Watch Trailer

Rome [1×1 – The Stolen Eagle ] – Sinhala Subtitle | උත්කෘෂ්ඨ රෝමයට අවසරයි…(18+) [සිංහල උපසිරැසි සමඟ]

ඉතිහාසය කියන්නෙ මහා පුදුමාකාර දෙයක් විටෙක ලස්සන කතාන්දරයක් වෙන මේ ඉතිහාසය ඇත්තෙන්ම ගැඹුරෙන් අධ්‍යනය කරන්නෙකුට නම් කොහෙත්ම එසේ නොවන බව වැටහේවි. ඒ වෙන කිසිවක් නිසා නෙමෙයි එය සුන්දර මල් යහනක් නොවෙයි හුදෙක්ම ලෙයින් කදුළින් නැහැවුන ශෝකාන්තයක් වීම නිසාවෙන්.. නමුත් ඔවුන් අපට ඉතිරිකර ගිය ඒ අතීතය සැබවින්ම ච…

ඉතිහාසය කියන්නෙ මහා පුදුමාකාර දෙයක් විටෙක ලස්සන කතාන්දරයක් වෙන මේ ඉතිහාසය ඇත්තෙන්ම ගැඹුරෙන් අධ්‍යනය කරන්නෙකුට නම් කොහෙත්ම එසේ නොවන බව වැටහේවි. ඒ වෙන කිසිවක් නිසා නෙමෙයි එය සුන්දර මල් යහනක් නොවෙයි හුදෙක්ම ලෙයින් කදුළින් නැහැවුන ශෝකාන්තයක් වීම නිසාවෙන්.. නමුත් ඔවුන් අපට ඉතිරිකර ගිය ඒ අතීතය සැබවින්ම චිත්තාකර්ෂණීයයි…. අද අපේ වර්තමානය ඔවුන් මෙලෙස තමුනේ ලෙයින් වාත්තු නොකරන්නට බොහොම වෙනස් වෙන්නට ඉඩ තිබුනා නමුත් අතීතය අතිතයමයි, ඔබට මට අද දැකගත හැක්කේ හුදෙක් නටඹුන් පමණයි… නමුත් ඒ තමයි බොහොම ලෝකය හෙල්ලූ ශිෂ්ඨාචාරයන්ගේ කතාව… නමුත් අද ඔබ වෙත ගෙන එන්නට සුදානම් මේ කතාව ගෙතෙන්නේ එලෙස ලෙයින් ලියන ලද, කඳුලින් ඔපමට්ටම් කරන ලද තවමත් අප සමාජයේ කොතැනක හෝ යොදාගන්නා දේශපාලන ක්‍රම, නිතිය විතරක් නොවෙයි වෙනත් නොකුත් තවමත් ලොව ජනයා ප්‍රයෝජනයට ගන්නා අපුරු ශිෂ්ඨාචාරය ගැන. නමුත් වරදවා වටහා ගන්න එපා මෙය හුදෙක් අධ්‍යාපණික වැඩසටහනක් නම් නොවෙයි, ඉන් බොහොම එහා ගිය එකක් කිව හැකි ඇත්තෙන්ම. මෙය ඒ ශ්‍රේෂ්ඨ භයානක අසිරිමත් ශිෂ්ඨාචාරයේ මුල් බැසගෙන ඒ සමාජ රටාව එහි පාලන තන්ත්‍රය සහ එහි ජන ජීවිතය එකක් ගැටෙමින් ඔවුන්ගේ යුධ පිටියේ කුරිරුකම, ඔවුන්ගේ සමාජයේ දෙපිටකාට්ටු යටගියාව හාරා අවුස්සන්නට දරනා වෑයමක් පමණයි… ඉතින් පන්ති භේදය, වර්ණ භේදය, කුල මල, ආගම්, ජාති එකක් බෙදී වෙන්වී යන්නට මත්තෙන් අපි පොඩ්ඩක් මේ ඉතිහාසය රිදී තිරයේ ගොඩනගන හැටි ගැන අවබෝධයක් ලබාගෙන ඉම්මු.

