Watch Trailer

Human Vapor [S01: E08] Sinhala Subtitles | අවසන් ප්‍රාර්ථනය [සිංහල උපසිරසි]

Human Vapor Season 01 Human vapor කතාමාලාවේ අවසානයට ඔන්න අපි ඇවිල්ලා ඉන්නේ. වෙනදා වගේ කෙටියෙන් අද කතාවේ වෙන්නේ මොනාද කියලා බලමු. ආණ්ඩුකාර මියුරාගේ (Governor Miura) මැතිවරණ ව්‍යාපාරය උණුසුම් වෙමින් තියෙන මේ මොහොතේ, “වේපර් මෑන්” ටෝකියෝවේ ෂින්ජුකු දිස්ත්‍රික්කයේ ඔහුගේ මැතිවරණ කාර්යාලයට දරුණු ප්‍රහාරයක…

Human Vapor Season 01

Human vapor කතාමාලාවේ අවසානයට ඔන්න අපි ඇවිල්ලා ඉන්නේ. වෙනදා වගේ කෙටියෙන් අද කතාවේ වෙන්නේ මොනාද කියලා බලමු.

 

ආණ්ඩුකාර මියුරාගේ (Governor Miura) මැතිවරණ ව්‍යාපාරය උණුසුම් වෙමින් තියෙන මේ මොහොතේ, “වේපර් මෑන්”  ටෝකියෝවේ ෂින්ජුකු දිස්ත්‍රික්කයේ ඔහුගේ මැතිවරණ කාර්යාලයට දරුණු ප්‍රහාරයක් එල්ල කරනවා. මේ ප්‍රහාරය දියත් කරන්නේ ඇයි කියලා කතාවේ මැද භාගයේ ඔයාලට දැනගන්න ලැබෙයි. මේ සිදුවීමෙන් ආණ්ඩුකාරවරයාටත් තුවාල සිද්ධ වෙලා රෝහල් ගත කරනවා. පරීක්ශක කෙනිජි මේ සිද්ධිය ගැන පරීක්ෂණ පවත්වද්දී, මේ ප්‍රහාරය පිටුපස සැඟවුණු දේශපාලන කුමන්ත්‍රණයක් තියෙනවාද කියන සැකය මතුවෙනවා. සමහරවිට මියුරා මේ සිදුවීම තමන්ගේ වාසියට යොදාගෙන ජනතාවගේ බය වැඩි කරලා, මැතිවරණය දිනන්න හදනවා වෙන්න පුළුවන්. 

 

අද කතාවේ අවසානයත් එක්ක මෙන්න මේ ආණ්ඩුකාරවරාගේ කුමන්ත්‍රණය සාර්ථක හරි අසාර්ථකත්වය හරි දැනගන්න ඔයාලට පුලුවන්. කියෝකෝ සහ මේ වේපර් මෑන් කොච්චර එකිනෙකට ලැදි පුද්ගලයන්ද කියලා කලින් එපිසෝඩ් වල හැඟීම්බරව ඉදිරිපත් කරා.  අද කොටසින් ඒ දෙන්නගේ සම්බන්ධකම තීරණාත්මක අවධියකට යනවා. කිමිකෝ ඉන්නේ තවත් මිනීමැරුම් අවශ්‍ය නැහැ පොලිසිය මගින් ඒ අවශ්‍ය යුක්තිය ඉටුවේවී යන මතයක. 

 අභිරහස් සිදුවීම් පිටුපස තවත් මොනවාද සැඟවී ඇත්තේ? මේ සංකීර්ණ කුමන්ත්‍රණයට තවත් අය සම්බන්ධ වෙලාද? මේ අභිරහස හෙළිවේවිද? අද අවසන් කතාවත් බලමු එහෙනම්. එපිසෝඩ් අටක් පුරාවට රැඳිලා හිටපු හැමෝටම ස්තූතියි.

තවත් කතාවක් අරගෙන ඉක්මනින්ම එන්නම්.

උපසිරැසියට අදාල වීඩියෝ පිටපත අපේ ටෙලිග්‍රෑම් සමූහයෙන් ඔයාලට ගන්න පුලුවන්.

                                      *-* ජය ශ්‍රී *-*

Human Vapor, Human Vapor Season 01, Human Vapor Sinhala Subtitles

 

                                                                                                                                                                           

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම උපසිරැසිය සියලුම WEB පිටපත් සඳහා පමණක් වලංගු වේ.

128 downloadsDownload Human-Vapor-S01E08.zip21 KB

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යසිරු හසරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-10-23

SUB-MAKER RATING BY ADMINS

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Human Vapor S01  Sinhala Subtitles

 

                                        Next BT1All BT1Next BT1

Subtitles

128 downloadsDownload Subtitles21 KB

1 comment

  1. Anonymous

    උපසිරැසියට තෑන්ක්ස් මචං

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.