මගේ ජීවිතය මොන තරම් කාලකණ්ණි එකක්ද කියලා කල්පනා කරනකොට, මට ඒ හැටි සවුත්තුම එකක් නෙමෙයි තිබ්බෙ කියලත් හිතුණා. ඒත්, මං මගේ ඔළුවට තුවක්කුව තියාගෙන තත්පර දෙකක් යද්දි හැමදේම ටක්කෙටම පැහැදිලි වුනා. දිවාලි වලට මගේ අම්මා හදාපු රස කැවිලි රස… ගමේ අයිස් වගේ හීතල වැවට පනිනකොට හිතට දැනෙන ත්‍රාසය… පලවෙනි වතාවට ග…

මගේ ජීවිතය මොන තරම් කාලකණ්ණි එකක්ද කියලා කල්පනා කරනකොට,
මට ඒ හැටි සවුත්තුම එකක් නෙමෙයි තිබ්බෙ කියලත් හිතුණා.
ඒත්, මං මගේ ඔළුවට තුවක්කුව තියාගෙන
තත්පර දෙකක් යද්දි හැමදේම ටක්කෙටම පැහැදිලි වුනා.
දිවාලි වලට මගේ අම්මා හදාපු රස කැවිලි රස…
ගමේ අයිස් වගේ හීතල වැවට පනිනකොට
හිතට දැනෙන ත්‍රාසය…
පලවෙනි වතාවට ගෑණු දැරිවියක් මාව බදාගත්තාම,
මගේ හදවත මෙලෙක් වෙලා,
හයියෙන් ගැහෙන්න ගත්ත විදිය…
බන්ටිගෙ අඟර දඟර කතාව…
බිව්වට පස්සෙ මාතුගෙ ඉංග්‍රීසි කියවිල්ල…
හැමතිස්සෙම පිලී ගඳ ගහන කාන්තා බායිගෙ ඔළුව…
මං තේරුම් ගත්තා, ඒ හැමොගෙම ජීවිත වල
එක එක විදියෙ සුන්දර මොහොතවල් තියෙනවා කියලා.
ටිකෙන් ටික මං එයාලගෙ ජීවිත දකින්න ගත්තා…
ඒත්, එක තත්පරයෙන් ඒ ඔක්කොම නැතිවෙලා ගියා.
හැම ලස්සන මොහොතක්ම,
ඒ මිනිස්සු…
ඒ තැන්…
හැමදෙයක්ම අළු දූවිලි වෙලා ගියා.
මේ ඔක්කොම මට තේරුම් යනකොට,
මං හිටියෙ මිනී වලක.
ඒත්, ඔහේට එහෙම නෑ, සර්ටාජ් ජී.
මේ ලෝකෙ බේරගන්න බලන්න!
– ගනේශ් ගයිතොන්ඩෙ –
පුරා අවුරුද්දකට අධික කාලයක්… කතා සමයන් දෙකක්… කතාංග 16ක් පුරාවට ත්‍රාසය, භීතිය, කුතුහලය, භීෂණය අතරේ ඔබව වෙහෙසට පත්කරන ලද, අද්විතීය කතා මාළාවක අවසාන කොටස සමගිනුයි ඔබ මේ අත්වැල් බැඳගන්නෙ. හතු පිපෙනවා වගේ දවසින් දවස ඕනෙ තරම් කතා මාලා අළුතින් පටන්ගන්නවා. හැබැයි, ඉන්දියාව කියන නාමය ජාත්‍යන්තරය වෙත අරගෙන ගියපු මේ කතා මාලාව නිසැකවම ඔබටත් වෙනස්ම ආරක නැවුම් වූ අත්දැකීමක් වෙන්න ඇති නිසැකවම. මං මේ කියන්නෙ ඇත්තද, බොරුද, ඇයි එහෙම කියන්නෙ කියලා මේ තාක් කතා මාලාවත් එක්ක රැඳී හිටපු ප්‍රේක්ශකයෝ හොඳාකාරවම දන්නවා ඇති. කොටින්ම කියනවා නම්, පලවෙනි කතා මාළාවෙ අවසාන කොටස ඉවර වෙන්නෙ ප්‍රේක්ශකයාව පිස්සෙක් කරමින්. එතකොට අදින් දෙවන කත මාලාව අවසන් වෙනවා… තවත් අතිමහත් ප්‍රශ්නර්ථයක් ඔබ ඉදිරියේ තබමින්.