පුරණ රෝම ශිෂ්ඨාචාරය 753 BC–476 AD කාලය තුල යුරෝපයම හෙල්ලූ මහා ශිෂ්ඨාචාරය බව ඔබ පාසල් සමයේ ඉගෙන ගෙන ඇති බවට සැකයක් නැහැ, ඉතිහාසය පුරා විවිධ දේශපාලනික හේතූන් නිසාවෙන් රෝම සමුහාණ්ඩුව, රෝම අධිරාජ්‍ය හැටියට විධාරණය වූ මේ ශ්‍රේෂ්ඨ ඉතිහාසය ඉතිහාස පොත් වර්ණවත් කිරීමට සමත්කම් පානු ලබන්නේ ඔවුන් අපට ඉතිරිකර ගිය දේ නිසා පමණක් නිසාවෙන් නොවෙයි ඒ ඔවුන් එකල ජිවත් වූ ක්‍රමය නිසාවෙන්… නමුත් සැකයක් නැහැ ඔබ රෝමය ගැන අසා ඇති නම් ඔබ “සීසර්” ගැන අසා ඇති එවැනි දෙවිවරුනට පමණක් දෙවැනි වන චරිතයක් ගොඩ නගන්නට හැකි වුන ශිෂ්ඨාචාරයක ගමන ලෙහෙසි පහසු රෝසමල් යහනාවක් වන්නට ඉඩක් නැති බව ඔබට අමුතුවෙන් කිවයුතු නැහැ නෙව. නමුත් සීසර් රජෙක් නම් ඔගස්ටස් අධිරාජ්‍යක් බවයි මගේ හැඟීම ඉතින් එතනින් නොනැවතී, බෘටස්, මාර්ක් ඇන්තනි, සිරරෝ, ගයස් ඔක්ටෙවියන් වැනි අදටත් ලෝක සුප්‍රසිද්ධ චරිතත් සමඟ තමයි ඔබට මේ ගමන යන්නට සිද්ධ වෙන්නෙ.

Bruno Heller, William J. MacDonald, John Milius සංකල්පයකට අනුව නිර්මාණය වුන මේ නිර්මාණය විකාශය වීම අමුතුම වැඩක්, හේතුව මේ නිර්මාණය කොයිතරම්ම තාත්වික ලෙස ඔවුනට නිර්මාණය කිරීමට අවශ්‍ය වුනාද කියනවා නම් ඔවුන් ඒ වෙනුවෙන් බොහොමයක් රෝම ඉතිහාසයේ රනින් ගෙත්තම් වුන ස්ථාන නැවතත් තමුන්ගේම අවකාශයන් තුන ප්‍රතිනිර්මාණය කරන්නට උත්සුක වුනා ඒ නිකම්ම කඩා හැලෙන හැටියට නෙමෙයි මේ වෙනුවෙන් මුල් කතා සමය සඳහා එකල ඩොලර් මිලියන 110 වගේ මුදලක් වෙන් කරන්නට සිද්ධ වුනා. මේ වෙනුවෙන් HBO ආයතනය මිලියන 85 ක් වගේ මුදලකුත් ඔවුන් හා සම නිෂ්පාදනය කල එංගලන්තයේ BBC නාලිකාව මිලියන 15 වගේ අති විශාල මුදලකුත් වියදම් කළා. අදටත් ප්‍රෞඩ ඉතිහාසයක් හිමි BBC නාලිකාව ඇමරිකානු සමාගමක් හා සම්බන්ධව නිෂ්පාදනය කල ටෙලි කතා මාලාවක් වෙනුවෙන් ලබාදුන් ඉහලම මුල්‍යමය දායකත්වය ලෙස මෙය සඳහන් මෙන්ම ඔබට පසක් වෙනවා ඇති ඔවුන් මේ වෙනුවෙන් දරන ලද මහන්සිය.

