Watch Trailer

Reacher [S04 : E06] Sinhala Subtitles | වාසනාව ගිලිහී ගිය කළ [සිංහල උපසිරසි]

Reacher season 04 Sinhala Subtitles ඔන්න එහෙනම් සුභ දවසක් කියනවා හැමෝටම. එපිසෝඩ් 6 එකත් ඔන්න අදම උණු උණුවෙම අරගෙන ආවා. ලිපි දෙක තුනකම සඳහන් කරා වගේ, මෙදා පාර නං හොඳම ට්‍රැක් එහෙක කතාව ගලාගෙන යනවා. අද ලිපියට දීලා තියෙන නමත් එක්ක පොඩි අදහසක් අරන් බලන්නකො. රීචර් වගේ කෙනෙක්ට වාසනාව කොහොමත් අදාල නොවුණත්…

Reacher season 04 Sinhala Subtitles

ඔන්න එහෙනම් සුභ දවසක් කියනවා හැමෝටම. එපිසෝඩ් 6 එකත් ඔන්න අදම උණු උණුවෙම අරගෙන ආවා. ලිපි දෙක තුනකම සඳහන් කරා වගේ, මෙදා පාර නං හොඳම ට්‍රැක් එහෙක කතාව ගලාගෙන යනවා. අද ලිපියට දීලා තියෙන නමත් එක්ක පොඩි අදහසක් අරන් බලන්නකො. රීචර් වගේ කෙනෙක්ට වාසනාව කොහොමත් අදාල නොවුණත් වාසනාව කියලා දෙයක් ආසාවටවත් නැති වුණොත් මොකක් වෙයිද?!

එහෙනම් වැඩි කතාවක් නැතුව කලින් කොටසෙ වෙච්ච සිදුවීම් මතක් කරගෙනම අද කතාව බලමු.

ලයිලා සහ අමීෂා හිටපු හොටෙල් කමාරේට වහාම රීචර් දුවගෙන යන්නෙ ඔවුන්ව බේරගන්න කියලා හිතාගෙන. ඒත් එතනට යද්දිත් ලයිලගෙ ආරක්ෂක දෙපල සහ රෙඩ්ස් එකේ මිනිස්සු හතර දෙනෙකුයි මැරිලා ඉන්නවා. එතන ෆිලී පොලීසියෙන් කඩා පනින විට රීචර් එතන ඉන්න නිසා ඔවුන් හිතන්නෙ රීචර් එම ඝාතනයන් සිදු කරයි කියලා. එතනින් වාහම ක්‍රියාත්මක වන රීචර් පොලීසියවත් තල්ලු කරගෙන එතනින් පැනගන්නවා. ඒ දුවන අතරම ටමාරා ට කෝල් කරාට පසුවයි රීචර් මේ සියලුම කතාන්තරය වටහා ගන්නෙ. ඒ මේ හැමදේකම මුල ඉඳලා ඩ්‍රයිව් එක ඕන කරලා තියෙන්නෙ ලයිලා ට සහ අමීෂා ට බවයි. කොහොම හරි අවසානේ රීචර් ව පොලීසියට කොටු වෙනවා. මීලඟට ටමාරා, ජේකබ් සහ ප්ලම් කෙලින්ම යන්නෙ ජේකබ්ගෙ නිවසට ඒ ඇනා විසින් පෙන් ඩ්‍රයිව් එක එවලා තියෙන්නෙ වෙන කාටවත් තමන්ගෙ සහෝදරයා වෙන ජේක්බ් ට බව වටහා ගත්තයි පසුව. පෙන් ඩ්‍රයිව් එක අතට ගත්ත මොහොතේම එතනට වාහනේකින් එන ලයිලා සහ අමීෂා මොවුන්ට මඟ දිගට වෙඩි තියන්න පටන් ගන්නවා. අවසානේ ඔවුන්ව පොලීසියට කොටු කරලීමට ජේකබ් තීරණය කළත් ලයිලා සහ අමීෂා පාලමෙන් පැන පොලීසියෙන් පලා යනවා. වාසනාවකට ජේකබ්ගෙ මාමා කෙනෙකු වන මොන්ටි පවා ජේකබ් ව හමුවෙන්න පොලීසියට ඇවිත් විස්තර කතාබහ කරගන්නවා. මේ අතර මුලදී රීචර් ව පැහැරගෙන ගිය CIA නිලධාරියා නැවත හිර කූඩුව අසලට පැමිණ එන්නෙ රීචර් ව ඝාතනය කරන්න බලාගෙනයි. නමුත් එතනිනුත් පැන ගන්න රීචර් පසුව ටමාරා, ජේකබ් සහ ප්ලම් ව හමුවෙනවා. පසුව ජේකබ් අලුතින් ගන්න ලැප්ටොප් එකේ මාර්ගෙන් පෙන් එකෙ තියෙන්නෙ මොනවද කියලා බලනවා. ඒත් තියෙන්නෙ සැම්ප්සන්, කේහිල්, පුත්‍රා සහ තවත් නොදන්නා අයෙකුගේ අවුරුදු 25 කට කලින් ගත්තු පින්තූරයක් විතරයි. ඇනාගෙ ෆෝන් එකෙ තිබිලා ලයිලා එවලා තිබුණ බිල්ඩිමට රීචර් සහ ටමාරා යන්නෙ, ජේකබ් ට ප්ලම් ට ආරාක්ෂාව දෙමින් පුස්තකාලයට වෙලා ඉන්න කියලා කීමෙන් පසුවයි. රීචර් සහ ටමාරා එතනට ගිය පසු තිබෙන ලේ පැල්ලම් වලින් වටහා ගන්නවා බෙන් ට වධ දීලා ඝාතනය කරලා තියෙන්නෙ මෙතනයි කියලා. ඒත් එක්කම ජේකබ් ගේ බෙල්ලට කරම්බිට් එකක් තියාගෙනම ලයිලා සහ අමීෂා ඔවුන්ගෙ පිටුපසින් මතුවෙන්නෙ පෙන් ඩ්‍රයිව් එක දෙන ලෙස තර්ජනය කරමිනුයි.

ඔන්න ඔය විදිහට තමා පස්වෙනි කතාංගය අවසන් වුණේ. අවසානය වාසනාව වත් පේන තෙක් නැති මානෙකට කොටු වෙන රීචර් ට මොකක් වෙයිද?! ඒක දැනගන්න මේ කතාංගය බලන්නම වෙනවා. එහෙනම් ඊළඟට රීචර් හත්වෙනි කොටසින් හමුවෙමු.

මතක ඇතුව කමෙන්ට් එකක් දාගෙනම යන්ඩ හොඳේ.
හැමෝටම සුභ දවසක්!! ජයවේවා!! 

Reacher season 04 Sinhala Subtitles
Season 05 Coming Soon.
  Reacher Season 04 Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

768 downloadsDownload Reacher-S04E06.zip24 KB

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රුක්ෂාන් ඛාන් (රුකා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2021-09-27

SUB-MAKER RATING BY ADMINS

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

 

                                                             Next BT1All BT1Next BT1

 

Reacher s04 Sinhala Subtitles

Subtitles by

රුක්ෂාන් ඛාන්

Subtitles

768 downloadsDownload Subtitles24 KB

3 comments

  1. Buddhika laKMal

    සබ්එකට තෑන්ක්ස් මචං

  2. Sandaru Nimsara

    Thanks

  3. Dark Boy

    Thankyou bro❤️