Watch Trailer

Reacher [S04 : E05] Sinhala Subtitles | මට තිබුණේ කියපු දේ අහන්න [සිංහල උපසිරසි]

Reacher season 04 Sinhala Subtitles ඔන්න එහෙනම් සුභ දවසක් කියනවා හැමෝටම. අදම රීචර් සීසන් 4 එපිසෝඩ් 5 එකට උපසිරැසි අරගෙන ආවා ඔන්න. කලින් ලිපි වලත් මං සඳහන් කළා වගේම ඔන්න මෙදාපාර රීචර් සීසන් එක හොඳ ට්‍රැක් එකක දුවනවා කියලා මං කිව්වා. කලින් එපිය බලපු කෙනෙක් නං ඔයා ඒ ගැන මේ වෙද්දිත් දන්නවා. ඔන්න ඒකටම හ…

Reacher season 04 Sinhala Subtitles

ඔන්න එහෙනම් සුභ දවසක් කියනවා හැමෝටම. අදම රීචර් සීසන් 4 එපිසෝඩ් 5 එකට උපසිරැසි අරගෙන ආවා ඔන්න. කලින් ලිපි වලත් මං සඳහන් කළා වගේම ඔන්න මෙදාපාර රීචර් සීසන් එක හොඳ ට්‍රැක් එකක දුවනවා කියලා මං කිව්වා. කලින් එපිය බලපු කෙනෙක් නං ඔයා ඒ ගැන මේ වෙද්දිත් දන්නවා. ඔන්න ඒකටම හරියන්න මරු එපිසෝඩ් එකක් මෙදාපාරත් දීලා තියෙනවා.

එහෙනම් වැඩි කතාවක් නැතුව කලින් කොටසෙ වෙච්ච සිදුවීම් මතක් කරගෙනම අද කතාව බලමු.

සැම්ප්සන් ඉදිරියේම කේහිල්ගෙන් ප්‍රශ්න කරන්න ගියාම ඒ වෙලාවෙම ඔහු බිල්ඩිමෙන් පැනලා දිවිනසා ගත්තු එකෙන් තවත් මේ පැටලැවිල්ල වැඩි වීමක් විතරයි සිද්ධ වුණේ. ඇනාගේ කාර් එකේ තිබිලා හොයාගත්තු වැඩ කරන තැනක බැජ් එකෙ වෑඩපොල හොයාගෙන ජේකබ්, ටමාරා සහ ප්ලම් පිටත් වෙනවා. ඒ අතරතුර රීචර් සැප්ම්සන් එක්ක දිගටම, සැම්ප්සන් අවුරුදු 25 කට කලින් ඉන්දුනීසියාවේ කරේ මොනවද වගේ දේවල් සේරම විස්තර ඇතුව අහනවා. කාලයක් තිස්සෙ අඳුරන තමන්ගෙ මිතුරා දිවිනසා ගත්ත සිදුවීමෙන් පසුව තමන්ට තවත් හංගන්න කියලා දෙයක් නැති නිසා මේකට හේතුව මොකක්ද කියල රීචර් හොයාගනීවි කියල හිතන බලාපොරොත්තුව ඇතුව සැම්ප්සන් සේරම දේවල් ටික රීචර් ට කියනවා. මේ අතර තවත් අයෙක්‍ය්ගේ නමින් ටමාරා, ඇනා වැඩ කරපු තැනට ඇතුල් වෙන්නෙ ඇනා වෙනුවට දැන් අලුතෙන් වැඩට ආවේ මමයි කියලා කියාගෙන. එතනත් ඇයට වැඩි දෙයක් දැනගන්න නොලැබෙන්නෙ වැඩි මොහොතක් යන්න කලින් ඇය හොරෙන් ඇතුළු වූවෙක් බව අනාවරණය වීමත් එක්කයි. ඒ අතර නැවත රීචර් ව හොයාගෙන එන CIA එක රීචර් ත් සමඟ සටන් කරනවා. පසුව ජේකබ්ගේ බෑණා වන බෙන්ගෙ මළ සිරුරත් පොලීසියෙන් හොයාගෙන තිබෙන බවද මොවුන්ට දැනගන්න ලැබෙනවා. ඇනා ප්‍රෙන් ඩ්‍රයිව් එක ලයිලා හිටපු හොටෙල් එකට එවන්න ඇති කියලා හිතලා රීචර් ලයිලා එක්ක ඒ හොටෙල් එකට ගියත් ඔවුන්ට ඒක හොයාගන්න ලැබෙන්නෙ නෑ. පසුව රීචර් සහ ලයිලා පසුපස කීප දෙනෙක් හඹා එද්දී රීචර් ලයිලාව ප්‍රවේසමෙන් පිටත් කර හැරලා ඔවුන් සමඟ සටන් කරනවා. මේ අතර ජේකබ්, ටමාරා, ප්ලම් මෝචරියට ගොස් බෙන්ගෙ මරණ පරීක්ෂක වාර්තාව බලද්දි ඔවුනට දැනගන්න ලැබෙනවා බෙන්ව මරල තියෙන්නෙ ඉන්දුනීසියාවේ යම් සටන් කලාවක් ප්‍රගුණ කරන අයගේ ලඟ තියෙන කරම්බිට් නමින් හඳුන්වන වක්‍ර හැඩැති පිහියක් බවයි. මේ ගැන හාංකවිසියක් වත් නොදන්න රීචර් ලයිලාව යි ඇයගේ පවුලේ අයවයි බේරගන්න හොටෙල් එකට යද්දි ඒ වෙද්දි ලයිලාගේ බොඩිගාඩ්ලා දෙන්නාව සමඟම ලයිලා සහ අමීෂාව අල්ලගන්න ආපු තවත් හය දෙනෙක්ව බෙලි කපලා ඝාතනය කරලා තියෙනව. අවාසනාවට මෙතනට ෆිලී පොලීසියෙන් ඇවිත් රීචර් ව මේකට වැරදිකාරයා විදිහට අත්අඩංගුවට පත් වෙනවා.

ඔන්න ඔය විදිහට තමා හතරවෙනි කතාංගය අවසන් වුණේ. මෙතනින් එහාට රීචර් වගේ කෙනෙක් පොලීසියට කොහොම මුහුණ දෙයිද? එහෙනම් ඒක දැනගන්න ඔයාට අද කොටස බලන්නම වෙනවා. අදට මං මෙතනින් නවතිනවා හයවෙනි කොටසින් හමුවෙමු.

මතක ඇතුව කමෙන්ට් එකක් දාගෙනම යන්ඩ හොඳේ..
හැමෝටම සුභ දවසක්!! ජයවේවා!! 

Reacher season 04 Sinhala Subtitles
Season 05 Coming Soon.
  Reacher Season 04 Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

1,100 downloadsDownload Reacher-S04E05.zip25 KB

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රුක්ෂාන් ඛාන් (රුකා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2021-09-27

SUB-MAKER RATING BY ADMINS

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

 

                                                             Next BT1All BT1Next BT1

 

Reacher s04 Sinhala Subtitles

Subtitles by

රුක්ෂාන් ඛාන්

Subtitles

1,100 downloadsDownload Subtitles25 KB

3 comments

  1. Deshan

    Thanks machn sub ekata

  2. Buddhika laKMal

    සබ්එකට තෑන්ක්ස් රුක්ෂාන් සහෝ

  3. Sandaru Nimsara

    Thanks ruka ❤️