Watch Trailer

The Rain [S01 : E03] Sinhala Subtitles | භයානක නගරය…. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් තුන්වැනි කොටස එක්ක තමයි මේ ඔබ හමුවෙන්නට සූදානම… මේ කොටස ගැන කියන්න කලින් කලින් කොටස ගැන මතකය අවධි කරගමු. කලින් කොටස – හොඳයි එහෙනම් මෙතෙක් කතාව අමතක නැතුව ඇති කියල හිතනවා, පහුගිය කොටස ප්‍රධන වශයෙන් ගෙවිලා ගියේ සිමෝනා ඇතුළු පිරිස කෑම හොයාගෙන් අනික් බංකර් එක වෙත ගිය ගමනත් එකක්. මේ ගමන ඇතුල…

ඔන්න එහෙනම් තුන්වැනි කොටස එක්ක තමයි මේ ඔබ හමුවෙන්නට සූදානම… මේ කොටස ගැන කියන්න කලින් කලින් කොටස ගැන මතකය අවධි කරගමු.

කලින් කොටස –

හොඳයි එහෙනම් මෙතෙක් කතාව අමතක නැතුව ඇති කියල හිතනවා, පහුගිය කොටස ප්‍රධන වශයෙන් ගෙවිලා ගියේ සිමෝනා ඇතුළු පිරිස කෑම හොයාගෙන් අනික් බංකර් එක වෙත ගිය ගමනත් එකක්. මේ ගමන ඇතුලේ ඔවුන් මාර්ටින් ඇතුළු අලුත් යහළුවන් පිරිසත් හඳුනා ගත්ත, මාර්ටින් හොඳ හිතක් තිබුණ කෙනෙක් වුනත් තමුන්ගේ කණ්ඩායම වෙනුවෙන් මනුස්ස ජිවිතයක් තඹයකටවත් මායිම් නොකරන බව දකින්න ලැබෙන්න ඇති නෙව. ඒ වගේමයි අක්ක මලෝ දෙන්නට බංකරයෙන් පිට ලෝකය කොහොම වෙනස් වෙලාද කියන එක හොඳින්ම දැකගන්න ලැබුනා ඒ සුළු කාලය තුල ඔවුන් අත්දැක්ක ඝාතන නිසාවෙන්. ඒ විතරක් නෙමෙයි ඔවුන්ට තවත් පිරිසක් දිවි බේරාගෙන ඉන්න බව පසක් වුනා අර දිවි බේරාගත්තවුන් දඩයම් කරන දෙන්න දැකීමෙන්….

කොහොමෙන් කොහොම හරි අලුත් බංකර් එක වෙත ගිය අපේ කතා නායකයන් දෙන්නා නොහිතු ලෙස ඒ වෙත ඇතුල් වෙන්නත් අවසර ලැබුණ හැටි දකින්න ඇති. ඒ බංකර් එක බොහොම හොඳ තත්වයේ තිබ්බ වගේම කෑමත් ඇති පදමට ඒ තුල ගබඩා වෙලා තිබ්බ මුළු කණ්ඩායමම සතුටු වෙන්න. නමුත් මේ ඔක්කොම එකක් සිමෝනා තමුන්ගේ පියා මේ ස්ථානයේ හිටිය බවට සාක්ෂියක් හොයාගත් හැටිත් මතක ඇති කියල හිතනවා. ඒ සාක්ෂිය වුනේ ඔහුගේ දුරකතනය… ඒ තුල තිබූ වීඩියෝ දර්ශනයක් නිසාවෙන් ආයෙත් ඇපලෝන් සමාගමේ මේ මහා විනාශයට යම් සම්බන්ධයක් තියන බව ඔප්පු වුනා, ඒ වගේම සිමෝනාට පියා කිව්ව දෙය ආයෙත් ඔප්පු වුනා… කතාව අවසාන වුනේ අක්ක මලෝ පියා හොයාගෙන ස්වීඩනයට යන්න තීරණය කිරීමෙන්….

