Reacher Season 03 Sinhala Subtitles හා හා පුරා කියලා එහෙනම් ඔන්න රීචර් තුන්වෙනි සීසන් එකෙ හතරවෙනි එපිසෝඩ් එකත් අරගෙන ආවා. කොහොමද ඉතිං හැමෝටම, කට්ටියම හොඳින් ඇති කියල විස්වාස කරනවා. එහෙනම් පුරුදු පරිදිම අද කතාංගය බලන්න කලින්, මීට පෙර එපිසෝඩ් එකේ වෙච්ච සිදුවීම් ටික මතක් කරගෙනම ඉමු. කලින් කොටසින්, රීච…

හා හා පුරා කියලා එහෙනම් ඔන්න රීචර් තුන්වෙනි සීසන් එකෙ හතරවෙනි එපිසෝඩ් එකත් අරගෙන ආවා. කොහොමද ඉතිං හැමෝටම, කට්ටියම හොඳින් ඇති කියල විස්වාස කරනවා. එහෙනම් පුරුදු පරිදිම අද කතාංගය බලන්න කලින්, මීට පෙර එපිසෝඩ් එකේ වෙච්ච සිදුවීම් ටික මතක් කරගෙනම ඉමු.
කලින් කොටසින්,
රීචඩ්ව පැහැරගන්න ආපු වාහනය ගැන හරියටම විස්තරයක් නොදෙන එකත්, නිතරම බෙක්ගෙ විස්තර විමසන නිසාමත් බෙක් රීචර් හට බැන වදිනවා. ඉතිං ඊටපසුව රීචර් කරන්නෙ නීලි වෙත දුරකථන ඇමතුමක් ලබාදීලා පෝන් වෑන් හෝවන්, ඒන්ජල් ඩෝල්, චැප්මන් ඩූක් ගැන විස්තර විමසලා ඒ ගැන ඇයගෙන් දැනගන්නවා. පසුව රීචර් ඩෆී එක්ක එකතු වෙලා බිසාරේ බසාර් ගබඩාවට හොර රහසේම රාත්‍රියේ පනින්නෙ රීචර් ඇති කරපු අවුල සුද්ද කරලා දාන්න. ඒ තමා තමන් මරපු ඒන්ජල් ඩෝල්ව එතනින් අයින් කරන්න. ගබඩාව පුරාම තෙරේසා සිටිනවද කියල සෝදිසි කිරීමෙන් අනතුරුව මොවුන් ඒන්ජල් ඩෝල්ව පරණ කන්ටේනර් පෙට්ටියක සඟවනවා. අනතුරුව එතනට පැමිණෙන තවත් දෙදෙනෙක්ව මොවුන් සටන් කරලා ඉවරයක් කරලා ඒන්ජල් ඩෝල්ව වගේම සඟවනවා. තවත් විස්තර දැනගන්න අරමුණින් ඩෆී එතන තියෙන ඒන්ජල් ඩෝල්ගෙ ලැප්ටොප් එකද අරගෙන එන්න අමතක කරන්නෙ නෑ. වැඩේ අහවර වීමෙන් පසුව රීචර් නැවතත් හොර රහසේම නැවත තමන්ගෙ කාමරයට පිවිසෙනවා. පහුවෙනිදා බෙක්, රීචර් ව රිචඩ් සමඟ ටවුමට පිටත් කර හරිනවා දවසම වගේ ඔහුත් එක්ක රැඳෙන්න කියලා. ඒ ලොකුම ගනුදෙනුවකට බඩු වගයක් එනවා කියලා, නමුත් ඒ පිළිබඳව හාන්කවිසියක්වත් රීචර් ට සඳහන් කරන්නෙ නෑ. ඒ අතර රිචඩ් කඩේකින් තාත්තගේ උපන්දිනේට තෑග්ගක් ගන්න යනවා. ඒ අතර රීචර් ඩෆීව දැනුවත් කරනවා සහ ඒන්ජල් ඩෝල්ගෙ ලැප් එකෙන් බෙක්ට මේල් එකක් යවන්න කියල කියනවා, එක තැනක රිචඩ් ව පැහැර ගන්න හදපු එවුන්ගෙ වාහනය තියෙනවා හොයාගත්තා කියලා, ඒන්ජල් ඩෝල් යවන විදිහට. ඉතිං රිචඩ් ව ගෙදර එක්කං ආපු විගසම බෙක් සහ ඩූක් රීචර් ට අඬගහනවා ඒන්ජල් ඩෝල් කියපු තැනට දැන්ම පිටත් වෙන්න ඕන කියලා. ඉතිං සූක්ෂමව මොළේ කල්පනා කරන රීචර් වැසිකිළියට යන මුවාවෙන් ඊට කලින් දවසෙ ඒන්ජල් ඩෝල්ව මරලා අරගත්තු ඔහුගෙ තුවක්කුව සඟවපු තැනට ගිහින් ඒකත් අරගෙනම කිසි දෙයක් නොදන්න ගානට බෙක් සහ ඩූක් සමඟ යාමට පිටත් වෙනවා. ඊටපසුව බෙක් ට කාර් එකටම වෙලා ඉන්න කියලා ඩූක් සහ රීචර් යනවා ඒන්ජල් ඩෝල් එවපු තැන ගේ ඇතුලට. ඉන්පසුව බෙක් ව ඉවරයක් කරලා දාන රීචර් ඒ ගෙදරත් පුපුරවලා බේරිලා එන විදිහට ඒන්ජල් ඩෝල් අපිට රැකලා ඉඳන් පහර දුන්නා කියල, බෙක් වත් අරගෙන එතනින් පිටත් වෙන්නෙ බෙක්ගෙ විස්වාසය තව තවත් දිනාගනිමින් සහ බෙක්ගේ ප්‍රධාන ආරක්ෂා හෙවත් දෙවනියගෙ තැන අරගන්න ගමිනුයි.
තුන්වෙනි කතාංගය ඔය විදිහට තමයි අවසන් වුණේ. අද අපිට රීචර් මේකට උනන්දුව ඇතුවම පැටලෙන්න හේතුව බලාගන්න ලැබෙනවා. නමුත් ඒ ගැන මං කියන්න යන්නෙ නෑ. එහෙනම් අද කොටසත් බලන්න ඔයාලට භාර කරලා මං නවතිනවා. පස්වෙනි එපිසෝඩ් එකෙන් හමුවෙමු.
හැමෝටම සුභ දවසක්!! ජයවේවා!!
Reacher S03E04 – DominiqueRelease Date – February 27, 2025
IMDb Rating – 7.8/10
Next Episode – Smackdown
Reacher Season 03 Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
745 downloadsDownload Reacher-S03E04-Sinhala-Subtitles.zip34 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රුක්ෂාන් ඛාන් (රුකා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2021-09-27
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Reacher s03 Sinhala Subtitles
Subtitles by
රුක්ෂාන් ඛාන්
Subtitles
- #Editor's Pick
- #MaxxA
- #Offbeat
- #Reacher S01 Sinhala Sub
- #Reacher S01 Sinhala Subtitles
- #Reacher season 01 Sinhala Subtitles
- #Reacher Sinhala Sub
- #Reacher Sinhala Subtitles
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Steven Yeun
- #Sub
- #Subs
- #subtitle
- #Subtitles
- #TV
- #උපසිරැසි
- #රුක්ෂාන් ඛාන්
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
1 comment
Anonymous
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



Thanks