ඇත්ත ඇති සැටියෙන් කියනවා නම්, පලවෙනි කතා මාලාව පුරාවටම කතාව තුල තිබිච්ච ත්‍රාසය, භිතිය, කුතුහලය, භිෂණය, දෙවන කතා සමයට පවත්වාගෙන එන්න පුළුවන් වුණාදෝ කියන සැකයක් පෞද්ගලිකව මං තුල තියෙනවා. පලවෙනි කතා සමයේ අති සාර්ථකත්වයත් එක්ක දෙවන කතා සමය නිර්මාණය කිරීමට ඉන්දියානු රුපියල් කෝටි 100ක දැවැන්ත බරපැණක් යොදාගෙන තිබුණා. මේ තමයි, ඕනෑම ඉන්දියානු කතා මාළාවක් වෙනුවෙන් වියදම් කල වැඩිතම මුදල් ප්‍රමාණය ලෙස වාර්තා පොත් අතරට එකතු වෙන්නෙ. නමුත්, වියදම් කල මුදල් ප්‍රමාණයට සාපේක්ශව, පලමුවන කතා සමයට සාපෙක්ශව, ඔබ මේ දෙවන කතා සමය රස වින්ඳාද? තීරණය මේ තාක් පැමිණි ඔබ සතුයි.
අවසාන වශයෙන්, තෙවනි කතා සමයක් ඒවිද? නිශ්පාදකවරු කියන විදියට මේ තමයි කතා මාලාවේ අවසානය. නමුත්, කතාව අවසානයේ ඔබ දකීවි, ඔබ ඉදිරියේ දැවැන්ත ප්‍රශ්නාර්ථ ලකුණක්… නමුත්, නිශ්පාදකවරු පවසා සිටියා, අවශ්‍ය වුවහොත් තෙවනි කතා සමයක් වෙනුවෙන් දොරගුළු විවර කරමින් තමයි ඔවුන් දෙවන කතා සමය නිමා කර තිබෙන්නෙ කියලා. කොහොම වුණත්, පලවෙනි කතා සමයේ කතාංග අටම තනියෙන් කරගහගෙන ආවා. ආපහු හැරිලා බලද්දි වෙලාවකට පුදුමත් එක්ක, කතාංග අටක්, තනියෙන් එච්චර ඉක්මණට දුන්නෙ කොහොමද කියලත් එක්ක. ඒත්, ඒ දවස් වල කතා මාලාවට තිබ්බ අධික ඉල්ලුම සහ ප්‍රේක්ශකයින්ගේ අතිමහත් අදහස් සහ දිරි ගැන්වීම් එක්ක ඒ වගේ අරුමයක් පාන්න පුලුවන් වෙච්ච එක අරුමයකුත් නෙමෙයි. කොහොමවුණත්, දෙවන කතා සමය වෙනුවෙන් මාත් සමගින් චානක ඉඳුනිල්, මයුර සුරාජ් සහ අශාන් විමුක්ති එකතු වෙනවා.[මීට අමතරව විශේශ ස්තූතිය – අචින්ත උදයංග සොහොයුරාට] පලවෙනි කතා සමයටත් වඩා ඉක්මණින් උපසිරැසි ඔබ අතට පත් කරන්න මේ නිසාම ඉඩ ප්‍රස්තාව උදා වෙනවා. ඉතිං, බොහොමත්ම ස්තුතියි ඔවුන් සියළු දෙනාටම මේ කර්තව්‍යය සාර්ථක කරගන්න දැක්වූ මහඟු දායකත්වයට.
එසේනම්, තෙවනි කතා සමයක් පැමිණියා හෝ නොපැමිණියා වේවා, මේ තමයි මෙම කතා මාළාව තුලින් නියත වශයෙන්ම මා ඔබ හමුවට පැමිණෙන අවසාන අවස්ථාව. කතා මාළවේ ඉදිරිය පිළිබඳව ප්‍රශ්නාර්ථ රාශියක් ඔබ සන්තක කරමින්, අවසරයි එසේනම් Sacred Games කතා මාළාව තුලින් ඔබගෙන් සමුගෙන යෑමට. කතාංග 16 ක් පුරාවට ඔබගේ වටිනා අදහස් වලින් අපව පෝශණය කලාවූ සහෝදර ඔබ සැමටයි මේ ගෞරවණීය ආචාරය. එහෙම නම්, අපි නැවත හමුවෙමු, සැප්තැම්බර් 27 වෙනිදා, බොලිවුඩයේ කිං ඛාං හෙවත් ශාරුක් ඛාන් සහ නෙට්ෆ්ලික්ස් නිශ්පාදන දායකත්වය සහිතව, ඉම්රාන් හශ්මිගේ ප්‍රධාන රංගන දායකත්වයෙන් හැඩ වැඩ ගැන්වෙන්නාවූ Bard of Blood සමගින් 😀

Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසිය NF WEB-DL පිටපත් සඳහා අදාළ වේ.
9,168 downloadsDownload Sacred-Games-S02E08.zip22 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සිසිල ප්‍රසාද් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-01-24
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by
සිසිල ප්‍රසාද්
Subtitles
52 comments
sachintha
Udaya Tharanga
thank you very much
Prabodha Madhusankha Hettiarachchi
Patta broo sthuthi sub dunna siyaluma denata...
Pathmila_kushantha94
ඔයාගේ සබට ගහන්න සබක් නෑ බ්‍රෝ මම Normally සීරීස් බලන්නේ English සබ් එක්ක ඒත් ඔයා සබ් දුන්නොත් අනිවා සිංහලෙන් බලනවා! බුදුහාමුදරුවෝ දේශනා නොකරට මේවත් පිං තමයි හොඳේ!