ඔහොම තමයි කලින් කොටස අවසාන වුනේ, මේ වෙනකොට අපි කරුණු කාරණා කිහිපයක් දැනගන්නට සමත් වෙනවා…

  • ඇදහැලෙන වර්ෂාව බොහොම විසකුරුයි, තෙමුනොත් ඉරණම මරණය වන බව.
  • සිමෝනාගේ පියා වැඩ කරන ඇපලෝන් ආයතනය ලෝක විනාශයට යම් තරමකට දායක වෙලා තියනවා. ඒ පිළිබඳ තවමත් අපිට හරි අදහසක් නැහැ.
  • ඔවුන්ගේ බංකර් එක වගේ තවත් බංකර් රට පුරා පැතිර තිබෙන බව.
  • සිමෝනාගේ පියාට විතරයි මේ විනාශයෙන් ලෝකය බේරාගන්නට පුළුවන්.
  • රස්මුස් තමයි මේ සියල්ලෙන් මිනිසුන් බේරා ගැනීමේ යතුර.
  • ලෝකයම විනාශ වී වල්වැදි ඇති බව.
  • ලෝකයේ පණ බේරාගත් තවත් මිනිසුන් සිටිනා බව.
  • මාර්ටින්ගේ අතීතය.
  • ආහාර සහ සියලුම අංගයන්ගෙන් සම්පුර්ණ තවමත් හරි හැටි භාවිතා නොවූ බංකර් ආසන්නයේ ඇති බව.
  • සිනෝමාගේ පියා කෙසේ හෝ තවත් බංකර් එකක් වෙත පැමිණ ඇති බව.
  • පියා ස්වීඩනයට යන්නට ඇති බව.

ඉතින් මේ කරුණු හිත දරාගෙන මේ කොටස තුල සිද්ධ වෙන දෙය ගැන පොඩ්ඩක් කතා කරමු….

අද කොටස –

මේ කොටස ආරම්භ වෙනකොටම අක්ක මලෝ සුදානම් වෙනවා ඔවුන්ගේ පියා සොයා යන්නට. නමුත් පීටර් සුදානම් නැහැ ඔවුන් එකක් එක්කාසු වෙන්නට… ඉතින් තනිවම පිටත් වෙන මේ දෙන්නා ගැන දැනගත් බියට්‍රිස් ඇතුළු පිරිසත් ඔවුන් හා එක්කාසු වෙනවා ගරා වැටුණ නගරයේ දී…. නමුත් මේ නගරයේ අත්දැකීම නම් ඔවුන්ට සුන්දර එකක් වුනේ නැහැ… අනිකුත් දිවිගලවා ගත මිනිසුන් හැසිරෙන හැටි දැක්කම අද ඔබට එය පසක් වේවි… ඒ වගේමයි කොහොම නමුත් පීටර් අවසානයේ මොවුන් සොයා එනවා…. ඒ වගේම ඔවුන් තමුන් සතු යමක් ප්‍රයෝජනවත් ලෙස යොදාගති හැකි මගක් සොයා ගන්නටත් සමත් වෙනවා… අද කොටස ඇතුලේ ඔබට බියට්‍රිස් ගැන අමුතු දේ දැකගත හැකි වේවි… මොකක් හෝ හේතුවක් නිසා ඇය බොහොම අමුතු චිරිතයක් වෙන බවක් තමයි දකින්නට තියෙන්නෙ….

ඉතින් මේ නගරයේ ජීවිතය කොහොම වේවි ද? ඔවුනට මොන වගේ කරදර වලට මුහුණ දෙන්න සිද්ධ වේවි ද? අක්ක, මලෝ මේකට කොහොම මුහුණ දෙනු ඇද්ද ? බ්‍රියටිස්ගේ භූමිකාව මොකද්ද ? ඔවුන්ගේ අතීතය කොහොම එකක් ද? පීටර් ක්‍රියාත්මක කර ගැනීමට සමත් වුන උපාංගය මොකද්ද ? මේ සියල්ල අද කොටසින් ඔබට දැකගත හැකි වේවි…

අද කොටස බලන ඔබට අර මම කිව්ව YA කතාව හොඳින් පැහැදිලි වේවි, කොයිතරම් ලෝකය විනාස වුනත් තරුණ පිරිස විනෝදයෙන් ඒ ලෝකය තුල සැරිසරන හැටි දැක්කම… ඉතින් එහෙනම් ඊලග කොටසින් හමුවෙමු, එතෙක් ඔබට ජය වේවා !!!

