තහවුරු කරනවා.

6. මකර බීජ (The Dragonseeds) – අලුත් මකර රණශූරයන්

Team Black වලට ලොකු ප්‍රශ්නයක් එනවා. එයාලට මකරු ගොඩක් හිටියට, උන්ව පදින්න Targaryen ලා නැහැ. Jacaerys (Rhaenyra ගේ ලොකු පුතා) යෝජනාවක් ගේනවා, පරම්පරා ගාණක් තිස්සේ සාමාන්‍ය ජනතාව අතරේ හැංගිලා ඉන්න, Targaryen ලේ තියෙන අයව (Bastards) හොයාගෙන එයාලට මකරු දෙමු කියලා. ඒ අනුව:

Addam of Hull – Seasmoke මකරාව ලබාගන්නවා.
Hugh Hammer – විශාලම මකරුන්ගෙන් කෙනෙක් වුණු Vermithor ව ලබාගන්නවා.
Ulf the White – Silverwing මකරාව ලබාගන්නවා.

මේකෙන් පස්සේ Rhaenyra ගේ පාර්ශවයට විශාල හමුදාමය වාසියක් ලැබෙනවා.

7. King’s Landing හි කැරලි සහ Alicent ගේ තීරණය

Team Green පාලනය කරන King’s Landing නුවර ජනතාවට කෑම නැතිවෙනවා (Rhaenyra මුහුදු මාර්ග වහලා තියෙන නිසා). ජනතාව කැරලි ගහනවා. තමන්ගේ පුතාලා අතින් පාලනය ගිලිහෙන හැටි සහ විනාශය දැකලා කලකිරෙන Alicent, රහසින්ම Dragonstone වලට ගිහින් Rhaenyra ව හමුවෙනවා. ඇය යෝජනා කරනවා Aemond යුද්ධයට ගිය වෙලාවක King’s Landing වල දොරටු ඇරලා නගරය Rhaenyra ට බාර දෙන්නම්, ඒ වෙනුවෙන් තමන්ටයි තමන්ගේ දුවටයි (Helaena) නිදහසේ යන්න දෙන්න කියලා. Rhaenyra කියනවා ඒකට Aegon ගේ ජීවිතයත් බිල්ලට දෙන්න වෙනවා කියලා. Alicent ඒකටත් අකමැත්තෙන් වුණත් එකඟ වෙනවා.

8. අවසානය (Season 2 Finale)

Alicent නගරය පාවා දෙන්න සැලසුම් කළත්, ඒ වෙනකොටත් Larys Strong (Aegon ගේ උපදේශකයෙක්) විසින් ආබාධිත වෙලා ඉන්න Aegon ව රහසින්ම King’s Landing වලින් පන්නගෙන Essos බලා පැනලා යනවා. සීසන් එක අවසන් වෙන්නේ ලොකු යුද්ධයකට පෙර සූදානමක් පෙන්නමින්. Lannister හමුදාව, Stark ලාගේ අළුත් හමුදාව, Team Green වලට මුහුදෙන් උදව් කරන්න එන Triarchy නාවික හමුදාව සහ Rhaenyra ගේ මකර හමුදාව යන මේ ඔක්කොම යුධ පිටියට ගමන් කරන දර්ශනයකින් සීසන් 2 අවසන් වෙනවා.

කෙටියෙන් කිව්වොත්: Season 2 කියන්නේ දෙගොල්ලොම ලොකු යුද්ධයකට ලෑස්ති වුණු, අලුත් මකර රයිඩර්ස්ලා හොයාගත්ත, සහ ප්‍රධාන චරිත වල මානසික වෙනස්කම් ගොඩක් සිදුවුණු කතා සමයක්. ඉතිං මේ 2026 ආරම්භ වුන තුන්වන කතාසමයේ නියම ලේ වැගිරෙන මහා යුද්ධය වෙන්න නියමිත වෙලා තමයි තියෙන්නේ.

මම මේ සීසන් තුනේ පළවෙනි එපිය ගැන කියන්න යන්නේ නෑ, මොකද ඒකෙන් පොඩියට හරි Spoil එකක් වෙන නිසා. හැබැයි ඔයාලම බලන්න මේ පටන්ගත්ත එපියම ආය ඉතින් අති සුපිරියක්!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත සඳහා ගැලපේ වේ.

7,465 downloadsDownload House-of-the-Dragon-S03E01-1.zip43 KB

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අතුල සංජීව” සොහොයුරාට හා “යසිරු හසරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

                                                            Previous SeasonAll BT1Next BT1

Subtitles

7,465 downloadsDownload Subtitles43 KB

7 comments

  1. Hasaka Geemath

    Sub ekat thanks

  2. evin

    thank you for the sub

  3. Sahan Gayantha

    thanks a lot Athula saho sub ekata

  4. sandaru bomalpitiya

    අනිත් episode ටිකත් ඉක්මනින් ගෙන්න. Thanks හැමෝටම ❤️

  5. Viraj

    Thanks

  6. Sandaru Nimsara

    Thanks

  7. Anonymous

    Thanks bros