Watch Trailer

Reacher [S03 : E05] Sinhala Subtitles | බලාගෙන හිටපු මොහොත [සිංහල උපසිරසි]

Reacher Season 03 Sinhala Subtitles සුපුරුදු පරිදි ඔන්න එහෙනම් ඊළඟ එපිසෝඩ් අරගෙන ආවා. ඉතිං වෙනදා වගේම අද කොටස බලන්න කලින්, මීට කලින් එපිසෝඩ් එකේ සිදූවීම් ටික මතක් කරගෙනම ඉමු. කලින් කොටසින්, බෙක්ගේ හිත දිනාගත්තයි පසුව රීචර් කෑම එකක් ගන්න කියලා එලියට එන්නෙ, ඩෆීලව මුණ ගැහෙන්න. පැයක විතර කාලයක් තියෙන න…

Reacher Season 03 Sinhala Subtitles

සුපුරුදු පරිදි ඔන්න එහෙනම් ඊළඟ එපිසෝඩ් අරගෙන ආවා. ඉතිං වෙනදා වගේම අද කොටස බලන්න කලින්, මීට කලින් එපිසෝඩ් එකේ සිදූවීම් ටික මතක් කරගෙනම ඉමු.

කලින් කොටසින්,

බෙක්ගේ හිත දිනාගත්තයි පසුව රීචර් කෑම එකක් ගන්න කියලා එලියට එන්නෙ, ඩෆීලව මුණ ගැහෙන්න. පැයක විතර කාලයක් තියෙන නිසා ඔහු එතන පොඩි වෙලාවක් නතර වෙනවා. ඒ අතර ඩෆී පෙරෙත්ත කරමින් රීචර් ගෙන් තදින්ම විමසනවා ක්වින් සමඟ තියෙන ප්‍රශ්නෙ කියන්න මොකද තමන් සහයෝගිව කටයුතු කරන්නෙ කොයි වගේ පුද්ගලයෙක් එක්කද කියලා දැනගන්න අවශ්‍ය බව පවසනවා. ඉතිං අන්න එතනදි රීචර් විසින් පවසනවා ඔහුට ක්වින් නොහොත් ජූලියස් මැකේබ් සමඟ තියෙන පරණ කෝන්තරය ගැන. ඒ අනුව රීචර් හට විශේෂ විමර්ශන ඒකකයේ සිටින කාලයේ ඔහු ඒ වෙද්දි බලමින් හිටපු කේස් එකට ඉහළින් රීචර් හට ගෝලයෙක්ව යෝජනා කරනවා. ඉතිං ඒ ගෑනු ළමයෙක් සහ ඇයගේ නම වෙන්නේ ඩොමිනික් කෝල්. රීචර් ඒ වෙද්දි බලමින් හිටපු කේස් එකට ඇයත් එකතු වී ඉතාමත් දක්ෂව කටයුතු කරමින් එහි සුලමුල හොයාගන්නට රීචර් හා ඩොමිනික් ට හැකි වෙනවා. ඒ කේස් එකෙ අපරාධකාරයා වෙන්නෙ සේවියර් ක්වින්. ඉතිං අවසානයේ සියලු සාක්ෂි එකතු කරගත්තයින් පසුව ඩොමිනික් තනිවම ක්වින් ව අත්අඩංගුවට ගැනීමට පිටත් වුවද හුඟ වෙලාවක ඉඳන් ඇයගෙන් කිසිඳු ආරංචියක්ද නැති වෙනවා. ඉන්පසුව රීචර් වහාම ඔහුගේ ඉහළ නිලධාරියා හා එක්ව කොහොම හරි ඩොමිනික් සිටිනවා ඇති යැයි සැක කරන ස්ථානයකට යනවා. ඒ යන විට ක්වින් විසින් ඩොමිනික්ව මරා දමා කොක්කක එල්ලා තිබෙනවා රීචර් දකිනවා. ඉන් අනතුරුව ක්වින් ව අතටම අල්ලා ගන්න රීචර් ඔහුට කන්දක් පාමුලට එක්කගෙන ගොස් වෙඩි තබනවා. නමුත් මේ වෙද්දි ඔහු ජීවත් අතර සිටිනවා දකින්නෙ රීචර් ඊට බොහෝ කාලෙකට පසුවයි. ඒ ඔස්සෙ තමයි රීචර් විසින් ක්වින් ගියපු වාහනයේ අංක තහඩුව විශේෂ විමර්ශන ඒකකයේ දැන් සිටින සෙබලෙකු ලවා සෙවීමක් කරන්නෙ. ඊට පසුවයි ඩෆී හා ඇයගේ කණ්ඩායම පැමිණ රීචර් හා එකතු වී මේ මෙහෙයුම ක්‍රියාත්මක කරන්න වග බලාගන්නෙ. කතාංගය අවසානයේ ඩෆී සහ විලනුයිවා පිටත්ව යනවා තෙරේසාව සඟවා ඇති යැයි සැක කරන ස්ථාන කිහිපයක් සෝදිසි කිරීමට. නමුත් ඒන්ජල් ඩෝල්ගෙ ලැප්‍ටොප් එක ඩෆීගේ කාර් එකෙ තිබෙන නිසා ඒක කවුරුන්ද ගත්තේ කියලා හොයාගන්න මැකේබ්ගෙ මිනිස්සු තුන්දෙනෙක් ඩෆී සහ විලනුයිවා දැන් සිටින ස්ථානයට එනවා. බෙක් මේ ගැන දැන් තමන්ගෙ දෙවනියා වගේ ඉන්න ආරක්ෂයා වෙන රීචර් ට පවසනවා ඔයාත් එතනට ගිහින්, උන් කවුද කියලා බලල ඉවරයක් කරල දාන්න කියලා.

ඉතිං ඔන්න ඔය විදිහට තමයි අපිට එපිසෝඩ් හතර බලාගන්න ලැබුණේ. ඉතිං අද කොටසෙන් හොඳ හොඳ සිදුවීම් ටිකක් බලාගන්න ලැබෙනවා. එහෙනම් අද කොටස බලන්න ඔයාලට ඉඩ ඉතුරු කරල මං නවතිනවා. හයවෙනි කොටසින් හමුවෙමු.

හැමෝටම සුභ දවසක්!! ජයවේවා!!

 

Reacher S03E05 – Smackdown
Release Date – March 6, 2025
IMDb Rating – 8.0/10
Next Episode – Smoke on the Water

 

Reacher Season 03 Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

669 downloadsDownload Reacher-S03E05-Sinhala-Subtitles.zip27 KB

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රුක්ෂාන් ඛාන් (රුකා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2021-09-27

SUB-MAKER RATING BY ADMINS

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

 

                                                             Next BT1All BT1Previous BT1

 

Reacher s03 Sinhala Subtitles

Subtitles by

රුක්ෂාන් ඛාන්

Subtitles

669 downloadsDownload Subtitles27 KB

1 comment

  1. Sandaru Nimsara

    Thanks