 


 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම උපසිරැසිය WEB පිටපත් සඳහා වලංගු වේ.

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/03/28616527_1854152187963064_3150036820179633625_o-e1520102326421.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-12
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

සමීර කරුණාරත්න

Subtitles

The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.

Waiting on this one? Let us know and we will prioritise it.

35 comments

  1. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති අයියේ උපසිරසට. ඉක්මනටම සබ් එක දෙන එකනම් නියමයි. ජය වේවා!

  2. dush135

    ela

  3. Ashan Maduranga

    elama elama kathawa nam ela bro thanks machan

  4. milindasl

    නියමයි. හවසට තව එකක් ඕනේ.

  5. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  6. Thilina Jayarathna

    thx bn .digalama dipan hode .

    macan tava deyak uba meka karala pulvnm Aftermath (TV Series 2016) mekatath dipanko sub bn plz

  7. Thilina Jayarathna

    thx bn

  8. Thilina Jayarathna

    puluvnm mekatath denna ko sub aftermath tv series

  9. Dilupa Nadeeshan

    fatta story eka

  10. Sherlock holmes

    Thanks saho

  11. උදයංග සම්පත් හතරසිංහ

    නියමයි සමීර සහෝ.. ජය වේවා.. ! :D

  12. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  13. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  14. madusanka1998

    සමීර අයියනම් මරු සබ් එක එනවා....පැය 7,8 ට.......ඊලඟ ටිකත් එවමු..සහෝ...ජය වේ!!

  15. Lasitha Nallaperuma

    Thanxxx brrooooooo

  16. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්....

  17. Bandaramudiyansi

    නොකිව්වට හොරෙන් හොරෙන් මාත් එක කතාවක්ම ගත්ත මල්ලි. ඔය දුන්න. ටිවි සිරියස් වැඩි බලන් නැ the 100 tv series එක තමා මන් අස කරපු එකම කතාව. ඔයාගෙ ෆුල් කෙටිකතාවක් ගත්ත. මෙක නම් නෙවෙ. බලමු ඔක්කම ආවට පස්සෙම. Only film thama

  18. Bandaramudiyansi

    Psa heve walata galapanna sab dnna malli. E quality maru

  19. Isurujay

    Thank you

  20. bathiya sandaruwan

    නියමයි…සබ් එකට තැන්ක්ස්…

  21. Nuwan

    සබ් එකට බොහොම ස්තුතියි සහෝ..ඉතුරු ටිකත් ඉක්මනින්ම දෙමු සහො...

  22. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
    ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!

  23. Eranga Sandaruwan

    උප සිරැසියට බොහෝම ස්තූතියි
    ජය වේවා

  24. sampath n perera

    බොහොම ස්තූතියි

  25. Janith Ramanayaka

    Thanx bro

  26. SanjulaJeter

    thanks

  27. Dineth Sachiranga

    උප සිරැසියට බොහෝම ස්තූතියි
    ජය වේවා

  28. demon

    thnkz

  29. භාෂිත් උඩවත්ත

    බෝම ස්තූතියි සමීර අයියේ උපසිරැසියට... ;)

  30. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  31. Dushan Tharuka

    Niyamai...thanks...Jaya wewa !!!

  32. Hashan M. Priyadarshana

    තෑන්ක්ස් බ්රෝ සබ් එකට

  33. melinda

    thanks

  34. umesh bandara 6

    thank you

  35. Roshan thejana

    thank you so much keep it up.