Watch Trailer

The Promised Neverland | S1 : EP01 & EP02 (2019) Sinhala Subtitles | හිරු එළිය නොදකින පුංචි මල් කැකුළු [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න කාලෙකට පස්සෙ තවත් ඇනිමෙ සීරීස් එකකට උපසිරසි අරන් ආවා. අන්තිමට ගෙනාවෙ Darling in the Franxx (Episodes 24) සීරීස් එකටයි, ඊට පස්සෙ Akira 1988 ෆිල්ම් එකටයි. මේ පාර ගෙනාවෙත් තවත් අමුතු විදියෙ කතාවක් තියෙන එකක්. මෙච්චර කල් දුන්න ඒවා එකකට එකක් වෙනස්නෙ. සේරම විනාඩි 20 කොටස් 12යි. එක උපසිරසියක කොටස් දෙ…

ඔන්න කාලෙකට පස්සෙ තවත් ඇනිමෙ සීරීස් එකකට උපසිරසි අරන් ආවා. අන්තිමට ගෙනාවෙ Darling in the Franxx (Episodes 24) සීරීස් එකටයි, ඊට පස්සෙ Akira 1988 ෆිල්ම් එකටයි. මේ පාර ගෙනාවෙත් තවත් අමුතු විදියෙ කතාවක් තියෙන එකක්. මෙච්චර කල් දුන්න ඒවා එකකට එකක් වෙනස්නෙ. සේරම විනාඩි 20 කොටස් 12යි. එක උපසිරසියක කොටස් දෙකක් ගානෙ සේරම 6 ක් ගේන්න බලාපොරොත්තු වෙන්නෙ. 2016 ඉඳන් සතිපතා නිකුත් වෙන මේ නමින්ම පළවෙන ජපානෙ විතරක් නෙවෙයි ලෝකෙ පුරා විසිරුන ඇනිමෙ, මන්ගා ප්‍රේක්ෂකයො ඉතාම ආදරයෙන් වැළඳගත්ත චිත්‍ර කථාවක් ඇසුරෙන් පළවෙනි සීසන් එක විදියට මේ කොටස් 12 මේ අවුරුද්දෙ මුලම තිර ගතවුනා. කයියූ ෂිරායි චිත්‍ර කථාකරුවා අතින් සතිපතා නිර්මාණය වෙන මේ චිත්‍ර කථාවෙ දැන් වෙනකොට පරිච්ඡේද 146ක් නිකුත් වෙලා තියෙනවා. ඇත්තටම ගොඩක් වටින කතාවක්. ඊළඟ සීසන් වලදි ඉදිරි පරිච්ඡේද දිගඇරෙවි. මේක ආදරෙන් වැළදගත්තොත් ඒවටත් උපසිරසි අරන් එන්න බලාපොරොත්තු වෙනවා. 

හරි එහෙනම් ඇනිමෙ එක පැත්තට හැරෙමු. චිත්‍ර කථාව ඇසුරෙන් මේ ඇනිමෙ එක අධ්‍යක්ෂණය කරන්නෙ මමොරු කනාබේ අධ්‍යක්ෂකවරයා. මේකෙ දෙවනි සීසන් එක 2020 එනවා කියලා නිවේදනය කරලා තියෙනවා. දැනට IMDb දර්ශකයෙ 8.9/10කුත් myanimelist දර්ශකයෙ ඡන්ද දායකයින් 204,980කගෙන් 8.7/10ක සාමාන්‍ය ලකුණු ලබාගෙන තියෙනවා. ඉතින් මේ කථාව මොන වගේ එකක්ද කියලා හිතාගන්න පුළුවන්නෙ. මේක අයිති වෙන්නෙ Dark Fantasy, Horror, Thriller යන කාණ්ඩ වලට. මං කථාවෙ සිද්ධිය පොඩ්ඩක් කියන්නම් එහෙනම්.

