The Vampire Diaries S05 Sinhala Subtitles ඔන්න යාලුවනේ රවිඳු රුක්ෂාන් සහෝගේ ඉල්ලීමක් මත ඔන්න මම The Vampire Diaries පස්වන කතාමාලාවේ කොටස් කිහිපයකට උපසිරැසි කරන්න පටන්ගත්තා. ඇත්තටම කිව්වොත් මම The Vampire Diaries කියන කතාමාලාවේ එක කොටසක්වත් බලලා තිබ්බේ නැහැ මේ වෙනකන්ම. ඉතින් මම මේ කොටස නරඹද්දී තමයි…

The Vampire Diaries S05 Sinhala Subtitles

ඔන්න යාලුවනේ රවිඳු රුක්ෂාන් සහෝගේ ඉල්ලීමක් මත ඔන්න මම The Vampire Diaries පස්වන කතාමාලාවේ කොටස් කිහිපයකට උපසිරැසි කරන්න පටන්ගත්තා. ඇත්තටම කිව්වොත් මම The Vampire Diaries කියන කතාමාලාවේ එක කොටසක්වත් බලලා තිබ්බේ නැහැ මේ වෙනකන්ම. ඉතින් මම මේ කොටස නරඹද්දී තමයි හිතුනේ මුල ඉඳලම නැරඹුවොත් හොඳයි කියලා. ඉතින් මේ The Vampire Diaries කතාමාලාවේ මම කරන පලවෙනි කොටස නිසා වචනයක වැරද්දක් තිබුනොත් පහලින් කමෙන්ටුවක් දැන් යන්න.

෴ අද කොටස ෴

මතක් ඇතිනේ ඔයාලට කැරොලින්ගෙයි එලේනාගෙයි කාමර සඟයා මේගන්ව වැම්පයර් කෙනෙක් මරලා දානවා. ඒවගේම මේ ස්ටෙෆන් වගේ ඉන්න අනිත් කෙනා ද්විත්වකාය සයිලස් එයා ස්ටෙෆන්ව පෙට්ටියකට දාලා වතුරේ ගිල්වනවා. මේ අතරේදී අර බොනී කියන ගැහැණු කෙනා එයාගේ තාත්තව අර සයිලස් කියන කෙනා මැරුවා. ඒවගේම ඒ සයිලස් කියන කෙනා යම් හේතුවකට මේ කැතරින් කියන ගැහැණු කෙනාව හොයනවා. ඔයාලා දන්නවනේ කැතරින් කියන්නේ ස්ටෙෆන්ගේ කලින් පෙම්වතිය කියලා.

මේ අතරේ එලේනා රෝහලට ගිහින් එයාලගේ කාමර සඟයා, මේගන්ගේ මරණ පරීක්ෂණ වාර්තාව අරන් එනවා. පුදුම කියන්නේ මේගන් සියදිවි නසාගත්තා කියලා තමයි ඒ මරණ පරීක්ෂණ වාර්තාවේ තියෙන්නේ. ඉතින් මේ නිසා මෙයාලට මේ වාර්තාව අත්සන් කරපු ඩොක්ට වෙස්ලි මැක්ස්ෆීල්ඩ් කියන මහාචාර්යතුමා ගැනත් සැක හිතෙනවා. ඒ අතරේ ඩේමන් ලිස්ගේ උදව්වෙන් ස්ටෙෆන්ව ගිල්වපු පෙට්ටිය හොයන්න පටන්ගන්නවා.

මේ සයිලස් කියන කෙනා කැතරින්ව හොයන් යන අතරේදී ගොඩක් අයගේ මනස පාලනය කරනවා. ඒවගේම මෙය එලේනා ඒ මනස පාලනය කරලා ඩේමන්වත් මරන්න හදනවා.

 

“මොකද හිතෙන්නේ යාලුවනේ මේ සයිලස් කැතරින්ව හොයාගනියිද ? නැත්නම් ඊටකලින් ඩේමන් ස්ටෙෆන් ව හොයාගනියිද ? ”

 

කතාව : True lies

අධ්‍යක්ෂණය : ජොශුවා බට්ලර්

රචනය : කෙවින් විලියම්සන්

විකාශය වූ දිනය : 2013 ඔක්තෝබර් 10

IMDB දර්ශක අගය : 8.3

෴ ප්‍රධාන නළු නිලියන් ෴

එලේනා ගිල්බට් – නිනා ඩොබ්‍රෙව්

ස්ටෙෆන් සැල්වටෝ – පෝල් වෙස්ලි

ඩේමන් සැල්වටෝ – ඉයන් සමර්හෝල්ඩර්

ජෙරමි ගිල්බට් – ස්ටීවන් ආර්.

 

“ ඊළඟ කොටසින් හමුවෙනතුරු ඔබට ජය.”

 

 

 

The Vampire Diaries S05 Sinhala Subtitles

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි BluRay පිටපත් සඳහා පමණක් අදාළ වේ.

125 downloadsDownload The-Vampire-Diaries-S05E02-Sinhala-Subtitles.zip44 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “වරුණ විනෝද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-05-28
SUBMAKER RATING BY ADMINS

 

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

                                                               Next BT1Next BT1

The Vampire Diaries S03 Sinhala Subtitles

Subtitles by

වරුණ විනෝද්

Subtitles

125 downloadsDownload Subtitles44 KB

0 comments

No comments yet.