Rome කතා මාලාව වෙනුවෙන් නිර්මාණය කල දර්ශනතලය

2004 – 2007 අතර කාලයේ ඉතාලියේ Cinecittà චිත්‍රාගාරය ප්‍රධාන කොටගෙන නිර්මිත මේ ටෙලි කතා මාලාවේ අර ඉහතින් සඳහන් කල විශාල වියදමක් දරා නිර්මාණය කරන ලස පසුතල තවමත් එලෙසින්ම පැවතීම ඔබට මේ කතා මාලාවේ නිර්මානාත්මක තාත්වික භාවය නොනවට කියාපාවී. දර්ශන තල එලෙස නිර්මාණය වෙන අතර වාරයේ මෙම කතා මාලාව ඇතුලත ඔබට විශාල ලෙස දැකගත හැකි රෝම සොල්දාදුවන් වෙනුවෙන් ඔවුන් වෙනමම සති දෙකක නේවාසික කඳවුරක් පවත්වා නිසි හමුදා පුහුණුව ලබා දී තිබෙනවා, ඉතින් ලියවී ඇති ඉතිහාසය හැකිතාක් එලෙසම අප හට දැකගත හැකි වෙන්න එයම බොහොම රුකුලක් බව ඔබට දැකගත හැකි මේ ටෙලි කතා මාලාව ඇතුලත ඔවුන් සටන් කරනා ආකාරයෙන්. ඒ වගේම රෝම යුගයේ ඔවුන් අශ්වයන් මත ගමන් කරනා සදැලයන් සඳහා පාපටි යොදාගැනීමක් සිද්ධ වුනේ නැති බව තමයි ඉතිහාසගත වාර්තා සඳහන් කරනු ලබන්නේ ඉතින් මේ ටෙලි කතා මාලාවේත් ඔබට එය දැකගත හැකි වේවි, විශේෂයෙන්ම කියන්න ඕන එකල කෙසේ වුවත් අද රැකියා ස්ථානයේ ආරක්ෂක විදිවිදන හේතුවෙන් ඔවුනට පාපටි පැළදීමට සිදු වුනත් ඉතාම සමීප දර්ශන වෙනුවෙන් කෙලෙස හෝ එය ඉවත් කර අශ්වයන් පැද යන්නත් ඈතින් ලබාගන්නා දර්ශන වෙනුවෙන් ඒ පාපටි මගහැර යනන්ත් ඔවුන් සමත් තියනව. ඒ වගේම Luca Giampaoli ගැන කතා නොකරම බැහැ ඔහු තමයි මේ කතා මාලාව තුල ඔබ දකින විචිත්‍රවත් ලෝහ ආභරණ, ආයුධ සහ ආරක්ෂක පළදනා සියල්ල ප්‍රධාන නළු නිලියන් වෙනුවෙන් අතින්ම නිර්මාණය කරනු ලබන්නේ….

තවත් පොඩ්ඩක් ඇඳුම් හා අනිකුත් ආභරණ ගැන කතා කරන්නට අවසර නම් පළමු කොටස් 3. වෙනුවෙන් පමණක් ඇඳුම් 2700 කට අධික ප්‍රමාණයක් යොදාගෙන ඇති බව තමයි ආරංචි. ඒ වගේම කොතරම් මොවුන් කාලයට ඔබින ලෙස මෙහි ඇඳුම් ආයිත්තම් ගැන සිතා ඇත්තදැයි කියනවා නම් මේ කල භාවිතයට ගත් ලෝම්, හණ, කපු සහ සේද රෙදි පමණයි මේ ඇඳුම් වෙනුවෙන් යොදගෙන තියෙන්නේ, ඒවා විශේෂයෙන්ම වර්ණ නොකළ රෙදි ලෙස නිමවා ආනයනය කර ඉන් පසු මෙහි ඇඳුම් නිර්මාණකරුවන් විසින්ම ඒවා වර්ණ කිසිම සිදුකොට තිබෙනවා. කාලයට ඔබින සපත්තු ජෝඩු 1250 අදික ප්‍රමාණයක් ඔවුනට ලැබෙන්නෙ බල්ගේරියාවෙන්. April Ferry තමයි ඇඳුම් හා සම්බන්ධව මේ ටෙලි කතා මාලාව වෙනුවෙන් සියල්ල නිර්මාණය කිරීම සිද්ධ කලේ.