අනාථ නිවාසයක් තියෙනවා. හරිම නිස්කලංක තැනක, කැලයකින් වටවුන. පිටවෙන්න එක ගේට්ටුවක් විතරයි තියෙන්නෙ. මේ නිවාසෙ අනාථයො විදියට ළමයි 40කට ආසන්න ගානක් ජීවත් වෙනවා. එයාලව බලාගන්න හරිම කරුණාවන්ත පාලිකාවක් ඉන්නවා. ඉතින් මේ ළමයින්ට කරුණාවෙන්, කෑම වලින්, ආරක්ෂාවෙන් කිසිම අඩුවක් නෑ. එයාලට ඉගෙන ගන්න, සෙල්ලම් කරන්න, පාඩම් කරන්න හැම පහසුකමක්ම මේ ළමා නිවාසෙ තියෙනවා. ඉතින් දෙමව්පියො නැති අනාථයො විදියට මීට වඩා සතුටක් එයාලට ලැබෙයිද. ඔය විදියට කොච්චර සතුටෙන් හිටියත් කවදහරි එයාළට නිවාසෙන් යන්න වෙනවා. මොකද එතන ළමා නිවාසයක්. හරි වයස ආවට පස්සෙ තවත් එයාලට ළමා නිවාසෙ ඉන්න බෑ. එයාලට ස්වාධීන වෙන්න වෙනවා. ඔය අතරෙ වයස සම්පූර්ණ වෙන්න කලින් පොඩි ළමයින්ව හදාගන්න අරන් යන අවස්ථාත් තියෙනවා. ඉතින් එයාලා හරිම සතුටෙන් ළමා නිවාසෙන් පිටවෙන්නෙ. මේ වගේ, දවසක් කෝනි කියන පුංචි ළමයවත් අරන් හදාගන්න දෙමව්පියො ඇවිත්, පාලිකාව එයාව අර ගේට්ටුවෙන් එළියට එක්කන් යනවා. වැඩේ කියන්නෙ කෝනිගෙ පුංචි බෝනික්කා එයා නිවාසෙ අමතක කරලා දාලා ගිහින්. කෝනිගෙ බෝනික්කා එයා පිටවෙන්න කලින් ගිහින් දෙන්න යන්නෙ නිවාසෙ ඉන්න වැඩිමල්ම ළමයින්ගෙන් දෙන්නෙක්. එමා සහා නෝමාන්. ඒ දෙන්නා බෝනික්කව අරන් ගේට්ටුව ළඟට යනවා. කට්ට කළුවර රෑ. ගේට්ටුව ළඟ කවුරුත් නෑ. හැබැයි එක වාහනයක් නවත්තලා තියෙනවා. එමා හදන්නෙ බෝනික්කව ඒකෙන් තියන්න, කෝනි ඒක අරගනියි කියලා හිතලා. ඒත් වාහනේ ඇතුලෙ තියෙන දේ දැකලා එමාට කථා කරගන්න බැරිවෙනවා. නෝමාන් එයා ළඟට දුවන් යනවා. නෝමානුත් ඒක දකිනවා. දෙන්නම භීරාන්ත වෙලා බලන් ඉන්නවා. ඔන්න එතකොටම කාගෙදෝ කටහඬක් ඇහෙනවා. මොකද වෙන්නෙ කියලා ඇනිමෙ එක බලමු හොඳේ. ඊළඟ කොටසින් මුණ ගැහෙමු.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

උපසිරැසියෙ නමින් ගුගල් සෙවුමක් කිරීමෙන් පිටපත් සොයාගත හැක.

ලබා දී ඇති උපසිරසියෙ සදහන් පිටපත සදහා අදාළ වේ.

2,170 downloadsDownload The-Promised-Neverland-S1-E1-E2-2019.zip23 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නවෝදනී තිළිණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2017-10-20
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

All BT1

Next BT1

 

 

Subtitles by

නවෝදනී තිළිණි

Subtitles

2,170 downloadsDownload Subtitles23 KB

22 comments

  1. rihanakash521

    thnz sub ekata

  2. sakuntha

    thanks for the sub.

  3. geeganagamage

    බොහොම ස්තුතියි නියම වැඩක්

  4. abhisheksithum

    anime walata thawa sub one..

  5. podda

    supiri
    thawath animation ekakata sub denna patan gena. thanks sis!!!!!!!!!!!

  6. Bhanuka_Addaraarachchi

    උපසිරැසියක් ලැබෙනකල් බලාගෙන හිටපු කතාවක් මේක... ගොඩක් ස්තූතියි මේකට උපසිරැසි දෙන්න තෝරගත්තට. දිගටම කරගෙන යමු. සුභපතනවා අනාගතයට......!!!

  7. Ishan Madusha

    බොහොම ස්තූතියි.ජය වේවා!

  8. madhawa_max

    බොහොම ස්තූතියි . දිගටම anime වලට සබ් කරන්න. ජය වේවා

  9. Krishan NiShalya

    බ්
    ී ේ.. ි ෙ

  10. Dasun

    Darling in the franxx aasawenma blpu supiri kathawak.. e adare kawadawath amathaka wenne ne, darling - zero two

  11. Stranger

    thanks

  12. G.T.A.Fernando

    Thanx...digatama anime walata sub denna shakthiya labewa

  13. Udara Damith Dissanayaka

    niyamayi

  14. Tsandesh

    Thanks akki sinhala sub walata. Balalama kiyananko Honda da kiyala.

  15. Charith Eranga Munasinghe

    මම හිතුවට වඩා කතාව ලස්සනයි.බලලා ඉවර වෙලාම comment එකක් දාන්න හිතුවා.....
    :-)

  16. Chanu mikhail

    බොහොම ස්තුතියි...

  17. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  18. KP7

    Sub Ekata Thanks Sis..

  19. Sam fisher

    දන්නෙත් නැනෙ ඔයා මෙකට සබ් කරල කියල ඔයගේ inventory ය බලද්දි තමා දැක්කේ හෙට වෙනකොට බලල ඉවරයක් කරනව ස්තුති සබ් එක⁣ට

  20. Udara

    Season 2 eke sub ekath dannakooo

  21. nadun

    vinland saga ekatath sub one. thanks

  22. amira

    the promised neverland s2 sinhala sub demuko