Rocky45
thnax bro sub walata , Netflix #Minhunter tv series ekata sub dennakoooooo
Krishan NiShalya
Thank you Bro
මුල් එක තරම් නම් නෑ ගැම්මක්
අවුලක් නෑ එනකන් බලන් ඉදල බලපුවනේ
ඉක්මනින් 13 reasons why season 3 එකට සබ ඕනේ
Good Luck..! ☺
hasith premadasa
ela bn
Achi
Thank bto
ravindu_1987
season dekama hondin rasa vindaa...thank u very much ....
Ayesh Prashan
Thank You Godak
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්....
Jessica Jones එකටයි Legion එකටත් සබ් අරන් එමු කවුරු හරි...ඒවගේ අන්තිම Season විතරනේ...dsdkavishka
Thenks for sub
tharidu16
adoooo baiscope ekata hoda link 1 dannna kiyapankooooo
lakmal1239
Download link danna puluwanda scared games season 2 eke. Thanks
geeganagamage
බොහොම ස්තුතියි මේ කරනා උතුම් සේවය වෙනුවෙන්
Lucifer94
me paara giya para wage newei..sthuthyi..
rehani
thank you..
TharakaWAS
Thanks for sub bro...
Jaya wewa....!!!P.s.liyanaarachchi
මචංලා sacred games එකේ seson 2 එක බාගන්න link නැද්ද බන්???
Suranjan
Thanks machan kathawa genawata......jayawewa.......!
Dewadithya
Thanks for Sub!
Aac3
එලම සහෝ... ගොඩාරියක් ස්තූති ඉක්මනින් එපි සේරටම සබ් දුන්නට.. පට්ටම ආසාවෙන බලපු series එකක්... සබ් දෙන්න මහන්සි උන හැමෝටම ස්තූති... ජය වේවා !!! බුදු සරණයි !!!
crazy_chamikim
බොහොම ස්තූතියි සහෝ..download links,baiscopedownloads සයිට් එකට දාන්නකෝ ඉක්මනට.......
එක ඉල්ලීමක් තියෙනවා..
ALTBalaji එකෙන් 3rd September රිලීස් කරනවා choldd lassi aur chicken masala වෙබ් සීරීස් එකක්..සහෝට බැරිනම් වෙන කාටහරි කියලා හරි සබ් දෙන්නකෝ..............crazy_chamikim
බොහොම ස්තූතියි සහෝ..download links,baiscopedownloads සයිට් එකට දාන්නකෝ ඉක්මනට.......
එක ඉල්ලීමක් තියෙනවා..
ALTBalaji එකෙන් 3rd September රිලීස් කරනවා choldd lassi aur chicken masala වෙබ් සීරීස් එකක්..සහෝට බැරිනම් වෙන කාටහරි කියලා හරි සබ් දෙන්නකෝ..............මං හිතන්නෙ ඒක සුපිරිdarshana100
obata godak stuthi theruwan saranai
tharidu16
අයියො... බයිස්කොප් ඩවුන්ලොඩ් එකට ලින්ක් එකක් දෙන්න කියන්නනො.. සීසන් එකමමමම
sahan malinga
thanks bokkaaaaaaaaaaaaaaaa
supun priyanath
Ela Ela
ikmanata dennaYushan Malith
niyamai patta
සනිඳු ලක්ඛිත
බොහොම ස්තූති සහෝ උපසිරසට...කතා මාලාව පුරාවට උපසිරස ලබා දුන්න හැමෝටම ගොඩක් පිං. ජය වේවා..බුදුසරණයි...!
Manohari Wickramasinghe
බොහෝම ස්තූතියි ..ජය වේවා
D.Chamara
niyamaia sahooo naiyamai bohoma sthuthi jaya ..
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Hemal
Thank You guys who made subtitles for the series.
Channa Anuruddha
උපසිරැසියට බොහොම ස්තුතියි
mindika
Thanks !!!!!!!!!
sacheee35
උපසිරැසි වලට ස්තූතියි
Pramukmili
Thanxx bro.........
GD Dhanushka
thanx for all...good work..
Milind@
Thanks saho
melinda
thank you...god bless you..
Tharindu07
Thank you machoo....!!! Supiri wedak...!!! Jayaweva....!!!
Dilruk lahiru
thanks mcn
tharidu16
thanks machiiiiiiiiiiiiiiiiiiiii
tharidu16
thanks
Saumya
Thank You
Sahan Gayantha
thanks a lot saho sub ekata
Chamika
Thank you
Sahan Prabhasara
thanks bro
anyway confused una.Anonymous
Thnx for sub ...❤️
Buddhika Lakmal
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Sacred Games S02E08 Sinhala Subtitles | විනාශය! [සිංහල උපසිරැසි සමඟ] (18+)](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/08/Sacred-Games-S02-1.jpg)



සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