තිරයේ ඔබ දකින පසුතල, ඇඳුම් පැළදුම් ගැන කතා කළා ඒ වෙනුවෙන් වැයවුණ මුදල් හදල් ගැන එහෙමත් කතා කළා මේ සුදානම අපි තිරයේ දකින ඒ දැවැන්තයන් වනුවෙන් පන දෙන අපේ කාලයේ නළු නිලියන් හඳුනා ගන්න….

ස්කොට්ලන්ත ජාතික Kevin McKidd රෝම නිලධාරියෙක් වන ලුෂියස් වොරීනස් ලෙස. මේ චරිතය සැබවින්ම ඉතිහාසයෙන් උකහා ගත චරිතයක් කිව හැකි. ඔහු තමුන්ගේ රාජකාරි ජීවිතය එකක් තමුන්ගේ පවුල් ජීවිතය අතර ඇතිවෙන ඝට්ටනය මේ සියල්ලටම ඉහලින් තමුන්ගේ අධිරාජ්‍යා වෙනුවෙන් තමුන්ගේ ඇති කැපරිකිම ඔබට විශිෂ්ඨ ලෙස දැකගත හැකි වේවි.

අයර්ලන්ත සම්බවයක් ඇති බ්‍රිතාන්‍ය නළුවෙක් වන Ray Stevenson තමයි අනිකුත් ප්‍රධාන චරිතය වන ටයිටස් පූලෝ ලෙස එක්කාසු වන්නෙ. ඔහු රෝම සොල්දාදුවෙන් වුවත් ඔහුගේ ක්‍රියා පටිපාටිය විටෙක ප්‍රශ්නාර්ථයක් වගේම ඔහුගේ උප්පතිය සැබවින්ම ප්‍රශ්නයක් මොකද මෙකල වහලෙකුට උපන් කෙනෙකුට රෝම සොල්දාදුවෙන් විය නොහැකි නමුත් කතාවට අනුව ඔහුගේ මවගේ මරණයත් එකක් ඔහු අනාතයෙකු ලෙස පියාගේ පැත්තෙන් ඇතිවන කිසියම් සබ්න්ධයක් නිසාවෙන් එක්වුණා විය හැකී. ඔහුත් සැබෑම මෙනමින්ම සිසර්ගේ හමුදාවේ රාජකාරිකල රෝම සොල්දාදුවෙක් අනුසාරයෙන් තමයි නිර්මාණය වෙන්නෙ.

ඔය තමයි ප්‍රධනම චරිත දෙක. කලින් සඳහන් කළා වගේ ඔවුන් ඉතිහාසය තුල තමුන්ගේ ලකුණක් තියන්නට වේද දරූ සැබෑ මිනිසුන්. මේ දෙදෙනා ගැන සිසීර් විසින් රචිත “Commentarii de Bello Gallico” හි 5.44 මෙලෙසයි සඳහන් වන්නේ…

