කොහොමද හැමෝටම! ඔන්න පැය පහකින් විතර, මේ කොටසත් හදලා දැම්මා. ඉක්මනට වෙනදා වගේම, පසුගිය කොටස මතක් කරගෙන ඉමුකෝ. පසුගිය කොටසින්… පැහැරගත්ත ගිවිසුම හොයාගන්නත්, රොබින්ව මරන්නත් පුළුවන් දක්ෂ ඝාතකයෙක්ව ෂෙරිෆ් හොයාගන්නවා. මේ ඝාතකයා – කාටර්, රොබින් කුරුස යුද්ධයේ හිටපු කාලේ, එයාගේ කණ්ඩායමේ හිටිය සෙබලෙක්ගේ මල්…

කොහොමද හැමෝටම! ඔන්න පැය පහකින් විතර, මේ කොටසත් හදලා දැම්මා. ඉක්මනට වෙනදා වගේම, පසුගිය කොටස මතක් කරගෙන ඉමුකෝ.
පසුගිය කොටසින්…
පැහැරගත්ත ගිවිසුම හොයාගන්නත්, රොබින්ව මරන්නත් පුළුවන් දක්ෂ ඝාතකයෙක්ව ෂෙරිෆ් හොයාගන්නවා. මේ ඝාතකයා – කාටර්, රොබින් කුරුස යුද්ධයේ හිටපු කාලේ, එයාගේ කණ්ඩායමේ හිටිය සෙබලෙක්ගේ මල්ලි කෙනෙක්. තමන්ගේ අයියා මැරෙන වෙලාවේ රොබින් එයාව බේරගත්තේ නෑ කියන වැරදි මතයක ඉන්න නිසයි, කාටර් විශේෂයෙන්ම මේ වැඩේ භාරගන්නේ. ඉතින් කාටර්ව රොබින් ළඟට යවන්නේ, ෂෙරිෆ්ගේ සෙබලු එක්ක ඇතිවන සටනකදි රොබින්ට උදව් කරන කෙනෙක් විදියට පෙන්නලයි. සටනෙදි තුවාල වුන විදියක් පෙන්නුවම, රොබින්ලාම එයාව කඳවුරට එක්ක යනවා. පස්සේ ඇත්ත තත්ත්වය දැනගත්තම, කාටර් රොබින්ගේ සැලසුම්වලට උදව් කරනවා. ජැක්ගේ බෙහෙතක් බීලා, මැරුනා වගේ ඉන්න රොබින් අරන් ගිහින්, කාටර් ෂෙරිෆ්ගෙන් සල්ලිත් පැහැරගෙන, රොබිනුත් බේරගෙනයි එන්නේ. අවසානයේදි රොබින්ලාගේ පණිවුඩය රිචඩ් රජුට දෙන බවට පොරොන්දු වෙලා, කාටර් ශුද්ධ වූ දේශයට යනවා.
මෙවර කොටසින්…
අද ගිස්බන්ගේ උපන්දිනය දවස. ඉතින් ඒකට ලොක්ස්ලි මැදුරේ සාදයක් තියෙන වෙලාවේ, ඇලන් ඇවිත් කියනවා, රිචඩ් රජුගෙන් පණිවුඩකාරයෙක් ඇවිත් ඉන්න බව. එහෙම කිව්වට මේ පණිවුඩකාරයා ඇවිත් තියෙන්නේ, ලොක්ස්ලි මැදුරේ කලින් භාරකාරයා වුනු රොබින්ව හම්බවෙන්න. ඉතින් තමන්ට වැරදුනා කියලා දැනගත්ත ගමන්, මේ පණිවුඩකාරයා පැනලා යනවා. ඇලන් ඇතුළු ගිස්බන්ගේ සෙබලු මිනිහව අල්ලගන්න කලින්, එයා තමන්ගේ අතේ තියෙන පෙට්ටියක්, කැලේ ගහක් උඩ හංගනවා. එතනදි වෙන සිද්ධියක් නිසා පණිවුඩකාරයාට මැරෙන්න වුනත්, රොබින්ට රජුගේ ලියුම දෙන්න එයාට පුළුවන් වෙනවා. ලියුමේ තියෙන්නේ, ඒකට පිළිතුරු ලාඩ්නර් අතේ එවන්න කියලයි. ඒත් ලාඩ්නර් කියන්නේ කවුද කියලා කවුරුත් දන්නේ නෑ. ඉතින් අද මේ ප්‍රහේලිකාව විසඳගන්නේ කොහොමද කියලා බලන්නකෝ. ඔයාලා කතාව බලනකම්, මම ඊළඟ උපසිරැසියත් හදන්නම්. නැවත ඉක්මනින් හමුවෙමු!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
3,540 downloadsDownload BBC.Robin_.Hood_.S02.E09.Baiscopelk.com_.zip22 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ බොබී ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-12-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by
බොබී
Subtitles
17 comments
sachintha
zeal
Thanks Mcn
Chanaka
Thanx saho sabat.elaga sab ekean hamba wemu
Dineth Sachiranga
සුපිරි .සබට ස්තුතියි.ජයවේවා
Thilina Jayarathna
thx bn
Kulanjana Maduranga
subata thanks
Ishan Madusha
බොහොම ස්තූතියි
madhu bhagya
sub ekt tnz
Lasantharathnasirirox
නියමයි යාළු.......tnx
Ishan Aravinda
thanks macho
Dhanushkadill
Thanksssssssssssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
ak
Thanks.
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
ravidu ishan
Tnx mchn sub ekata ..!!
LahiruPriyankara
Thanks
Lakshan MLS
thanks
Viraj
Thanks
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජය