Watch Trailer

Robin Hood (TV Series 2006–2009) [S02 : E10] Sinhala Subtitles | ෂෙරිෆ් කොහෙද ගියේ? [සිංහල උපසිරැසි සමග]

ඔන්න යාළුවනේ, අද මේ ගෙන එන්නේ දෙවනි සීසන් එකේ දහවෙනි කොටසයි. මේ සීසන් එකට තව කොටස් තුනයි ඉතුරු වෙලා තියෙන්නේ. අපි දැන් ගිය කොටස මතක් කරගෙන ඉමුකෝ. පසුගිය කොටසින්… රිචඩ් රජුගෙන් ලිපියක් අරන්, විශේෂ දූතයෙක් එනවා රොබින්ව හම්බවෙන්න. එයා රොබින්ගේ පරණ මන්දිරයට ගිහින් ලිපිය දෙන්න යන එකෙන් වෙන්නේ, ගිස්බනුත්…

ඔන්න යාළුවනේ, අද මේ ගෙන එන්නේ දෙවනි සීසන් එකේ දහවෙනි කොටසයි. මේ සීසන් එකට තව කොටස් තුනයි ඉතුරු වෙලා තියෙන්නේ. අපි දැන් ගිය කොටස මතක් කරගෙන ඉමුකෝ.

පසුගිය කොටසින්…

රිචඩ් රජුගෙන් ලිපියක් අරන්, විශේෂ දූතයෙක් එනවා රොබින්ව හම්බවෙන්න. එයා රොබින්ගේ පරණ මන්දිරයට ගිහින් ලිපිය දෙන්න යන එකෙන් වෙන්නේ, ගිස්බනුත් ඒක දැනගන්න එකයි. සෙබලු මේ පණිවුඩකාරයාව පන්නද්දි එයාට මැරෙන්න වුනත්, මැරෙන්න කලින් තමන් අතේ තියෙන පෙට්ටියක් ගහක් උඩ හංගන්නත්, ලිපිය රොබින්ටම දෙන්නත් එයාට පුළුවන් වෙනවා. අමතර හමුදා එවන්න කියලා එවලා තියෙන ලිපිය කියෙව්වම රොබින්ලාට තේරෙනවා, රිචඩ් රජු තාමත් කුමන්ත්‍රණය ගැන දන්නේ නැති බව. ඉතින් මේකට පිළිතුරු එවන්න කියලා තියෙන්නේ ලාඩ්නර් අතේ. ලාඩ්නර් කවුද කියලා දවසක් තිස්සෙම හෙව්වම, කට්ටියට දැනගන්න ලැබෙනවා ඒ පණිවුඩ ගෙනියන පරවියෙක් බව. අර ගහ උඩ පෙට්ටියේ ඉන්නේ පරවියා බව දැනගෙන, රොබින් සහ මැරියන් ඒකාව ගේන්න ගිහින් ගිස්බන්ලාට කොටුවෙනවා. අවසානයේදි, මැරියන් ප්‍රාණ ඇපකාරියක් බව අඟවලා රොබින් පරවියාව අරන් පැනගන්නවා. මැරියන් ගිස්බන් එක්ක ආපහු මාලිගාවට යනවා. රොබින් මැරියන් එක්ක විවාහ ගිවිසගන්නෙත්, ලාඩ්නර් නම් පරවියා අතේ රිචඩ් රජුට ස්ථිර පණිවුඩයක් යවන්නෙත් මේ කොටසේදියි.

මෙවර කොටසින්…

ෂෙරිෆ්ට රෑ හීනයක් පේනවා. ඒක ඉවරවෙලා ඇහැරිනකොට එයා ඉන්නේ ෂර්වුඩ් වනාන්තරයේ. එයා එතනට ගියේ කොහොමද කියලා එයාවත් දන්නේ නෑ. මේ අතරේ ජෝන් කුමාරයාගේ විශේෂ රාජදූතයා ඇවිත් ෂෙරිෆ්ව හොයනවා. ෂෙරිෆ් මාලිගාවේ නැති වුනාම මොකද වෙන්නේ කියලා ඔයාලත් දන්නවනේ. ඉතින් දැන් මේ දූතයා හදන්නේ, හමුදාව ගෙන්නලා නොටින්හැම් බිමට සමතලා කරලා දාන්නයි. ගිස්බන් මේක වළක්වන්න නොකරන දෙයක් නෑ. අවසානයේ මැරියන්ගේ උපදෙස් පිට, රොබින්ගෙනුත් උදව් ඉල්ලනවා ෂෙරිෆ්ව හොයන්න. ඉතින් අද කට්ටියම භේදයක් නැතුව එකතු වෙලා කරන වැඩක් තමයි තියෙන්නේ. ඔයාලා මේ කොටස බලනකම් ඊළඟ කොටසත් ගේන්න මම යනවා. කමෙන්ටු වලට බොහොමත්ම ස්තූතියි. එහෙනම් සුභ දවසක් වේවා!

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

 

2,689 downloadsDownload BBC.Robin_.Hood_.S02.E10.Baiscopelk.com_.zip22 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ බොබී ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-12-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

 

Subtitles by

බොබී

Subtitles

2,689 downloadsDownload Subtitles22 KB

15 comments

  1. nkrtharinda95

    Thankyou

  2. ak

    Thanks bro.

  3. shakilakavinda

    very very thanks bro ikmanata E9 and E1O baiscopedownloads ekata dannako

  4. zeal

    තෑන්ස් මචං... ela wadak...

  5. madhu bhagya

    sub ekt tnz

  6. Chanaka

    Thanx saho sub walata

  7. Ishan Madusha

    ස්තූතියි සහෝ

  8. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  9. maduranga kapilarathne

    එල මචං.හැමදාම එකක් දාහන්.ජය!!

  10. Kulanjana Maduranga

    subata thanks

  11. Lasantharathnasirirox

    සොයුර ඔබට බොහෝම ස්තුතියි......ජයෙන් ජයම වේවා බොබී !!!

  12. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. ravidu ishan

    tnx mchn sub ekata ..!!

  14. Lakshan MLS

    thanks

  15. Viraj

    Thanks