එම හමුදාවේ නිර්භීත මිනිසුන් දෙදෙනෙක් සිටින ලදී. T. පුල්ෆියෝ හා L. වරීනස් නම් වූ ශතාධිපතීන් වූ ඔවුන් එවකට ඉහල තනතුරු සඳනා ලඟා වෙමින් සිටින ලදී. ඔවුන් උසස් වීමක් ලැබීමට සුදුසු කවුරුන්ද යන්න ගැන නිතරම ආරවුල් ඇති කර ගන්නා ලදී. ඉතා තද සටනක් මැද, ඔවුන්ගෙන් එක් අයෙක් වූ පුල්ෆියෝ හඬනඟා “ඇයි තවත් පස්ස ගහන්නේ වරීනස්? ඔබ සොයනා පරාක්‍රමය පෙන්වීමට මීට වඩා හොඳ අවස්ථාවක් කොහේද? අදම අපේ ප්‍රශ්න විසඳගමු” යන්න පවසන ලදී. මෙසේ පවසා ඔහු තම සීමාවෙන් එලියට පැමින සතුරන් ඝනව සිටින කොටසක් වෙත දිවයන ලදී.*
වරීනස් ද රැදී නොසිට පුල්ෆියෝ පිටුපසින්ම දිව යන ලදී. පුල්ෆියෝ තම හෙල්ලය සතුරා දෙස එල්ලකොට, එක සතුරෙක්ව සිදුරු කොට අනිකාව මරාදමන ලදී. සතුරා විසින් තම පළිහන් භාවිතා කොට ඔහුව වටකරගන්නා ලද අතර, ඔහු පලා යෑමේ ඉඩ අහුරන ලදී. පුල්ෆියෝගේ පලිහ සිදුරු වී, හෙල්ලය ඇඟටම සිර කරන ලදී. ඔහුගේ කුඩා කඩුව ඇද ගැනිමටවත් නොහැකි ලෙස කඩු කොපුව අනෙක් පස හැරී, දකුණු අතින් කඩුව ගැනීම වලක්වනු ලබයි. ඔහුගේ ප්‍රතිවාදියා එවිට පැමින හදිසි අවස්ථාවේන් ඔහුව බේරාගන්නා ලදී. එක්වරම වටකොට සිටි සතුරු හමුදාව පුල්ෆියෝ අත හැර වරීනස්ව වටකරගන්නා ලදී. වරීනස් තම කඩුව ගෙන ද්වන්ධ සටන් කොට එක් අයෙක්ව මරා දමා ඉතුරු අයව පලවා හරින ලදී. ඒ අතර තුර විවරයකට ඔහුව ඇදගෙන වැටෙනා ලදි. මෙම අවස්ථාවේදී පුල්ෆියෝ උදව්වට පැමිණී අතර දෙදෙනා එක්ව බොහෝ ගණනක් සතුරන් මරා දමා තම හමුදා ස්ථාන වෙත අත්පොලොසන් මැද ගමන් ගන්නා ලදී. මෙම විරුද්ධවාදී හා ගැටුම් ඇති මැද පවා වාසනාව උදාවෙන ලදී. එනම් එක් තරඟකරුවෙක් අනෙකාට පිහිටවූ අතර ආරක්ෂාව ගැන වෙහෙසෙන ලදී. දෙදෙනාගෙන් වඩා හොඳ කවුද යන්න තීරණය කිරීමට අසීරුය.

Commentarii de Bello Gallico

ඒ වීරයන් ගැන දැන් මේ සුදානම සෙසු ඔබ වැඩියෙන් අසා ඇති චරිත වෙනුවෙන් පණදෙන අපේ කාලයේ මිනිසුන් හඳුනා ගන්නට…

  • Ciarán Hinds එක්කාසු වන්නේ ජුලියස් සීසර් ලෙස.
  • Kenneth Cranham එක්කාසු වන්නේ පොම්පේ මැග්නස් ලෙස.
  • Polly Walker එක්කාසු වන්නේ අටියා ලෙස.
  • James Purefoy එක්කාසු වන්නේ මාර්ක් ඇන්ටනි ලෙසින්.
  • Tobias Menzies එක්කාසු වන්නේ මාර්කස් ජුලියස් බෘටස් ලෙසින්.
  • Max Pirkis සහ Simon Woods චරිත නිරුපනය කරන්නේ ගයස් ඔක්ටෙවියන් ලෙසින් ඔහු තමයි පසුව ඔගස්ටස් සීසර් ලෙස රෝම ශිෂ්ඨාචාරය ඉතිහාසයේ ස්වර්ණමය යුගයක් කරා ගෙන යනු ලබන්නෙ.
  • Lindsay Duncan එක්කාසු වන්නේ සර්විලීයා ලෙසින්.
  • Indira Varma එක්කාසු වන්නේ නයෝබි ලෙසින්
  • Kerry Condon එක්කාසු වන්නේ ඔක්ටේවියා ලෙසින්
  • Rick Warden එක්කාසු වන්නේ කුයින්ටස් පොම්පෙයි ලෙසින්
  • David Bamber එක්කාසු වන්නේ මාක්ස් ටුලියස් සිසරෝ ලෙසින්.

මේ බොහොම ටික දෙනෙක් සියලුම නම් සඳහන් කරන්න නම් වෙනම වෙබ් අඩවියක් ආරම්භ කරන්න වෙන තරම් පිරිසක් මෙහි චරිත නිරුපනය කරන බව ඔබ දකීවි. ඒ වගේම මෙහි මෙම බ්‍රිතාන්‍ය නළු නිළියන්ගේ කතා විලාශය වෙනස් කිරීමට වෙහෙසක් නොදරා තියන බවයි දැනගන්නට ලැබෙන්නේ, ඒ රෝම සමාජය තුල තිබ්බ පන්ති බේදය හුවා දැක්වීමේ අරමුණෙන්. නමුත් ඇමරිකානු ප්‍රේක්ෂකයන් වෙනුවෙන් නිකුත් වුන පිටපත් සඳහා මෙහි නැවත එම උච්ච්රණය අඩු කොට පිටපතකුත් නිකුත් වෙලා තියනවා.

බොහොම දේ කිව්ව දැන් කතාව ගැන පොඩ්ඩක් කියන්නම්, මේ කතා මාලාව කතා සමයන් දෙකක් පුරා දිව යනවා. මුල් කතා සමය කොටස් 12 කිනුත්, දෙවැනි කතා සමය කොටස් 8 කිනුත් සමන්විතයි. කතාවක ධාවන කාලය සාමාන්‍යන් පැයක වගේ කාලයක් වෙනව. ලබාගෙන ඇති IMDB අගය ඒ තරම්ම ලොකු එකක් නෙමෙයි 8.8 ක් වගේ… කොහොම නමුත් IMDB 250 TV ගොඩේ 52 තැනට රිංගන්න සමත් වෙලා තියනව. මුල් කතා සාමය රෝටන් ටෝමාටෝ 88% හැටියටත් දෙවැනි කතා සාමය 85%. මුළු කතා සමයටම රෝටන් ටෝමාටෝ ප්‍රේක්ෂක ප්‍රතිචාරය සඳහන් වන්නේ 100% හැටියට. කතා සමයන් දෙකක් අතර සම්මාන 19 ක් දිනාගෙන තවත් සම්මාන 33 වෙනුවෙන් නාමයෝජනා ලබා ගන්නට මේ අපුරු කතාව සමත්කම් දක්වල තියනව. ඔය අතර එමි සම්මාන 7 කුත් ඇතුලත්.

ලුෂියස් වොරීනස් සහ ටයිටස් පූලෝ මුලික කරගෙන ගෙන ගෙතෙන මෙම කතා මාලාවේ මුල් කතා සමය 52 BCE සහ 44 BCE කාලය අතර තමයි දිව යන්නෙ. දෙවැනි කතා සමය 44 BCE සහ 30 BCE කාල සමයන් තුල සිදුවුණා සිදුවීම් එකක් තමයි ගලාගෙන යනු ලබන්නේ. නමුත් ඉහත චරිත දෙක ප්‍රධාන වුනත් මෙය ඔවුන්ගේ කතාවක් නම් වන්නේ නැහැ කිසිම විටෙක මේක මෙහි ප්‍රධන චිරිතයන් සියල්ලන්ගේම කතාවක්…

ඔබට පැහැදිලි ඇති මම පොඩි ඉගිලබා දුන්නා වුනත් ඔබට මුල් කොටසේ කතාව නම් නොකියූ බව ඒ වැරදීමකින් නම් නෙමෙයි… මොකද ඔබව මේ සුදානම ගෝල් දේශයේ යුද්ධයකට එක්කගෙන යන්න… ඔබට මේ කතාවේ අරුමය කියන්නට යනවට වඩා බලන්නට ඉඩ දෙන්නට… කියන්න අමතක වුනා මේක අතිශයින්ම වැඩිහිටියන් සඳහා පමණයි…

අවසාන වශයෙන් මම මෙහෙම කියල යන්නම්, ඔබ අද කාලයේ Game of Thrones නම් ටෙලි ඉතිහාසය වෙනස් කරන මහා අත්දැකීමක් වුන කතා මාලාවක් නොබල ඉන්න කෙනෙක් වෙන්න බැහැ… මේ ඊට කලින් ආව GOT කිව්වොත් මම හරි….. HBO සමාගම GOT වැනි විශාල නිර්මාණයක් වෙනුවෙන් එන්න කලින් කරපු වැදගත් විශාල වියදමක් දැරූ නාටක වන්නේ එකක් මේ අද ඔබ වෙත ගෙන එන Rome, අනෙක Deadwood. ඒ වගේම ඔබ GOT රසිකයෙක් නම් ලැනිස්ටර් යුධ ඇඳුම හා මෙහි ඔබ දකින ඇඳුම් අතර ඇති සමානකම් ඔබ දැකගනිවී, එය අහම්බයක් නම් නෙමෙයි GRR මාර්ටින්ට අනුව නම්. ඒ වගේම බොහොම නළු නිලියන් පිරිසක් GOT වෙනුවෙනුත් ඔවුන්ගේ දායකත්වය බලා දී තියෙනව. ඉතින් ඔබ ඉතිහාසයට කැමති නම්, රෝමයට කැමති නම්, GOT වැනි විශිෂ්ඨ නිර්මාණ පසුපස හඹා යන්නෙක් නම් මේ ඔබේ වාරයයි…. අවසාන වශයෙන් මෙහෙමත් කියා යන්නම්… මේ මෙම කතා මාලාව වෙනුවෙන් ඉතිහාසය පිළිබඳව උපදෙස් සැපයූ Jonathan Stamp ගේ ප්‍රකාශයක් – “මෙම කතා මාලාවේ අරමුණ වුනේ නිරවද්‍යතාවට වඩා අව්‍යාජතත්වයට මුලිකත්වය දෙන්න“.

වටිනා ලිපිය සම්පාදනය කලාට ස්තූතියි සමීර කරුණාරත්න මල්ලී…

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසිය Bluray anoXmous පිටපත් සඳහා අදාළ වේ.

12,556 downloadsDownload 201805052248ROME-S01E01.zip87 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/RoylyFdo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2009/03/10
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

All BT1

Next BT1

Subtitles

12,556 downloadsDownload Subtitles87 KB

80 comments

  1. naveendya

    Thawa aluth ekk..niyamayi..sub ekata takz..

  2. Shiromal

    pattai..
    Thanks for sub..
    Good luck..

  3. dsdkavishka

    Meka aub nethuwa beluwa ekaparak, okkoma sub awama ai balanawa, thenks aiye

  4. උදයංග සම්පත් හතරසිංහ

    ස්තූතියි රොයිලි, මේක බාල තිබ්බෙ ගොඩාක් කාලෙක ඉඳල.. දැන් ඉතිං සබ් එක්කම බලන්න පුළුවන්.. GOT නැති එකේ මේක ආපු එක ලොකු දෙයක්... :D

  5. nishannw

    Elaz mcn aluth ekak.digatama sub denna

  6. Thayya

    patta machan ela

  7. Bobby

    Great work . Thank you very much

  8. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  9. Kulanjana Maduranga

    niayamai…patta series ekak neda...ela...thanks ROYLY saho..sub ekata..digatama sub demu.jaya wewa……

    patta lipiyak..thanks SAMEERA saho.

  10. diyashan

    Thank you bro..

  11. sasiyaa

    roily ayya kiyana hindama bagaththaa oon
    thank you so much

  12. sasiyaa

    me lipiyata wenama agayiimak denna watinawa
    supiri ayye
    digatama sub demu
    dan GOT ekt enawane labana aurudde

  13. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්....
    පට්ට කතා මාලාවක් වගේ....
    බලන්න ඕනේ...

  14. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති අයියේ උපසිරසට..රොයිලි අයියගෙ වැඩක් කොහොමද නොබලා ඉන්නේ. ලිපියත් නියමයි. අපිත් බලන්න ගත්තා එහෙනම්..ජය වේවා!

  15. Roshan D

    බොහොම ස්තූතියි අයියේ. වැඩේ කරගෙන යන්න.....අයියාට ජය.....

  16. Ishan Madusha

    නියමයි.ලිපියටත් උපසිරැසියටත් බොහොම ස්තූතියි
    ජය වේවා!

  17. lahiru sadaruvan

    thank you so much aiye

  18. skora

    ub download karaganda be.. mokada kiyala balanda,, page not pound kiyala wetenawa

  19. skora

    sub download karaganda be.. mokada kiyala balanda,, page not pound kiyala wetenawa

  20. Subhash13

    Ftt.. Roili aiya

  21. tharindu gunarathna

    thanks

  22. Keshan Wasala

    :O මේක නම් බලන්නම වෙනවා එහෙනම්. දැන් හෝම්ලෑන්ඩ් එකත් ඉවර එකේ මේකවත් බලමු. බොහොම ස්තුතියි රොයිලි අයියේ මෙන්න සබ ගත්තා. ජය වේවා !!

  23. AGCHarshana

    පට්ට... පට පට... මේක ඉල්ලලා කොච්චර නම් කරදර කරාද හසන්ත අයියට.

  24. supunsasindu

    ane..... ithuru tiketh sub dennakoooooooooooooooooooooo

  25. Bandaramudiyansi

    මට හිතාගන්න බැ මෙකට එකපාරම සබ් ආවෙ කොහොමද කියල . හෙතුව නම් මන් මෙ කතවට ගොඩක් අස කෙරුව. මන්.මෙක ලගදි ටිවි සිරියස් සයිට් එකක හිටම් දැක්ක.එත් උපසිරැසි තිබුන් නැ ඔයාට බොහොම පිං මල්ලි මෙ කතාවට සබ් දුන්නට. දිගටම බලම් ඉන්නව. මෙකෙ සිසන් 2එකකුත් තිබ්බද කොහෙද

  26. Nilush Angana

    Sub ekata thanx

  27. GTRZ

    Ammo royli ayya... meka nam aniwa baamak thamai.
    Iwara wenakanma sub denna api balanawa.

  28. Udara Damith Dissanayaka

    නියම ලිපිය
    මේකට මාර විදිහට සල්ලි වියදම් කරලනේ
    ඒ නිසා හොදට ඇති
    එල

  29. darshana100

    superb saho

  30. Nuwan

    අම්මේ රොයිලි අයියෙ ඔයානම් දෙයියෙක් බලන්න එකක් නැතුව හිටියෙ..සබ් එකට බොහොම ස්තුතියි ඉතුරු ටිකත් ඉක්මනින්ම දෙමු අයියෙ..

  31. ආසිරි ප්‍රියන්ත

    බලන්ඩෝන....

  32. pushpakumara

    ඔයාට බොහොම පිං

  33. kkdanula

    එල කාලයක් බලන් හිටිපු එකක් රොයිලි අයියට බොහොම ස්තූතියි

  34. skora

    sub utten eka clik kalama page not pound kiyala wetenawa... anith ewage sub ganda puluwan meke bene

  35. sk_perera

    ස්තූතියි රොයිලි අයියේ !

  36. sandaruwan

    balanna hoda tv s ekak netiwa hitiye ela niyamai
    HDTV torren walata saba set weida machoo

  37. lahirusl

    Rome.S01E01 සබ් විතරයිනේ තියෙන්නේ

  38. mohamedihsan

    Thankyou very much

  39. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  40. isuruchamara

    elaaa

  41. viraj harsha

    Ehnm tawat patta series ekakata sub senna patan gatta neda saho...kiyanna wachana ne bro...mn meka subtitles hoya hoya hitiye...thanks bro...digatama demu..jayawewa

  42. subash

    Thanks

  43. Suranjan

    Thanks saho......digatama yamu.......jayawewa......!

  44. Kavindurasanjana

    Thanks

  45. Salinda Wijayabandara

    Hamme... Pin aithi wewaaaaa.....

  46. MAP

    meka downlad karanna link ekak hari site ekak hari kiyann apuluwanda plz

  47. geethkamal

    pala kala lipiya godak wedagath.tnk u very mutch. ekmaninma sub tika devi kiyala balaporottu wenawa. jaya wewa!!!!!!!!

  48. Bandaramudiyansi

    Aiyo ituru tika dn nadda.please e tikat damu

  49. sandaruwan

    full season 1 bala iwarai sahoo su thamai ona
    thenx

  50. sampath n perera

    Thanks

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.